Wednesday 24 December 2014

පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හිලවු බොරුද?

මේ දවස් වල විපක්ෂ මැතිවරණ වේදීකාවේ පතුරු ගහන කාරණාවක්  තමයි මහින්දගේ ආණ්ඩුවේ දූෂණ හා වංචා. මෙයිනුත් අධීවේගී මාර්ග සම්භන්ධව නැගෙන දූෂණ චෝදනා ඉතා බරපතලයි.

පාඨලී චම්පික රණවක.... මොර‍ටුව විශ්ව විද්‍යාලයෙන් බිහි වුනු විදුලි ඉංජිනේරු උපාධිධරයෙක්.මාර්ග ඉදීකිරීමේදී මෙන්ම අනිකුත් දූශණ වංචා පිලිබදව සංඛ්‍යාත්මකව,කරුනු කාරණා සහිතව ආණ්ඩුවට චෝදනා එල්ල කරන අය අතර ඔහු ප්‍රමුකයෙක්...



සාමාන්‍යයෙන් මාර්ග ඉදිකිරීම සම්භන්ධව වඩා සමීපව කටයුතු කරන්නේ ඒ පිලිබදව දැනුම ඇති සිවිල් ඉංජිනේරුවන්.  විදුලි ඉංජිනේරු උපාධිධරයෙක් ලෙස,  චම්පික නගන චෝදනා ගැන, එහි න්‍යාත්මක හා තාක්ශණික කරුනු ගැන යම් අයෙකුට ඔහුට අභියෝග කල හැකි උනත්, වෙනත් ඉංජිනේරුවරයෙකුට නැති අවස්ථාවක් චම්පිකට ලැබී තිබුනා.. ඒ මේ ව්‍යාපෘති සදහා ඉදිරිපත් කල කැබිනට් වාර්තා සදහා කෙලින්ම සම්භන්ද වීමට ,විමර්ශණය කිරීමට කැබිනට් ඇමතිවරයෙක් ලෙස ඔහුට තිබූ අවස්ථාවයි. ඒ නිසාම ඔහු නගන චෝදනා වල විශාල බරක් මෙන්ම ගත යුත්තක් ද තිබෙනවා.

මේ චෝදනා ගැන විමර්ශනාත්මකව බැලීමට නම් දේශපාලන කෝනයෙන් එල්ල කෙරෙන චෝදනා මෙන්ම, තාක්ශණික ඒ පිලිබද විශේෂඥයකුගේ අදහස් ද ඉතා වැදගත්.

දේශපාලන පක්ෂවලට කඩේ යන, ආචාර්‍ය  - මහාචාර්‍යවරු පදුරකට ගැහුවත් දෙතුන් දෙනෙකු විසිවෙන කාලයක, ප්‍රශ්ණයක් දිහා මධ්‍යස්ථව, කාරණු කාරණා මුල් කර ගෙන බලා නිවැරදි චිත්‍රයක් මැවීමට සුදුසු අය ඉන්නේ ඉතා සුළු  පිරිසක්.

මහාචාර්‍ය අමල් කුමාරගේ ප්‍රවාහන කටයුතු සම්භන්ධව විශේෂඥ දැනුම ඇති පාමාණිකයෙක්. වරලත් සිවිල් ඉංජිනේරුවෙක්  වන ඔහු පිලිබදව මෙරට ඉංජිනේරු ප්‍රජාව තුල ඇත්තේ ධණාත්මක හැගීමක්.පසුගිය ආණ්ඩුවල, ප්‍රවාහනයට සම්භන්ධ ආයතනයක වගකීමක් දැරුවත්, දේශපාලන පක්ශයට පිට කොන්ද පාවා නොදීපු චරිතයක්.




අධීවේගී මාර්ග  සංවර්ධනය සම්භන්දව ඇති දූෂණ වංචා ගැන ඔහු පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ඉතා විශ්ලේෂණාත්මක ලිපියක් සපයනවා.

ඔහුගේ ලිපියේ සාරංශය මා පහතින්  දක්වනවා


1.) යුද්ධයෙන් පසු මහාමාර්ග හා අධීවේගී මාර්ග ඉදිකිරීමට හා දියුණු කිරීමට රජය ගත් තීරණය ඉතා පැසසුම් කටයුතු කාලෝචිත තීන්දුවක්..

