Wednesday 24 December 2014

පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හිලවු බොරුද?

මේ දවස් වල විපක්ෂ මැතිවරණ වේදීකාවේ පතුරු ගහන කාරණාවක්  තමයි මහින්දගේ ආණ්ඩුවේ දූෂණ හා වංචා. මෙයිනුත් අධීවේගී මාර්ග සම්භන්ධව නැගෙන දූෂණ චෝදනා ඉතා බරපතලයි.

පාඨලී චම්පික රණවක.... මොර‍ටුව විශ්ව විද්‍යාලයෙන් බිහි වුනු විදුලි ඉංජිනේරු උපාධිධරයෙක්.මාර්ග ඉදීකිරීමේදී මෙන්ම අනිකුත් දූශණ වංචා පිලිබදව සංඛ්‍යාත්මකව,කරුනු කාරණා සහිතව ආණ්ඩුවට චෝදනා එල්ල කරන අය අතර ඔහු ප්‍රමුකයෙක්...



සාමාන්‍යයෙන් මාර්ග ඉදිකිරීම සම්භන්ධව වඩා සමීපව කටයුතු කරන්නේ ඒ පිලිබදව දැනුම ඇති සිවිල් ඉංජිනේරුවන්.  විදුලි ඉංජිනේරු උපාධිධරයෙක් ලෙස,  චම්පික නගන චෝදනා ගැන, එහි න්‍යාත්මක හා තාක්ශණික කරුනු ගැන යම් අයෙකුට ඔහුට අභියෝග කල හැකි උනත්, වෙනත් ඉංජිනේරුවරයෙකුට නැති අවස්ථාවක් චම්පිකට ලැබී තිබුනා.. ඒ මේ ව්‍යාපෘති සදහා ඉදිරිපත් කල කැබිනට් වාර්තා සදහා කෙලින්ම සම්භන්ද වීමට ,විමර්ශණය කිරීමට කැබිනට් ඇමතිවරයෙක් ලෙස ඔහුට තිබූ අවස්ථාවයි. ඒ නිසාම ඔහු නගන චෝදනා වල විශාල බරක් මෙන්ම ගත යුත්තක් ද තිබෙනවා.

මේ චෝදනා ගැන විමර්ශනාත්මකව බැලීමට නම් දේශපාලන කෝනයෙන් එල්ල කෙරෙන චෝදනා මෙන්ම, තාක්ශණික ඒ පිලිබද විශේෂඥයකුගේ අදහස් ද ඉතා වැදගත්.

දේශපාලන පක්ෂවලට කඩේ යන, ආචාර්‍ය  - මහාචාර්‍යවරු පදුරකට ගැහුවත් දෙතුන් දෙනෙකු විසිවෙන කාලයක, ප්‍රශ්ණයක් දිහා මධ්‍යස්ථව, කාරණු කාරණා මුල් කර ගෙන බලා නිවැරදි චිත්‍රයක් මැවීමට සුදුසු අය ඉන්නේ ඉතා සුළු  පිරිසක්.

මහාචාර්‍ය අමල් කුමාරගේ ප්‍රවාහන කටයුතු සම්භන්ධව විශේෂඥ දැනුම ඇති පාමාණිකයෙක්. වරලත් සිවිල් ඉංජිනේරුවෙක්  වන ඔහු පිලිබදව මෙරට ඉංජිනේරු ප්‍රජාව තුල ඇත්තේ ධණාත්මක හැගීමක්.පසුගිය ආණ්ඩුවල, ප්‍රවාහනයට සම්භන්ධ ආයතනයක වගකීමක් දැරුවත්, දේශපාලන පක්ශයට පිට කොන්ද පාවා නොදීපු චරිතයක්.




අධීවේගී මාර්ග  සංවර්ධනය සම්භන්දව ඇති දූෂණ වංචා ගැන ඔහු පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ඉතා විශ්ලේෂණාත්මක ලිපියක් සපයනවා.

ඔහුගේ ලිපියේ සාරංශය මා පහතින්  දක්වනවා


1.) යුද්ධයෙන් පසු මහාමාර්ග හා අධීවේගී මාර්ග ඉදිකිරීමට හා දියුණු කිරීමට රජය ගත් තීරණය ඉතා පැසසුම් කටයුතු කාලෝචිත තීන්දුවක්..

 2.) නිවැරදි සැලසුම්කරනයක් මත සිදු කරන මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනය ලබා දෙන  ආර්ථික  ප්‍රතිලාභය, එහි ආයෝජනයට වඩා වැඩිය.

3.)  නිවැරදි තක්සේරූ මුදලට වඩා වැඩි ආයෝජනයක් සහිත, නිසි සැලසුම්කරනයකින තොරව ඉදිකරනු ලබන  අධිවේගී මාර්ග සංවර්ධනය රටේ ආර්ථිකයට පහරක් මෙන්ම් දරාගත නොහැකි බරක්..

4.)  පසු ගිය  අවුරුදු 5-6 ත් අතර කාලයේදී අධිවේගී මාර්ග සංවර්ධනයේදී  කිලෝම්ටීරටයකට වැය වූ මුදල දෙගුණයත් තුන් ගුනයත් අතර ප්‍රමානයකින් වැඩි වී තියෙනවා.

5.) සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘතී නියමිත මුදලට වඩා වැඩියැයි කීමට නොහැක. උදාහරණයක් ලෙස 2005 වසර පමණ තෙක් ව්‍යාපෘති මෙන්ම ඒඩීබි, ජයිකා වැනි අන්තර්ජාතික බැංකු මගින් අයෝජනය කරන ලද ව්‍යාපෘතිවල   පිරිවැය සම්භන්ධයෙන් විශේෂ ගැටලු නැත.

6.) තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව  කරන ලද ව්‍යාපෘතිවල පොදුවේ 55% ක අනවශ්‍ය පිරිවැයක් තහවුරු වී ඇත

6.) තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනෑමු ව්‍යාපෘති ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ඇති අතර 2014  වර්ෂයේදි එය උපරිමයකට පැමින ඇත. සිදු වී ඇති අලාභය රුපියල් බිලියන 200.5කි (රුපියල් ලක්ශ 10,000 වගේ 200 ගුනයක්)

7.) ඉහත තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනැමු ටෙන්ඩර් බොහොමයක් චීන කොන්ත්‍රාත් සමාගම් වලට පිරිනමා ඇති අතර ඉතිරිය ලංකාවේ බැංකු මගින් වානිජ ණය ලෙස ලංකාවේ කෝන්ත්‍රාත්කරුවන්ට පිරිනමා ඇත.



මහාචාර්‍ය අමල් කුමාරගේ ගේ ඉහත නිගමනයනුත්,  දේශපාලඥයකු වූ චම්පික රණවකගේ චෝදනා වලත් අතර ඉතා ලඟ සමාන කම් මෙන්ම නොගැලපෙන තැන් කීපයක්ද  තියෙනවා.

උදාහරණයක් ලෙස කුමාරගේ මහත්මයා, යුද්ධයෙන් පසු අධීවේගී මාර්ග සංවර්ධනයට රජය ගත් තීරණය නිවැරදි එකක් ලෙස දකිනවා. එහෙත් රණවක මෙය ඉතා සියුම්ව අභියෝගයට ලක් කරනවා.. රණවක නගන ප්‍රධානම චෝදනාවක් වෙන්නේ, සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඇති හැකි ඉතා කුඩා ප්‍රමානයක ගමන් බිමන් පහසුව සදහා අධිවේගී පාරවල් හැදීමට,  ඈත පිටිසර  සිරියාවතිලාගේ  බූමිතෙල් කාලෙන්,  කිරිපිටි පැකට්‍ටුවෙන් බදු ගැසීම සාධාරණ නොවන බවයි. මෙය ඉතා සධාරණ තර්කයක් උනත්, අනිත් පාර්ශවයට ඉදිරිපත් කල හැකි ශක්තිමත් තර්ක ගණනාවක් තිබෙනවා.


කෙසේ නමුත් මේ දෙදෙනාම එකඟ වන පොදු කාරණාව නම් පාරවල් හැදීමේදී සිදුවන දූශණ වංචාවයි..එය කුමාරගේ මහත්මයට අනුව රුපියල් බිලියන 200 ක්. ඒ ගැහිල්ලත් 2014 දී උපරිම තත්වයකට  ආපු කථාවකුත් කුමාරගේ මහත්මයා කියනවා. පාරවල් හැදීමේ ප්‍රමුඛතාවය ගැන ගැටළු තිබ්බා උනත්  ගැහිල්ල ගැන නම්,  මේ දෙදෙනාම එකම මතයක් ඉන්නවා.

මේ සම්භන්දයෙන් ආණ්ඩු පාර්ශවයෙනුත්  හේතූ දැක්වීම් ඉදිරිපත් වෙනවා. උදාහරනයක් ලෙස ලංකාවේ අධික ජන ඝනත්වය නිසා අධීවේගී මාර්ග හරහා වැටී ඇති අධික හරස් පාරවල්,  භූ විශමතාවයන් නිසා සිදුවන පස් කැපීම් ආදී තාක්ශණික මෙන්ම ප්‍රාග්ධනය සේවීමේ දුශ්කරතාව  හා එහි මිලනැමැති කරුණු යොදා ගෙන ,මේ අධික මුදල  ඔවුන් සාධාරණීකරනය කරනවා.එහෙත් මේ කිසිම කාරණයකින් සිදු වී ඇති අක්‍රමකිතා සාධාරණය කල නොහැකි බව කිව යුතුයි. මේ ව්‍යාපෘතී වල  ඒක එක් ඉදිකිරීම් කටයුත්ත (BOQ item)  සදහා  අනුමත කර ඇති මුදල (Rate)  මේ සදහා නිර්ණාකයක් ලෙස යොදා ගත යුතු යැයි මම යෝජනා කරනවා.කෙසේ නමුත් මේ අධි තාක්ශණික වංචා සෙවීමට නම් ඒ සදහා සුදුසු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ම ඒ සදහා යෙදිය යුතු වෙනවා.

කෙසේ නමුත් මහාචාර්‍ය අමල් කුමාරගේ ඉදිරිපත් කර ඇති විශ්ලේශණය මෙන්ම එම නිගමනද ඉතා තර්කාණුකූල මෙන්ම සාධාරණයි. ඔහු ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන් 200 ගණනක් වු අධික පිරිවැය නැතිනම් වංචා දූශණය සදහා රජය වගකිවයුතුයි.

