Wednesday, 24 December 2014

පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හිලවු බොරුද?

මේ දවස් වල විපක්ෂ මැතිවරණ වේදීකාවේ පතුරු ගහන කාරණාවක්  තමයි මහින්දගේ ආණ්ඩුවේ දූෂණ හා වංචා. මෙයිනුත් අධීවේගී මාර්ග සම්භන්ධව නැගෙන දූෂණ චෝදනා ඉතා බරපතලයි.

පාඨලී චම්පික රණවක.... මොර‍ටුව විශ්ව විද්‍යාලයෙන් බිහි වුනු විදුලි ඉංජිනේරු උපාධිධරයෙක්.මාර්ග ඉදීකිරීමේදී මෙන්ම අනිකුත් දූශණ වංචා පිලිබදව සංඛ්‍යාත්මකව,කරුනු කාරණා සහිතව ආණ්ඩුවට චෝදනා එල්ල කරන අය අතර ඔහු ප්‍රමුකයෙක්...



සාමාන්‍යයෙන් මාර්ග ඉදිකිරීම සම්භන්ධව වඩා සමීපව කටයුතු කරන්නේ ඒ පිලිබදව දැනුම ඇති සිවිල් ඉංජිනේරුවන්.  විදුලි ඉංජිනේරු උපාධිධරයෙක් ලෙස,  චම්පික නගන චෝදනා ගැන, එහි න්‍යාත්මක හා තාක්ශණික කරුනු ගැන යම් අයෙකුට ඔහුට අභියෝග කල හැකි උනත්, වෙනත් ඉංජිනේරුවරයෙකුට නැති අවස්ථාවක් චම්පිකට ලැබී තිබුනා.. ඒ මේ ව්‍යාපෘති සදහා ඉදිරිපත් කල කැබිනට් වාර්තා සදහා කෙලින්ම සම්භන්ද වීමට ,විමර්ශණය කිරීමට කැබිනට් ඇමතිවරයෙක් ලෙස ඔහුට තිබූ අවස්ථාවයි. ඒ නිසාම ඔහු නගන චෝදනා වල විශාල බරක් මෙන්ම ගත යුත්තක් ද තිබෙනවා.

මේ චෝදනා ගැන විමර්ශනාත්මකව බැලීමට නම් දේශපාලන කෝනයෙන් එල්ල කෙරෙන චෝදනා මෙන්ම, තාක්ශණික ඒ පිලිබද විශේෂඥයකුගේ අදහස් ද ඉතා වැදගත්.

දේශපාලන පක්ෂවලට කඩේ යන, ආචාර්‍ය  - මහාචාර්‍යවරු පදුරකට ගැහුවත් දෙතුන් දෙනෙකු විසිවෙන කාලයක, ප්‍රශ්ණයක් දිහා මධ්‍යස්ථව, කාරණු කාරණා මුල් කර ගෙන බලා නිවැරදි චිත්‍රයක් මැවීමට සුදුසු අය ඉන්නේ ඉතා සුළු  පිරිසක්.

මහාචාර්‍ය අමල් කුමාරගේ ප්‍රවාහන කටයුතු සම්භන්ධව විශේෂඥ දැනුම ඇති පාමාණිකයෙක්. වරලත් සිවිල් ඉංජිනේරුවෙක්  වන ඔහු පිලිබදව මෙරට ඉංජිනේරු ප්‍රජාව තුල ඇත්තේ ධණාත්මක හැගීමක්.පසුගිය ආණ්ඩුවල, ප්‍රවාහනයට සම්භන්ධ ආයතනයක වගකීමක් දැරුවත්, දේශපාලන පක්ශයට පිට කොන්ද පාවා නොදීපු චරිතයක්.




අධීවේගී මාර්ග  සංවර්ධනය සම්භන්දව ඇති දූෂණ වංචා ගැන ඔහු පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ඉතා විශ්ලේෂණාත්මක ලිපියක් සපයනවා.

ඔහුගේ ලිපියේ සාරංශය මා පහතින්  දක්වනවා


1.) යුද්ධයෙන් පසු මහාමාර්ග හා අධීවේගී මාර්ග ඉදිකිරීමට හා දියුණු කිරීමට රජය ගත් තීරණය ඉතා පැසසුම් කටයුතු කාලෝචිත තීන්දුවක්..

