Monday, 25 March 2013

අළුත් ත්‍රස්ත්‍රවාදයත් සමග මගේ හාෆ් සෙන්චරිය



කොටි ත්‍රස්ත්‍රවාදය ඉදන් පාන්පිටි ත්‍රස්ත්‍රවාදය දක්වා එක එක කතන්දර අහලා තියෙන අපිට  පරිසර ත්‍රස්ත්‍රවාදයක් කියලා එකක් අහලා තියෙනවද කියලා මට එච්චර මතකයක් නෑ...ඒත් ටවුමේ සාප්පුවෙන් ලාභෙට ගෙනල්ලා  පාවිච්චි කරන ලද සකන්ඩ් හෑන්ඩ් කොම්පීතරයේ, ෆෝන් එකේ ඉදන් ඇලේ දොලේ වතුර ටික සල්ලි කරන්න දගලන ලොකු ලොක්කන්ගේ උවමනාව දක්වා තියෙන්නේ පරිසර ත්‍රස්ත්‍රවාදයක් කියලා මට වෙලාවකට  හිතෙනවා...

පරිසරය කියන්නේ බාලාංශේ ඉදන් ලංකාවේ ඉස්කෝලේ වල උගන්වන සබ්ජෙක්ට් එකක්. ඔය විශය මං පොඩිකාලේ කොහොත්ම කැමැත්තක් තිබ්බේ නැති එකක්. ටිකක් ලොකු වෙන කොට විදුසර වගේ පත්තර වලින් පරිසර ප්‍රශ්ණ ගැන ටිකක් ඉගෙන ගත්තා උනත් පහුකාලේදී ඔය සම්භන්දව මගේ උනන්දුවක් තිබ්බේ නැති තරම්. කොටින්ම කැම්පස් එකේදී සබ්ජෙක්ට්  එකක් වශයෙන් පරිසර විද්‍යාව ‍තෝරා ගන්න අවස්ථාව ලැබුනත් , අකමැත්ත හින්දම මම ඒක අත ඇරලා දැම්මා. ටෙක්නිකල් අංශයේ මොලය පුරුදු පුහුණු කරපු කෙනෙකුට පරිසර විද්‍යාව මහා බෝරින් සබ්ජෙකට් එකක්...

මේ අදහස මගෙන් ඈත් වෙලා යන්නේ ඊට සෑහෙන කාලයක් ගියාට පස්සේ..ඒ අහම්භයක් නිසා මම පරිසර ප්‍රශ්ණ පිලිබද  හැදෑරීමකට යොමු උනාට පස්සේ. මේක වැඩිදුර ඉගෙන ගන්න කොට මට හිතුනු දෙයක් තමයි පරිසර ප්‍රශ්ණ අතිශය දේශපාලනිකයි කියලා. ඇත්තෙන්ම මේක ඇතුලේ තිබ්බ දේශපාලනය හින්දා මේ සම්භන්ද වැඩි දුර කරුණු හදාරන්න යොමු උනා කිව්වොත් වඩා හරි.

පරිසර දේශපාලනයේ විවිධ මානයන් තියෙනවා. මගේ අදහසේ හැටියට ඉන් ප්‍රධානතම වන්නේ ස්භාවික සම්පත් බෙදා ගෑනීම හා වැඩි කොටස ඩැහැ ගැනීමේ ප්‍රශ්ණයයි. මේක අද ඊයේ පටන්ගත්ත ප්‍රශ්ණයක් නොවුනත්, ඉස්සර අමු අමුවේ මිනිස්සු මරාගෙන යුද්ධ වලින් විසද ගත්ත මේ ප්‍රශ්ණය අද ඉතා රාජත්‍රාන්ත්‍රික විදිහට, ඒත් අර ඉස්සර තිබ්බ කෘරත්වයට වඩා බිහිසුනු ලෙස විසද ගන්නවා. ඕක ඔය මට්ටමෙන් විසදා ගන්න බැරි උනාම ,රෙජිම වෙනසක් හරි නැත්නම් අර පරණ විදිහට යුද්ධයකින් හරි විසදා ගන්න තැනකට යනවා. මේ ගැන වඩා හොදට භාගයක් ඇත්ත භාගයක් ගොතපු ජෝන් පර්කසන්ගේ 'ද කන්ෆෙශන් ඔෆ් ඇන් ඉකොනොමික් හිට්මෑන්' පොතේ විස්තර වෙන බව ගොඩක් අය දන්න දෙයක්. 