 2.) නිවැරදි සැලසුම්කරනයක් මත සිදු කරන මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනය ලබා දෙන  ආර්ථික  ප්‍රතිලාභය, එහි ආයෝජනයට වඩා වැඩිය.

3.)  නිවැරදි තක්සේරූ මුදලට වඩා වැඩි ආයෝජනයක් සහිත, නිසි සැලසුම්කරනයකින තොරව ඉදිකරනු ලබන  අධිවේගී මාර්ග සංවර්ධනය රටේ ආර්ථිකයට පහරක් මෙන්ම් දරාගත නොහැකි බරක්..

4.)  පසු ගිය  අවුරුදු 5-6 ත් අතර කාලයේදී අධිවේගී මාර්ග සංවර්ධනයේදී  කිලෝම්ටීරටයකට වැය වූ මුදල දෙගුණයත් තුන් ගුනයත් අතර ප්‍රමානයකින් වැඩි වී තියෙනවා.

5.) සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘතී නියමිත මුදලට වඩා වැඩියැයි කීමට නොහැක. උදාහරණයක් ලෙස 2005 වසර පමණ තෙක් ව්‍යාපෘති මෙන්ම ඒඩීබි, ජයිකා වැනි අන්තර්ජාතික බැංකු මගින් අයෝජනය කරන ලද ව්‍යාපෘතිවල   පිරිවැය සම්භන්ධයෙන් විශේෂ ගැටලු නැත.

6.) තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව  කරන ලද ව්‍යාපෘතිවල පොදුවේ 55% ක අනවශ්‍ය පිරිවැයක් තහවුරු වී ඇත

6.) තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනෑමු ව්‍යාපෘති ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ඇති අතර 2014  වර්ෂයේදි එය උපරිමයකට පැමින ඇත. සිදු වී ඇති අලාභය රුපියල් බිලියන 200.5කි (රුපියල් ලක්ශ 10,000 වගේ 200 ගුනයක්)

7.) ඉහත තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනැමු ටෙන්ඩර් බොහොමයක් චීන කොන්ත්‍රාත් සමාගම් වලට පිරිනමා ඇති අතර ඉතිරිය ලංකාවේ බැංකු මගින් වානිජ ණය ලෙස ලංකාවේ කෝන්ත්‍රාත්කරුවන්ට පිරිනමා ඇත.



මහාචාර්‍ය අමල් කුමාරගේ ගේ ඉහත නිගමනයනුත්,  දේශපාලඥයකු වූ චම්පික රණවකගේ චෝදනා වලත් අතර ඉතා ලඟ සමාන කම් මෙන්ම නොගැලපෙන තැන් කීපයක්ද  තියෙනවා.

උදාහරණයක් ලෙස කුමාරගේ මහත්මයා, යුද්ධයෙන් පසු අධීවේගී මාර්ග සංවර්ධනයට රජය ගත් තීරණය නිවැරදි එකක් ලෙස දකිනවා. එහෙත් රණවක මෙය ඉතා සියුම්ව අභියෝගයට ලක් කරනවා.. රණවක නගන ප්‍රධානම චෝදනාවක් වෙන්නේ, සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඇති හැකි ඉතා කුඩා ප්‍රමානයක ගමන් බිමන් පහසුව සදහා අධිවේගී පාරවල් හැදීමට,  ඈත පිටිසර  සිරියාවතිලාගේ  බූමිතෙල් කාලෙන්,  කිරිපිටි පැකට්‍ටුවෙන් බදු ගැසීම සාධාරණ නොවන බවයි. මෙය ඉතා සධාරණ තර්කයක් උනත්, අනිත් පාර්ශවයට ඉදිරිපත් කල හැකි ශක්තිමත් තර්ක ගණනාවක් තිබෙනවා.