 2.) නිවැරදි සැලසුම්කරනයක් මත සිදු කරන මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනය ලබා දෙන  ආර්ථික  ප්‍රතිලාභය, එහි ආයෝජනයට වඩා වැඩිය.

3.)  නිවැරදි තක්සේරූ මුදලට වඩා වැඩි ආයෝජනයක් සහිත, නිසි සැලසුම්කරනයකින තොරව ඉදිකරනු ලබන  අධිවේගී මාර්ග සංවර්ධනය රටේ ආර්ථිකයට පහරක් මෙන්ම් දරාගත නොහැකි බරක්..

4.)  පසු ගිය  අවුරුදු 5-6 ත් අතර කාලයේදී අධිවේගී මාර්ග සංවර්ධනයේදී  කිලෝම්ටීරටයකට වැය වූ මුදල දෙගුණයත් තුන් ගුනයත් අතර ප්‍රමානයකින් වැඩි වී තියෙනවා.

5.) සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘතී නියමිත මුදලට වඩා වැඩියැයි කීමට නොහැක. උදාහරණයක් ලෙස 2005 වසර පමණ තෙක් ව්‍යාපෘති මෙන්ම ඒඩීබි, ජයිකා වැනි අන්තර්ජාතික බැංකු මගින් අයෝජනය කරන ලද ව්‍යාපෘතිවල   පිරිවැය සම්භන්ධයෙන් විශේෂ ගැටලු නැත.

6.) තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව  කරන ලද ව්‍යාපෘතිවල පොදුවේ 55% ක අනවශ්‍ය පිරිවැයක් තහවුරු වී ඇත

6.) තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනෑමු ව්‍යාපෘති ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ඇති අතර 2014  වර්ෂයේදි එය උපරිමයකට පැමින ඇත. සිදු වී ඇති අලාභය රුපියල් බිලියන 200.5කි (රුපියල් ලක්ශ 10,000 වගේ 200 ගුනයක්)

7.) ඉහත තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනැමු ටෙන්ඩර් බොහොමයක් චීන කොන්ත්‍රාත් සමාගම් වලට පිරිනමා ඇති අතර ඉතිරිය ලංකාවේ බැංකු මගින් වානිජ ණය ලෙස ලංකාවේ කෝන්ත්‍රාත්කරුවන්ට පිරිනමා ඇත.



මහාචාර්‍ය අමල් කුමාරගේ ගේ ඉහත නිගමනයනුත්,  දේශපාලඥයකු වූ චම්පික රණවකගේ චෝදනා වලත් අතර ඉතා ලඟ සමාන කම් මෙන්ම නොගැලපෙන තැන් කීපයක්ද  තියෙනවා.

උදාහරණයක් ලෙස කුමාරගේ මහත්මයා, යුද්ධයෙන් පසු අධීවේගී මාර්ග සංවර්ධනයට රජය ගත් තීරණය නිවැරදි එකක් ලෙස දකිනවා. එහෙත් රණවක මෙය ඉතා සියුම්ව අභියෝගයට ලක් කරනවා.. රණවක නගන ප්‍රධානම චෝදනාවක් වෙන්නේ, සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඇති හැකි ඉතා කුඩා ප්‍රමානයක ගමන් බිමන් පහසුව සදහා අධිවේගී පාරවල් හැදීමට,  ඈත පිටිසර  සිරියාවතිලාගේ  බූමිතෙල් කාලෙන්,  කිරිපිටි පැකට්‍ටුවෙන් බදු ගැසීම සාධාරණ නොවන බවයි. මෙය ඉතා සධාරණ තර්කයක් උනත්, අනිත් පාර්ශවයට ඉදිරිපත් කල හැකි ශක්තිමත් තර්ක ගණනාවක් තිබෙනවා.