 මේ රුපියල් බිලියන් 200 ක ගැහිල්ල, සාමාන්‍ය ජනතාවගේ මාලුපාන් කෑල්ලෙන්, එදා වේල කන්න නැති සිරියාවතීලගේ බූමිතෙල් කාලෙන් ගහපු ගැහිල්ලක් බව, රටේ බහුතරයක් උන 'උගත්' ජනතාවට තේරුම් ගිය දවසට, මහින්ද මහතතයගේ දේශප්‍රේමය ගැන ඔවුන්ගේ අධිතක්සේරුව රෙද්ද පල්ලේන් බේරෙන අයුරු අපට බලා ගත හැකියි.

Wednesday 17 December 2014

බෙලමි බ්‍රදර්ස්ලාගේන් මෛත්‍රීපාලට ප්‍රශ්ණයක්... We have a question MY3

බෙලමි බ්‍රදර්ස් යනු 80 දශකයේ සිටම ඉතා ජනප්‍රිය  ද්විපුද්ගල ඇමෙරිකානු සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ බෙහෙවින් ජනප්‍රිය වූ  ගීතයක් ඇත.

----Do You Love As Good As You Look?-----

Long blonde hair, sky blue eyes
Yeah, that well-bred look is easy to recognize
A tailored dress, a fit so fine
And it adds up to the question on my mind

Honey, do you love as good as you look?
Can you satisfy your man, like your body says you can?
Judging from the cover, I'd love to read the book
Honey, do you love as good as you look?






බයිකි උප සංස්කෘතියේ ආශ්වාදනයේ ප්‍රකාශනයක් බදු ඉහත ගීතයට සාර්ථක සිංහල පරිවර්තනයක් ලබා දීමට තරම් ලියුම්කරු නිර්මාණශීලියෙකු නොවේ.එහෙත් කතාව සැකෙවින් ගතහොත් සරලය..

සරාගී කන්තාවකි..දිගු කඩා  හැලෙන කෙස්...නිල්වන් අහස වැනි දෙනෙත්..ඇ‍ඟෙන් කියැවෙන සරාගීත්වය සැබෑ යථාර්තය වූ ඇඳ මත උඩ සෙල්ලමේදී ලබා දීමට ඇයට පුලුවන්ද? පොතේ කවරය ලස්සන උනාට අන්තර්ගතය  ඒ අයුරින්ම ලස්සනද? බෙලමි බ්‍රදර්ස්ලා ගීතයෙන් අසන්නේ එයයි

මෛත්‍රිපාල සිරිසේන...ඔහුද ගීතයෙන් කියැවෙන සරාගී කාන්තාව වැනිය. ඇත්ත වශයෙන්ම ගත්හොත් සිරිසේන නොව ඔහුගේ  නායකත්වයෙන් යුතු මෛත්‍රී පාලනය ගැන කියැවෙන කථා, මවන චිත්‍රය ඉහත සරාගී ලඳගේ පෙනුම වැනිය..



සාපේක්ශ නිකැලැල් දේශපාලන ඉතිහාසය, සිංහල බෞද්ධ ගැමි මූලය..අන්තගාමි නොවුනු දේශපාලන දර්ශනය..බැලු බැල්මට මහින්දට එරෙහි හොද විකල්පයකි.අනිත් අතිත් යහපාලනය, සාධාරණත්වය, නීතීයේ සමානාත්වතාවය වැනි ඉදිරි මෛත්‍රී පාලනයක අංග උපාංගද පොදු මහජනතාව නැමැති ගණුදෙනුකරුවාගේ  අවධානය දිනා ගැනීමට සමත්ය.බෙලමි බ්‍රදර්ස්ලාට සාරාගී කාන්තාව හමු උනා සේ මහින්දගේ පාලනයෙන් හෙම්බත් වී සිටින ලාංකිකයාට මෛත්‍රී පහලවීම එයාකාරය.

එහෙත් සිරිසේන මහතා සහ ඔහුගේ  මැතිවරණ මෙහෙයුමේ  නායකයන් ජනතාවට ලබා දිය යුතු පිලිතුරු රාශීයක් උකටලීව තවමත් ආමන්ත්‍රණය කර නැත.මෛත්‍රී පාලනයක් යටතේ රටේ ඉදිරි ස්ථාවරත්වය, පාර්ලිමේන්තුව හා විධායකය අතර සම්භන්ධතාවය වැනි කරුණු පිලිබද සැලකිය යුතු අවධානයක් මෛත්‍රී මැතිවරණ යාන්ත්‍රනයෙන් යොමු වී ඇති බවක් නොපෙනේ.රටේ ඉදිරි දේශ්පාලන ආර්ථික ස්ථාවරත්වය ගැන ඔවුන්ගේ ප්‍රශ්ණය සීරීයස් එකකි. මධයම පාන්තික උගත් පාවෙන චන්දදායකයන්ගේ තීරනයෙහි සැලකිය යුතු බලපෑමක් කෙරෙන ඉහත කාරනා ගැන යම්තාක් දුරකට හෝ ආමන්ත්‍රනය කෙරෙන්නේ මෛත්‍රී මැතිවරණ වේදිකාවේ කෝකටත් තෛලය බදු මුකරි කට ඇති පාඨලී චම්පිකයන්ගෙන් පමනි. ඒ වෙනුවට මෛත්‍රී  මැතිවරණ  උපක්‍රම ස්ථානගත වී ඇත්තේ හුදෙක් මහින්ද විරෝධය වටා පමනි. එහෙත් ජනතාවට වැදගත් වන්නේ මහින්දගෙන් ඒ ඒ දේශපාලන චරිත වලට සිදු වූ කෙනෙහිලිකම් නොව මහින්දගේ ඇස් බැන්දුම් වලින් සිදුවන සැබෑ හානිය ගැන දැන්වත් වීම හා එයට විකල්පය වූ මෛත්‍රි පාලනයේ ස්ථාවරත්වය හා ඉදිරි වැඩ පිලිවෙලය.

මහින්ද මැතිවරණ යාන්ත්‍රනයේ ලක්ශනයක් වන්නේ බහුතරයක් වූ ගැලරිය ට සරිලන මැතිවරන උපක්‍රම රාජ්‍ය බලය යටතේ උපරිමව යෙදෙන අතරේ පාවෙන චන්ද තිරනය කිරීමේහි සමත්, යම්තරමකට  බුද්ධිමත්, ඉහත කී ප්‍රශ්ණ ද තිවෘරව මතු කිරිමේහි එය දක්වන  සමර්ථකමයි.






නොදන්න දෙයියට වඩා දන්න යකා හොද යැයි කියති..දෙයියා ගැන නොදන්නේ ජනතාවගේ වරදින් නොව දෙයියගේ මැතිවරන යාන්ත්‍රණයේ ඇති අඩු ලුහුඩුකම් නිසාය . එම නිසාම,  බෙලොමි බ්‍රදර්ස්ලා සරාඟි බයිකි ලඳගෙන් නැගූ ප්‍රශ්ණයම සිරීසේන මහතාගේන් අපට විමසීමට තිබේ.  පොතේ අන්තර්ගතය එහි පිටකවරය තරම් ලස්සනද? ඇගේ ලස්සන ඇදේදී පෙන්වන්න පුලුවන්ද?


එය මෙරට පාලනය වෙනස් කිරීමේ ගාමක බලවේගය වූ  මැද පාංතික චන්ද දායකයා නගන සීරියස් ප්‍රශ්ණයයි.කල යුත්තේ පශ්චාත් මැතිවරනයෙන් පසු පශ්චාත් වීම නොව වඩ වඩා කාර්‍යක්ශමව මැතිවරණ මෙහෙයුම හරි පීල්ලට ගැනීමය.




Tuesday 9 December 2014

MY3 ද රුබිකෝන් : Maithree's Rubicon

රුබිකෝන් කියන්නේ  ඉංග්‍රීසී භාෂාවේ තියෙන ඉඩියම් එකක්. ඒක පාවිච්චි වෙන්නේ 'Crossing the Rubicon' කියලා. යොදා ගන්නේ 'ආපසු නොහැරෙන ඉතා තීරණාත්මක  තීරණයක්' ගැන විස්තර කරන්න.

මේ ඉංග්‍රීසී ඉඩියම් එකේ මුලාරම්භය ජුලියස් සීසර් උන්නැහෙට සම්භන්ධයි.



රූබිකෝන් කියන්නේ ඉතාලියේ තිබ්බ ගඟක්. සීසර් අධිරාජ්‍යයෙක් වෙන්න කලින් රෝම හමුදාවේ ජනරාල් කෙනෙක්. කිසිම රෝම ජනරාල් කෙනෙකුට තම හමුදා ලීගය සමග රූබිකෝන් ගංගාව එගොඩ වෙලා රෝමයට ඇතුලු වෙන්න තහනම්. හමුදා ලීගයක් සමග රීබිකෝනය පහු කරනවාත් සමගම අදාල හමුදා ජනරාල්වරයාගේ  හමුදා බලය අහෝසී වෙනවාක් මෙන්ම නීතීය කඩ කිරීම නිසා ජීවීතයෙන් වන්දි ගෙවෙන්නටත් සිද්ධ වෙනවා. ඒක නිසාම කිසියම් ජනරාල් වරයෙක් රූබිකෝනය පහු කරනවා නම් ඔහු බලය හෝ මරණය කියන දෙකෙන් එකක් ‍තෝරා ගත යුතු වෙනවා...සීසර් රූබිකොනය පහු කරනවා...ඉතිරිය ඉතිහාසයයි.....

මංතුමා මීට කලින් රූබිකෝන් ගැන කථා කරලා තියෙනවා....ඒ අපේ ෆොන්සේකා ජනරාල්තුමා සම්භන්ධ ලිපියකදීයී.

මේ තියෙන්නේ ඒ ලිපිය...

ජනරාල්ගෙ ' රූබිකොනය ' - Fonseka's Rubicon


ඒ ලිපිය ලියන කාලය වෙද්දී ජනරාල් නිකංම නිකං මනුස්සයෙක් විදිහට හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා තිබ්බ කාලයයි...කට වරද්ද ගන්න නිසාමත් , හිතුවක්කාරකම නිසාත් කවුරුත් ජනරාල් එක්ක හිටගන්න ලෑස්ති නෑ..

මොනා උනත් ඒ ලිපියෙදි මං  අනාවැකි දෙකක් සදහන් කලා....

