Thursday 30 April 2015

නෙළුම් යායෙන් පීදුනු බ්ලොග් සංසදය හෙවත් රාජ පුරෝහිතයන්ගේ බ්ලොග් දන්සැල

කලමණාකරණයේදී අප ඉගෙන ගත් මූලීක පාඩම නම් 1+1 = 2 නොව 1+1>2 කියාය. එහි මූලික අදහස මිනිසුන් දෙදෙනෙකු එකතු වූ කල, දෙදෙනාගේ ශක්තිය වෙන් වෙන්ව ඔවුන් දෙදෙනාට කල හැකි  කාර්‍යට වඩා විශාල බවය. ඒ අර්ථයෙන් ගත් කල සංවිධානාත්මක වීම විද්‍යාත්මකව ප්‍රශ්නයක් නැත.

එහෙත් සංවිධානත්මක වීමත් සමගම උරුම වන තවත් ප්‍රශ්ණ බොහෝ ගණනාවක් ඇත.කලමණාකරණ විද්‍යාවේ ඉගැන්වෙන එවන් කරුනු පසෙක තබා ලිපියේ ප්‍රස්තූතය වූ බ්ලොග් ලිවිල්ල ගැන කථා කිරීම මනාය.

බ්ලොග් ලිවීම යනු පුරවැසි මාධ්‍යකරනයකි.බ්ලොග් ලිවිල්ලට කිනම් අර්ථකථන ලබා දුන්නද එය ජනතාව විසින් ජනතාව උදෙසාම වාරණයකින් තොරව නැතිනම් අඩුම වාරනයකින් යුතුව කෙරෙන සංනිවේදනයකි.
මෙවන් ස්වරූපයකින් යුතු මාධ්‍යකරණයක් නිසා ඇනෙන දැනෙන අංශ කීපයකි.



කෛරාටික හොරුන් දෙදෙනෙකුගේ බහට ‍රැවටී සීතාම්බර සළුව දවටා හෙළුවෙන් නුවර සක්මනෙහි යෙදුනු රජතුමා,  හෙළුවෙන් යන බව මුලින්ම කීවේ පාර අයිනේ කඩල ගොට්ටක් විකමින් සිටි නිකංම නිකං කොළු පැංචෙකි. ඒ අතීත කථාවක්ය. අතීතය සේම වර්ථමානයේදී බ්ලෝග් ලිවිල්ල නැමැති මාධ්‍යකරනයද ඒ කඩල ගෝට්ට සපමින් සිටි නිකංම නිකං කෝළු පැංචාය.ඒ කොලු පැංචාට මහ ලොකු සදාචාරයක් හෝ මහ ලොකු වගකීමක් කරට අරං වග කිව යුත්තක් නැත.  ඒහෙත් රජතුමාගේ පුරෝහිත මණ්ඩලයේ සිටි මහා ලොකු වියතුන්නට , පඬිවරුනට කිව  නොහැකි වූ සත්‍ය,  අමු අමුවේ එලියට දැම්මේ ඒ නිකංම නිකං  කොලු පැංචාය. තාන්න මාන්න අහිමි වේ යැයි හෝ රාජ උදහසට ලක් වේයැයි බියක් පඬිවරුනට තිබ්බාට කොලු පැංචාට ඒවන් හැඟීමක් නැත.ඒ නිසාම කිවයූත්ත කිවීමට සතර වරං බැලිල්ලක්ද කොළු ගැටයාට නැත.

කොළු ගැටවුන්ගේ නොසන්ඩාල කථා නිසා සිහින මාලිගා බිදගත් රජ පරපුරේ ඇත්තනට නම් කෝළු ගැටවු යනු අම්බාන් කල යුතුම රස්තියාදූකාරයන් රොත්තකි. මහ ලොකු මාධ්‍ය පකීර්ලාට හෙවත් නූතන රාජ පුරෝහිතයන්ට අනුව නම් බ්ලෝග් ලිවිල්ල මෝය කටින් ගිය පොල් ලෙල්ලක් තරම් නොවන්නකි.

කෙසේ වෙතත් මෙවන් රස්තියාදුකාරයන් හැසිරවීමට ද ක්‍රම කීපයකි. ඒවාද කලමණකාරන තියරිය.

අතීතයේදී වරෙක අප පාසලේ සිටි රගර් කන්ඩායම අම්බ මෑරෑටි  රෑලකි. ශිෂ්‍යනායකයන් තියා ගුරුවරුන්වත් මායිම් නොකල ඔවුන්ගේ තක්කඩි කම් පාසලට ගෙන ආවේ අපකීර්තියකි ( විදුහල් පති උතුමාට සාපේක්ශවය). කෙසේ නමුත් ඊලඟ වාරයේදී සිදු වුයේ අමුතුම සිදූවීමකි. අර හම්බ මෑ‍රැටි ‍රැලේ හොදම මෑ‍රැටියන් තුන් හතර දෙනෙකුට ශිෂ්‍ය නායකකම් ලැබී, උදෑසන ප්‍රධාන ගේට්‍ටුව අසල ‍රැවුල් කොන්ඩ ෆන්ක් කට් ඇල්ලීමට  ඔවුන් යොදවා සිටිනු දැකිය හැකිවිය.දු‍ටු දු‍ටුවන්ගේ ඇස් උඩ ගිය නමුත් අවසාන උත්තරයේදී මැ‍රැටි ‍රැල මැරෑටි කම් පැත්තක දමා විනය තැකීමට මෑ‍රැටි රෑලම යොදා ගැනීමට විදුහල්පති උතුමාට හැකිවිය.ඒ විදුහල්පති තුමා සොයා ගත අමුතුම තියරියක් නොව,කලමණාකරණයේදීම කියවෙන 80-20 පැරෙටෝ තියරියමය.