පහුගිය කාලේ තිබ්බ අරාබි වසන්තය ඊජිප්තුවට, ලිබියාවට, සිරියාවට ඇවිල්ලා ඒකම සෞදි අරාබියට නො එන්නේ අර කිව්ව රාජත්‍රාන්ත්‍රික විදිහට අරාබි රජ්ජුරුවෝ මුල ඉදන්ම ප්‍රශ්ණය විසදගන්න වැඩ කරලා තිබ්බ හින්දයි. සමූල ඝාතක අවි තියෙනවයි කියලා ආක්‍රමණය කරපු ඉරාකේ ඇත්ත ප්‍රශ්ණය ලොකේ වැඩිම ලාභදායි තෙල් නිධි බව තේරුම් ගන්න ඒච්චර අමාරු දෙයක් නෙවෙයි. සමූල ඝාතක අවි තියා සදාම් ලොක්කව බේර ගන්නවත් ඉරාකෙට ආයුධ තිබ්බේ නැති බව දැන් ඉතිහාසෙට අයිති කථාවක් විතරයි. පලස්තීන යුදෙව් ගැ‍ටුම ගැන මං ටික කාලෙකට කලින් ලියපු මෙන්න මේ ලිපියත් ස්භාවික සම්පත් බෙදා ගැනීම සම්භන්ද විශම චක්‍රය ගැන ලියපු ලිපියක්.

ස්භාවික සම්පත් අත්කර ගැනිමේ ක්‍රමවේදයන්  කාලයක් තිස්සේ හොදට අත්හදා බලා මේ වෙන කොට කවුරුත් දන්න දේ බවට පත් වී හමාරයි. එහෙත් අත්කරගත් ස්භාවික සම්පත් පාචිච්චි කරන කොට ඇතිවෙන ද්විතීක ප්‍රශ්ණ ගැන අවබෝධය ඊට වඩා අඩුයි. අවශේෂ ලෝකයා මේ ගැන ගොඩක් උනන්දු උනත් ලංකාව ඇතුලෙ නම් මේ ගැන ප්‍රමානවත් සංවාදයක් නැති තරම්.

අත්පත් කර ගත් ස්භාවික සම්පත් ඵල ප්‍රයෝජනයට ගන්න කොට ඇතිවෙන පරිසර දූශණය , පරිසර දේශපාලනයේ මම දකින දෙවන මානයයි.


මේක පැහැදිලි කරන්න ගොඩක් දෙනා දන්න 80-20 තියරිය මම යොදා ගන්නවා. දල වශයෙන් ගත්තොත් ලෝකයේ ඇති ස්භාවික සම්පත් වලින් 80% පමන පාවිච්චි කරන්නේ දියුණු රටවල ජනතාවයි. බිලියන 7.1 උන සමස්ථ ලෝක ජනතාවගෙන් දියුණු රටවල ජීවත්වෙන ජනගහනය දල වශයෙන් 20% පමන වෙනවා. ඉතිරි 80% පමණ වූ බහුතරය ජීවත් වන්නේ දිලිදු හෝ දියුණු වෙමින් පවතින රටවල. ඒ අනුව 20% පමන උන ධනවත්, දියුණු ඇත්තො 80%ක ස්භාවික සමිපත් කොටසක් පාවිච්චි කරමින් පරිසර දූශණයට , නැතිනම් ලෝක කාබන් විමෝචනයේන් 80% ට වග කියනවා. මේ රටවල පුද්ගලයන්ගේ ඒක පුද්ගල කාබන් විමෝචනය ගත්තොත් දළ වශයෙන් දියුණු වෙමින් පවතින රටවල පුද්ගලයන් 20-100 ට ගේ එකතුවට සමාන වෙනවා.

