Wednesday 6 April 2016

මොකක්ද මේ පැනමා පේපර්ස් කියන්නේ.....

මොකක්ද මේ පැනමා පේපර්ස්......


පැනමා පේපර්ස් කියන්නේ  පැනමාවේ පිහිටි ජාත්‍යන්තර නීතී උපදේශක සමාගමක රහස්‍ය ලිපි ප්‍රමාණයක්  හෙලි වීමේ ජාත්‍යන්තරය කැලඹූ සිද්ධියකට.....

සමාගමේ නම - මොසැක් ෆොන්සේකා...පැනමාවේ සමාගමක්....


ඉතින් ඒක එච්චර ලොකු සීන් එකක්ද?


ඔව්....අපි මේ කථා කරන්නේ ඩොල්ර් බිලියන් ගානක් සීන් එකක්......මේ සමාගම විවිද රටවල පුද්ගලයන් උපයා ගත් විශාල කලු සල්ලි , ඒ කියන්නේ නිතී විරොධීව උපයාගත් මුදල්, සුදු කිරීම සදහා නිතීමය පහසුකම් ලබා දුන් ආයතයනයක් කියලයි චෝදනාව....

ඒත් මේ ආයතනය නම් මේ චෝදනා ප්‍රතික්ශේප කරනවා...


කොහොමද ඒක කරන්නේ......


එක කරන්නේ ඉතා ලිහිල් අදායම් බදු ප්‍රතිපත්තියක් හා නීතී ඇති රටවල එම කලු සල්ලි ආයෝජනය කිරීමෙන්.....

මේ සමාගම නීතී විරෝධීද?


වෙනත් රටවල ආයෝජනය කිරීම කියන්නේ  නිතී විරෝධී වැඩක් නෙමේ...හැබැයි මේ ක්‍රමයේ තියෙන අඩු ලුහුඩුකම් පාවිච්චි කරලා විශාල කලු සල්ලි ප්‍රමානයක් සුදු වෙනවා....මේක ඩොලර් ට්‍රිලියන් 1-3 අතරෙ ගානක පට්ට ලොකු ගාණක්....

ලෝකය පුරා විහිදිලා ඉන්න මත් ද්‍රව්‍ය ජාවරම් කාරයින්...හොර අවි බිස්නස් කාරයන්, කොමිස් ගහපු දේශපාලුවන් තමන්ගේ  අයථා මුදල්  සුදු කරන්න ගන්න හදා ගත් යාන්ත්‍රනය මේකයි....

මොනාද ඒ ලිහිල් බදු නීතී තියෙන රටවල්....


බ්‍රිටිශ් වර්ජිනියා දූපත්,බහමාස් දූපත්, පැනමාව,සීශෙල්ස්,සැමෝවා වගේ රටවල්..


කවුද මේක ලීක් කලේ.....

මේක ඉස්සෙල්ලම එලියට දැම්මේ ජර්මනියේ පත්තරයක්...පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung (SZ) ලේසියට sZ කියලා කියමු...

නමුත් මේක ජාත්‍යන්තරව ප්‍රසිද්ධකිරීම සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ අන්තර්ජාතීක ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය International Consortium of Investigative Journalists (ICIJ).... ඒක පිලිගත් හා ප්‍රසිද්ධ සංගමයක්....

කවුද මේකට අහුවෙලා ඉන්න ‍තෝරූ මෝරූ.......


රුසියාවේ ජනාධිපති වැල්ද්මියර් පූටීන් හා එයාගේ බොක්කක් වන ස්ර්ජි රෝලඩගින්... ඇමෙරිකානූ ඩොලර් බිලියන් 2 ක් විතර කියලා කියන්නේ.

එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමර්න්ගේ තාත්තා....

අයිස්ලන්තයේ අගමැති සිග්මන්ඩ් ඩේවියෝ...ලොක්කා නම් දැනටම ඉල්ලා අස් වෙලා ලූ....