කොළු පැංචන් තමන්ම සංවිධානය වී තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියා බජව් පාටි අර උත්සව මේ උත්සව පවත්වනවා අප දැක ඇත. අප මේ කතා කරන්නේ ඒ ගැනම නොවේය.

මේ කථා කරන්නේ රජ පරපුරේ ඇත්තන්, මාධ්‍ය ඔස්තාද්ලා කොල්ලෝ කුරුට්ටෝ එකතු කර, කොලු කුරුට්ටනේගේ අහිවූර්දිය උදෙසා බලෙන්ම දෙන පාටි ගැනය. ගොනා හැරෙන්නේ පොල් පැලේට බව පැලේට නොතේරෙනාට, සයිබරය නැමැති ගෙන්දගම් පොලෝවෙ කරකුට්ටන් වෙන කොල්ලෝ කුරුට්ටන්ට ඒ බව නොතේරී යන්නට හේතුවක් නැත.



බ්ලොග් කලාවේ ශක්තිය ඇත්තේ මහපොලෝවේ සංවිධානය වීමට වඩා සයිබර් අවකාශයේ වෙන සංවිධානයෙන් බව අපගේ මතයය. සයිබරයේ ගොඩ නැගුනු බ්ලොගය සයිබරයේ ශක්තිමත් වී ඒ ඒ සමාජ සංස්ථාවලට අහියෝගයක් වෙනු මිස එය මහපොලොවට ගෙනැවිත් මහපොලෝවේ දියකර දියකර යාමට ඉඩ දිය යුතුද යන්න අප ඔබ හමුවේ තබන විවෘත ප්‍රශ්ණය ය.බ්ලොග් කලාවේ දියුණුව අභිවෘද්ධිය පතන මහාමාත්‍ය පුරෝහිතයන්ට කල හැකි ලොකුම උදව්වනම් සයිබරයේ තොරතුරු ගලා යෑමේ නිදහස හා සයිබර් අවකාශය පුළුල් කිරීම බව අපගේ අවංක හැඟීමය.

මූලික වශයෙන් කිව යුත්තේ මේ ලිපියෙන් ප්‍රශ්ණ කෙරෙන්නේ සයිබරය මහපොලුවට බැසීම නිසා සිදුවන හානිය ගැනය. බ්ලොගයේ ශක්තිය පවතින්නේ එය සයිබරයේ පැවතෙනතාක් කල් පමණි..එය මහපොලොවට බට දා සිටන් එය තවත් මහපොලොවේ පවතින සිවිල් සංවිධානයක් හැඩය ගන්නවා පමනක් නොව සයිබරයට එම බලපෑම දැනීමට ගැනෙනු ඇත. මෙතෙක් කල් බ්ලොග් අදහ්ස වලට අභියෝග කිරීමට සයිබරයෙන්ම ආ යුතුව තිබිනි. බ්ලොග් අදහස් වල මුද්‍රිත මාධ්‍යයේ නැති විවිධාකාර ඉතා ‍රැඩිකල් අදහස් පවතින්නේ එසේ කී බෝඩ් වීරයන් සේ ලිවීමාට හැකි වීම තුලමය. එය එහි ශක්තියය් ය. එහෙත් එය මහපොලොවට පය තැබූ විගසින් බ්ලොග් සටහන් වලට අභියෝග කිරීමට මහපොලොවේ තියෙන නූල් සූත්තර උප්පරවැට්ටි සියල්ල යොදා ගැනීමට හැකි වනු ඇත. මෙහෙදී සංවිධානය වී සීටීම එය තවත් පහසු කෙරෙන නිසාය..තීරණාත්ම අවස්ථාවකදී කල යුතුව ඇත්තේ , එසේ සංවිධානය වී සිටින පිරිසේ තීරක බලය හිමි සුළු කොටස ඇල්ලීම පමනකි. පඩු, බඩු, නඩු වලට නොනැමෙන කොන්දක් ලංකාවේ තියා ලෝකයේවත් ඇත. ප්‍රශණයක් ඇත්නම් පඩුරු වල විශලත්වය පමනකි. බ්ලොග් කරුවන් එක රොත්තට අහුවෙන පරිදි මහපොලොවේ සංවිධානය වී සිටීම එය තවත් පහසු කරනු ඇත. 



සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....



මේ තියෙන්නේ 2017 සම්මාන උලෙලෙන් පස්සේ  වත්පොතේ රට්‍ටු කියපු කථා







39 comments:

  1. දේශපාලනය ආවොත් දිගු පැවතීමක් නෑ. එදා කරු සහ කරූ ගෑවුණු එකයි අවුල.

    බලමු.

    කාටත් එකම නිදහස.

    ReplyDelete
    Replies
    1. //කාටත් එකම නිදහස// that what it is

      Delete
  2. මට නං තේරුනේ නෑ බං

    ReplyDelete
    Replies
    1. ඔව් මචං..මේක කියවලා හොදට තේරුම් ගත්තනං හදට රොකට් එකක් උනත් යවන්න තිබ්බා..එච්චරකට සංකීරනයි.....:))

      Delete
  3. මුලින්ම මෙහෙම පෝස්ට් එකක් ලියපු එකට ස්තූතිය. මමත් ඔය වැඩේට මුලින් කැමති උනේ නෑ. සම්මාන උළෙලට යන්න හිතුවෙත් නෑ. ඒත් මම සිංහළ බ්ලොග් වලට ආදරෙයි. ඒ නිසා කීප දෙනෙක් අනතුරු අඟවද්දිත්. මම එලිදරව් වෙන්න කැමති උනා. මෙතන හුගක් අය දකින් වැරදි දෙයක් තමයි නෙළුම් යාය සම්මාන උළෙල මේ ආන්ඩුවෙන් කරපු එකක්ය කියන වැරදි අවබෝධය. නෙළුම් යාය සම්මාන් ප්‍රකාෂයට පත් කළේ ජනවාරි 3 න් වෙනිදා. එතකොට ජනවාරි 8 ආන්ඩු පෙරලියන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