කෙසේ නමුත් මේ දෙදෙනාම එකඟ වන පොදු කාරණාව නම් පාරවල් හැදීමේදී සිදුවන දූශණ වංචාවයි..එය කුමාරගේ මහත්මයට අනුව රුපියල් බිලියන 200 ක්. ඒ ගැහිල්ලත් 2014 දී උපරිම තත්වයකට  ආපු කථාවකුත් කුමාරගේ මහත්මයා කියනවා. පාරවල් හැදීමේ ප්‍රමුඛතාවය ගැන ගැටළු තිබ්බා උනත්  ගැහිල්ල ගැන නම්,  මේ දෙදෙනාම එකම මතයක් ඉන්නවා.

මේ සම්භන්දයෙන් ආණ්ඩු පාර්ශවයෙනුත්  හේතූ දැක්වීම් ඉදිරිපත් වෙනවා. උදාහරනයක් ලෙස ලංකාවේ අධික ජන ඝනත්වය නිසා අධීවේගී මාර්ග හරහා වැටී ඇති අධික හරස් පාරවල්,  භූ විශමතාවයන් නිසා සිදුවන පස් කැපීම් ආදී තාක්ශණික මෙන්ම ප්‍රාග්ධනය සේවීමේ දුශ්කරතාව  හා එහි මිලනැමැති කරුණු යොදා ගෙන ,මේ අධික මුදල  ඔවුන් සාධාරණීකරනය කරනවා.එහෙත් මේ කිසිම කාරණයකින් සිදු වී ඇති අක්‍රමකිතා සාධාරණය කල නොහැකි බව කිව යුතුයි. මේ ව්‍යාපෘතී වල  ඒක එක් ඉදිකිරීම් කටයුත්ත (BOQ item)  සදහා  අනුමත කර ඇති මුදල (Rate)  මේ සදහා නිර්ණාකයක් ලෙස යොදා ගත යුතු යැයි මම යෝජනා කරනවා.කෙසේ නමුත් මේ අධි තාක්ශණික වංචා සෙවීමට නම් ඒ සදහා සුදුසු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ම ඒ සදහා යෙදිය යුතු වෙනවා.

කෙසේ නමුත් මහාචාර්‍ය අමල් කුමාරගේ ඉදිරිපත් කර ඇති විශ්ලේශණය මෙන්ම එම නිගමනද ඉතා තර්කාණුකූල මෙන්ම සාධාරණයි. ඔහු ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන් 200 ගණනක් වු අධික පිරිවැය නැතිනම් වංචා දූශණය සදහා රජය වගකිවයුතුයි.

 මේ රුපියල් බිලියන් 200 ක ගැහිල්ල, සාමාන්‍ය ජනතාවගේ මාලුපාන් කෑල්ලෙන්, එදා වේල කන්න නැති සිරියාවතීලගේ බූමිතෙල් කාලෙන් ගහපු ගැහිල්ලක් බව, රටේ බහුතරයක් උන 'උගත්' ජනතාවට තේරුම් ගිය දවසට, මහින්ද මහතතයගේ දේශප්‍රේමය ගැන ඔවුන්ගේ අධිතක්සේරුව රෙද්ද පල්ලේන් බේරෙන අයුරු අපට බලා ගත හැකියි.

16 comments:

  1. මහාමාර්ග හැදීම ගැන මම නං එකඟයි.මහාමාර්ග හැදීමට "තීරණය කිරීම" වෙනුවෙන් වූ ක්‍රෙඩිට් එක මහින්ද මහත්තයට දුන්නට කමක් නෑ. ගංන හිලවු නං අවුල් බව පිලිගන්න ඕන. දූෂණ සිදුවුනා යයි මතයට එරෙහි වන්නන්ගේ අදහස් කිහිපයකුත් බුකියෙ දැක්ක. ඔවුන්ගේ ප්‍රධාන (ගැලවීමේ) තර්කය තමයි නාගරික ප්‍රදේශ වෙනුවෙන් වූ වියදම වැඩිවියයුතු බව. ඒකත් පිලිගන්න පුළුවන් අදහසක්. මෙතනදි විපක්ෂය පැත්තෙන් මතුවිය යුතු කාරණාවක් තියනව. ඒ තමයි ඉඩම් පවරාගැනීම් වගේ දේවල් වල ගනන් අත්හැරල මහාමාර්ග ඒකකයට ගිය වියදම විතරක් ශුද්ධකර පෙන්වීම. ඔය ගනන් හොයාගන්න අමාරු වෙන එකක් නෑ නෙව. අන්න එදාට තර්ක කරන්න පුළුවන් දකුණට කොච්චර ගියාද ඒ වගේ කී ගුණයක් අනිත් දෙකට ගියාද කියන එක.