පකිස්ථානයේ අගමැති නවාර් ශෙරිෆ්.....

චීනයේ උත්තරීතර පාලක මණ්ඩලයේ සමාජිකයන් අට දෙනෙක්....

 හිටපු ඊජිප්තු ජනාධිපති මුබාරක් ගේ පුතා...

අල්ලපු රටේ අමිතාබ් බච්චන් සහ අයිශ්වර්‍යා රායී

ජත්‍යන්තර පාපන්දු සංගමයේ ලොක්කෝ....

ලංකාවත් ගැවීලද?


ඔව්...ලංකාවෙත් පුද්ගලයන් 3ක්, සමාගම් 3ක් හා ඒවායේ කොටස් හිමියන් 22 ක් ගැන සදහන් වෙනවා...තාම ඒ කවුද කොහොමද කියලා සම්පූර්ණයෙන් හෙලි වෙලා නෑ....

ඒකට හේතූව එලියට ඇවිල්ල තියෙන දත්ත ප්‍රාමානයේ විශාලත්වය...මෙය ටෙට්‍රා බයිට්ස් 2.6 පමන අති විශාල දත්ත ප්‍රමානයක්...මීට කලින් එලියට ආව විකිලීක්ස්, ස්නෝඩන් ගේ දත්ත වගේ 200-300 ගුනයකට වඩා වැඩි ප්‍රාමානයක්.... අතිවිශාල මාධ්‍යකරුවන් ප්‍රමානයක් මේ ලිපි ගොණු පරික්ෂාකරමින් යනවා..එතකන් නම් ගම් එලියට එන්න කාලයක් යනවා...


පල්ලෙහන් තියෙන්නේ සීන් එකට ගැවිව්චි රටවල්.....


අපිත් ඉන්නවා....ආඩම්බරයි නේ........


soucrce :http://www.irishtimes.com/business/panama-papers



PS: මාතලන් ලොක්කත් මේ ගැන කෙලලා ඇරලා පාන්දරම...

කෙහෙල් කොලේ කෑම, හොරා කෑම හා ඉල්ලාගෙන කෑම - Panama Papers, Corruption & Lumprice




42 comments:

  1. මයියා පැනමා ෙපාන්ෙස්කත් අරන් අැවිත් කාෙලකට පස්ෙස්

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ නම් තමයි.....හැබැයි මීට දවස් කීපයකට කලින් තමයි වැඩේට බැස්සේ....

      ලොලි පොප් ද හෙල කෑමකි........

      Delete
  2. අද උදේ රේඩියෝ එකේ කියද්දී මේක මොකක්ද කියලා හිතුණා. හැබැයි ඒ වගේ තේරුමක් ආවා. දැන් තමයි හරියට විස්තරේ දන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. එල......තව විස්තර ඉස්සරහට එයි

      Delete
  3. නම් තුනත් දාපං කෝ සුදු..

    ReplyDelete
    Replies
    1. සීන් එක තියෙන්නේ ගොඩක් දේශපාලන නායකයන්ගේ නම් එක එල්ලේ ගෑවිලා නෑ.....දැන් පූටින් ගත්තත් එයාගේ නමින් මේ විදේශ ආයෝජන වෙලා නෑ......නමුත් එයාගේ හොදම බොක්කගේ නම් කෙලින්ම සම්භන්ධයි....

      අපි බලං ඉමු ලොක්ක වෙනුවෙන් බෙල්ල තියපු එවුන් කවුද කියලා

      Delete
  4. හොඳ ළිපියක් මම මේකට මගේ එකේ ලින්ක් එකක් දාන්නම්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලොක්කා.....ඇප්‍රිශියේටඩ්

      Delete
  5. මං හිතන්නෙ ලංකාවෙ නං ආපුවම පුටිංට ලැජ්ජ හිතෙයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවක් නේද....එහෙම එවා තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ගාව විතරයි...දේසපාලුවෝ ගාව නෑ.....