පරිසර දූශණය පිලිබද ප්‍රශ්ණයට දේශපාලනය සම්භන්ධ වෙන්නේ උඩින් පැහැදිලි කරපු 80-20 සමතුලිතතාවය ‍රැක ගැනීමට දරන උත්සහයේදී. මම මගේ මීට කලින් 'ගෝලීය උශ්ණත්වය හා පරිසර වෙනස් වීම' පිලිබද ලිපියේදී පෙන්වා දුන්න විදිහට අපට හිතුමතේ අනවශ්‍ය විදිහට ගල් අගුරු, ඩීසල් පැට්‍රල් දහනය කරමින් වායුගෝලයට කාබන් එකතු කරන්න බෑ. ඒ එහෙම උනොත් ගෝලීය  උශ්ණත්වය පාලනය කර ගත නොහැකි විදිහට ඉහල යාමට ඉඩ තියෙන හින්දා. ගෝලීය උශ්ණවය ඉහල යෑම සමස්ථ මානව ශිෂ්ඨාචාරයටම තමන්ගෙ පැවැත්ම පිලිබද ප්‍රශ්ණයක්.

එතකොට දැන් ප්‍රශ්ණය වෙන්නේ කාටද පරිසරයට කාබන් එකතු කරන්න වැඩිම අයිතිය හම්බ වෙන්නේ කියන එකයි.

දියුණු රටක ඉන්න පවුලක, ගෙදරක  තාත්තටයි අම්මමටයි වැඩට යන්න වෙන වෙනම කාර් තියාගෙන කරදඩු උස් මහත් වෙච්ච ලොකු පුතාට පාට් ටයිම් ජොබ් එක කර ගන්නත් ගෙදර කාර් එකක් තියා ගෙන ඉන්න පුලුවන්. ඒතකොට රස්නේ උනාම ඒසී දාගෙන හීත කාලෙදි හිට්ර් දාගෙන ඉන්න එකෙත් වරදක් නෑ.

හැබැයි ඒක එහෙම උනාට වීනෙයි ඉන්දියාවෙයි ඉන්න බිලියන් ගානක දුප්පත්  පොරවල් කකුල් දෙකට වීරීය දාලා පදින සයිකල් කට්ට වෙනුවට මොටර් සයිකලයක් ගන්න එක ප්‍රශ්ණයක් වෙනවා.  මොකද ඒතකොට තෙල් බැරල් එකට තරගේ වැඩි වෙනවා වගේම පුච්චපු තෙල් වලින් වායුගෝලයය්ට එකතු කරන කාබන් ප්‍රමානයත් වැඩි වෙන හින්දා... ඒ වගේම චීනෙ, ඉන්දියාවෙ, වේල් දෙකක් කාපු අය වේල් තුනක් කන්න ගත්තොත් දියුණු රටවල සුපර් මාර්කට් වල කෑම ගනන් ඉහල යන බවත් පහුගිය කාලේ අත්දැකපු දේවල්..

සීමිත සම්පත් වලින් අසීමිත පිරිසකගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බෑ වගේම අසීමිත පිරිසක් සුලුවෙන් නමුත් කරන කාබන් විමෝචනයටත් ඉඩ තියෙන්න බෑ...ඇත්තෙනම් කිවහොත් කාර්මික යුගයේදී , යුරෝපය විසින් වායුගෝලයට නිදහස් කරන්න පුලුවන් උපරිම කාබන් ප්‍රමානය නිකුත් කර අවසන්...දැන් චීනයටත් , ඉන්දියාවටත්, බ්‍රසීලයටත් ඒ ගොල්ලන්ට ඕනා විදිහට කාබන් නිකුත් කරන්න දෙන්න බෑ...

අකාබනික ශක්ති ප්‍රභවයක් හොයා ගන්න කන් , මේ ප්‍රශ්නෙට තියෙන හොදම විසදුම අර දියුණු වෙමින් පවතින රටවල මිනිස් ඔලු ගාන,  ඔවුන් පාවිච්චි කරන සභාවික සම්පත් පාලනය කරන එක තමයි. මේක කරන්න තමයි දේශපාලනය ඕනේ වෙන්නේ...ගැ‍ටුම්, දරිද්‍රතාවය මේකට යොදා ගන්නා උපකරනයි.

