Wednesday 6 April 2016

මොකක්ද මේ පැනමා පේපර්ස් කියන්නේ.....

මොකක්ද මේ පැනමා පේපර්ස්......


පැනමා පේපර්ස් කියන්නේ  පැනමාවේ පිහිටි ජාත්‍යන්තර නීතී උපදේශක සමාගමක රහස්‍ය ලිපි ප්‍රමාණයක්  හෙලි වීමේ ජාත්‍යන්තරය කැලඹූ සිද්ධියකට.....

සමාගමේ නම - මොසැක් ෆොන්සේකා...පැනමාවේ සමාගමක්....


ඉතින් ඒක එච්චර ලොකු සීන් එකක්ද?


ඔව්....අපි මේ කථා කරන්නේ ඩොල්ර් බිලියන් ගානක් සීන් එකක්......මේ සමාගම විවිද රටවල පුද්ගලයන් උපයා ගත් විශාල කලු සල්ලි , ඒ කියන්නේ නිතී විරොධීව උපයාගත් මුදල්, සුදු කිරීම සදහා නිතීමය පහසුකම් ලබා දුන් ආයතයනයක් කියලයි චෝදනාව....

ඒත් මේ ආයතනය නම් මේ චෝදනා ප්‍රතික්ශේප කරනවා...


කොහොමද ඒක කරන්නේ......


එක කරන්නේ ඉතා ලිහිල් අදායම් බදු ප්‍රතිපත්තියක් හා නීතී ඇති රටවල එම කලු සල්ලි ආයෝජනය කිරීමෙන්.....

මේ සමාගම නීතී විරෝධීද?


වෙනත් රටවල ආයෝජනය කිරීම කියන්නේ  නිතී විරෝධී වැඩක් නෙමේ...හැබැයි මේ ක්‍රමයේ තියෙන අඩු ලුහුඩුකම් පාවිච්චි කරලා විශාල කලු සල්ලි ප්‍රමානයක් සුදු වෙනවා....මේක ඩොලර් ට්‍රිලියන් 1-3 අතරෙ ගානක පට්ට ලොකු ගාණක්....

ලෝකය පුරා විහිදිලා ඉන්න මත් ද්‍රව්‍ය ජාවරම් කාරයින්...හොර අවි බිස්නස් කාරයන්, කොමිස් ගහපු දේශපාලුවන් තමන්ගේ  අයථා මුදල්  සුදු කරන්න ගන්න හදා ගත් යාන්ත්‍රනය මේකයි....

මොනාද ඒ ලිහිල් බදු නීතී තියෙන රටවල්....


බ්‍රිටිශ් වර්ජිනියා දූපත්,බහමාස් දූපත්, පැනමාව,සීශෙල්ස්,සැමෝවා වගේ රටවල්..


කවුද මේක ලීක් කලේ.....

මේක ඉස්සෙල්ලම එලියට දැම්මේ ජර්මනියේ පත්තරයක්...පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung (SZ) ලේසියට sZ කියලා කියමු...

නමුත් මේක ජාත්‍යන්තරව ප්‍රසිද්ධකිරීම සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ අන්තර්ජාතීක ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය International Consortium of Investigative Journalists (ICIJ).... ඒක පිලිගත් හා ප්‍රසිද්ධ සංගමයක්....

කවුද මේකට අහුවෙලා ඉන්න ‍තෝරූ මෝරූ.......


රුසියාවේ ජනාධිපති වැල්ද්මියර් පූටීන් හා එයාගේ බොක්කක් වන ස්ර්ජි රෝලඩගින්... ඇමෙරිකානූ ඩොලර් බිලියන් 2 ක් විතර කියලා කියන්නේ.

එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමර්න්ගේ තාත්තා....

අයිස්ලන්තයේ අගමැති සිග්මන්ඩ් ඩේවියෝ...ලොක්කා නම් දැනටම ඉල්ලා අස් වෙලා ලූ....

පකිස්ථානයේ අගමැති නවාර් ශෙරිෆ්.....

චීනයේ උත්තරීතර පාලක මණ්ඩලයේ සමාජිකයන් අට දෙනෙක්....

 හිටපු ඊජිප්තු ජනාධිපති මුබාරක් ගේ පුතා...

අල්ලපු රටේ අමිතාබ් බච්චන් සහ අයිශ්වර්‍යා රායී

ජත්‍යන්තර පාපන්දු සංගමයේ ලොක්කෝ....

ලංකාවත් ගැවීලද?


ඔව්...ලංකාවෙත් පුද්ගලයන් 3ක්, සමාගම් 3ක් හා ඒවායේ කොටස් හිමියන් 22 ක් ගැන සදහන් වෙනවා...තාම ඒ කවුද කොහොමද කියලා සම්පූර්ණයෙන් හෙලි වෙලා නෑ....