      Delete
  6. වටිනා ලිපියක්. ස්තූතියි මයියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තව බ්ලොග් එකක් ලියනවට....මමත් බ්ලොග් රෝලේ එල්ල ගත්තා.

      Delete
  7. වටිනවා මායියෝ.............. අපි මේක සින්ඩියට දානවා......... තරහා නෑනේ......

    ReplyDelete
    Replies
    1. ස්තූතිය්....නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්

      Delete
  8. Replies
    1. යූ ආ වෙල්කොම් බ්‍රො....

      Delete
  9. මයියා.....යම් අයුරකින් ශ්‍රීලාංකිකයෙක් මේ චෝදනාවකට හසුවුවහොත්, ඒ මුදල් නැවත රජයට පවරා ගැනීමට නීතිමය බලතල රජය සතුද?Aru

    ReplyDelete
    Replies
    1. මචං අරූ... වැදගත් පෝස්ට් එකක් අස්සේ ජෝක්ස් දාන්නේ නැතිව ඉන්නවද ප්ලීස්.....

      Delete
    2. මුදල් නැවත පවරාගැනීමනම් ජෝක් එකක්ම වෙයි තමයි..Aru

      Delete
    3. කොහොමද අරූ...

      අහලා තියෙන ප්‍රස්නේ නම් උත්තරය දන්නේ නෑ....

      හැබැයි මෙහෙම එකක් තියෙනවා.....ඔය කොච්චර ආදායම් හංගන්න පුලුවන් රටවල් තිබ්බත්....ඒ හැම රටකම නීතී විරෝධී මුදල් ආයෝජනය කරන්න බෑ...වැඩේ තියෙන්නේ මේ රටවල තියෙන නීතී ක්‍රියාත්මක කිරීමේ තියෙන අඩු ලූහුඩුක්ම් හින්දා මේවායේ හිල් වලීන් කට්ටිය පනින එක.....

      හරියටම චෝදනා ඔප්පු කර ගන්න පුලුවන් උනොත් නම් පුලුවන් වෙවී...ඒත් සෑහෙන් කාලයකුත් යාවී...එතකොට පැනමා පේපර්ස් රස්නෙත් එහෙම්ම නිවිලා යාවි.....

      අනිත් කාරනේ ගොඩක් අයගේ නම් වෙනුවට තියෙන්නේ එගොල්ලන්ගේ හිතවත්තු ලඟම නෑයන් වගේ අය වීම.....

      Delete
  10. මුළු ලෝකෙම හොරු.. අමෙරිකාව නැතුව ද? අපේ අයියලා ඕකෙන් බේරෙනවා කිසි ගේමක් නැතුව.. ඔය වගේ ඒවද ලීක් උනේ.. හෙහ් හෙහ්
    ඇත්තටම අයිඩියා එකක් ආවෙ මේ පෝස්ට් එකෙන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයගේ නම් වෙනුවට තියෙන්නේ එගොල්ලන්ගේ හිතවත්තු ලඟම නෑයන් වගේ අය වීම.....

      ඒක නිසා කට්ටිය ගොඩ යයි...

      Delete
  11. 2012-2013 කාලේ විදුලිබල මන්ඩලේ චෙයාර්මන් කෙනෙක් වෙලා හිටිය විද්‍යා අමරපාලටත් ඔෆ්ශෝර් එකවුන්ට් චෝදනාවක් තිබුනා සවරින් කැපිටල්ද මොකක්ද කියලා පිටරට ඔය වගේම ගේමක. ඇත්තටම ඒ නම ඒ ලිස්ට් එකේ තිබුනා. පස්සේ කේස් එකට මොනවා වුනාද මන්දා. කවුරුත් කතා කල බවක් පෙනුනේ නැහැ. ඔය සිද්ධිය මට හොඳට මතකයි.Aru

    ReplyDelete
    Replies
    1. ඔෆ් ශෝ එකවුන්ට් එකක් තියා ගැනීම නීතී විරෝදීම නෑ....වැඩේ තියෙන්න මේ ආදයම් ආවෙ කොහෙන්ද කියන එක....