1.) ඒ මහින්ද මහත්තයා මහින්ද මහත්තයටම කෙලවා ගන්න බවයි...

2.) අනිත් එක හෙල උරුමය වගේ ජාතිකත්වය කේන්ද්‍ර කරගත්ත පොරවලුත් මහින්ද මහත්තයට එදිරිව හිට ගන්න බව.....

//මහින්ද රාජපක්ශ යුගය ලංකාවේ සංවර්ධනයේ මැජික්කරුවාද, පිබිදෙන ආසියාවේ ලාංකික සලකුනද වෙන්නේය. එහෙත් ඔහු,  ඒ හා බැදුනු දූශණ වංචා මෙන්න නීතීය , අවනීතීය කිරීමේ  අසාධනීය වරදකරුද වන්නේය. එම දුර්වලකම අනාගත ශ්‍රී ලාංකික දේශපාලනයේ , දේශපාලනමය අවපීඩනයක් වීමට නිර්මිතය.එය කාලය පිලිබද ගැටලුවක් පමණි. සුලග හමනුයේ  අවපීඩනය දෙසටය. දස අතින් තුවාල උන වෘකයා, ජනරාල්වරයා,  නිවී යාමට  ආසන්න ගිණිපුළුගුවකි. මේ ගිණි  පුළුගුව මහා ගින්නක් වන්නේ, සම්භන්දන්,රනිල් වැනී සීතල වතුර ඉසීමෙන් නොව, දේශපාලන අවපීඩනයත් සමග හමා ඒමට නියමිත සිංහල ජාතිකත්ව සුලගත් සමගය. රජරට ආසනික් මාරයා, පී.බී ජයසුන්දරට එරෙහි යුද්ධය කියා පාන්නේ සුලග හමන දිශාවය. එය නිවී යාමට ආසන්න ගිනිපුලිගු මහා ගින්නක් කිරීමේ පරිවර්තනය හා බැදුනු කාලයේ  ප්‍රශ්ණයක් පමනි. එක ජාතියේ කුරුල්ලන් වසන්නේ එක අත්තේය.//



මොනා උනත් මංතුමා බලාපොරොත්තු උනේ ජනරාල්ව ඉස්සහරට දා ගෙන වැඩේ සිද්ද වෙයි කියලා..ඒත් ඇත්තටම වැඩේ උනේ මෛත්‍රී මහත්තයත් එක්ක...

ඔය ලිපිය අවසානයේදී මංතුමා මෙහෙමත් ලියලා තියෙනවා...

//සොහොන් බිමේ සටනට වැද සිටින වෘකයා හුදකලා වී ඇත. මරණයෙන් හෝ ජයග්‍රහනයෙන් එය නිමවනු ඇත. රූබිකෝනය තිරස්චීනය. නැවත හැරීමක් නැත. සුලග එනතෙක් නිවී යාමට ආසන්න ගිණි පුලිගුව සජීව විය යුතුය. අවසාන ගින්න දවා හකුලුවන්නේ අසාධාරනයේ, අවනීතියේ මහා ගල් කණු පමණක් නොව, සාධාරණයේ හා නීතීයේ නොපලන් බිජුවට බවද අවසානයේ සටහන් කරමි...........//


ඒ කථාවෙත් අවසාන වාක්‍ය සත්‍ය නොවේවායි කියලා මගේ නම් පැතුම....

ප:ලි  :-  මාතෘකාවෙදී මෛත්‍රීගේ ඉදිරිපත් වීම මෛත්‍රීගේ රූබිකෝනයක්ද කියලා ඇහුවට ඒක එහෙමම නෑ..මොකද ඒක ජීවීතයත් මරණයත් අතර තීන්දුවක් ලෙස මට  හිතෙන්නේ නැති නිසා......ඒත් ඒ තීන්දුවේ ආපසු හැරීමක් නැති විත්තියක් නම් මට හැ‍ඟෙනවා....





Wednesday 14 May 2014

මයියා- දිමිත්‍රි සංවාදය

 කාලෙකට ඉස්සෙල්ලා බුද්ධාගම ගැන මංතුමා ලියපු  බ්ලොග් පෝස්ට් එකක් , දිමිත්‍රි කියලා සයිබර් පාඨකයෙක්ගේ ඇහැ ගැටිලා ඒතැන් පොඩි සංවාදයක් පටන් ගත්තා... මේ දිමිත්‍රිව මං දැකලා තියෙන්නේ ඔය පැරා ගේ බ්ලොග් එකෙයි, නිරාගමික බ්ලොග් එකෙයි විතරයි....

කොහොම හරි මේ සංවාදයේදී , ප්‍රශ්ණ අහන්නේ දිමිත්‍රි....උත්තර දෙන්නේ මං......

වැඩේ යන අතර තුරදි මට  ඕනා උනා මං කථා කරන්නේ මොන වගේ  පුද්ගලයෙක් එක්කද කියලා දැන ගත්තොත් හොදයි කියලා. මොකද වැඩේ ටිකක් සීරීයස් පැත්තට යන්න හදපු නිසා....

කථාවට කියනවා රත්තරංම වගේ පෙනුනත් ඇත්තටම රත්තරං ද කියලා බලන්න නම් පොඩ්ඩක් හූරලා බලන්න ඕනා කියලා.....මිනිහගේ තරම දැන ගන්න නං මිනිහවත් පොඩ්ඩක් කොනිත්තලා බලන් ඕනා කියලත් මට කියලා දීලා තියෙන්නේ දැන් දිව්‍ය ලෝකේ ඉන්න අපේ මැරිච්ච් අත්තම්මා.....

ඉතින් මං තීරණය කලා වැඩේ තව දුරටත් යන්න කලින් දිමිත්‍රි මහත්තයව පොඩ්ඩක් කොනිත්තලා බලන්න....

කොනිත්තන්න මං යොදා ගත්තෙත් මං තුමාම ලියපු බ්ලොග් සටහනක්ම තමයි....ඒකේ මාතෘකාවත් 'කොර වෙලා යන ප්‍රශ්ණේ..'

ඒත් දිමිත්‍රි මහත්තයා ඒක තේරුම් ගත්තේ ඒතුමාව අවඥාවට ලක් කරයි කියලා....මගේ හිතේ එහෙම දෙයක් තිබුනේ නැති නිසා මං එතුමගෙන් ඒකට සමාව ඉල්ලුවා....ඒත් කොහොමෙන් කොහොම හරි සංවාදේ නැවතුනා....


අද වෙසක් පෝය දවසේ මට හිතුනා  ඒ සාකච්චාව බ්ලොග් පෝස්ට් එකක් ලෙස දාන්න......ධර්ම දානයක් කියලා හිතාගෙන  ඕං එහෙනම් කට් ඇන්ට් පේස්ට් පාරක් දාලා තියෙනවා....



 දිමිත්‍රි  :   මා දන්නා තරමට බෞද්ධ ඉගැන්වීම ‘අනාත්මයි’. ඔබ ආත්මයක් ගැන සඳහන් කරනවා. මෙම නොගැලපීම පැහැදිලි කල හැකිද? ඔබ අදහස් කලේ ‘භවය’ යන්න බව ඔබේ පිලිතුර වීමට හොඳටම ඉඩ තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී [බෞද්ධ භික්ශූන් පවා] නම්, ‘භවය’ සහ ‘ආත්මය’ එතරම් තැකීමක් නැතිව භාවිතා කරනවා. මෙම ‘අනාත්මවාදය’ ගැන කිසිවෙක් (ඔබද ඇතුලුව!) සීරියස් නැත්තේ ඇයි? එය එතරම් පැහැදිලි නැති සංකල්පයක්ද? නැත්නම් එතරම් වැදගත් නොවන සංකල්පයක්ද? මා දන්නා තරමින් ‘භවය’ සහ ‘ආත්මය’ කිසිසේත්ම ඉන්ටර්චේන්ජ් කල නොහැකි සංකල්ප දෙකක්. බෞද්ධ දර්ශනය හින්දු දර්ශනයෙන් මූලිකව වෙන් වන තැනත් එතැනයි.

ඇත්තටම බෞද්ධ දර්ශනයේ ‘භවය’ සහ ‘ආත්මය’ අතර ඇති වෙනස කුමක්ද?

විශ්වාස කරන්න.. අපිට එදිනෙදා හමුවන බෞද්ධයන් වැඩිදෙනෙක් බෞද්ධ දර්ශනය තුල ආත්මය කියන සංකල්පය නැහැ කියන විට පුදුම වනවා සහ ඇතැම් විට විශ්වාස කරන්නේද නැහැ! එනිසා මට මෙම ප්‍රශ්නයට උත්තරයක් කිසිවෙකුගෙන් ලැබී නැහැ… ඔවුන් දන්නා ගැඹුරුම ධර්ම සංකල්පය ‘දිට්ඨධම්ම වේදනීය කර්මය’ පමනයි!

ඔබ බෞද්ධ දර්ශනය ගැන ප්‍රාමානික දැනුමක් ඇත්තෙකු ලෙස හා සංවාදශීලී කෙනෙකු ලෙසත් පෙනී ගිය හෙයින් ඔබෙන් මේ ගැන පිලිතුරක් ලැබෙතැයි අපේක්ශා කරනවා. මා උපතින් බෞද්ධයෙක් බව සහ බුදු දහම ගැන යම් දැනීමක් ඇතැයි කීම ඔබ දෙන පිලිතුරේ ගැඹුර තීරනය කිරීමට ඔබට උදව් වනු ඇතැයි සිතනවා.


මයියා : ඔබ නිවැරදිව දක්වා ඇති පරිදි 'ආනාත්මතාවය' පිලිබද ඉගැන්වීම බුද්ධ දර්ශනය ඊට පෙර පැවති දර්ශනත් සමකාලීන දර්ශනයන්ගෙනුත් වෙන්කෙරෙන ප්‍රධාන ඉගැන්වීමයි. කර්මය, පුන්ර්භවය, පංචෛන්ද්‍රීය පිනවීම, නිර්වානය ආදී දේ ගැන එකල පැවති අනෙකුත් භාරතීය දර්ශනද කථා කර ඇතිමුත් 'අනාත්මතාය' බුදුදහමට විශේශිත වු ඉගැන්වීමකි.

