Tuesday 28 January 2014

අනීර්ණය....ඔබ එන්නේ කවදා ද? - The Singularity


අනීර්ණය කියන්නේ ගණිතයේ එන වචනයක්. ඒත් සරලව  කියනවා නම් 'නිර්ණය කල නොහැකි' තේරුම දෙන වචනයක්..

රේමන්ඩ් කර්ස්වේල් (Raymond Kurzweil) කියලා පොරක් අමුතුම පොතක් ලියනවා 2005 දී. පොතේ නම සිංහලට පෙරලුවොත් එන්නේ 'අනීර්ණය ලගයි' වගේ අදහසක්.  පොතේ ඉංග්‍රීසි නම The Singularity Is Near 

පරිගනක විද්‍යාඥයෙක් වෙච්චි ඒ මහත්තයා, ඒ පොතේදී ලස්සන තර්කයක් ගොඩ නගනවා. ඔහුපෙන්නන විදිහට පහුගිය වසර 50 ගත්තම, පරිගණක වල හැකියාව සෑම අවූරුදු 18 ට පාරක්ම දෙගුණ වෙලා තියෙනවා. මේ වේගයෙන්ම ගියොත් පරිගනක 2020  වෙද්දී එය මිනිස් මොලයේ  ක්‍රියාකාරිත්වය හා සමාන වෙන්න පුලුවන්.

මේ කථා පිලිගන්න සමහර අය කියන විදිහට මිනිස් මොලය, පරිගණක වලට ඩවුන්ලෝඩ් කරලා, මිනිස් මොලයටයි, පරිගණකයටයි එකට  වැඩ කරන්නත් පුළුවන් දවසකුත් ඒවීලු. (මේ වැඩේ හරි ගියොත්  නම් මිනිස්සු අමරණීය වේවී. සරීරයක් නැති උනත් මොලේ තියෙන හින්දා මිනිස්සුන්ගේ මරණය කියන එක තේරුමක් නැතිව යාවී... අතාත්වික පරිගණක ලෝකයේදී මිනිස්සු තමන් කැමති දේවල් ඒ ආකාරයේන් ලබා ගනිවී..)

මේ කියන විදිහට මිනිස් මොලයයි, පරිගණකයයි එකට වැඩ කරන්න ගත්තොත්, කලින්අවුරුදු දහ අටක් ගිය වැඩේ, ඒ කියන්නේ අර පරිගනක ක්‍රියාකාරිත්වය දෙගුණ වෙන්න ගිය කාලේ තවත් අඩු වේවි..ඔහොම අඩු වෙලා... අඩු වෙලා... කවදා හරි දවසක,  ඒ කාලේ බින්දුවට අවෝත් , අර කිව්ව පරිණාමය නිර්ණය කරන්න බැරි අනන්තයකට යාවි..ඒ කියන්නේ තත්පරයක් ගත්වෙන්නත් කලින් අපි (පරිගණක් -මිනිස් විඥාණය) හිටියට වඩා දෙගුණයක් ප්‍රබල වැඩි දියුණු පොරවල් වේවි..

පරිගනක , යන්ත්‍ර සූත්‍ර මිනිස්සුන්ව පහු කරලා මිනිස්සුන්ව යටත් කර ගන්න චිත්‍රපටි අපි ඕන තරම් බලලා තියෙනවා...මට බලෙන්ම බලන්න සිද්ධ වෙන, අපේ පොඩි එවුන් බලන කා‍ටුන් වලත් මේ වගේ කථා ඕන තරම් තියෙනවා....

කොච්චර ප්‍රබන්ධ බලලා, කියවලා තිබ්බත්, ක්ර්ටස් මහත්තයගේ කථාව කියෙව්වම මට පොඩි තිගැස්සීමක් වගේ එකක් ආවා...මුළු කථාවම නැති උනත් ගොඩ දුරට වෙන්න පුළුවන් තත්වයක්....