පරිසර දේශපාලනයේ තුන් වෙනි මානය කුණුකන්දල් ටික සුද්ධ කර ගැනීමේ ප්‍රශ්ණයයි. න්‍යශීටික බලය ජනනය කිරීමේදී එකතුවෙන විකිරණශීලි අපද්‍රවය වල ඉදන් දියුණු රටව්ල ජනයා අවුරුද්දෙන් අවුරුද්දට කුණුකූඩෙට  විසි කරලා දාන පරණ ෆෝන් එක දක්වා දීර්ඝ පරාසයක මේ ප්‍රශ්ණය විහිදිලා තියෙනවා.

දැනටමත් මේ ලිපිය මාගලක් වගේ ලියලා තියෙන හින්න කුණු ප්‍රශ්නය ඉදිරි ලිපියකින් සාකච්චා කිරීමට ඉඩ තියා ගන්නවා.



ප :ලි :

මේ ලියලා තියෙන්නේ මේ බ්ලොගයේ 50 වෙනි ලිපියයි. මේක  අරවින්දලාගේ ජයසූරියලගේ හාෆ් සෙන්චරියක් වගේ නොව හෂාන්ගේ වගේ සෑහෙන තටමලා දාපු හාෆ් සෙන්චරියක්. බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2010 දී. පෝස්ට් 50 දාන්න අවුරුදු තුනක් ගියා.ඒත් ආපු දිහා හැරිලා බලද්දි මට පොඩි ආතල් එකක් එනවා.  කොච්චර වෙලාව නැති කාලවල් ආවත් නොටවුට් වෙලා ඉන්න හිතෙන්නේ මේ ලියන එකෙයි, සමහර වෙලාවට සුලුවෙන්, සමහර වෙලාවට වැඩියෙන් ලැබෙන ප්‍රතිචාර වලයි  තීයෙන ආතල් එක හින්දා තමයි. ඒක හින්දා මේ හාෆ් සෙන්චරි එක දාපු වෙලාවේ බැට් එක උස්සලා මේ බ්ලොග් පඩංගුව බලන්න ආපු හැමොටමත්, කමෙන්‍ටුවක් දාලා ප්‍රතිචාර දක්වපු හැමෝටමත් මයියා ස්තූතියි කියලා කියනවා....ඒක ලොකු ස්තූතියක්...ලොකුම ලොකු එකක්...:)

බ්ලොග් වලින් සමාජ වෙනස් කරන්න පුලුවන් කියලා හිතන්නේ නෑ කියලා කීප දෙනෙක් ලියලා තියෙනවා මං කීප තැනක දැකලා තියෙනවා...සමාජෙ ගැන කියන්න යන්නේ නැති උනත් මං සම්භන්දයෙන් නම් කියන්න තියෙන්නේ බ්ලොග් හින්දා මං නම් වෙනස් වෙලා තියෙනවා කියලා තමයි...ඒක මයිලේඩි කියනවා වගේ ආපු වෙලාවේ ඉදං කෝම්පීටරේ බදා ගෙන ඉන්නවා වගේ චර්‍ය්‍යාමය වෙනසක ට වඩා ආකල්පමය වෙනසක්...ඒ හින්දා බ්ලොග් ලියන හැමෝටමත් ස්තූතියි........

තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මයියාව සින්ඩිකේටර් වලට දාලා තියෙන ඇඩ්මින්වරුන්ටත්,  බ්ලොග් රෝල් වලා දාලා තියෙන සහෘද බ්ලොග්කරුවන්ටත් ගොඩාක් ස්තූතියි. ඒකත් ලොකුම ලොකු ස්තූතියක්....


Wednesday, 13 March 2013

චාවේස්ගේ අම්මට හරාම් කිරීම හා ලොක්කව හලාල් කිරීම



වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවෙස්..

හියුගෝ චාවෙස් උන්නැහැ සදහටම ඇස් පියාගෙන වැඩි දවසක් නෑ....ලෝකයේ පොලිස්කාරයා උන ඇමෙරිකාවට කිට්‍ටුවෙන් ඉදගෙන ඇමෙරිකාවට සද්දෙ දාපු හින්දා චාවෙස් උන්දැව සමහර අයට වීරයෙක්....ඒ හින්ද ද කොහෙදෝ ඉස්සර චේ ගේ පච්චෙට තිබ්බ ඉල්ලුම මේ දවස් වල චාවෙස් උන්දැට ගොහින් කියලත් කියනවා...ඇමෙරිකාවට බැණ බැණ ඇමෙරිකාවටම තමන්ගෙ තෙල් ටික විකුනපු චා වෙස් උන්දැව මට නම් පේන්නේ හොද ප්‍රායෝගික මිනිහෙක් විදිහට. තෙල් ටික තිබ්බ හින්දා ඇමෙරිකාවත් චාවෙස් උන්දැගේ පුස් පාට් දත කට පූට්‍ටු කරං ඉවසගෙන හිටියට ...මෑන්ස් කරපු දේවල් අපේ අය ඒ විදිහට කරන්න ගියෝත් නම් ඇණ ගන්නවා බඩු සුවර්.....