බුදුදහමේ මුල සිටම මෙය පැහැදිලිව දේශනා කර ඇති අතර බුද්ධවචනයට අනුව අනාත්මතාවය පිලිබද දේශනය , සියලු දර්ශනයන් අභිබව යන, කේසර සිංහයකුගේ ශ්‍රේෂ්ඨ හා උදාරදම සීංහ නාදයක් හා සාමානය. මන්හ එය සමකාලින භාරතීය සමාජයේ සියලු දර්ශනයන්ගෙන් අනන්‍ය වූ ශක්තිමත් දේශනයක්බවට බුද්ධ වචනය ස්ථානගත කෙරෙන නිසාය.

අනාත්මතාවය ගැන මා සතු දැනීම පට්ච්චසමුප්පාද ධර්මය කියැවීමේන් මා ලබ ගත්තෙකි,

පටිච්ච සමුප්පදයට අනුවා නාම-රූප ( නාම- අපෝ, තේජෝ වායෝ හා පඨවි යන දේ වලින් සෑදුනු......රූප- මනසට අරමුණු වන් දේ...) අපගේ පංච ඉන්ද්‍රීය හා මනසට ( සලායතන) වල ගැටීම ( පස්ස) නිසා වේදනාව හට ගනී. මෙය අපගේ දැනුම අනුව අප තේරුම් ගනී ( සංඥා). මෙම වේදනාව පිලිබද තේරුම් ගැනීම අපගේ දැනුම අනුව අප 'සතුටක්' හෝ 'සැපයක්' ලෙස තේරුම් ගනි. ඒසේ අපේගේ දැනුම අනුවම නිර්චචනය කර ගත් 'සතුටක්' හෝ සැපයක් වෙනුවෙන් අපි උපාදානයක් ඇති කර ගනී.. විවිදාකර වූ උපාධානයන් පිල්බදවා මා ඉහත විසතර කර ඇත....

බුද්ධ දර්ශනය යෝජනා කරන්නේ මෙම ක්‍රියාවලිය ඔබගේ පංචෛන්ද්‍රය හ මනසට අරමුනු වන සියලු දේ සදහා මෙනෙහි කරන ලෙසායි..ඒ සදහා ඔබට විත්ත ඒකග්‍රතාවයක් ( සමාධියක්) හා බුද්ධියක් ( ප්‍රඥාවක්) හා කැපවීමක් ( ශීලයක්) ද ප්‍රගුණ කීරිම අතයවශය් වේ..

මෙසේ පංචෛන්ද්‍රීය හා මනසට අරමුනු වන සියලු දේ සදහා පට්ච්චසමුප්පාද ක්‍රියාවලිය මෙනෙහි කිරීමෙන් අප තුල පවතින ,'අපි' කෙනෙක් ඇතයි පවතින වැරදි අවබෝධය, මමත්ව්ය නැතිනම් ආත්මය පිලිබද හැගීම නැති කර ගැනීමට හේතු වේ. මෙය ම තේරුම් ගත් ආනාත්ම අවබෝධයයි.බුදුදහමේ ඉගෙන්වෙන පරදි 'මම' යනු වියුක්ත වූවක් නොවේ..ඒය ස්ථිර නොවු ක්‍රියාවලියක් ප්‍රතිපලයක් පමනි

බුද්ද දර්ශනයේ භවය යනු උපාදානය නිසා හට ගන්නා තත්වයයි...කාම භව,රූප භව හා අරූප භව යනුවෙන් එය තුන් වැදෑරුම වේ....

කෙසේ නමුත් 'නාම' යනුවෙන් මුලින් විස්තර කරන ලද දේ සතුව ඇත්තටම පැවැත්මක් ඇද්ද නැතිනම් එය හුදෙක් මනසේ නිර්මානද යන ප්‍රශන පිල්බදව ( වාස්ථවික යතාර්ථය ) පිල්බදව විවිද දර්ශන තලයේ විවාදයන් පවතී, උදාහරනයක් ලෙස නාගර්ජුන හිමියන් සියලු දෙ මනසේ නිර්මානයන් බවත් සැබෑව 'ශූන්‍යක්' බවත් දේශනා කර ඇත. වර්තමානයේද වාස්ථවික යථාර්තය පිල්බද මථ පවතී,

ප:ලි ;- මා ඉහත දක්වා ඇති පටිච්චසමුප්පාදය පිල්බද විස්තරය අසම්පූර්ණය. එය ඊට වඩා ගැඹුරින් හා නිවැදිව ඉගෙනගත් හැකි පොත පත වර්ථමානයේ සුලභය...මා දක්වා ඇත්තේ බුදුදහමේ ඉගෙනෙවෙන 'අනාත්ම්' තාවය පිල්බද දල සිතියමක් පමනි.මම පිලිතුර මා සතු කුඩා කාලයේන් හා කුඩා දැනුමෙන් ඔබගේ ප්‍රශ්ණය සදහා උත්තරයක් දීමට යෙදූ අවංක උත්සහයක් පමනක් වේ...


 දිමිත්‍රි  :   පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තුතියි.

බෞද්ධ දර්ශනයේ අනාත්මය ගැන කිවුවත් මරනින් මතු යම්කිසි ආකාරයක continuation එකක් ප්‍රතික්ශේප කරන්නේ නැහැ නේද? මගේ උභතෝකෝටිකය එයයි. අනාත්ම වුවද මරනින් මතු පැවැත්මක් ඇති වන්නේ කෙසේද? එයට කියන නම අනාත්මය නොවෙයි (ඊට කිසියම් වෙනසක් ඇති) භවය! එහෙමද?

මෙහිදී වී ඇත්තේ 'ආත්මය' වෙනුවට 'භවය' ආදේශ වීමද? කිසිවෙක් පැහැදිලි නොකරන්නේ මෙයයි.

ඔබ දන්නවාද මෙතැනින් පස්සෙ බොහෝවිට මම අර කලින් කියූ බෞද්ධයන්ගේ පිලිතුර තමයි: ඔබ වැනි අයට තේරුම් ගන්න බැහැ, අර පොත කියවන්න, මේ පොත කියවන්න යනාදිය.  


මයියා :
 ස්තූතියි...

මට තේරේන විදිහට දිමිත්‍රි අහන්නේ , නැති ආත්මයකට (අනාත්මතාවයට) භවයක් ( නැවත ඉපදීමක් ඇති වන්නේ කේසේද කියන ප්‍රශ්ණයයි...

භවය ඇති වන්නේ ආත්මයක් පැවතීම ( යථාර්තයක්) නිසා නොව ආත්මයක් ඇතැයි ගැනීමේ වැරදි උපාදානය (බදා ගැනීම) නිසයි. අනාත්මතාවය අබබෝද නොකර තමන් තුල 'මම' කෙනෙක් ඇතැයි ඇති වැරදි සිතුවිල්ලත්, එම සිතුවිල්ල නිසා ඒම 'මම' ට' සතුට' හෝ 'දුක;' ලබා දීමේ කැමැත්ත (අශාව) නිසා භවය ( නැවත ඉපදීම) ඇතිවේ.

මේ පිලිබදව මිලින්ද රජුට නාගසේන හිමියන් ක්‍රෙන පහත පැහැදිලි කිරීම ඔබට උපකාරීවෙතැයි මම සිතමි.
 


1.) 1.“ He who is reborn, Nàgasena, is he the
same person or another?”
“Neither the same nor another.”
“Give me an illustration.”
“In the case of a pot of milk that turns first
to curds, then to butter, then to ghee; it would not be right
to say that the ghee, butter and curds were the same as the
milk but they have come from that, so neither would it be
right to say that they are something else.”


2.) “What is it, Nàgasena, that is reborn?”
“Mind and matter.”
“Is it this very mind and matter that is reborn?”
“No, it is not, but by this mind and matter deeds are
done and because of those deeds another mind and matter
is reborn; but that mind and matter is not thereby released
from the results of its previous deeds.”
“Give me an illustration.”
“It is like a fire that a man might kindle and, having
warmed himself, he might leave it burning and go away.
Then, if that fire were to set light to another man’s field and
the owner were to seize him and accuse him before the
king, and he were to say, ‘Your majesty, I did not set this
man’s field on fire. The fire that I left burning was different
to that which burnt his field. I am not guilty’. Would he
deserve punishment?”
“Indeed, yes, because whatever he might say the
latter fire resulted from the former one.”
“Just so, O king, by this mind and matter deeds are
done and because of those deeds another mind and matter
is reborn; but that mind and matter is not thereby released
from the results of its previous deeds.”


 දිමිත්‍රි  : 
 මයියා,

බොහෝමත්ම ස්තුතියි..මම හිතන්නෙ මට පැහැදිලි උනා මේ කියන දේ.

හොඳයි... ආත්මවාදයේදීත් අනාත්මවාදයේදීත් 'යලි ඉපදීම' [හෝ අනාත්මවාදයේදී 'ප්‍රතිසන්ධිය' කියන වචනය වඩා නිවැරදියි මම හිතන්නෙ] පොදු දෙයක් - අඩුම වශයෙන් මරනයට පෙර සහ පසු 'මයින්ඩ් ඇන්ඩ් මැටර්' සැලකීමෙන්. ඇත්තෙන්ම මගේ උනන්දුව තමයි කුමක්ද මෙයින් සත්‍යය කියන දේ. අපි අන්බයස් විදියට කල්පනා කරොත්, ආත්මවාදය අනුව නැවත් ඉපදීමටත්, අනාත්මවාදය අනුව ප්‍රතිසන්ධියටත් සත්‍ය වීමට තියෙන්නෙ සමාන ඉඩක්. හරිනේද? මොකද මෙතනදි පොදුවේ මේ සංකල්ප වලින් එකක්වත් සැකයකින් තොරව පිලිගෙන නැතිනිසා. එතකොට මේ සංකල්ප වෙනුවෙන් පෙනීසිටින ඕනෙම කෙනෙක් ගෙනෙන පොදු සහ එකම තර්කය තමයි... විද්‍යාව තවමත් ඇත්තේ නොමේරූ අවධියකය, ඒවා "එහෙම නොවෙන බව" විද්‍යාවෙන් ඔප්පු කරලා නැතිය; අනාගතයේදී සොයා ගනු ඇතිය යන්න. මේ තර්කය අනුව ගියොත්, මරනින් පස්සෙ ස්වර්ගයට හෝ නරකයට යෑම එහෙම නැත්නම් යම්කිසි දෙවි කෙනෙක් එය තීරනය කරනවාය යනාදී වශයෙන් මරනින් මතු ජීවිතය ගැන ලොවෙහි ඇති සියලුම සංකල්ප වලටත් (සමහර දේ ඉතාම විසුලුයි ) සත්‍ය වීමට මේ ඉඩම තියෙනවා! මොකද 'ඒවා "එහෙම නොවෙන බව" විද්‍යාවෙන් ඔප්පු කරලානැති බව' ඒ හැම සංකල්පයක් සඳහාම එක වගේ අදාලයි!