    ඒ වගේම විපක්ෂය පැත්තෙන් මතුකරන සාධාරණ තර්කයතුත් තියනව. ඒතමයි ඇස්තමේන්තුව වගේ කිහිප ගුණයක අවසාන වියදමක් පෙන්නීමේ සිද්ධිය. ඇස්තමේන්තුවක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ගුණාකාර වලින් වෙනස් වීම අවුල්. මේ අවුල තවත් මොකක්දෝ එකකට තිබුන මතකයි. (ඉහල කොත්මලේ හෝ නොරොච්චෝලේ වගේ මතකයි).

    ලිපිය ලිව්වාට මයියාට තුති.

    ReplyDelete
    Replies
    1. ටිකක් ගසා කන්න නම් ඇති ,, එත් විපක්ෂය කියන තරම් නම් ගසා කන්න බැ බං ...

      Delete
    2. ලංකාවට අධීවේගී මාර්ග අවශ්‍යද යන කාරණය ගැන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්.පෞද්ගලිකව එවා පාවිච්චි කරන්නෙක් නිසා මට එයින් පහසුවක් සැලසී තිබෙනවා. කෙසේ නමුත් අධීවේගී මාර්ග සංවර්ධනයේදී බරපතල සමාජ අසාධාරණයක් සිදු වෙනවා. ඒක වෙන්නේ ලංකාවේ පවතින අවිධිමත් බදු ක්‍රමය නිසයි.අධීවේගී මාර්ග වල යෑමට තියා එවා ඇස් දෙකටවත් දැක නැති ඩොටේ සිරියාවතිගේ භූමිතෙල් කාලේන්, සිරිපාලගේ ත්‍රී වීල් එකෙන් මේ අධීවේගී පාරවල් වලට ගෙවීම එහි ඇති අසාධාරණයයි. කොටින්ම කියතොත් අධීවේගී මාර්ගයේ ගමන් කරන්නන් සහ එහි ප්‍රතිලාභ ලබන්න්නන් ( ගමන් කරන්නන්ට අමතරව) එහි සැබෑ මුදල නොගෙවීම මෙහි ඇති ප්‍රශ්ණයයි. සමාන්‍යයෙන් සුභසාදක අර්තිකයක් ඇති රටක විය යුත්තේ මෙහි විරුද්ධ පැත්තයි. එනම් නැති හැකි අයට ඇතිඅයගෙන් පොම්ප කිරීමයි. එහෙත් ඔක්කොම කණපිට ගහන ලංකාවේ වෙන්නේ නැති බැරි අයගෙන ඇති හැකි අයට කන්න දීමයි.

      Delete
    3. මය්යාගේ මේ තර්කයේ වැදගත් කමක් මට නම් පේන්නෙ නෑ. මය්යා කියන විදියේ බදු ක්‍රමයක් ඇතිකරන්න බෑ. උදාහරනයක් විදියට මම සීටීබී යන්නෙ නෑ. නමුත් සීටීබී එකේ පාඩු පියවෙන්නෙත් මගේ පොකට් එකෙන් ගත්ත කොටසක් ඇතුලත්ව. මට ඕනකමක් නෑ ආගම් අදහන්න. නමුත් ආගමික කටයුතු අමාත්යන්ශය වෙනුවෙන් මගේමුදල් යෙදවෙනව.
      අනිත් කාරනාව අදිවේගී මාර්ගය සාමාන්ය මිනිස්සු පාවිච්චි කරනව.

      අපි බලන්න ඕන දූශන සිදුවෙලාද කියල මිසක් අනිත් දේවල් නෙවේ.

      Delete
    4. ස්තූතියි රාජ් අදහසට...

      මේ අදහසේ වැදගත් කමක් ඔබ පිලිගන්නේ නැත්තේ ලංකාවේ බදු ක්‍රමයේ තියෙන තියෙන එක්තරා කාරණාවක් හින්දා.