චාවෙස් ගොයියගේ හොදම යාළුවෙක් තමයි ඉරාණයේ අහමෙන්දිජෑඩ් ගොයියා. මිනිහත් ගැහිලි බැහිලි නැති අවංක මනුස්සයා..ඒත් ඇමෙරිකාවට දාන චන්ඩි පාට් ගත්තම නම් ඉතින්  දෙන්නම අයියයි මල්ලියි වගේ තමයි... සතුරගේ සතුරා තමන්ගේ මිතුරා කියලා සෙට් වෙච්ච හොද ගජයෝ දෙන්නෙක් තමයි මේ ගොයියෝ ඩබල....


ඒච්චර ‍ෆිට් එකේ හිටපු තමන්ගේ යාළුවගේ මල ගෙදරට අහමෙන්දීජෑඩ් ආවේ බොක්කෙන්ම තමයි. කදුලු පුරෝගෙන මල ගෙදරට ආපු අහමෙන්දිජෑඩ් හදවතින්ම මරණේ ගැන කණගා‍ටු උනා. කණගා‍ටු උනා විතරක් නෙවෙයි චාවෙස් ගොයියාගේ  අම්මවත් බදාගෙන ඇඩුවා. බදාගත්තේ චාවෙස් ගොයියගේ අම්ම මිසක් ගෑණි නෙවෙයි... ඒ උනාට ඉරාණේ ඉන්න කොන ඉරා ගත්ත පොරවල් මේකට සැහෙන්න කලබල වෙලා... අහමෙන්දිජෑඩ් ලොක්කා චාවෙස්ගේ අම්මට හරාම් කරයි කියලයි චෝදනාව. ඔච්චර සෙනඟ ගොඩක් මැද්දේ, ඒච්චර සූටි කාලෙකදී, බදා ගත්ත ඇරෙන්න වෙන ලොකු වැඩක් මේ වගේ අහිංසකයෙක් කලා කියලා හිතන්න මට නම කොහොමත් අමාරුයි.....පවු අසරණයා....




අහමෙන්දිජෑඩ් ගොයියා චාවෙස්ගේ මෑණියන්ට හරාම් කිරීම


මේ  ගොල්ලෝ කියන විදිහට මුස්ලිම් පොරක් වෙච්ච අහමෙන්දිජෑඩ් ට තමන්ගේ  ගෑණි, දරුවෝ හැර වෙනත් ගෑණියෙක්ගේ යන්තන් නිකන් ගෑවෙන්නවත් තහනම් ලු. ඒ කියන්නේ හරාම් ලු..හැබැයි දියේ ගිලෙන්න යන ගෑණියෙක් හරි, බේතක් දෙන්න යන වෙලාවට හරි නම් ඒවගේ දෙයක් උනාට කමක් නෑලු..ඒත් මේක හරාම් ලු. ඒත් මං නං කියන්නේ දුක නැමැති සාගරයේ ගිලෙමින් සිටි චාවේස් මෑණියන්වයි අපේ අහමෙන්දිජෑඩ් ගොයියා ගිහින් තුරුලු කොර ගත්තේ කියලා...ඒකත් එක්තරා විදිහක ගිලෙන්නයන ජීවිතයක් බේරුවා වගේ තමයි...   ඒක හින්දා එක හරාම් වෙන්න බෑ.....

අනෙත් එක ගෑණියෙක්ගේ ඇගේ ගැවෙන එක හරාම් නම් පිරිමියෙක්ගේ ඇගේ ගෑවෙන එකත් හරාම් වෙන්න ඕනේ...මොකද ඔය ලිංගික හැහීම් පහල වෙන්නේ එක එක අයට එක එක විදිහට නොවෑ..