    සිංහළ බ්ලොග් වල ඉතිහාසය ගැන අයිතිවාසිකම් ගැන මහා ළොකුවට කතා කලාට අවුරුදු දහයක් ගිහිනුත් මේක ඉස්ස්සරහට යනවට වඩා පස්සට යන එකකුයි වෙලා තියෙන්නේ. ළ්ඛිපි දහයක් පහළොවක් ලියනවා එතනින් ඉවරයි. හිට්ස් කොමෙන්ට්ස් බලාගෙන අපිත් බ්ලොග් ලිව්වා නම් අපිට වෙන්නෙත් ඒ ටිකමයි. ඒත් මේ කිසි දෙයක් බලාපොරොත්තු නැති. හැමදාමත් සුපිරි දේ ලියන අයත් ඉන්නවා.

    නෙළුම් යාය මූලික උනාට මේ සංවිධානයට උන්ගේ කිසිම සම්බන්ධ්යාක් නෑ. නිළධාරින් සියල්ලම බ්ලොග් කාරයෝ. නෙළුම් යාය වෙනම කතාවක්. බ්ලොග් සංසදය වෙනම කතාවක්. එකම දේ මේක යෝජනා කළේ නෙළුම් යායේ උන් වීම. ලංකා නිව්ස් වෙබ් එකේ ළිපි පළවෙන්න පටන් ගත්ත දවසෙ ඉඳලා මගේ හිට්ස් නම් ඩබල් උනා. අනෙක් උන්ගේ අත් දැකීමත් ඒකයි.

    අපි අභිමානයක් තියා ගත්තට කමක් නෑ. ඒ අධිමානයක් තියා ගන්න නරකයි. අනෙකුත් මාධ්‍යන්ගේ සහයක් නැතිව අපිට මේ ගමන යන්න අමාරුයි. අපි උනත් හිතින් කෙතරම් සතුටු වෙනවද අපේ ළිපියක් පුවත් පතක ගියොත්, වෙබ් අඩවියක ගියොත්. ඇත්ත කතාව ඒක. ඒ වගේම අපි කවුරුවත් කියන විදියට ලියන්න කියන්න ඕන නෑ. තමන්ගේ ස්වාධීනත්වය තියා ගත්තාම හරි.

    මාව ඔය සංගමයේ සභාපති හැටියට බලෙන්ම දාපු එකත් සමහර අයට වනයක් වෙලා ඇති. මොකෝ ගොඩක් යෝජනා වලදි බ්ලොග් කාරයෝ වැඩි පිරිසක් ඉන්නේ උඹ කියන මතයේ.

    අනික මේක පටන් ගත්තය කියලා අනන‍යතාවය එලිවෙන්නේවත්, මක්කත් වෙන්නේ නෑ.. කැමති නැත්නම් ඉල්ලා අස් උනා. ඕන නම් සාමාජික මුදලත් අරගෙන. මොකෝ මේක ආවා කියලා සියළු දේ ලැබෙන්නෙවත්. සියල්ල නැති වෙන්නෙ වත් නෑ.. ඒත් මම හිතනවා බ්ලොග් ලියන උන් අතරේ හරි එකමුතුවක් තියෙන එක හොඳයි කියලා..

    ReplyDelete
    Replies
    1. පසුව ලියහං උඹේ කොටහ.. ඒක තමා වැදගත්ම.. මොකද හුගක් අයට මාතා, බස්සි, ඉවාන්, පැරා ඉන්න තැන් වහකදුරු වගේ.. මාත් ඔය මොකේටවත් පුුදුගලිකිව සහභාගී වීමක් නැහැ. නමුත් උපරිම සහයෝගය දෙනවා..

      Delete
    2. මචං මාතලන්,
      සයිබර් වෙබ් ගෝඩ්ෆාදර් ඉන්නවයි කියන යුගයේ බ්ලොග්වලටත් කවුරුහරි පාටියක් ගෝඩ්ෆාදර් කෙනෙක් වෙන්න හිතුවෝත් ඒකට ආණ්ඩු බලයක් අවශ්‍ය වෙන්නේ නේ..ඉස්සර ජෙවීපි දැන් පෙර‍ටුගාමින් අන්තරේ හරහා කැම්පස් කොල්ලො කෙල්ලො පාරට බස්සන්නේ ආන්ඩු බලයක් තියන්න් නෙවෙයි.

      ඊලග කාරනේ නෙලුම්යාය හොදවැඩක්...ඒක ගැන කථා දෙකක් නෑ..ඉදල හිටල ශිශිර තාරක නින්දෙන් ඇහිරිලා ලියන මේ බ්ලොගයටත් වැඩිම් හිට්ස් එන්නේ ලංකා නිව්ස් වෙබ් එකෙන්...ඊටත් එහා ගියාම කරුණාරත්න පරණවිතාන මේ බ්ලොගයේ රසිකයෙක් වගේම මමත් ඔහුගේ බ්ලොගයේ රසිකයේක්.....ඒ නිසාම තමයි මම 'සයිබරයේ ගොඩ නැගුනු බ්ලොග් සයිබරයේම සංවිදානය් වී ශක්තිමත්' වීමක් ගැන කථා කරන්නේ.....

      අනිත් කාරනා ගැන නම් කියන්න තියෙන්නේ අපේ හිටපු රගර් ටීම් එකේ හොදම මදාවියා ප්‍රිෆෙක්ට් වෙලා ගෙට්‍ටුව ගාවදි ෆන්කි කට් එකක් ඇල්ලුවම දෙන් ටෝක්ස් මතක් උනා කියලා විතරයි....නො ඔෆ්ෆෙන්ස්

      සයිබරයේ තියෙන දේවල් මහපොලොවට බැස්සුවම ඕවා ඔහොම වෙනවා.....මොක්ද අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු...