දැන් මගේ ප්‍රශ්නය මෙයයි, අනාත්මවාදය සත්‍යයැයි කීමට ගෙන එන වෙනත් තර්ක හෝ පැහැදිලි කිරීම් තිබෙනවාද? බෞද්ධ දර්ශනය තර්කයෙන් හෝ විද්‍යාවෙන් තේරුම් ගන්නට බැරි යැයි කියන පිලිතුර තමයි මට මේ වන තෙක් ලැබී ඇත්තේ! මම කැමතියි මේ සාකච්චාව සෙමෙන් ගෙන යන්න.. සමහර විට ඔබේ පිලිතුරු 'මයියා වස්තුව' ලෙස ඉතිහාසයේ පවා ලියවෙන්න ඉඩ තියෙනවා! - just a joke!
 
 


මයියා :
 හෙ හේ...

මම නම් දන්න විදිහට වෙන පැහැදිලි කිරීම් නෑ...මේක විශ්වාසය පිලිබද ප්‍රශ්ණයක්.ඔබට පුලුවන් චිශ්වාස කරන්න හෝ නොකරන්න...

මම අර උඩ wmk ට දුන්න පිලිතුර තමයි දෙන්න වෙන්නේ...

///මං දන්න විදිහට බුද්ධ දර්ශනයේ විශ්වාසය අවශ්‍ය කරන තැන් තියෙනවයි කියලා...

උදාහරනය විදිහට පටිච්ච සමුප්පාදයේදී විස්තර වන 'උපාදානය' නිසා 'භවය' ඇති වෙනවයි කියන තැනදී කර්මය/ පුනර්භවය ගැන විශ්වාසය අවශ්‍ය කරනවා...///
 




 දිමිත්‍රි  : 
 ස්තුතියි මයියා ඔබේ අවංක සහ කෙලින් පිලිතුරු වලට...

කොහොම වුනත් මේක තමයි මේ වගේ සංවාද අන්තිමට ලඝු වන තැන - "ඔබට පුලුවන් චිශ්වාස කරන්න හෝ නොකරන්න!"

ඒ කියන්නේ කවුරු කොහොම කිවුවත් "බුද්ධ දර්ශනය / බුද්ධ-ආගම" විශ්වාසය මත පදනම් වන්නක්!

//මං දන්න විදිහට බුද්ධ දර්ශනයේ විශ්වාසය අවශ්‍ය කරන තැන් තියෙනවයි කියලා...උදාහරනය විදිහට පටිච්ච සමුප්පාදයේදී විස්තර වන 'උපාදානය' නිසා 'භවය' ඇති වෙනවයි කියන තැනදී කර්මය / පුනර්භවය ගැන විශ්වාසය අවශ්‍ය කරනවා//

මේක අපි හැමෝම දන්න ජනප්‍රිය "කාලාම සූත්‍රය"ට පටහැනි නැත්ද?
 


මයියා :
 මං හිතන්නේ ඔබතුමාට 'කාලාම සුත්‍රය' ගැන හොද අවබෝධයක් තියෙන පාටයි...


නිකං ඉන්න ගමන් මේකත් කියවලා බලන්නකෝ...:))

කොර වෙලා යන ප්‍රශ්ණේ.....
 



 දිමිත්‍රි  : 
 කාලාම සූත්‍රය කියන්නෙ රොකට් සයන්ස් එකක් නෙමෙයි නේද? ඒ ගැන "හොඳ" අවබෝධයක් ගැනීමට එය කියවීමම ප්‍රමානවත්. මට නම් ඒක හරියට "ආරෝග්‍යා පරමා ලාභා.." ලෙසින් වන ගාථාව වගේ; "භවය" හෝ "අනාත්මය" වගේ අවබෝධ කරගැනීමට අමාරු නැහැ.

//කොර වෙලා යන ප්‍රශ්ණේ.....// නම් මට අදාල නැහැ. නමුත් මේ සාකච්චාව අවඥා කිරීමකින් කෙලවර කිරීමට ඔබ උත්සාහ කර තිබීම ගැන නම් මට කනගාටුයි..! [මේක මගේ බ්ලොගය; මට මොනවද මේකෙ කියන්න බැරි!]

ඇත්තෙන්ම මගේ ප්‍රශ්න මුල ඉඳලාම කියවපු කෙනෙකුට තේරෙනවා ඇති එම ප්‍රශ්න වල අදාලතාවයත්, උත්තර දැනගැනීමට තිබූ අවශ්‍යතාවයේ අවංක කමත්. මට ඉන් එහාට ඒ ගැන කීමට දෙයක් නැහැ.

මේ වැනි "ධර්ම සංවාද" කෙලවර වන්නේ මේ ආකාරයෙන් බව මට හොඳ හැටි අත්දැකීම් තියෙනවා. ප්‍රශ්න අසන්නා අවඥාවට ලක් කිරීම එහිදී මූලික උපායක්!පිලිතුරු දීම නොදීම ඔබේ අයිතිය බව මම පිලිගන්නවා.

නමුත් අනාත්මය, භවය ගැන ඔබ කල පැහැදිලි කිරීම හරහා මා තුල ඔබ කෙරෙහි වන ගෞරවය බිඳකුදු අඩුවන්නේ නැහැ!

ස්තුතියි!



මයියා :
 ස්තූතියි..

මගේ අනුමානය හරි..ඔබ කියා ඇති පරිදි ඔබ 'කාලාම සුත්‍රය' ගැන දන්නවා...මා දන්නා පරිදි එහි ප්‍රත්‍යක්ශ දැනුමටත් කිසියම් කිසියම් ඉඩක් තියෙනවා...ඒත් අවසානයේදී 'තම තම ණැන පමනට','තමන්ගේ අත්දැකීමට ගැලපෙන පරිදි' තමයි..

මා ඔබව අවඥාවට ලක් කර නෑ...එහෙත් අවංකවම ඔබට එසේ සිතේ නම් එයට මට සමා වෙන්න...
 

Monday 3 March 2014

යුක්‍රේන් වික්ටර්ට ලංකාවේ මහින්දගෙන්......

වික්ටර් යැනකෝවිච් යුක්‍රේනයේ (හිටපු) නායකයා. පොරත් ලංකාවේ දේශපාලුවො වගේ තමයි. මහින්ද මාමා චීනෙට ගොට්ට අල්ලනවා...රනිල් අයියා සුද්දට ගොට්ට අල්ලනවා...විග්නේස්වරන්ලා, සම්භන්දන්ලා ජයලලිතට ගොට්ට අල්ලනවා....මේ වගේ වික්ටර් මහත්තයා රුසියාවේ ලොක්කා පූටින් මහත්තයට ගොට්ට අල්ලනවා...වික්ටර්ගේ විරුද්ධපාක්ශිකයෝ ගොට්ට අල්ලන්නේ යුරෝපා සංගමේට, නැත්තං නේටෝ එකට...මේ කවුරු කවුරුත් අනිත් එක්කේනාගේ බෝල්ස් මිරිකන්නෙ එක එක වාසි වලට.

වික්ටර් ලොක්කගේ කථාව නම් යුක්‍රේනයේ බලශක්ති අවශ්‍යතාවය රුසියාව නැතිව  හිතන්නවත් බැරි වීමයි.....
උස වික්ටර් හා කොට පූටින්.....

වික්ටර් හා පුටීන් හාදකම නැගලා යන්නේ ගිය නොවැම්බරේ.. වික්ටර් මහත්තයා යුරෝපා සංගමයට පස්ස පැත්ත පෙන්නලා මොස්කව් පූටින් මහත්තයට හේත්තු වෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා....

මේ තීරණේට යුරෝපා සංගමයට හිතවත් යුක්‍රේන මිනිස්සු අකමැති වෙනවා. පොරවල් බහිනවා පාරට..පොලීසියත්  එක්ක කෙලගන්නවා... නොවැම්ම්බර් වලින් පටන් ගන්න උද්ගෝෂණ ඇදෙනවා මේ අවුරුද්දටත්....මේ අතරෙදි පූටින් ලොක්කත් ෆුල් සපොර්ට් එක දෙනවා වික්ටර් උන්දැට...යුක්‍රේන රජයේ බැදුම්කර ඩොල්ර් බිලියන 15 ක් වලට පූටින් මහත්තයා ආයෝජනය කරනවා...එකෙන් තෙල් ගෑස් ලාබෙට දීලා ජනතාව ශේප් කරන්නයි දෙන්නගේ කල්පනාව..මොන උප්පරවැට්ටි දැම්මත් වික්ටර් මහත්තයට ජනතාව පාලනය කර ගන්න බැරි වෙනවා...ඒකට අපේ මහින්ද මාම..ඔය ඩොල්ර් බිලියන් 15 න් අරික් කාලක් ඒ උත්තමයට දුන්න නම් ගහක් ගලක් වගේ තියෙන ටීඑන්ඒ එකත් කෑලී කොරලයි පස්ස බලන්නේ.......කරදර අඩු උනාම වික්ටර් ලොක්කට මහින්දා මහත්තයට කියලා කුප්පියක් දාන්න ඕනේ....


දෙසැම්බරේදී උද්ගෝෂණේ තදින්ම යන වෙලාවේදි  යුරෝපා සංගම් හිතවත් උද්ගෝෂණකරුවන්, යුක්‍රේනයේ කිව් අගනුවර, නගර ශාලාව අල්ල ගන්නවා....මේ උද්ගෝෂණ කියන්නේ ඔය ජෙප්පෝ ටවුන් හෝල වල කරන 10,000 හේ 15,000 හේ උද්ගෝෂණ නෙවෙයි....මේවට ඔලු ගෙඩි ලක්ශ ගනං........



උද්ගෝෂණ අතරමැදදි පොලිස් සජීවි උණ්ඩ පහරට  මැදිව උද්ගෝෂණකරුවන් මිය යනවා...වැඩේ දුර දිග යන බව තේරේනවා...පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ඉල්ලා අස් වෙනවා...උද්ගෝෂණ මර්ධන නීතී පාර්ලිමේන්තුවෙන් ලිහිල් කරනවා....