පරිගණක කෘත්‍රිම බුද්ධිය (AI) ගැන සැක පහල කරන ගොඩක් අය කියන දෙයක් තමයි පරිගනක බුද්ධිය ට මිනිස් මොලයේ ඇති 'නිර්මාණශීලීත්වයට' ලඟා වෙන්න බෑ කියන කථාව. ඒත් ලෝක චෙස් ශූරයාව පරද්දන්න වගේම,  අගනා සංගීත කණ්ඩ නිපදවන්නත් පරගණක බුද්ධියට පුළුවන් බව අළුත් කථාවක් නෙවෙයි.

ඒ මොනා උනත් මිනිස් මොලයක  සෛලයක්  කරන වැඩේ  සිලිකන් කෑල්ලකට කරන්න පුලුවන් කියලා කියන්න  මට තියෙන්නේ ලෝභ කමක්.... මිනිස් විඥාණය ඒච්චර ලේසියෙන් ප්‍රතිනිර්මාණය කරන්න බෑ කියලා මට හිතෙනවා...

මීට සියවස් ගානකට කලින් තිබ්බ විද්‍යාවේදි ,විඥාණය කියන එක ලොකු දෙයක් හැටියට ගනන් ගත්තේ නෑ....ඒත් පහුගිය දශක කීපයේදී විඥාණය කියන දේනොසලකා ඉන්න බැරි තරමට විඥාණය කියන දේ අපේ නිරීක්ශණ වලට කොච්චර බලපානවද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගිහිල්ලා තියෙනවා.....

කර්කස් මහත්තයගේ තර්කයේ මට පේන ලොකුම අඩුව මේ මිනිස් විඥාණය , ඇන්ඩ් නෝ ගේට්‍ටු වලින් ප්‍රතිනිර්මානය කරන්න පුලුවන් කියලා හිතන උපකල්පනය තමයි... ඒත් ඒ උපකල්පනය හරි නම්, ඒ මහත්තයා කථා කරන ඊලඟ සිදුවීම් ටික නම් සිදු නොවෙන්න තියෙන්නේ අඩුම අඩු  ඉඩක්........





පින්තූර:

1.http://content.time.com/time/interactive/0,31813,2048601,00.html
2.http://htmlgiant.com/author-spotlight/seattle-author-spotlight-4-matthew-simmons/

Friday 24 January 2014

පින්සිරිගේ කොලු අන්දරය රටේ ප්‍රශ්ණයක්ද? STORY OF A GAY

රස්සාවයි පරස්තාවයි පටලවා නොගත යුතු යැයි කියමනක් සමාජයේ ප්‍රචලිතව පවතී. පුළුල්ව ගත් කල, ගෙදර දෝරේ ප්‍රශ්ණ ‍රැකියා ස්ථානයට  නොයා යුතු බවත්, ‍එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රශ්ණ ගෙදර ‍නොගෙනා යුතු බවත් එයින් ද්විකෝටිකව  ගම්‍ය වේ.

කෙසේ උවත් තුන්වේලම අනාගෙන කෑම පුරුද්ද කර ගත් ශ්‍රි ලාංකිකයා, රස්සාවයි-පරස්තාවයි අනාගෙන ජීරණය කර ගැනීමේද සමතෙකි.

මංගල පින්සිරි සමරවීර......ස්ත්‍රීලෝලියෙකු නොවන ඔහු , ස්වකීය සමාන ලිංගිකයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නෙකි.ග්‍රාම්‍ය වචනයෙන් කියතොත් කොළුකාරයෙකි.

පින්සිරි මහතාගේ සමලිංගිකත්වය, ඔහුගේ ‍රැකියාව වූ දේශපාලනය සමග අනාගත් බවක් එක එල්ලේ බැලු විට නොපෙනේ...කොටින්ම  පින්සිරිගේ නායකයා වූ රනිල් මහතා මෙන් ඔහු තම  ලිංගික සහකරුවන්, ස්වකීය දේශපාලන පක්ශයේ ආසන සංවිධායකයන් ලෙස පත් කල  බවක් අප අසා නැත.