      Delete
    3. අනේ හුකේ නන්නානේ..
      අපි දෙන්නා හඳපානේ..

      කියලා කිව්වලු..

      අර ප්‍රිෆෙක්ට්ගේ කතාව මට නම් අදාල කරන්න හිතන්න එපා... හීනෙන්වත්.. දැන් ලියන පෝස්ට් කියවන්නේ නැතිව ඇති.. අඩුම ගානේ අද ලියපු එකවත්..

      Delete
    4. අල්ලලා දාන්න ප්‍රිෆෙක්ට් කථාව.....

      මේ කියවලා ආපු ගමන් තාම වේලුනෙවත් නෑ...

      Delete
  4. මයියා ගෙන් මොලේ තියෙනා ලියවිල්ලක්...

    තැන්කූ මයියා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...මීට කලින් තැනක් මම කොමෙන්‍ටුවක් දාද්දී මොලෙයි මෝලෙයි ටැපලුනා..ඒත් ඒක ඒච්චර අවුලක් උනෙත් නෑ

      Delete
  5. An example_

    Mathalan→Mr.Mathalan↓
    Mathalan MP

    ReplyDelete
    Replies
    1. ස්තූතියි......මෙය ලිපියේන් මාතලන් ව අන් කවර අයෙක් හෝ පුද්ගලිකව ඉලක්ක කර නොමැති බව අවංකව කියමි...

      Delete
  6. සියළු ආකාරයේ අන්තයන් ප්‍රතික්ෂේප කරමි.
    මැද මාවතේම යමි.
    ලිවිල්ලට ඇති අසීමිත නිදහසය සන්ධානගතවීම් වලටද ඇත්තේ....
    පැන් කලයේ කිඹුලන් නොදකිමි
    නොදන්නා වතුරට පනින්නද නොයමි...
    සීමාව හොඳින් හඳුුනා ගැනීමට තරම්,
    බුද්ධියක් අපට ඇත.

    ReplyDelete
    Replies
    1. ස්කෙප්ටික් අදහසක් යනු සෑම විටම කොරහේ කිඹුලන්, තේ කොප්පයේ කුණා‍ටු ලෙසම නොවේ.....එහෙත් කිව යුත්ත කිව යුතුමය....බ්ලොගය සංවිධානය විය යුත්තේ සයිබරයේ මිස මහපොලොවේ නොවේය...

      Delete
  7. ස්කෙප්ටික් අදහසක් යනු සෑම විටම කොරහේ කිඹුලන්, තේ කොප්පයේ කුණා‍ටු නොවේ.....එහෙත් කිව යුත්ත කිව යුතුමය....බ්ලොගය සංවිධානය විය යුත්තේ සයිබරයේ මිස මහපොලොවේ නොවේය...

    ReplyDelete
  8. //සියළු ආකාරයේ අන්තයන් ප්‍රතික්ෂේප කරමි.
    මැද මාවතේම යමි.
    ලිවිල්ලට ඇති අසීමිත නිදහසය සන්ධානගතවීම් වලටද ඇත්තේ....
    පැන් කලයේ කිඹුලන් නොදකිමි
    නොදන්නා වතුරට පනින්නද නොයමි...
    සීමාව හොඳින් හඳුුනා ගැනීමට තරම්,
    බුද්ධියක් අපට ඇත.//

    අයියෝ රාජ් මගේ හිත කියවලා...මට කලින් කොමෙන්ට් එකකුත් දමලාය.දැන් මං මොනවා කියන්නදැයි සිතා ගත නොහැක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....රාජ්ගේ අදහසම නම් රාජට දුන් පිලිතුරම ඕබට දෙමි....

      Delete
    2. The ultimate measure of a man is not where he stands
      in moments of comfort and convenience,
      but where he stands at times of challenge and controversy.

      Delete
  9. //කොළු ගැටවුන්ගේ නොසන්ඩාල කථා නිසා සිහින මාලිගා බිදගත් රජ පරපුරේ ඇත්තනට නම් කෝළු ගැටවු යනු අම්බාන් කල යුතුම රස්තියාදූකාරයන් රොත්තකි. මහ ලොකු මාධ්‍ය පකීර්ලාට හෙවත් නූතන රාජ පුරෝහිතයන්ට අනුව නම් බ්ලෝග් ලිවිල්ල මෝය කටින් ගිය පොල් ලෙල්ලක් තරම් නොවන්නකි.// මම තමා නෙළුම යායේ සංස්කාරක. සම්මාන දෙන්න ලංකාවට ආපු වෙලේ එක නීතිඥයෙක් කිව්වා ඔය බ්ලොග් කියන්නේ කුණුහරුප. ඒවා ලියන උන් කුණුහරුප කාරයෝ කියල. මම පොරව සත පහකට ගණන් ගත්තේ නැහැ. පස්සසේ එයත් එදා ආවා. බ්ලොගය සංවිධානය වෙන්නේ සයිබරයේ කියා නොපෙනීම පුදුමයකි. නෙලුම් යාය මෙන්ම බ්ලොග්පවර් අඩවියද ඇත්තේ සයිබරයේය. ඒවා ලියන උන් සිතෙන්නේ මහා පොලොවේය. ඔබ වැඩ සිටින්නේ අහසේය. ඔබට බය සමහරවිට මා වන්නෙකු වෙබ් ගෝඩ් ෆාදර් වන්නෙකු හෝ බ්ලොග් ෆාදර් කෙනෙකු වේ යයි සිතා නම් ඔබට පැමිණ මතාගේ තැන ගෙන (මාතා එතනට බලෙන් දැමු නිසා ) සයිබර් අවකාශයේම රදා ගත හැකිය. ප්‍රශ්නය ඔයාත් වර්චුවල් ද?