      කිරිපිටි වලින්, තේ කොල වලින්,ප්‍රැට්‍රල් වලින් ඩීසල් වලින් වෙන වෙනම ගහන බදු වෙනුවට, (Indirect Tax) තමන්ගේ වැ‍ටුපෙන් කෙලින්ම බදු කපා ගන්නා ක්‍රමයක් ( Direct Tax)ලංකාවට කවදා හරි ලැබුනෝත් මට ව්ඩ හොදට ඔබට මේ බදු ක්‍රමයේ අසාධාරණය පෙනෙවී යැයි උපකල්පනය කරනවා.

      රටේ 2% වැනි ඉතා සුලු පිරිසකට ගමන් කිරිමට රටේ බහුතරයක් ණය කිරීමේ පොලිසි ඩිෂිෂන් එකේ වෑ‍රැද්දක් බව පේන්න නම් මේ බදු ක්‍රමයේ ඇති අසාධාරණය පිලිගන්න වෙනවා

      ලංකාවේ බදු ගහන්නේ හංගලා හින්දා මිනිස්සුන්ට ආණ්ඩුව දුවන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා ඇඟට දැනෙන්නේ නෑ. බුද්ධිය කොච්චර එසේ කිව්වත්, වැඩවසම් ක්‍රමයේ නටබුන් මත ජීවත් වන බහුතර ලංකිකයට තාම දැනෙන්නේ මේවා රජතුමාගේ සල්ලි වලින් කරන බවයි..

      ඒත් වක්‍ර බදු අඩු කර උපයන විට බද්ද වැඩි කල විට මිනිස්සු තමන්ගේ සල්ලි වලට වන දේ ගැන මීට වඩා හිතාවී...

      දැන ගැනීමට : දල වශයෙන් ලංකාවේ ඉන්ඩිරෙක් ටැක්ස් 80% වන අතර ඩිරෙක්ට් ටැක්ස් 20% ක් වේ.. එහෙහ්ට් දියුණු රටක මේ අනුපාතය 20% :80% අනුපාතය වේ



      Delete
    5. මට හිතෙන විදියට නම් අධිවේගී මාර්ග වල ප්‍රතිලාබත් ඔය කියන සැම දෙනා අතරේම අඩු වැඩි වශයෙන් බෙදී යනවා ... ඕක කවදාවත් ඇහැට දැකපු නැති කෙනෙක්ට උනත් ප්‍රතිලාබ යනවා ..

      Delete
    6. මයියා,
      බොහොම වැදගත් කාරණාවක් ඔබ කියල දුන්නෙ. මේ ගැන මම හිතල තිබුනෙ නෑ.

      දැන් යන විදියට අපේ පඩිය 50000ක් විතර කරල 25000ක් විතර ටැක්ස් කැපුවනං කොහොම තියෙයිද!

      Delete
  2. අධි වේගී මාර්ග සහ මහා මාර්ග හැදුවට මේවා නියමිත ප්‍රමිතියකට තියනවද? ස්පීඩ් ලිමිට් තියෙන අධිවේගී තියෙන්නෙ ලංකාවෙ.අපි සෞදි අරාබියෙ සේවය කරද්දි උදේ හවස ‍රැකියාවට ගියෙ ආවෙ අධි වේගී මාර්ගවල , ඒවයෙ වාහනවල අපි යන්නෙ පැ.කි. 120 වේගයකින්, ඒ මාර්ග වල අවම වේගය ඒක. ඒ මාර්ග නියමිත ප්‍රමිතියක් තියෙනව. අපේ පරන තාර පාරවල් උඩින් කාපට් කරනව . වැස්සට ආප්පෙ වගේ කාපට් එක ගලෝල යනව. පරන තාර පාර ෂෝක් එකට තියෙනව.

    ReplyDelete
    Replies
    1. පච ගහන්න එපා බන් ,,, සෞදි අරාබියෙ limit eka methanin bala ganin
      http://en.wikipedia.org/wiki/Speed_limits_by_country

      Delete
    2. "... ඒ මාර්ග වල අවම වේගය ඒක...."

      වල අවම වේගය කියල එකක් නැහැ! තියෙනෙන් උපරිම වේගසිමාව. නමුත් සම්මතයක් විදිහට රියදුරෝ උපරිම වේගසිමාවට ආසන්න වේගයකින් ගමන් කරනවා.