කෙසේ උවත් වඩා විමසිලිවත්ව බැලු විට පින්සිරි මහතාගේ දේශපාලනය ඔහු ගේ ලිංගික ජීවිතය හා එකිනෙක බැදී ඇති බව අපගේ අදහසයි. ඇත්ත වශයෙන්ම දේශපාලනය යනු ඔහුගේ ලිංගිකත්වයේ, ආත්මීය ප්‍රකාශනය කියතොත් එය නිවැරදිය.

අන් බොහෝ දේශපාලුවන් සේම මංගල පින්සිරි ද දේශපාලනයේ පොරක් වෙන්නේ ජනතාව ඇන්දවීමේනි. ඔහු ඒ සදහා ‍තෝරා ගන්නේ 88 භීෂණ සමයේ මියගිය දරුවන්ගේ මව්වරුන් දෑසින් කඩා හැළුනු කදුලු ගංගාවය.. මව්වරුන්ගේ කදුළු මතින් ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ පොරක් වූ ඔහු , ඉන් වසර කීපයකට පසු රාජ්‍ය බලයට පත් වූ පසු ඒ කදුලු වලට සාධාරණයක් ඉෂ්ඨ කල බවක් නම් පෙනෙන්නට තිබුනේ නැත.

චන්දය ඩැහැ ගැනීමේදී,  ජනතාව ගොනාට ඇන්දවීමේදී, කපටි රජාගේ ඇදුම අදින,  වංකත්වයේ කිරුළු පලදින මංගල පින්සිරි , වැඩ කිරීමේදී එතරම් වංක නොවන බවද අපි පිලිගනිමු. කොටින්ම 94 දී ටෙලිකොම් පෞද්ගලිකකරණයේදී ඔහු දැක්වූ අවංකභාවය හා ඉන් පසුව එම ක්ශේත්‍රයේ ඇති වූ විප්ලවීය වෙනස සම්භන්ධයෙන් අප තුල ඇත්තේ ඔහු ගැන පහන් හැගීමකි. එමෙන්ම යුද්ධය පැවති සමයේදී, අද මෙන් මහා පරිමාණ සංවර්ධන කටයුතු නොකෙරෙන කාල සීමාවකදී, මාතර ප්‍රදේශයට ඔහු ලබා දුන් සංවර්ධනය ද පැසසුම් කටයුතුය.

කෙසේ උවත් මඩ  දේශපාලනය පිලිබදව පින්සිරි මහතාට ඇත්තේ අපකීර්තිමත් වාර්ථාවකි, ආචාර්‍ය උපාධියකි. ප්‍රේමදාස යුගයේ , ප්‍රේමදාසට එරෙහිව , තීරු පුවත් පත් මට්ටමින් පැවතුන මඩ හා කැලෑ පත්තර දේශපාලනය, ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන වෘතීය මට්ටමට ගෙන එන්නේ පින්සිරි මහතා ජනමාධ්‍ය ඇමති දූරය දරණ කාල සීමවේදීය. එහිදී ඔහු ක්ශේත්‍රයට අදුන්වා දෙන මහින්ද අබේසුන්දරලා අද එම ක්ශේත්‍රය දිග් විජය කරමින් තමාගේ හැකියාවන් තම ගුරුවරයා වූ පින්සිරි මහතා එල්ලයේද ප්‍රගුණ කරමින් පවතී.



ප්‍රස්තූත කාරනය වූ  මංගල පින්සිරි මහතාගේ ලිංගික චර්‍යාව හා දේශපාලනය සැලකීමේදී, ඔහු පවතින අධිපතිවාදී සංස්කෘතිමය ප්‍රවණ්තාවයට එක එල්ලේ අභියෝග කරන්නෙකි. මෙහිදී ඔහුගේ  පලමු වෙඩි මුරය පත්තු වන්නේ 'බෞද්ධ කොමිශන් සභාව'  ඉදිරිපත් කල වර්ථාව අරඹයා ය. බෞද්ධ කොමිශන් සභා වාර්තාවට අයිති වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය යැයි කියූ ඔහුගේ ප්‍රකාශය තුල ඔහු මෙරට අධිපතිවාදී සංස්කෘතියට එරෙහි ඔහුගේ අප්‍රසාදය එඩිතරව එලි දැක්වෙයි.එවක් පටන් ඔහු ඒ මතවාදය සමග නිරතුරුව ගට්ටනය වෙයි.