    ReplyDelete
    Replies
    1. පලමුව කිවයුත්තේ මේ බ්ලොග්සටහන කිසිම පුද්ගලයකු පෞද්ගලිකව එක එල්ලේ හෝ අනියමින් ඉලක්ක කර ලියා නොමැති බවය. මෙහි සාකච්චාට ගැනෙන්නේ සිදුවීම හා අදාලා කාරනා පමනකි....

      ඊලඟ කාරනය නෙලුම්යාය හා ලංකා නිව්ස් වෙබ් වැනි දේ මාගේ ප්‍රශංසාවට ලක් වෙන බවය. මන්ද එවා බ්ලොග් අවකාශයේ සිමා වලුළු පුළුල් කෙරෙන බැවිනි...මා බ්ලොග් සයිබරයේ සංවිධානය වීම ලෙස දකින්නේ එවන් දේය.

      මූලික වශයෙන් කිව යුත්තේ මේ ලිපියෙන් ප්‍රශ්ණ කෙරෙන්නේ සයිබරය මහපොලුවට බැසීම නිසා සිදුවන හානිය ගැනය. බ්ලොගයේ ශක්තිය පවතින්නේ එය සයිබරයේ පැවතෙනතාක් කල් පමණි..එය මහපොලොවට බට දා සිටන් එය තවත් මහපොලොවේ පවතින සිවිල් සංවිධානයක් හැඩය ගන්නවා පමනක් නොව සයිබරයට එම බලපෑම දැනීමට ගැනෙනු ඇත. මෙතෙක් කල් බ්ලොග් අදහ්ස වලට අභියෝග කිරීමට සයිබරයෙන්ම ආ යුතුව තිබිනි. බ්ලොග් අදහස් වල මුද්‍රිත මාධ්‍යයේ නැති විවිධාකාර ඉතා ‍රැඩිකල් අදහස් පවතින්නේ එසේ කී බෝඩ් වීරයන් සේ ලිවීමාට හැකි වීම තුලමය. එය එහි ශක්තියය් ය. එහෙත් එය මහපොලොවට පය තැබූ විගසින් බ්ලොග් සටහන් වලට අභියෝග කිරීමට මහපොලොවේ තියෙන නූල් සූත්තර උප්පරවැට්ටි සියල්ල යොදා ගැනීමට හැකි වනු ඇත. මෙහෙදී සංවිධානය වී සීටීම එය තවත් පහසු කෙරෙන නිසාය..තීරණාත්ම අවස්ථාවකදී කල යුතුව ඇත්තේ , එසේ සංවිධානය වී සිටින පිරිසේ තීරක බලය හිමි සුළු කොටස ඇල්ලීම පමනකි. පඩු, බඩු, නඩු වලට නොනැමෙන කොන්දක් ලංකාවේ තියා ලෝකයේවත් ඇත. ප්‍රශණයක් ඇත්නම් පඩුරු වල විශලත්වය පමනකි. බ්ලොග් කරුවන් එක රොත්තට අහුවෙන පරිදි මහපොලොවේ සංවිධානය වී සිටීම එය තවත් පහසු කරනු ඇත.

      ප.ළි. ඔබ බ්ලොග් ෆාදර් කෙනෙක් වීම ගැනක් මා කථා කර නැත.එසේගෝඩ ෆාදර් වෙන කෙනා ඔබ මෙන් නිරාවරනය වේ යැයි බලාපොරොත්තුවක්ද මා තුල නැත. එහෙත් යම් පුද්ගලය සමූහයක් දිනා ගැනීමට යෙදවීමට එම සමූහයේම විශ්වාසය දිනා ගත හැලි මිත්‍රශීලී පුද්ගලයෙකු යොදවා ගැනීම , අදටත් අන්තරය වැනි දේ විශ්ව විද්‍යාල තුල කරයි. පසුව ඒ විශ්වාසය දිනා ගත් තැනැත්තාට තෙල දී කෙලින්ම ඔහුව හැසිරවීම හෝ තවදුරටත් ඔහුව නිද්හසේ තබා ඔහුගේ සමීප කණ්ඩායම හරහා මෙහෙයවීම විශ්ච චිද්‍යාල තුල අන්තරය දැනටත් යොදා ගන්නා ක්‍රම හා විදිය.

      Delete
    2. ඔබ ඔය කියන අන්තරයේ කතාවද කලින් ඇසුවෙමි. අන්තරයේ බලය අල්ලන්නේ දේශපාලන පක්ෂ බව ඔබ දන්නේ නැත්ද? /එහෙත් යම් පුද්ගලය සමූහයක් දිනා ගැනීමට යෙදවීමට එම සමූහයේම විශ්වාසය දිනා ගත හැලි මිත්‍රශීලී පුද්ගලයෙකු යොදවා ගැනීම // ඔබ ව්‍යංගයෙන් කියන්නේ අපි බ්ලොග් කරුවන්ගේ විශ්වාසය දිනා ඇත කීම නම් මම එයට සතුටුයි. ඔබට එය ප්‍රශ්නයක්ද?
      //එහෙත් එය මහපොලොවට පය තැබූ විගසින් බ්ලොග් සටහන් වලට අභියෝග කිරීමට මහපොලොවේ තියෙන නූල් සූත්තර උප්පරවැට්ටි සියල්ල යොදා ගැනීමට හැකි වනු ඇත. මෙහෙදී සංවිධානය වී සීටීම එය තවත් පහසු කෙරෙන නිසාය// ඔබට අන්තරජාලය පිලිබඳ දැනුම අඩු යයි මා කිවොත් පිලි ගන්නවාද ? ඔබ මොන තරම් බෝඩ් වීරයෙකු වුවත් රජයකට අවශ්‍ය නම් ඔබව සොයා ගත හැක. රාජපක්ෂ ආණ්ඩුවට සමහර බ්ලොග් කරුවන් සොයා ගත නොහැකි වුයේ ඔවුන් බටහිර සමග හොඳින් නොහිටිය නිසා පමණි. ඔබ අන්වර්ථ නාමයකින්, හොර ඊමේල් එකකින් ලිව්වත් අවශ්‍ය නම් ඔබව සොයා ගත හැකිය. එසේ නොවන්නට කරන ආකාරය මා දන්නා මුත් මෙහි නොලියමි.
      අපේ ආර්ටිකල් එකේ බ්ලොග් කරුවන්ගේ නිදහස සුරැකීමටත්, බ්ලොග් කරුවන් ලියන කිසි දෙයක වගකීම සංසදයට නැති බවත් සඳහන් වේ. ඒ නිසා කිසිවෙකුට බ්ලොග් කරුවන් ලියන දේට සංසදය ගාවා ගත නොහැක. එසේම බ්ලොග් කරුවෙකුට එන පිටස්තර තර්ජනයකදී ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීමට ද වගන්තියක් තිබෙනු ඇත.
      අවසානයේ කිව යුතුව ඇත්තේ අප කලේ නිදා සිටි ගොලායත් වැනි යෝධයෙකුට තදින් තුනටියට පා පහරක් එල්ල කර නැගිට්ටවිම පමණි. ටිකක් රිදෙන්නට ඇති. එහත් සංවාදය ඇරඹි තිබේ. අපි අපේ ගමන යන්නෙමු. එන නොඑන එක ඔබටබාරයි.