කෙසේ නමුත් මේ දෙදෙනාම එකඟ වන පොදු කාරණාව නම් පාරවල් හැදීමේදී සිදුවන දූශණ වංචාවයි..එය කුමාරගේ මහත්මයට අනුව රුපියල් බිලියන 200 ක්. ඒ ගැහිල්ලත් 2014 දී උපරිම තත්වයකට  ආපු කථාවකුත් කුමාරගේ මහත්මයා කියනවා. පාරවල් හැදීමේ ප්‍රමුඛතාවය ගැන ගැටළු තිබ්බා උනත්  ගැහිල්ල ගැන නම්,  මේ දෙදෙනාම එකම මතයක් ඉන්නවා.

මේ සම්භන්දයෙන් ආණ්ඩු පාර්ශවයෙනුත්  හේතූ දැක්වීම් ඉදිරිපත් වෙනවා. උදාහරනයක් ලෙස ලංකාවේ අධික ජන ඝනත්වය නිසා අධීවේගී මාර්ග හරහා වැටී ඇති අධික හරස් පාරවල්,  භූ විශමතාවයන් නිසා සිදුවන පස් කැපීම් ආදී තාක්ශණික මෙන්ම ප්‍රාග්ධනය සේවීමේ දුශ්කරතාව  හා එහි මිලනැමැති කරුණු යොදා ගෙන ,මේ අධික මුදල  ඔවුන් සාධාරණීකරනය කරනවා.එහෙත් මේ කිසිම කාරණයකින් සිදු වී ඇති අක්‍රමකිතා සාධාරණය කල නොහැකි බව කිව යුතුයි. මේ ව්‍යාපෘතී වල  ඒක එක් ඉදිකිරීම් කටයුත්ත (BOQ item)  සදහා  අනුමත කර ඇති මුදල (Rate)  මේ සදහා නිර්ණාකයක් ලෙස යොදා ගත යුතු යැයි මම යෝජනා කරනවා.කෙසේ නමුත් මේ අධි තාක්ශණික වංචා සෙවීමට නම් ඒ සදහා සුදුසු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ම ඒ සදහා යෙදිය යුතු වෙනවා.

කෙසේ නමුත් මහාචාර්‍ය අමල් කුමාරගේ ඉදිරිපත් කර ඇති විශ්ලේශණය මෙන්ම එම නිගමනද ඉතා තර්කාණුකූල මෙන්ම සාධාරණයි. ඔහු ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන් 200 ගණනක් වු අධික පිරිවැය නැතිනම් වංචා දූශණය සදහා රජය වගකිවයුතුයි.

 මේ රුපියල් බිලියන් 200 ක ගැහිල්ල, සාමාන්‍ය ජනතාවගේ මාලුපාන් කෑල්ලෙන්, එදා වේල කන්න නැති සිරියාවතීලගේ බූමිතෙල් කාලෙන් ගහපු ගැහිල්ලක් බව, රටේ බහුතරයක් උන 'උගත්' ජනතාවට තේරුම් ගිය දවසට, මහින්ද මහතතයගේ දේශප්‍රේමය ගැන ඔවුන්ගේ අධිතක්සේරුව රෙද්ද පල්ලේන් බේරෙන අයුරු අපට බලා ගත හැකියි.

Wednesday 17 December 2014

බෙලමි බ්‍රදර්ස්ලාගේන් මෛත්‍රීපාලට ප්‍රශ්ණයක්... We have a question MY3

බෙලමි බ්‍රදර්ස් යනු 80 දශකයේ සිටම ඉතා ජනප්‍රිය  ද්විපුද්ගල ඇමෙරිකානු සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ බෙහෙවින් ජනප්‍රිය වූ  ගීතයක් ඇත.

----Do You Love As Good As You Look?-----

Long blonde hair, sky blue eyes
Yeah, that well-bred look is easy to recognize
A tailored dress, a fit so fine
And it adds up to the question on my mind

Honey, do you love as good as you look?
Can you satisfy your man, like your body says you can?
Judging from the cover, I'd love to read the book
Honey, do you love as good as you look?






බයිකි උප සංස්කෘතියේ ආශ්වාදනයේ ප්‍රකාශනයක් බදු ඉහත ගීතයට සාර්ථක සිංහල පරිවර්තනයක් ලබා දීමට තරම් ලියුම්කරු නිර්මාණශීලියෙකු නොවේ.එහෙත් කතාව සැකෙවින් ගතහොත් සරලය..