සංස්කෘතිමය රාමු එදිරියේ පින්සිරි මහතා එල්ල කෙරෙන දැඩි ප්‍රහාරය, නැතහොත් ඔහුගේ දේශපාලනය,  ඔහුගේ ලිංගිකත්වය හා බැදී පවතින අවංක අරමුණක් බව  අප ප්‍රකාශ කරන්නේ, සමලිංගිකත්වය ගැන මෙරට පවතින අධිපති මතවාදය සමග පින්සිරිට ඇති ආත්මීය ගට්ටනය හේතූවෙනි. කොල්ලෙකු සමග යහන්ගත වීමේ ආශාව, දේශපාලන මතවාදයේදී උඩු ගං බලා පිහීනිමක් ලෙස විකාශනය වෙන්නේ එකී කාරණය හරහාය. දේශපාලනය හරහා ඔහු ඉල්ලන්නේ සමාජයේ පොදු නිදහසටත් වඩා තමන්ගේ පෞද්ගලික නිදහස බව අප තේරුම් ගත යුතුය.

වර්තමානයේ,  රජයේ හා සිරස මාධ්‍ය හරහා එලිදරව් කෙරෙන ඔහුගේ පෞද්ගලික ලිංගික ජීවිතයට අදාල කාරණා, මෙතෙක්  ඕපා දූප ලෙස සමාජ ගත වී ඇති දේ පොලිස් පැමිණිලි , නඩු හබ හරහා ප්‍රසිද්ධ විය හැක. කෙසේ උවත් මෙම කාරණා මඩ ලෙස  සැලකිය හැක්කේ  ඒම කාරණා අසත්‍ය වීම හෝ සමලිංගත්වය 'පහත්' කටයුත්තක් ලෙස සලකන්නෙකුට පමනි. පින්සිරි මහතා සම්භන්ධයෙන් මේ කාරණා දෙකම තෘප්ත නොවන බැවින් වාර්තමාන කරුනු කාරණා හුදෙක් මඩ ලෙස බැහැර කල නොහැක්කකි.

සම්පූර්ණ චිත්‍රය පැහැදිලිය.සමලිංගිකත්වය ගැන ලාංකික  අධිපති මතවාදය නැමැති පන්දුවෙන් පින්සිරි මහතාට බවුන්සරයක් එල්ල වී  තිබේ. ඔහු එයට නොබියව හයේ පහරක් එල්ල කරන්නේ නම්, දේශපාලනය ගැන කුමන මතිමතාන්දරයක් තිබුනත්, පින්සිරිගේ අවංකත්වය  නැමැති ජවය එම හයේ පහරේ අඩංගු ය. එම බවුන්සර් පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ දීම වනාහි, චන්දය දිනා ගැනීමේදී පින්සිරි දක්වන වංකත්වය ගැන තවත් එක නිදසුනක් පමනි.


Tuesday 21 January 2014

මහින්ද වතුරට වැඩේ දෙයිද?

ඊයේ පෙරේදා නිව්ස් බලද්දී, මම ටිකක් අමුතු නිව්ස් එකක් දැක්කා....බොහෝ දෙනෙකුට මේකේ ලොකු අමුත්තක් දැක්කේ නැති උනත් , මට මේකේ අමුත්තක් දැනෙන්න ඇත්තේ මේ සම්භන්ධයෙන් මගේ වෙනම චිත්‍රයක් තියෙන නිසා වෙන්න ඇති.....

අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය (International Water Management Institute) කියන්නේ එන්.ජී.ඕ (NGO)  සංවිධානයක්. ඉන්දියාව, පකිස්ථානය, අප්‍රිකාව වගේ ලෝකයේම පැතිරුණු සංවිධානයක් උනත් මේකේ මූලස්ථානය තියෙන්නේ ලංකාවේ..