      Delete
  10. Replies
    1. ස්තූතියි....සයිබර් සංවිධානය යනු 80% ක් ලින්ක්මය :))

      Delete
  11. මම මේක දැක්කේ බ්ලොග් ලියන කාට කාට හරි මොන මොනවා හරි ලැබීම හොඳ දෙයක් විදියට. නැතිව ගත්තොත් මේ සම්මාන දීම ගැන බොහෝ අයට වගේම මටත් ප්‍රශ්න තිබුණා. නමුත් අපි ඒ ගැන කථා කලානම් ඒ කෙරුණ දේට ඊර්ෂා කල බවක් තමයි එලියට එන්නේ. ලංකාවේ මිනිසුන් "හැන්ග් අවුට්" කියන දේට බොහොම කැමතියි. ඒ නිසා මොන මොන ක්‍රමයෙන් හරි එකුදු පහදු වෙලා අඩියක් පුඩියක් අනුමත වෙන විදියක් බල බලා ඉන්නේ. ඔය සයිබරයෙන් වෙන අනදුනාගනීම දුරදිග ගිහිං දිගුකාලීන මිතුරන් බවට පත් වෙන්නේ අන්න ඒ නිසා. මෙතන වුනෙත් අන්න ඒ වගේ වැඩක්. ඔබේ තර්කය නිවැරදියි කෙනෙක් ඔහේ ඉබාගාතේ ඇත්ත කියා කියා ඉන්නකොට එයාට මාධ්‍ය ප්‍රකාශක වගේ තනතුරක් දුන්නොත් මිනිහා කල්පනා කරන්න ගන්නවා, දැන් මම මොනවා හරි කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ කියලා. තවත් උදාහරණයක් තමයි අපිට පත්තරේට ලියන්න දුන්නොත් අපිට ශෛලිය වෙනස් කර ගන්න වෙනවා. එතකොට අපි රස වින්ද කෙනාගේ ඒ රසවත් බව නැති වෙනවා. මෙතැනිනුත් ඒ වගේ දෙයක් නොවුනා කියන්න බෑ. අපි බ්ලොග් සංසදයක් හදා ගත්තා කියමු. මේකේ ඉන්න කෙනෙක් හොඳටම රජයේ ඇමත්තෙකුට ගහනවා. එතකොට ඒ ඇමැත්තා එවනවා මේ සංසදයට ලිපියක්. අන්න එතැනදී මොකද වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔබ දකින්නේ යථාර්ථය ය....යථාර්තය වෙනුවට සර්ව සුභවාදී සිහින දකින අයෙකු මෙවන් ප්‍රශ්ණයක් දකින්නේ කොරහේ කිඹුලන් ලෙසිනි..

      සර්ව සුභ වාදීයා සුළග ඒ යැයි බලාපොරොතුවෙන් සිටී.....අසුභවාදියා සුලඟ නැතියි මැසිවිලි නගයි....යථාර්ථවාදියා සුළඟ ඇති පරිදි ‍රැවල සකස් කර ගෙන යා හැකි ගමන යයි...

      Delete
    2. //මේකේ ඉන්න කෙනෙක් හොඳටම රජයේ ඇමත්තෙකුට ගහනවා. එතකොට ඒ ඇමැත්තා එවනවා මේ සංසදයට ලිපියක්. අන්න එතැනදී මොකද වෙන්නේ ?// මොකක් වෙන්නද සුදික? මේවා නොකරපු අය වැඩේ පටන් ගත්ත නම් ඔයාට කියත හැකි එක? ලංකානිව්ස්වෙබ් එකට ලිපියක් අයින් කරන්න කියල එන කෝල් කොච්චර තියනවද කියල කර්තෘ වරයාම කියල තියනවා. අර මාධ්‍යවේදීන්ට ඉඩ නොදුන්නා එක ගැන ලියු වෙලාවේ , මහා බැංකුවේ අර්ජුන් ගැන ලිවූ වෙලාවේ? කොටින්ම අපේ මාතලන්ගේ ලිපි දානවට කොච්ච‍ර තර්ජන ගර්ජන එනවද?