ස්නයිපර් තුවක්කු පත්තු උන දවසේ .....


අත්ඩංගුවේ ඉන්න උද්ගෝෂණ කරුවන් සිය ගානක් නිදහස් කරන පොරොන්දුව පිට උද්ගෝෂණකරුවොත් අගනුවර මන්දිරය තමන්ගේ අතඩංගුවෙන් මුදා හරින්න කැමති වෙනවා...

වැඩේ සාමදාන වී ගෙන යන බවක් පේන්න එනවා....

සාමය ඇතිවෙලා පෑය 24 ක් ගතවෙන්නත් කලින් නාදුනන තුව්ක්කුකරුවෙකුගේ ස්නයිපර් පහරකින් උද්ගෝෂණයේ ඉන්න මිනිස්සු කීප දෙනෙක් මිය යනවා...ඒවා කාගේ තුවක්කුද කියලා සෑකයක් අපට නම් එනවා......වැඩේ ආයෙත් දෙල් වෙලා නැවත් උද්ගෝෂණ පටන් ගන්නවා.....


යුලියා නෝනා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා දෙන ඇග රත්වෙලා යන ටෝක් එක...
මෙන්න මේ වේලාවේ සාමයේ පරවියා...එකගතාවන්ගේ සුර දුතිකාව යුරෝපා සංවිධානය වැඩේට  බහින්නේ..යුරෝපා සංගමය මැදිහත් වෙලා දෙගොල්ලො අතර එකඟතාවයක් ඇති කරවනවා. උද්ගෝශණකරුවනුත්...වික්ටර් මහත්තයගේ සෙට් එකත් එකතු කරල හවුල් ආණ්ඩුවක් යටතේ ජන්දෙකට යන්න දෙගොල්ලෝ කැමති වෙනවා....පාර්ලිමේන්තුව වික්ටර් මහත්තයගේ බලතල සීමා කරනවා.. හිරේ හිටපු විපක්ශ නායිකාව...යූලියා ටයිමොශෙන්කෝ හිරෙන් නිදහස් වෙලා කිව් අගනුවරට එනවා....

ඒ අතින් අපේ මහින්ද ලොක්කා කොච්චර මොල කාරයෙක්ද.....බැරිවෙලා හරි ගැස්සුනෝත් පාර්ලිමේන්තුවේ  කථානායක තමුන්ගෙම අයියා.....මේ වගේ උද්ගෝශණයක් වෙලාවේ වීරයෙක් වගේ එලියට බහින්න හිටපු ජනරාල් උන්දෑ ජනාධිපති සමාව යටතේ කල එලියක් නැතුවම එලියේ...වික්ටර්ට නම් ලොක්කගෙන් ගොඩක් ඉගෙන ගන්න  තියෙනවා...

අලුත් අන්තර්පාලන රජය  දැන් අළුත් ගේමක් ගහනවා... දෙගොල්ලොම එකඟ වෙච්චි ච්න්දය පැත්තක තියලා, ඒගොල්ලො වික්ටර් මහත්තයට විරුද්ධව උසාවි වරෙන්තු නිකුත් කරන්න හදනවා....උද්ගෝෂණ වලදි සිවිල් මිනිස්සු මැරුවයි කියලයි චෝදනාව....

වික්ටර්ව අතඩංගුවට ගැනීමේ පෝස්ටර්


හිරේට යන්න වෙයි කියන බයට වික්ටර් මහත්තයා රුසියාවට පලා යනවා.....

ක්‍රිමියාව කියන්නේ යුක්‍රේනයේම කොටසක්...හැබැයි ඉතිහාසගතවම ක්‍රිමියාවට, රුසියාව එක්ක ඇයි හොදයි කම් වැඩියි......යුක්‍රේනයේ කිව් වල උද්ගෝෂණ වලට විරුද්ධව ක්‍රිමියාවේ ප්‍රති උද්ගෝෂණ පටන් ගන්නවා.....ක්‍රිමියාවේ පාර්ලිමේන්තුව මුහුණු වසා ගත් තුවක්ක්කු කරුවන් අල්ලා ගන්නවා.....ක්‍රිමියාව රුසියාවේ........



වික්ටර් මහත්තයා, රට උද්ගෝශණ කරුවන්ට පාව දීම ගැන කණගා‍ටු වෙමින් ජනතාවගෙන් සමාව ඉල්ලනවා....යුක්‍රේනයේ අනාගතය වෙනුවෙන් සටන් කරන බවට ජනතාවට සහතික වෙනවා...තමන් තාමත් යුක්‍රේනයේ නිල ජනපති බව කියා හිටිනවා.....මතකනේ සදාම් ලොක්කත් ඔය කථාවම නේ කිව්වේ....කථා දෙකක් නෑ ඒක ඇත්ත....

දැන් ඉතින් ලමයිනේ චිත්‍රපටියේ උච්චතම අවස්තාවට එනව...පයිට් එක පටාආආන් ගන්නයි යන්නේ....

පූටින් ලොක්කා නාමපද පැත්තකට දාල ක්‍රියාපද වලට බහින්නයි සුදානම....රුසියාව ක්‍රිමියාවයට හමුදාව එවනවා....දැනටමත් රුසියානු සම්බැරීන් ක්‍රිමියාවේ තියෙන රුසියා  නාවික කදවුරේ සීමා මායිම් පන්නලා.....
නාදුනන තුවක්කු කරුවන්
ක්‍රිමියාවේ මිල්ටරි මූලස්ථානය වට කර ගෙන.....
ඇත්තටම ඒ රුසියානු හමුදාව

රුසියාවේ ආක්‍රමනයට බොහෝ යුක්‍රේන වැසියන් පක්ශපාතියි......හරියට නිකං ලංකාවේ උතුරේ පොරවල් වලට මුල් දවස් වල ඉන්දියන් හමුදාව ගොඩ බැස්සම දැනෙන සනීපෙ දැනෙනවා ඇති.....

ඇමෙරිකාවෙ  ඔබාමා ලොක්කයි..යුරෝපා සංවිධානයයි පූටින් මහතයගේ වැඩේට පොඩි සද්දයක් දාලා තිබුනා...ඇෆ්ගනිස්තානේ, ලංකාව වගේ හාල් කෑලි එක්ක ෆයිට් කරාට පූටින් එක්ක හැප්පිලා දත කට පූට්‍ටු කර ගන්න කවුරුත් කැමති නෑ....උද්ගෝෂණකරුචන් ලවාම වැඩේ කර ගන්නයි වගේ  බටහිර සුදානම්...අර මොක්කුද ලවා කොස් ඇට බාවනවයි කියලා කථාවකුත් තියෙන්නේ......

දැන් ඉතින් චිත්‍රපටීයේ  නැගලම යන හරිය..අද ඉදන්වත් ටීවීඑකේ ප්‍රවීණයි...අර කුමාරියි...මේ කුමාරියි බැලිල්ල පැත්තක තියලා අල් ජසීරා  සී එන්න වෙගේ එකක් ඇල්ලුවනම් ඇස් දෙකටම අන්තිම පයිට් එක බලා ගන්න පුලුවන්....

ප:ලි ;  බලලුන් ලවා කොස් ඇට බාවනවා වගේම ක්තමයි ඌරන් කැකුණ තලන කොටහබන් කුකුලන්ට....මහින්ද මහත්තයා ජීනිවා කේස් එක ගොඩ දා ගන්න විදිහක් කල්පනා කරනවා ඇති.....


පින්තූර ගත්තේ ;

http://www.theguardian.com/uk

http://www.huffingtonpost.com/


Tuesday 28 January 2014

අනීර්ණය....ඔබ එන්නේ කවදා ද? - The Singularity


අනීර්ණය කියන්නේ ගණිතයේ එන වචනයක්. ඒත් සරලව  කියනවා නම් 'නිර්ණය කල නොහැකි' තේරුම දෙන වචනයක්..

රේමන්ඩ් කර්ස්වේල් (Raymond Kurzweil) කියලා පොරක් අමුතුම පොතක් ලියනවා 2005 දී. පොතේ නම සිංහලට පෙරලුවොත් එන්නේ 'අනීර්ණය ලගයි' වගේ අදහසක්.  පොතේ ඉංග්‍රීසි නම The Singularity Is Near 

පරිගනක විද්‍යාඥයෙක් වෙච්චි ඒ මහත්තයා, ඒ පොතේදී ලස්සන තර්කයක් ගොඩ නගනවා. ඔහුපෙන්නන විදිහට පහුගිය වසර 50 ගත්තම, පරිගණක වල හැකියාව සෑම අවූරුදු 18 ට පාරක්ම දෙගුණ වෙලා තියෙනවා. මේ වේගයෙන්ම ගියොත් පරිගනක 2020  වෙද්දී එය මිනිස් මොලයේ  ක්‍රියාකාරිත්වය හා සමාන වෙන්න පුලුවන්.

මේ කථා පිලිගන්න සමහර අය කියන විදිහට මිනිස් මොලය, පරිගණක වලට ඩවුන්ලෝඩ් කරලා, මිනිස් මොලයටයි, පරිගණකයටයි එකට  වැඩ කරන්නත් පුළුවන් දවසකුත් ඒවීලු. (මේ වැඩේ හරි ගියොත්  නම් මිනිස්සු අමරණීය වේවී. සරීරයක් නැති උනත් මොලේ තියෙන හින්දා මිනිස්සුන්ගේ මරණය කියන එක තේරුමක් නැතිව යාවී... අතාත්වික පරිගණක ලෝකයේදී මිනිස්සු තමන් කැමති දේවල් ඒ ආකාරයේන් ලබා ගනිවී..)

මේ කියන විදිහට මිනිස් මොලයයි, පරිගණකයයි එකට වැඩ කරන්න ගත්තොත්, කලින්අවුරුදු දහ අටක් ගිය වැඩේ, ඒ කියන්නේ අර පරිගනක ක්‍රියාකාරිත්වය දෙගුණ වෙන්න ගිය කාලේ තවත් අඩු වේවි..ඔහොම අඩු වෙලා... අඩු වෙලා... කවදා හරි දවසක,  ඒ කාලේ බින්දුවට අවෝත් , අර කිව්ව පරිණාමය නිර්ණය කරන්න බැරි අනන්තයකට යාවි..ඒ කියන්නේ තත්පරයක් ගත්වෙන්නත් කලින් අපි (පරිගණක් -මිනිස් විඥාණය) හිටියට වඩා දෙගුණයක් ප්‍රබල වැඩි දියුණු පොරවල් වේවි..