සරාගී කන්තාවකි..දිගු කඩා  හැලෙන කෙස්...නිල්වන් අහස වැනි දෙනෙත්..ඇ‍ඟෙන් කියැවෙන සරාගීත්වය සැබෑ යථාර්තය වූ ඇඳ මත උඩ සෙල්ලමේදී ලබා දීමට ඇයට පුලුවන්ද? පොතේ කවරය ලස්සන උනාට අන්තර්ගතය  ඒ අයුරින්ම ලස්සනද? බෙලමි බ්‍රදර්ස්ලා ගීතයෙන් අසන්නේ එයයි

මෛත්‍රිපාල සිරිසේන...ඔහුද ගීතයෙන් කියැවෙන සරාගී කාන්තාව වැනිය. ඇත්ත වශයෙන්ම ගත්හොත් සිරිසේන නොව ඔහුගේ  නායකත්වයෙන් යුතු මෛත්‍රී පාලනය ගැන කියැවෙන කථා, මවන චිත්‍රය ඉහත සරාගී ලඳගේ පෙනුම වැනිය..



සාපේක්ශ නිකැලැල් දේශපාලන ඉතිහාසය, සිංහල බෞද්ධ ගැමි මූලය..අන්තගාමි නොවුනු දේශපාලන දර්ශනය..බැලු බැල්මට මහින්දට එරෙහි හොද විකල්පයකි.අනිත් අතිත් යහපාලනය, සාධාරණත්වය, නීතීයේ සමානාත්වතාවය වැනි ඉදිරි මෛත්‍රී පාලනයක අංග උපාංගද පොදු මහජනතාව නැමැති ගණුදෙනුකරුවාගේ  අවධානය දිනා ගැනීමට සමත්ය.බෙලමි බ්‍රදර්ස්ලාට සාරාගී කාන්තාව හමු උනා සේ මහින්දගේ පාලනයෙන් හෙම්බත් වී සිටින ලාංකිකයාට මෛත්‍රී පහලවීම එයාකාරය.

එහෙත් සිරිසේන මහතා සහ ඔහුගේ  මැතිවරණ මෙහෙයුමේ  නායකයන් ජනතාවට ලබා දිය යුතු පිලිතුරු රාශීයක් උකටලීව තවමත් ආමන්ත්‍රණය කර නැත.මෛත්‍රී පාලනයක් යටතේ රටේ ඉදිරි ස්ථාවරත්වය, පාර්ලිමේන්තුව හා විධායකය අතර සම්භන්ධතාවය වැනි කරුණු පිලිබද සැලකිය යුතු අවධානයක් මෛත්‍රී මැතිවරණ යාන්ත්‍රනයෙන් යොමු වී ඇති බවක් නොපෙනේ.රටේ ඉදිරි දේශ්පාලන ආර්ථික ස්ථාවරත්වය ගැන ඔවුන්ගේ ප්‍රශ්ණය සීරීයස් එකකි. මධයම පාන්තික උගත් පාවෙන චන්දදායකයන්ගේ තීරනයෙහි සැලකිය යුතු බලපෑමක් කෙරෙන ඉහත කාරනා ගැන යම්තාක් දුරකට හෝ ආමන්ත්‍රනය කෙරෙන්නේ මෛත්‍රී මැතිවරණ වේදිකාවේ කෝකටත් තෛලය බදු මුකරි කට ඇති පාඨලී චම්පිකයන්ගෙන් පමනි. ඒ වෙනුවට මෛත්‍රී  මැතිවරණ  උපක්‍රම ස්ථානගත වී ඇත්තේ හුදෙක් මහින්ද විරෝධය වටා පමනි. එහෙත් ජනතාවට වැදගත් වන්නේ මහින්දගෙන් ඒ ඒ දේශපාලන චරිත වලට සිදු වූ කෙනෙහිලිකම් නොව මහින්දගේ ඇස් බැන්දුම් වලින් සිදුවන සැබෑ හානිය ගැන දැන්වත් වීම හා එයට විකල්පය වූ මෛත්‍රි පාලනයේ ස්ථාවරත්වය හා ඉදිරි වැඩ පිලිවෙලය.