      Delete
    3. අනික සුදික බ්ලොග් සංසදය ගැන කතා කරපු ඒ සන්ධ්‍යාවේ පිට්සා ඕඩර් කරපු එකත් අල්ලසක් හැටියට දැන් උඹ දකිනවාද ? මම නම් පැහැදුනා. මොකද ලොකු ගාණක් වියදම් කරනවා වෙනුවට උඹල අඩු ගානට පිට්සා එකම හොයපු වෙලාවේ. ක්‍රෙඩිට් කාර්ඩ් එක දුන්නම හුඟක් අය ඔයිට වෙනස් විධිහට තමා වැඩ කරන්නේ. ඒ නිසා මට නම් බයක් නැහැ. අනික මචන් මිට වැඩිය තවත් විනිවිද වෙන්න බහැ. අපේ අරමුණක් තියනවා. මහා පොළොවේ ජිවත් වන වඩා වැඩි ජනකායකට දැනුම රැගෙන යාම. එතකොට තමා කාටවත් උන්ව රවට්ටන්න බැරි වෙන්නේ. ඇද වෙච්ච තට්ටුවේ ඇද වෙලා ජිවත් වෙන්න වෙයි කියල හිතන අයට ඇත්ත පහදා දීම මචන්.

      Delete
    4. මා මෙතැන කියන්නේ සාපේක්ෂ දෙයක්. තනිව අන්වර්ථ නමකින් සිටීම්, සහ සංවිධානයක සාමාජිකයෙකු වීම. එය අප මාතලන් තුලින්ම දැක්කා. ඔහු මාතලන් වී සිටි කාලයේ ඔහුගේ ප්‍රතිරුපයව වඩා අඩු එකක් ප්‍රියන්ත හේවගේ කියන පුදගලයට තියෙන්නේ. මොකද අපි මාතලන් කියන කෙනාගේ හැඩහුරු කම නොදැන සිටියත්, ප්‍රියන්ත හේවගේ කියන පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා දන්නවා. ඒ නිසා කෙනෙක් ඔහුට ගහන්න ඕන වුණාම ප්‍රියන්ත හේවගේගේ ලක්ෂණත් අල්ලාගෙන ගහනවා. තනි පුදගලයන් සම්බන්ධව රජය ක්‍රියා කරන ආකාරයයි, ලිපාපදිංචි සංවිධාන සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන ආකාරයයි දෙකක් කියන එකයි මගේ විශ්වාසය. තනි කෙනෙකුට පියවරක් ගන්න බැරි වුනත්, සංවිධානයකට එරෙහිව පියවර ගන්න පුළුවන්. මෙතැනදී තනි කෙනා හොයා ගන්න බෑ කියන මතයේ මම නෑ. නමුත් සවිධානයක් අඩපන කරන්න පහසුයි. අරමුදල් ෆ්‍රීස් කිරීම් වගේ දේවල් වලින්.

      Delete
    5. දෙවෙනි කමෙන්ට් එක මැකුනා. ආයි ටයිප් කරන්න බෑ. මම ඒකෙදී කිව්වේ පීට්සා ඕඩර් කිරීම වත්, ඒ සන්ධ්‍යාවවත් අල්ලසක් නොවේ කියන එක. එතන තිබුනේ සුහද හමුවක්. ඒ අතර ආපු අදහසක් සංසදය. ඒක තමයි ප්‍රායෝගිකව වූ දේ. දැන් එය සිදු වී හමාරයි. නමුත් මයියා පෙන්වා දෙන්නේ එහි අවාසි පැත්ත.

      Delete
    6. සංවිධානයක් මර්දනය කලොත් ඒක ආයි විසිරුවා හැරලා නැවත ගොඩ නගන්න පුළුවන්. මේවා subjective දේවල් නේ. අනික මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියල. ඒ සම්බන්ධ පියවර අපි ගන්නම්.

      Delete
  12. \\ලංකාවේ මිනිසුන් "හැන්ග් අවුට්" කියන දේට බොහොම කැමතියි. ඒ නිසා මොන මොන ක්‍රමයෙන් හරි එකුදු පහදු වෙලා අඩියක් පුඩියක් අනුමත වෙන විදියක් බල බලා ඉන්නේ\\
    මෙය ලංකාවෙ බහුතර මිනිසුන් ලෙස නිවැරදි විය යුතුයි නේද සුදීක...
    සුළුතරයක් ඉන්නවා තමන් ගෙ එකෙක් සම්මානයක් ලබන කොට ඒ සතුට බෙදා හදා ගන්න යන එක තමන්ගෙ යුතුකමක් විදියට දකින අයත් ඉන්නවා..මම දන්න විදියට සුදීක ඉන්නෙත් ඒ කොට්ඨාශයෙ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඉන්නේ එතැන. සම්මාන දීමේ වටිනාකමක් තියෙනවා. අඩුම ගානේ එක දිගට ලියාගෙන යනවටවත්.

      Delete
  13. මයියා දරන අදහස් වලට අඩු වැඩියෙන් එකඟ වෙමි
    ජාලයේ බිහිවන ඒවා ජාලයේම ගේම රැක ගත යුතුය මන්ද යත් අනන්‍යතාව ඇත්තේ ජාලයේ වීම නිසාය.
    කලකට ඉහත ලින්ක් දැමීම ගැන කමෙන්ට් වල සමාව ඉල්ලීම් කලෙමු. දැන් ඒ මගහැරී ගොස් ඇත (ඒ සම්බන්ධයෙන් කසූගේ භූමිකාව සුලුකොට තැකිය නොහැක).
    පොතක්, පතක්, ගුවන් විදුලියක්, රූපවාහිනියක් නොවී ජාලගත 'යමක්' සම්බන්ධයෙන් මේ ඉස්මතු කිරීම ඉතා වටී.
    මයියාට නැවතත් ස්තූතිය
    සීරුවෙන් සිතන්නා වැඩිමනක් දකී!

    ReplyDelete
  14. Members List


    Major (vicharaka)

    An old boar whose speech about the evils perpetrated by humans rouses the animals into rebelling. His philosophy concerning the tyranny of Man is named Animalism by his followers. He also teaches the song "Beasts of England" to the animals.