මම දැක්ක නිවුස් එක තමයි , මේ අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය, සුපිරි අධිතාක්ශණික දත්ත හා තොරතුරු කලමණාකරණ පද්ධතියක් නිර්මාණය කර ඒක අපේ මහින්ද රජතුමා ලවා විවෘත කර ගැනීම. අපේ රජතුමත් ඔය වගේ වැඩ වලට එක පයින්  නිසා , වැඩේ නම් ඉහලින්ම කෙරිලා තියෙන පාටක් පේන්න තියෙනවා.

ඉස්සර අධිරාජ්‍ය යුගයේදි , දියුණු බලවත් ජාතීන් තමන්ගේ දැනුම හා ශක්තිය පාවිච්චි කරලා කෙලින්ම රටවල් යටත් කර ගත්තා. ඒවායේ ස්භාවික සම්පත් තමන්ට ඕනේ විදිහට පාවිච්චි කරන්න ගත්තා. ඒත් ඒ සදහා එම යටත්විජිත රටවලට ලොකු කලමණාකරණ  යාන්ත්‍රණයක් මෙහෙයවීමට සිදු උනා.ඒක වියදම් අධික අසීරූ ක්‍රමයක්.

දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ මේ ක්‍රමයේ තිබ්බ අඩුපාඩු මේ අධිරාජ්‍යවාදීන් තේරූම් ගත්තා. ඒ නිසා ඒගොල්ලෝ එකට වෙනත් විකල්ප ක්‍රමයක් ගැන හිතුවා. නව යටත් විජිත යුගය බිහි වෙන්නේ ඒ විදිහටයි.

මේ අලුත් ක්‍රමේදි,  දියුණු රටවල් කෙලින්ම භූමීය අල්ලගන්නේ නෑ.හැබැයි මේ ක්‍රමයෙදීත්,  අර යටත් විජිත රටවල තියෙන ස්භාවික සම්පත්  පාලනය කරන්නේ අර දියුණු රටවල් ටිකම තමයි.කොටින්ම කිව්වොත් දියුණු රටවල ඉන්න 20% ක් උන පොරවල් තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල 80% ක් උන ස්භාවික සම්පත් පාවිච්චි කරනවා.

අළුත් ක්‍රමය ගැන කෙටියෙන් කියනව  නම්, මේ ක්‍රමේදී වෙන්නේ, අර දුප්පත් , දුර්වල රටවල තියෙන ස්භාවික සම්පත් සල්ලි/ඩෝලර් වලට පරිවර්තනය කරන එකයි. ඊට පස්සේ සල්ලි/ඩොලර් තියෙන අයගේ අතේ තමයි මේ ස්භාවික සම්පත්  වගේ පාලනය තියෙන්නේ....ස්භාවික සම්පත් සල්ලි කරන්න අකමැති රාජ්‍ය නායකයෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ව ගෙදර යවලා වඩා 'ජනතා හිතකාමී' නායකත්වයක් ගෙන්නත් හොදට අත්හාදා බලලා සාර්ථක වෙච්චි ක්‍රම තියෙනවා.

පසුගිය කාලයේ ස්භාවික සම්පත් කියලා ලොකු වටිනාකමක් තිබ්බේ තෙල්, ගල් අගුරු, පතල් ආදී දේවල්.
ඒත් දැන් දැන් වතුර, වනාන්තර වගේ දේවල් වලටත් ලොකු වටිනාකමක් ලැබෙන්න නියමිතයි. ඒක එහෙම වෙන්නේ 'පරිසර ප්‍රශ්ණය' කියලා සරලව හදුන්වන 'ලෝකය උණුසූම්' (Global Warming) වීම නැමැති සංකිර්ණ ප්‍රශ්ණ මාලාව නිසයි.

වතුර....මුලු පෘථිවියෙන්ම පහෙන් හතරක් විතරම ජලයෙන් යට වෙලා තිබ්බත්, මිනිස්සුන්ගේ පාවිච්චියට ගන්න පුලුවන් වතුර තියෙන්නේ බොහොම ස්වල්පයයි.