ඕක හොදටම පැහැදිලි කොර ගන්න තිබ්බා හොද කොලුකාරයෙක්ගෙන් ඇහුව නම්..අර මාතලං ගොයියා ලියපු සීනූ කථාව මතකයිනේ...අනිත් එක මේක අහමෙන්දිජෑඩ් ගොයියට ගොඩ යන්න හොද තර්කයක්...මේ තර්කේ දාලා  මේ මොහොතේ මංගල මහත්තයා හරි රනිල් මහත්තයා හරි අන්තර්ජාතික ප්‍රකාශයක් නිකුත් කලා නම්...අන්න වටින දේවල්.....අර අසරණ අහමෙන්දිජෑඩ් ගොයියත් ගොඩ යනවා.....හාල් වෙලා ඉන්න මංගල ලොක්කයි රනිල් ලොක්කයිත් අන්තර්ජාතිකව ප්‍රසිද්ධත් වෙනවා.....ඊලග මැතිවරණෙට ඇමෙරිකාවේ හරි යුරෝපේ  හරි කොලු සංවිධාන උනත් ඒතුමනලට බැහලා වැඩ කරයි..ගේ අයිතිවාසිකම් ගැන කථා කොලාට....

තව පොඩි දෙයක් තියෙනවා...අහමෙන්දිජෑඩ් ගොයියා අපේ ලොක්කවත් තුරුලු කරන් තියෙනවා...



මුස්ලිම් සහෝදරයන්ට මේක හලාල් උනාට අපට නම් මේක හරාම් වෙලයි තියෙන්නේ......මේ දවස්වල අපේ අයට  අමෙරිකාව ජීනීවා වලදි අම්බානකට නෙලනවා.....ඔය වෙලාවට තමයි  ඇමෙරිකාවට අපට කියන්න වෙන්නේ සතුරගේ මිතුරා සතුරා නෙමෙයි...අපි හොද ලමයි කියලා....

Tuesday, 5 March 2013

බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....


මචං පොඩි කේස් එකක් තියෙනවා ....අපි පොඩ්ඩක් ඒක ගැන කථා කරමුද? මේක මේ ගෝලීය උණුසුම කියලා සීන් එකක්.....


'ගෝලීය උණුසුම'... මොකක්ද ඕයි මේ.....?

'ගෝලීය උණුසුම ඉහල යාම' ( Global Warming) ලෙස සාමාන්‍යයෙන් විස්තර කරන්නේ පෘතුවි මතුපිට  උෂ්ණත්වය අංශක කීපයකින් ඉහල යෑමටය. සාමාන්‍යයෙන් පෘතුවි මතුපිට උෂ්ණත්වය වසර බිලියන් 4.5 පමණ වූ එහි  ඉතිහාසය හා සසදන කල කවදාවත් නියතව තිබී නැත.

වසර බිලියන් 4.5 වූ පෘතුවියේ වයස හා සසදන කල, මානව ඉතිහාසය වසර ලක්ශ 2 ට වඩා ඉපැරණි නොවේ.මෙයිනුත් ශිෂ්ඨාරගත ඉතිහාසය අවුරුදු 8000ට වඩා ඉපැරණි නොවේ.මේ කාල සීමාව තුල ගෝලිය උෂ්ණත්වයේ සැලකිය යුතු විචලනයක් අපේක්ෂා නොකරයි. නමුත් කාර්මික යුගයේ සිට බහුලව සිදු කරනු ලැබු 'පොසීල ඉන්ධන' දහනයත් සමග වායුගෝලයට නිකුත් කෙරුනු කාබන්ඩයොක්සයිඩ් වායුව හේතු කර ගෙන ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1-4 අතර ප්‍රමාණයකින් ඉහල ගොස් ඇතැයි කියැවේ. ' ගෝලීය උණුසුම ඉහල යාම' ලෙස වර්ථමානයේ ඉතා පුලුල් ලෙස සාකාච්චාවට ගැනෙන්නේ මේ සංසිද්ධිය ය.

පොඩ්ඩක් රස්නේ දැනුනම් මොකද ඉතින්..ඒච්චර දගලන්න දෙයක් නෑනේ මචං....?