    Snowball (Kaka)

    A boar who becomes one of the rebellion's most valuable leaders. After drawing complicated plans for the construction of a windmill, he is chased off of the farm forever by Napoleon's dogs and thereafter used as a scapegoat for the animals' troubles.

    Napoleon (Mathalan)

    A boar who, with Snowball, leads the rebellion against Jones. After the rebellion's success, he systematically begins to control all aspects of the farm until he is an undisputed tyrant.

    Squealer (PraJay, Ivan, etc etc)

    A porker pig who becomes Napoleon's mouthpiece. Throughout the novel, he displays his ability to manipulate the animals' thoughts through the use of hollow yet convincing rhetoric.

    Boxer (Raj)

    A dedicated but dimwitted horse who aids in the building of the windmill but is sold to a glue-boiler after collapsing from exhaustion.

    Mollie (Bassi)

    A vain horse who prefers ribbons and sugar over ideas and rebellion. She is eventually lured off the farm with promises of a comfortable life.

    Clover (Kalahitha)

    A motherly horse who silently questions some of Napoleon's decisions and tries to help Boxer after his collapse.

    Benjamin (Vibeeshana)

    A cynical, pessimistic donkey who continually undercuts the animals' enthusiasm with his cryptic remark, "Donkeys live a long time."

    Moses (Paththara Malli)

    A tame raven and sometimes-pet of Jones who tells the animals stories about a paradise called Sugarcandy Mountain.

    Bluebell, Jessie, and Pincher Three dogs. (Sajja, Katusu and Kurutu)

    The nine puppies born between Jessie and Bluebell are taken by Napoleon and raised to be his guard dogs.



    Mr. Jones (Ajith Dharma)
    The often-drunk owner of Manor Farm, later expelled from his land by his own animals. He dies in an inebriates' home after abandoning his hopes to reclaim his farm.

    Mrs. Jones (Sagarika Vicharini)

    Jones' wife, who flees from the farm when the animals rebel.

    Mr. Whymper (Menda)

    A solicitor hired by Napoleon to act as an intermediary in Animal Farm's trading with neighboring farms.

    Mr. Pilkington (Deshakaya)

    The owner of Foxwood, a neighboring and neglected farm. He eventually sells some of his land to Napoleon and, in the novel's final scene, toasts to Napoleon's success.

    ReplyDelete
  15. මයියා.. මේ ලිපිය ගැන ඔත්තුවක් ලැබුණත් අධිකව යදුණු අනිත් කාරණා නිසා කියවීම පමා උනා. මුළින්ම ස්තූතියි කලාහිතේ පළවූ ලිපියේ සබැඳිය මෙහි ඇලෙව්වාට. ඒ හරහා ඊට සෑහෙන ප්‍රතිචාරද ලැබී තිබුණා.

    බ්ලොග් සංසදය ගැන කියනවානම් ඔබ කියූ සමහර කරුණු සමඟ මාත් එකඟයි. මගේ අදහස නම් යමක් වෙනකොට පැත්තකට වෙලා ඉඳගෙන අඩුපාඩු කියන්නේ නැතුව පුළුවන් තරම් ඒකට බැහැල අඩුපාඩු හදා ගන්න උත්සාහ කරන එක හොඳ බවයි. ආරම්භයක් ලබාදීම ගැන නෙලුම් යායට ස්තූතියි. නමුත් බ්ලොග් සංසදය හෝ බ්ලොග් කරුවන් යනු නෙළුම් යායේ බූදලයක් විය යුතු නෑ. වැදගත්ම දේ බ්ලොග් කරුවන් නිර්මාණයේ යෙදීමයි. ඔබත් හැකි උපරිමයෙන් නිර්මාණ දායකත්වය දක්වන්න. අවැඩක් නොවන තැනට වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නැවතත් ස්තූතියි ඔබේ අදහස් අවංකව ඉදිරිපත් කිරීම සම්භන්දයෙන්.

    @ Sarasa- Thanx for that description. I like that :)

    ReplyDelete
  16. මමත් බ්ලොග් එකක් පටන් ගත්තා...ඩිගටම පවත්වාගෙන යන්න ඔය ගොල්ලන්ගෙ සහයෝගය අවශ්‍ය වෙනවා..
    http//newsinhalife.blogspot.com/

    ReplyDelete
  17. එන්න අනේ 'නෙලුම් විලට' කේක් කවන්ට
    බ්ලොග් කරුවනි මේක අහන්ඩ
    චාටර් වුනු පාන්ඩුවට සපෝර්ට් කරන්ඩ
    සම්මානත් අරගෙන් යන්ට

    මාතලන් ඉන්නවා කේන්දරෙත් බලනවා
    අජිය ගොට්ට ගහනවා රිලවා වගේ නටනවා
    බස්සි බුල්ටෝ බෙදනවා ගස් ලබ්බත් එනවා
    තවත් එවුන් බෝතලේට දෙකට නැවෙනවා

    එන්න මෙයා 'නෙලුම් විලට' තේත් පොවන්ඩ
    මෙයාලගේ මොළ හෝදන්ඩ
    කරු ලොක්ක එනවානේ තෑගි බෙදන්න
    අනේ එපා ලයිට් කපන්න

    පැරා අල්ටෝවේ වඩියි දැන්
    ප්‍රොෆෙෂනල් වී ඉදියි
    නගෝ සල්ලිවලට අත්මේම පුදයි
    සිඩිනි සළු සම්මානෙට දෙකොනෙන්ම හලයි

    වරෙන් මචන් 'නෙලුම් විලට' ඩෝප් දාන්ඩ
    හුරුල්ලොන්ව බයිට් කරන්ඩ
    ආණ්ඩුවේ සල්ලි වලින් බිල වැනෙන්න
    ණය උගුලෙන් රට ගලවන්න

    ReplyDelete

2222