මහින්ද මැතිවරණ යාන්ත්‍රනයේ ලක්ශනයක් වන්නේ බහුතරයක් වූ ගැලරිය ට සරිලන මැතිවරන උපක්‍රම රාජ්‍ය බලය යටතේ උපරිමව යෙදෙන අතරේ පාවෙන චන්ද තිරනය කිරීමේහි සමත්, යම්තරමකට  බුද්ධිමත්, ඉහත කී ප්‍රශ්ණ ද තිවෘරව මතු කිරිමේහි එය දක්වන  සමර්ථකමයි.






නොදන්න දෙයියට වඩා දන්න යකා හොද යැයි කියති..දෙයියා ගැන නොදන්නේ ජනතාවගේ වරදින් නොව දෙයියගේ මැතිවරන යාන්ත්‍රණයේ ඇති අඩු ලුහුඩුකම් නිසාය . එම නිසාම,  බෙලොමි බ්‍රදර්ස්ලා සරාඟි බයිකි ලඳගෙන් නැගූ ප්‍රශ්ණයම සිරීසේන මහතාගේන් අපට විමසීමට තිබේ.  පොතේ අන්තර්ගතය එහි පිටකවරය තරම් ලස්සනද? ඇගේ ලස්සන ඇදේදී පෙන්වන්න පුලුවන්ද?


එය මෙරට පාලනය වෙනස් කිරීමේ ගාමක බලවේගය වූ  මැද පාංතික චන්ද දායකයා නගන සීරියස් ප්‍රශ්ණයයි.කල යුත්තේ පශ්චාත් මැතිවරනයෙන් පසු පශ්චාත් වීම නොව වඩ වඩා කාර්‍යක්ශමව මැතිවරණ මෙහෙයුම හරි පීල්ලට ගැනීමය.




Tuesday 9 December 2014

MY3 ද රුබිකෝන් : Maithree's Rubicon

රුබිකෝන් කියන්නේ  ඉංග්‍රීසී භාෂාවේ තියෙන ඉඩියම් එකක්. ඒක පාවිච්චි වෙන්නේ 'Crossing the Rubicon' කියලා. යොදා ගන්නේ 'ආපසු නොහැරෙන ඉතා තීරණාත්මක  තීරණයක්' ගැන විස්තර කරන්න.

මේ ඉංග්‍රීසී ඉඩියම් එකේ මුලාරම්භය ජුලියස් සීසර් උන්නැහෙට සම්භන්ධයි.



රූබිකෝන් කියන්නේ ඉතාලියේ තිබ්බ ගඟක්. සීසර් අධිරාජ්‍යයෙක් වෙන්න කලින් රෝම හමුදාවේ ජනරාල් කෙනෙක්. කිසිම රෝම ජනරාල් කෙනෙකුට තම හමුදා ලීගය සමග රූබිකෝන් ගංගාව එගොඩ වෙලා රෝමයට ඇතුලු වෙන්න තහනම්. හමුදා ලීගයක් සමග රීබිකෝනය පහු කරනවාත් සමගම අදාල හමුදා ජනරාල්වරයාගේ  හමුදා බලය අහෝසී වෙනවාක් මෙන්ම නීතීය කඩ කිරීම නිසා ජීවීතයෙන් වන්දි ගෙවෙන්නටත් සිද්ධ වෙනවා. ඒක නිසාම කිසියම් ජනරාල් වරයෙක් රූබිකෝනය පහු කරනවා නම් ඔහු බලය හෝ මරණය කියන දෙකෙන් එකක් ‍තෝරා ගත යුතු වෙනවා...සීසර් රූබිකොනය පහු කරනවා...ඉතිරිය ඉතිහාසයයි.....

මංතුමා මීට කලින් රූබිකෝන් ගැන කථා කරලා තියෙනවා....ඒ අපේ ෆොන්සේකා ජනරාල්තුමා සම්භන්ධ ලිපියකදීයී.

මේ තියෙන්නේ ඒ ලිපිය...

ජනරාල්ගෙ ' රූබිකොනය ' - Fonseka's Rubicon


ඒ ලිපිය ලියන කාලය වෙද්දී ජනරාල් නිකංම නිකං මනුස්සයෙක් විදිහට හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා තිබ්බ කාලයයි...කට වරද්ද ගන්න නිසාමත් , හිතුවක්කාරකම නිසාත් කවුරුත් ජනරාල් එක්ක හිටගන්න ලෑස්ති නෑ..