පරිගනක , යන්ත්‍ර සූත්‍ර මිනිස්සුන්ව පහු කරලා මිනිස්සුන්ව යටත් කර ගන්න චිත්‍රපටි අපි ඕන තරම් බලලා තියෙනවා...මට බලෙන්ම බලන්න සිද්ධ වෙන, අපේ පොඩි එවුන් බලන කා‍ටුන් වලත් මේ වගේ කථා ඕන තරම් තියෙනවා....

කොච්චර ප්‍රබන්ධ බලලා, කියවලා තිබ්බත්, ක්ර්ටස් මහත්තයගේ කථාව කියෙව්වම මට පොඩි තිගැස්සීමක් වගේ එකක් ආවා...මුළු කථාවම නැති උනත් ගොඩ දුරට වෙන්න පුළුවන් තත්වයක්....

පරිගණක කෘත්‍රිම බුද්ධිය (AI) ගැන සැක පහල කරන ගොඩක් අය කියන දෙයක් තමයි පරිගනක බුද්ධිය ට මිනිස් මොලයේ ඇති 'නිර්මාණශීලීත්වයට' ලඟා වෙන්න බෑ කියන කථාව. ඒත් ලෝක චෙස් ශූරයාව පරද්දන්න වගේම,  අගනා සංගීත කණ්ඩ නිපදවන්නත් පරගණක බුද්ධියට පුළුවන් බව අළුත් කථාවක් නෙවෙයි.

ඒ මොනා උනත් මිනිස් මොලයක  සෛලයක්  කරන වැඩේ  සිලිකන් කෑල්ලකට කරන්න පුලුවන් කියලා කියන්න  මට තියෙන්නේ ලෝභ කමක්.... මිනිස් විඥාණය ඒච්චර ලේසියෙන් ප්‍රතිනිර්මාණය කරන්න බෑ කියලා මට හිතෙනවා...

මීට සියවස් ගානකට කලින් තිබ්බ විද්‍යාවේදි ,විඥාණය කියන එක ලොකු දෙයක් හැටියට ගනන් ගත්තේ නෑ....ඒත් පහුගිය දශක කීපයේදී විඥාණය කියන දේනොසලකා ඉන්න බැරි තරමට විඥාණය කියන දේ අපේ නිරීක්ශණ වලට කොච්චර බලපානවද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගිහිල්ලා තියෙනවා.....

කර්කස් මහත්තයගේ තර්කයේ මට පේන ලොකුම අඩුව මේ මිනිස් විඥාණය , ඇන්ඩ් නෝ ගේට්‍ටු වලින් ප්‍රතිනිර්මානය කරන්න පුලුවන් කියලා හිතන උපකල්පනය තමයි... ඒත් ඒ උපකල්පනය හරි නම්, ඒ මහත්තයා කථා කරන ඊලඟ සිදුවීම් ටික නම් සිදු නොවෙන්න තියෙන්නේ අඩුම අඩු  ඉඩක්........





පින්තූර:

1.http://content.time.com/time/interactive/0,31813,2048601,00.html
2.http://htmlgiant.com/author-spotlight/seattle-author-spotlight-4-matthew-simmons/

Friday 24 January 2014

පින්සිරිගේ කොලු අන්දරය රටේ ප්‍රශ්ණයක්ද? STORY OF A GAY

රස්සාවයි පරස්තාවයි පටලවා නොගත යුතු යැයි කියමනක් සමාජයේ ප්‍රචලිතව පවතී. පුළුල්ව ගත් කල, ගෙදර දෝරේ ප්‍රශ්ණ ‍රැකියා ස්ථානයට  නොයා යුතු බවත්, ‍එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රශ්ණ ගෙදර ‍නොගෙනා යුතු බවත් එයින් ද්විකෝටිකව  ගම්‍ය වේ.

කෙසේ උවත් තුන්වේලම අනාගෙන කෑම පුරුද්ද කර ගත් ශ්‍රි ලාංකිකයා, රස්සාවයි-පරස්තාවයි අනාගෙන ජීරණය කර ගැනීමේද සමතෙකි.

මංගල පින්සිරි සමරවීර......ස්ත්‍රීලෝලියෙකු නොවන ඔහු , ස්වකීය සමාන ලිංගිකයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නෙකි.ග්‍රාම්‍ය වචනයෙන් කියතොත් කොළුකාරයෙකි.

පින්සිරි මහතාගේ සමලිංගිකත්වය, ඔහුගේ ‍රැකියාව වූ දේශපාලනය සමග අනාගත් බවක් එක එල්ලේ බැලු විට නොපෙනේ...කොටින්ම  පින්සිරිගේ නායකයා වූ රනිල් මහතා මෙන් ඔහු තම  ලිංගික සහකරුවන්, ස්වකීය දේශපාලන පක්ශයේ ආසන සංවිධායකයන් ලෙස පත් කල  බවක් අප අසා නැත.

කෙසේ උවත් වඩා විමසිලිවත්ව බැලු විට පින්සිරි මහතාගේ දේශපාලනය ඔහු ගේ ලිංගික ජීවිතය හා එකිනෙක බැදී ඇති බව අපගේ අදහසයි. ඇත්ත වශයෙන්ම දේශපාලනය යනු ඔහුගේ ලිංගිකත්වයේ, ආත්මීය ප්‍රකාශනය කියතොත් එය නිවැරදිය.

අන් බොහෝ දේශපාලුවන් සේම මංගල පින්සිරි ද දේශපාලනයේ පොරක් වෙන්නේ ජනතාව ඇන්දවීමේනි. ඔහු ඒ සදහා ‍තෝරා ගන්නේ 88 භීෂණ සමයේ මියගිය දරුවන්ගේ මව්වරුන් දෑසින් කඩා හැළුනු කදුලු ගංගාවය.. මව්වරුන්ගේ කදුළු මතින් ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ පොරක් වූ ඔහු , ඉන් වසර කීපයකට පසු රාජ්‍ය බලයට පත් වූ පසු ඒ කදුලු වලට සාධාරණයක් ඉෂ්ඨ කල බවක් නම් පෙනෙන්නට තිබුනේ නැත.

චන්දය ඩැහැ ගැනීමේදී,  ජනතාව ගොනාට ඇන්දවීමේදී, කපටි රජාගේ ඇදුම අදින,  වංකත්වයේ කිරුළු පලදින මංගල පින්සිරි , වැඩ කිරීමේදී එතරම් වංක නොවන බවද අපි පිලිගනිමු. කොටින්ම 94 දී ටෙලිකොම් පෞද්ගලිකකරණයේදී ඔහු දැක්වූ අවංකභාවය හා ඉන් පසුව එම ක්ශේත්‍රයේ ඇති වූ විප්ලවීය වෙනස සම්භන්ධයෙන් අප තුල ඇත්තේ ඔහු ගැන පහන් හැගීමකි. එමෙන්ම යුද්ධය පැවති සමයේදී, අද මෙන් මහා පරිමාණ සංවර්ධන කටයුතු නොකෙරෙන කාල සීමාවකදී, මාතර ප්‍රදේශයට ඔහු ලබා දුන් සංවර්ධනය ද පැසසුම් කටයුතුය.

කෙසේ උවත් මඩ  දේශපාලනය පිලිබදව පින්සිරි මහතාට ඇත්තේ අපකීර්තිමත් වාර්ථාවකි, ආචාර්‍ය උපාධියකි. ප්‍රේමදාස යුගයේ , ප්‍රේමදාසට එරෙහිව , තීරු පුවත් පත් මට්ටමින් පැවතුන මඩ හා කැලෑ පත්තර දේශපාලනය, ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන වෘතීය මට්ටමට ගෙන එන්නේ පින්සිරි මහතා ජනමාධ්‍ය ඇමති දූරය දරණ කාල සීමවේදීය. එහිදී ඔහු ක්ශේත්‍රයට අදුන්වා දෙන මහින්ද අබේසුන්දරලා අද එම ක්ශේත්‍රය දිග් විජය කරමින් තමාගේ හැකියාවන් තම ගුරුවරයා වූ පින්සිරි මහතා එල්ලයේද ප්‍රගුණ කරමින් පවතී.



ප්‍රස්තූත කාරනය වූ  මංගල පින්සිරි මහතාගේ ලිංගික චර්‍යාව හා දේශපාලනය සැලකීමේදී, ඔහු පවතින අධිපතිවාදී සංස්කෘතිමය ප්‍රවණ්තාවයට එක එල්ලේ අභියෝග කරන්නෙකි. මෙහිදී ඔහුගේ  පලමු වෙඩි මුරය පත්තු වන්නේ 'බෞද්ධ කොමිශන් සභාව'  ඉදිරිපත් කල වර්ථාව අරඹයා ය. බෞද්ධ කොමිශන් සභා වාර්තාවට අයිති වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය යැයි කියූ ඔහුගේ ප්‍රකාශය තුල ඔහු මෙරට අධිපතිවාදී සංස්කෘතියට එරෙහි ඔහුගේ අප්‍රසාදය එඩිතරව එලි දැක්වෙයි.එවක් පටන් ඔහු ඒ මතවාදය සමග නිරතුරුව ගට්ටනය වෙයි.

සංස්කෘතිමය රාමු එදිරියේ පින්සිරි මහතා එල්ල කෙරෙන දැඩි ප්‍රහාරය, නැතහොත් ඔහුගේ දේශපාලනය,  ඔහුගේ ලිංගිකත්වය හා බැදී පවතින අවංක අරමුණක් බව  අප ප්‍රකාශ කරන්නේ, සමලිංගිකත්වය ගැන මෙරට පවතින අධිපති මතවාදය සමග පින්සිරිට ඇති ආත්මීය ගට්ටනය හේතූවෙනි. කොල්ලෙකු සමග යහන්ගත වීමේ ආශාව, දේශපාලන මතවාදයේදී උඩු ගං බලා පිහීනිමක් ලෙස විකාශනය වෙන්නේ එකී කාරණය හරහාය. දේශපාලනය හරහා ඔහු ඉල්ලන්නේ සමාජයේ පොදු නිදහසටත් වඩා තමන්ගේ පෞද්ගලික නිදහස බව අප තේරුම් ගත යුතුය.