ඒකට හේතූව එලියට ඇවිල්ල තියෙන දත්ත ප්‍රාමානයේ විශාලත්වය...මෙය ටෙට්‍රා බයිට්ස් 2.6 පමන අති විශාල දත්ත ප්‍රමානයක්...මීට කලින් එලියට ආව විකිලීක්ස්, ස්නෝඩන් ගේ දත්ත වගේ 200-300 ගුනයකට වඩා වැඩි ප්‍රාමානයක්.... අතිවිශාල මාධ්‍යකරුවන් ප්‍රමානයක් මේ ලිපි ගොණු පරික්ෂාකරමින් යනවා..එතකන් නම් ගම් එලියට එන්න කාලයක් යනවා...


පල්ලෙහන් තියෙන්නේ සීන් එකට ගැවිව්චි රටවල්.....


අපිත් ඉන්නවා....ආඩම්බරයි නේ........


soucrce :http://www.irishtimes.com/business/panama-papers



PS: මාතලන් ලොක්කත් මේ ගැන කෙලලා ඇරලා පාන්දරම...

කෙහෙල් කොලේ කෑම, හොරා කෑම හා ඉල්ලාගෙන කෑම - Panama Papers, Corruption & Lumprice




Friday 1 April 2016

ලොලි පොප් ද හෙල කෑමකි........

අප පැරණි මිතුරු කණඩායමක් නැවත සයිබරයේ මුණ ගසවන අදහසින් වයිබර් ගෲප් එකක් පටන් ගැනීමට යෙදී.. ගත වී ඇත්තේ මසකට අඩු කාලයකි.

ෆෝන් ඇප් එකක් බැවින්, මෙය කට්ටිය අතර ජනප්‍රිය වීමට වැඩි කලක් ගත් උනේ නැත.

මුලදී  කඩ්ඩෙන් කෙටූ නමුත්, පසුව මෙය හෙල අකුරු ඇප් එක අටවාගෙන  ශුද්ධ සිංහලයට ගේන්නට කට්ටිය සමර්ථ විය.

නමුත් ඒ සියල්ල ඉදිරියට ගියේ  රෝස මල් ඇතිරූ පාරක නම් නොවේ ය.බාධක බොහෝ තිබිනි.

එක් අයෙකුගේ ෆෝන් එකේ මොනම ආකාරයකින්වත් සිංහල අකුරු වැඩ නොකල අතර, පසුව හෙලි උනේ මේය ඇන්ඩ්‍රොයිඩ්  මෙහෙයුම් පද්ධතිය ඇති ෆෝන් එකක් බවත් මෙය ලොලිපෝප් හෝ මාර්ස්මෙලෝස් වැනි මෙහෙයුම් පද්ධතියකට අප්ග්‍රේඩ් කිරීමෙන් ප්‍රශ්ණය විසදා ගත හැකි බවත් ය.

එහෙත් ගෲපයේ ඇතැමෙකුගේ අදහස උනේ සිංහල අකුරු බැලීමට හෙලයන්ගේ නිර්මාණ වූ කැවුම්, කිරිබත් වැනි දෙයක් යොදා ගන්නවා මිස ලොලි පොප් හෝ  මාස් මෙලෝස් වැනි දෙයක් යොදා ගැනීම අනුචිත බවය.




එහෙත් වර්ගපූර්ණිකාව වැනි මහා රාවණා රජුගේ අන්තේවාසිකයකු ගේ බ්ලොග් වලින් දැනුම ලබා සිටි මා හට නම් මෙය කිසිදූ ගැටළුවක් වූයේ නැත..

මන්ද ලොලිපොප් යනු මහා රාවණා රජුගේ කාලයේ සිට ලක් හෙලයාගේ ආධ්‍යාත්මය සමග බද්ධ වී සිටින්නක් බව මා දැන සිටි හෙයිනි.

අරිසෙන් අහුබුදු ශූරීන්ට අනුව 'ලොලි'යන්න හෙලයන්ට ලැදි ''ලොල්ලන්'වන අතර 'පොප්' යනු මහා රාවණා රජු සිය දඩුමොණයරය  වා+රිය+ පොලෙන්    අහසට නංවන විට නැගුණු ස්භාවික හඩය.

එහෙත් වර්ගපූර්ණිකාවෙන් හෙලි වන පරිදි දඩුමොණරය නවීන'හයිබ්‍රිඩ් රථයයක් මෙන් අනවශ්‍ය ශබ්දයෙන් තොර බැවින් මෙම 'පොප්' සද්දය,  පෙර සදහන් කල, සිංහලයට ලැදි ලොල්ලන් විසින්,  දඩු මෝණරය අහසට නංවනු බලා අමන්දානන්දයට පත් වී නගන ලද හඩක් ලෙස ද අර්ථ දැක්වේ...