      විද්්‍යා අමරපාලට ඒ කාලේ හර්ශ ඩි සිල්වා ඈටැක් කරලා තිබ්බ...මෙ ඊයේ පෙර්දා අමරපාල..හර්ශ ඇටැක් එකක් දුන්න...ඇරියස් තියන් ඉදලාතියෙන කල්..

      Delete
  12. ලෝක හොරුන්ගෙ තත්වෙට අපිත් පත්වුනා.කාටද ආඩම්බර..........රජතුමාට ජයවේවා ! පසුගිය අවුරුදු 10 සදා සමරමු.හොරුන් රජවේවා.රජවරු හොරුන් වේවා!

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් හොරකම් කලාට ජාත්‍යන්තයට යන්න බැරි උනා....සෙක්ස් හොයලා ගියා වගේ මේකෙනුත් හොද ආනගතයක් තියෙයි වගේ...

      Delete
  13. ලෝක හොරුන්ගෙ තත්වෙට අපිත් පත්වුනා.කාටද ආඩම්බර..........රජතුමාට ජයවේවා ! පසුගිය අවුරුදු 10 සදා සමරමු.හොරුන් රජවේවා.රජවරු හොරුන් වේවා!

    ReplyDelete
  14. Menna aththa --- umbala monada ban danne-

    http://off-guardian.org/2016/04/04/panama-papers-revealing-details-live-in-the-gaps-between-the-lines/

    ReplyDelete
    Replies
    1. කියෙව්වා..ලෙට්ස් වේට් ඇන්ඩ් සී..too early too pass a judgement

      Delete
  15. ආඩම්බරයි මෙහෙ එකාගේ තාත්තත් ඉන්නවනේ. ඔය පුටින්ට කෙලවනං තමා ඕක ඇද්දේ. නමුත් පුටින් ගේ යාලුවෝ මිසක් පුටින් ගේ නම කොහෙවත් නැහැ. එකෙන් පුටින්මද කියල ඔප්පු කරන්නත් බහ. අමෙරිකාවෙන් ඇද්දේ පුටින්ට කෙලවනං උනත් දැන් කෙලවෙන්නේ වෙන අයට වගේ.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ඒක නම් ඇත්ත.....පූටින් ලොක්කා කොහොමත් කේස් එක ගොඩ දානවා...එයාගේ නම ඩිරෙක්ට්ලි නැති එක....කොහොමත් රුසියාවේ 90% ක් බලන්නෙත් රාජ්‍ය මාද්‍ය විතරයි කියනවනේ....

      අහක හිටපු කැමරන් ලොක්කට පත්තු වෙච්චි එක තාමයි වැඩේ...

      Delete
    2. මයියා........ඔතනදි කැමරුන් ප්‍රකාශ දෙකක් දුන්නා. ඉස්සෙල්ලම කිව්වා ඕකෙන් කිසිම ප්‍රතිලාභයක් ගත්තෙ නැහැ කියලා. ආපහු තව එකක් දුන්නා ඕකෙන් කිසිම ප්‍රතිලාභයක් ගන්නේ නැහැ in future කියලා.Aru