වර්තමානයේ,  රජයේ හා සිරස මාධ්‍ය හරහා එලිදරව් කෙරෙන ඔහුගේ පෞද්ගලික ලිංගික ජීවිතයට අදාල කාරණා, මෙතෙක්  ඕපා දූප ලෙස සමාජ ගත වී ඇති දේ පොලිස් පැමිණිලි , නඩු හබ හරහා ප්‍රසිද්ධ විය හැක. කෙසේ උවත් මෙම කාරණා මඩ ලෙස  සැලකිය හැක්කේ  ඒම කාරණා අසත්‍ය වීම හෝ සමලිංගත්වය 'පහත්' කටයුත්තක් ලෙස සලකන්නෙකුට පමනි. පින්සිරි මහතා සම්භන්ධයෙන් මේ කාරණා දෙකම තෘප්ත නොවන බැවින් වාර්තමාන කරුනු කාරණා හුදෙක් මඩ ලෙස බැහැර කල නොහැක්කකි.

සම්පූර්ණ චිත්‍රය පැහැදිලිය.සමලිංගිකත්වය ගැන ලාංකික  අධිපති මතවාදය නැමැති පන්දුවෙන් පින්සිරි මහතාට බවුන්සරයක් එල්ල වී  තිබේ. ඔහු එයට නොබියව හයේ පහරක් එල්ල කරන්නේ නම්, දේශපාලනය ගැන කුමන මතිමතාන්දරයක් තිබුනත්, පින්සිරිගේ අවංකත්වය  නැමැති ජවය එම හයේ පහරේ අඩංගු ය. එම බවුන්සර් පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ දීම වනාහි, චන්දය දිනා ගැනීමේදී පින්සිරි දක්වන වංකත්වය ගැන තවත් එක නිදසුනක් පමනි.


Tuesday 21 January 2014

මහින්ද වතුරට වැඩේ දෙයිද?

ඊයේ පෙරේදා නිව්ස් බලද්දී, මම ටිකක් අමුතු නිව්ස් එකක් දැක්කා....බොහෝ දෙනෙකුට මේකේ ලොකු අමුත්තක් දැක්කේ නැති උනත් , මට මේකේ අමුත්තක් දැනෙන්න ඇත්තේ මේ සම්භන්ධයෙන් මගේ වෙනම චිත්‍රයක් තියෙන නිසා වෙන්න ඇති.....

අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය (International Water Management Institute) කියන්නේ එන්.ජී.ඕ (NGO)  සංවිධානයක්. ඉන්දියාව, පකිස්ථානය, අප්‍රිකාව වගේ ලෝකයේම පැතිරුණු සංවිධානයක් උනත් මේකේ මූලස්ථානය තියෙන්නේ ලංකාවේ..



මම දැක්ක නිවුස් එක තමයි , මේ අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය, සුපිරි අධිතාක්ශණික දත්ත හා තොරතුරු කලමණාකරණ පද්ධතියක් නිර්මාණය කර ඒක අපේ මහින්ද රජතුමා ලවා විවෘත කර ගැනීම. අපේ රජතුමත් ඔය වගේ වැඩ වලට එක පයින්  නිසා , වැඩේ නම් ඉහලින්ම කෙරිලා තියෙන පාටක් පේන්න තියෙනවා.

ඉස්සර අධිරාජ්‍ය යුගයේදි , දියුණු බලවත් ජාතීන් තමන්ගේ දැනුම හා ශක්තිය පාවිච්චි කරලා කෙලින්ම රටවල් යටත් කර ගත්තා. ඒවායේ ස්භාවික සම්පත් තමන්ට ඕනේ විදිහට පාවිච්චි කරන්න ගත්තා. ඒත් ඒ සදහා එම යටත්විජිත රටවලට ලොකු කලමණාකරණ  යාන්ත්‍රණයක් මෙහෙයවීමට සිදු උනා.ඒක වියදම් අධික අසීරූ ක්‍රමයක්.

දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ මේ ක්‍රමයේ තිබ්බ අඩුපාඩු මේ අධිරාජ්‍යවාදීන් තේරූම් ගත්තා. ඒ නිසා ඒගොල්ලෝ එකට වෙනත් විකල්ප ක්‍රමයක් ගැන හිතුවා. නව යටත් විජිත යුගය බිහි වෙන්නේ ඒ විදිහටයි.

මේ අලුත් ක්‍රමේදි,  දියුණු රටවල් කෙලින්ම භූමීය අල්ලගන්නේ නෑ.හැබැයි මේ ක්‍රමයෙදීත්,  අර යටත් විජිත රටවල තියෙන ස්භාවික සම්පත්  පාලනය කරන්නේ අර දියුණු රටවල් ටිකම තමයි.කොටින්ම කිව්වොත් දියුණු රටවල ඉන්න 20% ක් උන පොරවල් තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල 80% ක් උන ස්භාවික සම්පත් පාවිච්චි කරනවා.

අළුත් ක්‍රමය ගැන කෙටියෙන් කියනව  නම්, මේ ක්‍රමේදී වෙන්නේ, අර දුප්පත් , දුර්වල රටවල තියෙන ස්භාවික සම්පත් සල්ලි/ඩෝලර් වලට පරිවර්තනය කරන එකයි. ඊට පස්සේ සල්ලි/ඩොලර් තියෙන අයගේ අතේ තමයි මේ ස්භාවික සම්පත්  වගේ පාලනය තියෙන්නේ....ස්භාවික සම්පත් සල්ලි කරන්න අකමැති රාජ්‍ය නායකයෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ව ගෙදර යවලා වඩා 'ජනතා හිතකාමී' නායකත්වයක් ගෙන්නත් හොදට අත්හාදා බලලා සාර්ථක වෙච්චි ක්‍රම තියෙනවා.

පසුගිය කාලයේ ස්භාවික සම්පත් කියලා ලොකු වටිනාකමක් තිබ්බේ තෙල්, ගල් අගුරු, පතල් ආදී දේවල්.
ඒත් දැන් දැන් වතුර, වනාන්තර වගේ දේවල් වලටත් ලොකු වටිනාකමක් ලැබෙන්න නියමිතයි. ඒක එහෙම වෙන්නේ 'පරිසර ප්‍රශ්ණය' කියලා සරලව හදුන්වන 'ලෝකය උණුසූම්' (Global Warming) වීම නැමැති සංකිර්ණ ප්‍රශ්ණ මාලාව නිසයි.

වතුර....මුලු පෘථිවියෙන්ම පහෙන් හතරක් විතරම ජලයෙන් යට වෙලා තිබ්බත්, මිනිස්සුන්ගේ පාවිච්චියට ගන්න පුලුවන් වතුර තියෙන්නේ බොහොම ස්වල්පයයි.




තෙල්, ඛනිජ් ද්‍රව්‍ය සල්ලි කරා වගේ අනාගතයේදී වතුරත් සල්ලි කරන්න වෙන බවට මේ වෙන කොට ඕනේ වටත් වඩා සාධක  තියෙනවා. එක අතකට වර්තමානයේදීත් මෙය යම්තාක් දුරකට,  විවිද මට්ටම් වලින් සිදුවෙන්නක්.

වතුර ටික සල්ලි කරන විදිහ, ඒ මගින් වතුර මනාව කලමණාකරණය කරන විදිහ මමත් ඉගෙන ගෙන තියෙන සාත්තරයක්...

මේ වැඩේ කීප පාරක්ම ලංකාවෙදිත්  මීට කලින් කරන්න උත්සහ කලත් දැඩි විරෝධයන් හමුවේ ඒ වැඩ අකුල ගන්න සිද්ධ උනා....

ඒවා එහෙම අකුල ගත්තත්, කවදා හරි ඒක ,  ඒ අවශ්‍ය විදිහට සිද්ධ වෙන්න නියමිතව  තියෙනවා..

මේ සදහා අවශ්‍ය භූමිය, වටපිටාව සකස් කරන්න විවිධ අන්තර්ජාතික ආයතන තුන්වෙනි ලෝකයේ රටවල ක්‍රියාත්මක වෙනවා...මම සැක කරන විදිහට මේ 'අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනයත්' මෙවන් උත්සහයකදී සුද්දට ඕනේ විදිහට වැඩ කරන්න හදපු ආයතනයක්.

කෙසේ නමුත් මා මෙය  කුමන්තණයක් ලෙස දකින්නේ නෑ. ඇත්තෙන්ම මෙම ආයතන අපේ රටේ ක්‍රියාත්මක වෙන ඕනෑම රාජ්‍ය ආයතනයකට වඩා විධිමත්ව, විනිවිදසුලු භාවයේන් ක්‍රියාත්මක වෙන අයුරු ඔබට බලා ගන්න පුලුවන් වේවී....මේය කිසියම් අරමුනක් වෙනුවෙන් ඉතා ප්‍රජාත්‍රන්තව ක්‍රියාත්මක වෙන ක්‍රමයක්.....

ඇත්තෙනම, මේක එක්තරා ක්‍රමයක්. මේ ක්‍රමයෙදි දක්ශයා, බුද්ධිමතා, ශක්තිවන්තයා ජයග්‍රාහකයා වෙනවා....මේ ක්‍රම වලට හැගීම් වලින්, බාහු බලයෙන් උත්තර දෙන්න බෑ....ඒවාට  උත්තර දෙන්න ඕනේ මොලයෙනුයි..ඒත් අවාසනාවකට වගේ අපේ රටවල ඉන්න හොදම මොලකාරයෝ ටික වැඩ කරන්නේත් මේ  රටවල, ඇතැම් විට මේ ආයතනවලටමත් වෙන්න පුලුවන්.......

ඉවර කරන්න කලින් මාතෘකාව සම්භන්ධවත් පොඩ්ඩක් කථා කරනවා නම්, මං හිතන්නේ නෑ ....මහින්ද වතුරට අත තියයි කියලා...මොනා උනත් ගමේ මනුස්සයනේ.....ඒත් මහින්ද ලවා වෙනත් අය නම් වතුරට කවද හරි අත තියාවි....හරියට නිකං මහින්දගේ නොවන මහින්දගේම ආදරයක් වගේ...........

P:S

මම මුලින්ම කිව්වා වගේ පරිසර ප්‍රශ්ණය ගැන මගේ කිසියම් චිත්‍රයක් තියෙනවා...මේ තියෙන්න මීට කලින් මම ඒ චිත්‍රය පාට කරපු විදිහ

අළුත් ත්‍රස්ත්‍රවාදයත් සමග මගේ හාෆ් සෙන්චරිය











2222