මේ සංසිද්ධිය ශ්‍රවණය කල, නියම හෙලෙයකු වන මා හටද  සමන්පිච්ච මල් සුවදකුත් සමග පොප් සද්දයක් නිකුත් වුන බැවින් වර්ගපූර්ණිකාවේ සදහන් මේ අර්ථදැක්වීම යථාර්ථවාදී රීතීයට බොහෝ එකඟ බව මා හටද හැන්ගී යයි.



කෙසේ නමුත් මහා රාවණා රජු දඩු මොනරය අහසට නංවනු බලා ලොල්ලන් විසින් පොප් හඩ නැගීම ලොලිපෝප් ලෙස හදුන්වනු අතර, මහා රාවණා රජ සමයේ සිට මෙය හෙලයන්ගේ ලෙයට කා වැදී තිබුනු බව ඔබට දැන් පැහැදීලි ඇතැයි සිතමි.

තම අතීත ශ්‍රී විභූතිය ස්මරණයේ රිසි හෙලයා, එය වමාරා වමාරා කැමෙහි  කැමැත්තෙන් , පසු කලෙක්  මෙම සංසිද්ධිය අලලා ආහාරයක් නිපදවනු  ලැබූ අතර මෙය වර්තමානයේ ලොලිපොප් ලෙස ප්‍රචලිතව ඇත.

කෙසේ නමුත් ලොලි පොප් අධිරාජ්‍යවාදී බටහිරයන් අතරට යෑමෙන් පසු ඉතා කුමන්ත්‍රණකාරීව  හෙලයන් සතුව තිබූ ලොලිපොප් ඥාණ්ය මකා දමා ඇති අතර, නූතන සිංහලයාද ලොලි පොප් යන්න බටහිර කෑමක් ලෙස සලකති. ලොපිපොප් ඥාණය මකා දැමීමේ  අතුරු ප්‍රතිපලයක් ලෙස හෙල මානවිකාවන් අතර ලොලිපොප්   පාවිච්චියේ අඩුවක් දක්නට ඇති අතර ඇතැම් විට හෙල මානවකයන්ගේ ලොලි පොප් පිරිසිදු නැතැයි අදෝනාවක්ද වරින් වර නැගෙනු අසන්නට ලැබෙයි.

ලෝකයටම ලොලිපොප් හදුන්වා දෙනු ලැබූ හෙලයා, අද දවසේ අන්ත අසරනව, අධිරාජ්‍යවාදී බටහිර සුකොමලියන් ලොලිපොප් කන අයුරු බලා සුසුම් හෙලන ආකරයත් , තවමත් එය බටහිර අඩ්ධිරාජ්‍ය වාදීන් හෙලයා මත පටවනු ලැබු ආහාරයක් ලෙස සිතමින් උකටලීව සිටින අකාරය සිහිවෙන විට , නැගෙන කදුලු මෙතැකැයි කිව නොහැකි තරම් ය.මෙය කෙතරම් අවාසනාවන්ත තත්වයක්දැයි තීරණය කීරීම මහා රාවණා රජුගේ  නූතන  පරම්පරාවේ  දුවා දරුවන් වන ඔබ හට බාර කරමි.

ප:ලි-1: - මහා රාවණා රජ්ජුරුවෝද ලොලිපොප්  හි රුසියකු බවත් , සීතා ගේන් ලොලිපොප් ඉල්ලන්න ගොස්, ප්‍රශ්නයක් ඇති වූ බවත් ඉපැරනි වංශ කතාවල සටහන් වේ.

2: එහෙත් අහුබුදු ශූරීන්ට  අනුව තනිපංගලමෙ සක්මන් කරමින් සිටි රාවණා  දුටු සීතාට රාවණා  දෙවියන් ලොලිපොප් වලට මහත් ප්‍රසිද්ධියක් උසුලන බව සිහි වී`අයියා ලොලිපොප් තියෙනවද?යැයි  අසා ඇති අතර රාවනා රජු සීතා කෙරෙහි උපන් මහා  කරුණාවෙන් ලොලිපොප් එකක් දිමට යැමෙදී එය දුටු පඩත්තලයෙක් මෙය රාමාගේ කණෙ තැබීමෙන් රාම රාවණා පලහිලව්ව ඇති වී ඇතැයි පැවසෙ~

එ අනුව බලනකල  සුර අසුර යුද්ධයට ද හේතුව  හෙල කෑමක් වූ ලොලිපොප් බව ඔබට පැහැදිලි ඇතැයි සිතමි•

2222