      Delete
  16. ඔව් ඒ පුල පුලා බලා සිටි මොහොත එලි උනා.....
    පැනමා පේපර්ස් ලංකාවේ පොරවල් ටික මෙන්න...
    සැලකිය යුතුයි : මෙහි නම් සදහස් සියල්ල වංචාකරුවන් ලෙස සැලකිය නොහැක...ඇතැම් විට ඔවුනේ ව්‍යාපාර නිත්‍යානූකූල විය හැක..එහෙත් කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට ලක් විය හෑකි අයද සිටිය හැක.....https://offshoreleaks.icij.org/search…
    Ahmed Ismail Hossain
    Akhter Mahmud
    Aliakber Saifudeen Jeevunjee
    AQUA-PACKAGING LIMITED
    Arthur I Senanayake
    Balendra Krishan Niraj Jayasekara
    Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
    Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage
    Chandru Swamidas Jagasia
    CHRISTIAN FERDINAND FUHRER
    Daniel Ortiz
    Dimitry De Wansa Wickramaratne
    Duminda Mahali Weerasekare
    Ejaz Chatoor
    Esufally, Bilquis Imtiaz
    Esufally, Imtiaz Abidhusen Hassanally
    Farida Jeevunjee
    Hasan Mahmood (Raja)
    Imran Aliakber Jeevunjee
    Janki Jagasia
    Jayawardane Welathanthirige Shilanth Boteju
    Jennifer Kathleen Senanayake
    Kaluachchigamage Avanthi Kumara Jayatilake
    Khandaker Moinul Ahsan (Shamim)
    Kishore Hassaram Surtani
    LASITHA GAMINI ATTYGALLE
    Mohamed Ishan Gaffoor
    MURTAZAALI ABIDHUSSEN HASSANALY ESUFALLY
    Nilan Abeywickrama
    Niranjan Mendis
    Niranjan Sunil Oswald Mendis
    Omprasadham Kanapathipillai
    Rohan Albert Ignatius Gomis
    Sanikh Networks Limited
    Sanjay Vijith Anthony Perera
    Senaka Dunuwille Senanayake
    Sharecorp Limited
    Sharmila Wahab
    SHYAMALI CHAMPIKA EDIRIWEERA
    Somasundaram Mukunthan and Anne Christine Mukunthan
    SURENDRA EDIRIWEERA
    SURENDRA EDIRIWEERA & SHYAMALI CHAMPIKA EDIRIWEERA
    Tushan & Dhammeswari
    Tushan Harsha Mendis Wickramasinghe
    UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA
    Vidya Dilruk Amarapala

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මයියා....මේ ලිස්ට් එකෙත් විද්‍යා ඉන්නවනේ.Aru

      Delete
    2. ජගත් සුමතිපාල කියන්නේ තිලංගගේ සහෝදරයා.
      තුශාන් වික්‍රමසිංහ--කැපිටල් ට්‍රස්ට් ෆිනැන්ස් චෙයාමන්.
      සුරේන් එදිරිවීර==සිලෝන් ටුවර්ස් අයිතිකරු. මිහින් ලංකා ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හිටියා සජින් වාස්ගේ කාලේ.
      සේනක සේනානායක....දක්ශ චිත්‍ර ශිල්පියෙක්
      කිශොර් සුර්තානි---පීබී ග්‍රූප් අයිතිකරු.
      ක්‍රිශාන් බාලේන්ද්‍ර----නේශන් ට්‍රස්ට් බෑන්ක් චෙයාර්මන්. කාලයක් ස්ටොක් එක්ස්චේන්ජ් චෙයාමන් වෙලත් හිටිය.
      Aru

      Delete
    3. අරූ ඇතුලු සියලු අයගෙන් සමාව ඉල්ලනවා.....

      මේක අළුත්ම ලිස්ට් එකක් නෙවෙයි....මේක 2013 හෙලිදරව් වෙච්චි අරූ ත් කලින් කියලා තිබ්බ ලිස්ට් එක,,,,,,,

      Delete
    4. මයියා......මේක පරන ලිස්ට් එක තමයි.අලුත් ලිස්ට් එක මීට වඩා ඉන්ටරෙස්ටින් වෙයි.ක්‍රිකටර්ස්ලා වගයෙකුත් ඉන්නවා කියන්නේ.Aru

      Delete
  17. ////// පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung //////

    ස්‍යුඩ්ඩොයිච ට්සයිටුං

    ReplyDelete
  18. විස්තර ටික බොහොම වටිනවා.
    ඉන්න "අපේ එවුන් " කවුද කියලා දැනගන්න පුළුවන් නම් බොහොම වටිනවා.

    ReplyDelete
  19. you confirm first the site was once in the confirm new can find I.

    ReplyDelete
  20. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

2222