      Delete
  3. මේ විදියට ගසාකාල ගත්ත සල්ලි දුප්පත් මිනිස්සුන්ගෙ චන්දෙ ගසාකන්නත් පාවිච්චි කරනව.ඩබල් හොරෙක්!!

    ReplyDelete
  4. Dharshana Kasthurirathna25 December 2014 at 09:37

    ට තේරෙන විදිටය අධිවේගීමාර්ගවලට එන ණයවලින් වැඩි ප්‍රමානයක් ගෙවන්නේ ඒවායේ යන අයමයි. ඒගොල්ල සල්ලි ගෙවලා යන්නේ. මේවායේ ගිවිසුම් ඇත්තේ වසර ගණනාවක් තිස්සේ මේවායේ ආදායම අදාළ බැංකුවට යන විදියට. ඒ විදියට තමා ණය පියවෙන්නේ. මට හිතෙන ප්‍රශ්නය ඉඩම් සහ පරිසරය සම්බන්ධ එකක්. ලංකාව මහා විශාල රටක් නොවේ. තියෙන්නේ සිමිත ඉඩම් ප්‍රමාණයක්. අධිවේගී මාර්ග නිසා දැවැන්ත පාරිසරික හානියක් වෙනවා. පරිසරය දෙකඩ වෙනවා. අනෙක් අතට මේවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ වාහන තියෙන අයට විතරයි. බහුතරයක් යන්නේ දුම්රිය බස් වැනි පොදු ප්‍රවාහන සේවාවල. ඒ අයට මේවායෙන් ලොකු ප්‍රතිලාබයක් නෑ. රටට යම් ප්‍රතිලාභයක් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් ගෙවන මිල (වියදම නොවේ) වැඩියි.

    ReplyDelete
    Replies
    1. නැහැ දර්ශණ...අධිවේගී මාර්ග වලට යන වියදම දරන්නේ එහිගමන් කරන අයම නෙවෙයි...ඔවුන් දරන්නේ එයින් ඉතා සුලු කොටසක්....

      උදාහරණයක් ලෙස දක්ෂින අධීවේගී මාර්ගයේ සාමාන්‍ය අවුරුද්දක ආදායම ‍රැපියල් බිලියනයක් විතර. ඒත් දකශිණ අදිවේගයේ වියදම රුපියක් බිලියන 80 ක් විතර. එහි නඩත්තු කටයුතු මුදල මෙයට ඇතුලත් නෑ... ඒවගේම ඒ බිලියන 80 වේ පොලිය මෙයට ඇතුලත් වීත්නෑ...2-3% අඩුම පොලිය ගත්තත් මේ ආදායම ,රුපියල් බිලියන 80 පොලිය විතරක් ගෙවෙන්න විතරක් ප්‍රමාණවත් මුදලක්. කෙසේ නමුත් අධීවේගී මාරගය ඉදී කිරීමනිසා සිදුවන ආර්ථික වරධනය, තෙල් ඉතුරුවීම මෙයට ඇතුලත් විය යුතුයි.

      එහෙම බැලුවම අර රුපියල් බිලියන 80 දාල තියෙනෙන සමාන්‍ය ජනතාවගේ බඩට කියන එක ඔබට පැහැදිලි ඇතැයි සිතනවා..

      7%8% චීන ණය ( මේවයේ සැබෑ වියදම ඊට වැඩියි) වලින් කෙරෙන අයෝජන වල තත්වය මීට වඩා දරුණුයි...

      මට කියන්න ඔනේ ණය ගන්න එපාකියලා නෙවෙයි..ගත්ත ණයෙන් උපරිම ප්‍රතිලාභය ගන්න කියලා සහ දූශණය අවම කරන්න කියලාවිතරයි....

      Delete
    2. දුෂණ අවම කල යුතුයි... නමුත් අධිවේගී මාර්ගයක ප්‍රරතිලාබත් ගොඩක් වැඩියි මචන්,,

      Delete
  5. හත්තිලව්වයි මායියෝ............. අයියෝ සල්ලි.....................

    ReplyDelete
  6. මයියට සුබ නව වසරක් වේවා

    ReplyDelete

2222