තෙල්, ඛනිජ් ද්‍රව්‍ය සල්ලි කරා වගේ අනාගතයේදී වතුරත් සල්ලි කරන්න වෙන බවට මේ වෙන කොට ඕනේ වටත් වඩා සාධක  තියෙනවා. එක අතකට වර්තමානයේදීත් මෙය යම්තාක් දුරකට,  විවිද මට්ටම් වලින් සිදුවෙන්නක්.

වතුර ටික සල්ලි කරන විදිහ, ඒ මගින් වතුර මනාව කලමණාකරණය කරන විදිහ මමත් ඉගෙන ගෙන තියෙන සාත්තරයක්...

මේ වැඩේ කීප පාරක්ම ලංකාවෙදිත්  මීට කලින් කරන්න උත්සහ කලත් දැඩි විරෝධයන් හමුවේ ඒ වැඩ අකුල ගන්න සිද්ධ උනා....

ඒවා එහෙම අකුල ගත්තත්, කවදා හරි ඒක ,  ඒ අවශ්‍ය විදිහට සිද්ධ වෙන්න නියමිතව  තියෙනවා..

මේ සදහා අවශ්‍ය භූමිය, වටපිටාව සකස් කරන්න විවිධ අන්තර්ජාතික ආයතන තුන්වෙනි ලෝකයේ රටවල ක්‍රියාත්මක වෙනවා...මම සැක කරන විදිහට මේ 'අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනයත්' මෙවන් උත්සහයකදී සුද්දට ඕනේ විදිහට වැඩ කරන්න හදපු ආයතනයක්.

කෙසේ නමුත් මා මෙය  කුමන්තණයක් ලෙස දකින්නේ නෑ. ඇත්තෙන්ම මෙම ආයතන අපේ රටේ ක්‍රියාත්මක වෙන ඕනෑම රාජ්‍ය ආයතනයකට වඩා විධිමත්ව, විනිවිදසුලු භාවයේන් ක්‍රියාත්මක වෙන අයුරු ඔබට බලා ගන්න පුලුවන් වේවී....මේය කිසියම් අරමුනක් වෙනුවෙන් ඉතා ප්‍රජාත්‍රන්තව ක්‍රියාත්මක වෙන ක්‍රමයක්.....

ඇත්තෙනම, මේක එක්තරා ක්‍රමයක්. මේ ක්‍රමයෙදි දක්ශයා, බුද්ධිමතා, ශක්තිවන්තයා ජයග්‍රාහකයා වෙනවා....මේ ක්‍රම වලට හැගීම් වලින්, බාහු බලයෙන් උත්තර දෙන්න බෑ....ඒවාට  උත්තර දෙන්න ඕනේ මොලයෙනුයි..ඒත් අවාසනාවකට වගේ අපේ රටවල ඉන්න හොදම මොලකාරයෝ ටික වැඩ කරන්නේත් මේ  රටවල, ඇතැම් විට මේ ආයතනවලටමත් වෙන්න පුලුවන්.......

ඉවර කරන්න කලින් මාතෘකාව සම්භන්ධවත් පොඩ්ඩක් කථා කරනවා නම්, මං හිතන්නේ නෑ ....මහින්ද වතුරට අත තියයි කියලා...මොනා උනත් ගමේ මනුස්සයනේ.....ඒත් මහින්ද ලවා වෙනත් අය නම් වතුරට කවද හරි අත තියාවි....හරියට නිකං මහින්දගේ නොවන මහින්දගේම ආදරයක් වගේ...........

P:S

මම මුලින්ම කිව්වා වගේ පරිසර ප්‍රශ්ණය ගැන මගේ කිසියම් චිත්‍රයක් තියෙනවා...මේ තියෙන්න මීට කලින් මම ඒ චිත්‍රය පාට කරපු විදිහ

අළුත් ත්‍රස්ත්‍රවාදයත් සමග මගේ හාෆ් සෙන්චරිය











2222