මොනා උනත් ඒ ලිපියෙදි මං  අනාවැකි දෙකක් සදහන් කලා....

1.) ඒ මහින්ද මහත්තයා මහින්ද මහත්තයටම කෙලවා ගන්න බවයි...

2.) අනිත් එක හෙල උරුමය වගේ ජාතිකත්වය කේන්ද්‍ර කරගත්ත පොරවලුත් මහින්ද මහත්තයට එදිරිව හිට ගන්න බව.....

//මහින්ද රාජපක්ශ යුගය ලංකාවේ සංවර්ධනයේ මැජික්කරුවාද, පිබිදෙන ආසියාවේ ලාංකික සලකුනද වෙන්නේය. එහෙත් ඔහු,  ඒ හා බැදුනු දූශණ වංචා මෙන්න නීතීය , අවනීතීය කිරීමේ  අසාධනීය වරදකරුද වන්නේය. එම දුර්වලකම අනාගත ශ්‍රී ලාංකික දේශපාලනයේ , දේශපාලනමය අවපීඩනයක් වීමට නිර්මිතය.එය කාලය පිලිබද ගැටලුවක් පමණි. සුලග හමනුයේ  අවපීඩනය දෙසටය. දස අතින් තුවාල උන වෘකයා, ජනරාල්වරයා,  නිවී යාමට  ආසන්න ගිණිපුළුගුවකි. මේ ගිණි  පුළුගුව මහා ගින්නක් වන්නේ, සම්භන්දන්,රනිල් වැනී සීතල වතුර ඉසීමෙන් නොව, දේශපාලන අවපීඩනයත් සමග හමා ඒමට නියමිත සිංහල ජාතිකත්ව සුලගත් සමගය. රජරට ආසනික් මාරයා, පී.බී ජයසුන්දරට එරෙහි යුද්ධය කියා පාන්නේ සුලග හමන දිශාවය. එය නිවී යාමට ආසන්න ගිනිපුලිගු මහා ගින්නක් කිරීමේ පරිවර්තනය හා බැදුනු කාලයේ  ප්‍රශ්ණයක් පමනි. එක ජාතියේ කුරුල්ලන් වසන්නේ එක අත්තේය.//



මොනා උනත් මංතුමා බලාපොරොත්තු උනේ ජනරාල්ව ඉස්සහරට දා ගෙන වැඩේ සිද්ද වෙයි කියලා..ඒත් ඇත්තටම වැඩේ උනේ මෛත්‍රී මහත්තයත් එක්ක...

ඔය ලිපිය අවසානයේදී මංතුමා මෙහෙමත් ලියලා තියෙනවා...

//සොහොන් බිමේ සටනට වැද සිටින වෘකයා හුදකලා වී ඇත. මරණයෙන් හෝ ජයග්‍රහනයෙන් එය නිමවනු ඇත. රූබිකෝනය තිරස්චීනය. නැවත හැරීමක් නැත. සුලග එනතෙක් නිවී යාමට ආසන්න ගිණි පුලිගුව සජීව විය යුතුය. අවසාන ගින්න දවා හකුලුවන්නේ අසාධාරනයේ, අවනීතියේ මහා ගල් කණු පමණක් නොව, සාධාරණයේ හා නීතීයේ නොපලන් බිජුවට බවද අවසානයේ සටහන් කරමි...........//


ඒ කථාවෙත් අවසාන වාක්‍ය සත්‍ය නොවේවායි කියලා මගේ නම් පැතුම....

ප:ලි  :-  මාතෘකාවෙදී මෛත්‍රීගේ ඉදිරිපත් වීම මෛත්‍රීගේ රූබිකෝනයක්ද කියලා ඇහුවට ඒක එහෙමම නෑ..මොකද ඒක ජීවීතයත් මරණයත් අතර තීන්දුවක් ලෙස මට  හිතෙන්නේ නැති නිසා......ඒත් ඒ තීන්දුවේ ආපසු හැරීමක් නැති විත්තියක් නම් මට හැ‍ඟෙනවා....





2222