ගෝලීය උණුසුම හුදෙක් අප වටා ඇති පරිසරය උණුසූම් වීම නිසා දැනෙන අපහසුවක් ලෙස ලඝු කර නොසැලකිය යුතුය. එය ඊට වඩා ඉහල, වඩා සංකීර්ණ වූ තවත් ප්‍රශ්ණ ගණනාවක මූලාරම්භය ය. උදාහරණයක් ලෙස ගෝලීය උෂ්ණත්වයේ සිදුවන අංශක කීපයක වෙනසක් නිසා උවද, ලෝකය පුරා වර්ශාපතන රටාවන් වෙනස් වීමට,  සුළං රටා වෙනස් වීමට, මුහුදු රල රටා වෙනස් වීමට, අයිස් කදු දිය වී මුහුදු මට්ටම් ඉහල යාමට හේතූ වේ.

උදාහරණයක් ලෙස වසර කීපයකට පෙර ඉතා ජනප්‍රිය වූ 'The Day After Tomorrow' චිත්‍රපටියෙන් පෙන්නුම් කලේ ගෝලීය උණුසුම ඉහල යාම නිසා සාගර රල රටාවක් වෙනස් වී උතුරු අර්ධගෝලය ක්ශණිකව අයිස් යුගයකට පත් වී මානව ශිෂ්ඨාචාරය අනතුරකට ලක් වීමේ කථා පුවතකුයි. උතුරු ආත්ලාන්තික් දෝලනය ( North Atlantic Oscillation)  ලෙස හදුන්වන, වර්තමානයේ පවා විද්‍යාත්මකව අදුනා ගත් සාගර රල රටාවක්, ගෝලීය උණුසුම නිසා නතර වී, එමගින් උතුරු අර්ධගෝලය අයිස් යූගයකට යෑම චිත්‍රපටියේ ඉදිරිපත් කරයි.



ගෝලීය උණුසුම හා බැදුනු තවත් ඉතා ජනප්‍රිය කතිකාවක් වන්නේ මුහුදු මට්ටමේ සිදුවන ඉහල යාමයි. ආක්ටික්, ඇන්ටාර්ටික්, හිමාල ආදී ග්ලැසියර, හිම කදු දියවීම නිසා මුහුදට එක් වෙන අතිවිශාල ජල පරිමාවත් සමග මුහුදු මට්ටමේ ඉහල යෑමක් අපේක්ශා කරන අතර මාලදිවයින , ලංකාව බදු දූපත් රටවල් මෙමගින් විශාල අනතුරකට ලක් වීමට ඉඩ ඇතයි පැවසේ.





හරි බං ඔය ඕක පොඩ්ඩක් රත්වෙන්න පටන් අරං ඊට පස්සේ ඕක හරි යයි...ඒච්චර කලබල වෙන්න එපා.....

ගෝලීය උණුසුම් වීමට පටන් ගැනීමේ මූලීකම අවදානම එය පටන් ගත්හොත් එය ක්‍රමක්‍රමයෙන් වැඩි වීමයි. මේවා ෆීඩ් බැක් (Feedback)  ලෙස හදුන්වයි.

උදාහරණයක් ලෙස හිම කදු ග්ලැසියර් මගින්, පොලොවට පතිත වන හිරු කිරණ වලින් සැලකිය යුතු ප්‍රමානයක් නැවත පරාවර්තනය කරනු ලබයි. එම නිසා පොලොවේ රත් වීම ලෝකයේ ඇති ග්ලැසියර මගින් අඩු අගයක පවත්වා ගනියි. නමුත් වර්තමානයේ අත් විදින හිම කදු දිය වී යෑම නිසා මෙම ක්‍රියාවලිය අඩාල වී වැඩි තාප ප්‍රමාණයක් පොලොවේ තබා ගැනීමට හේතූ වේ.එමගින් පෘතුවිය තව තවත් රත් කරනු ලබයි.




තවත් මෙවන් උදාහරණයක් වන්නේ වායුගෝලයේ ඇති ජලවාෂ්ප ප්‍රමානයයි. ගෝලීය උණුසුම වැඩි වීම නිසා සාගර හා අනිකුත් ජලතඨාක මගින් වැඩි ජල පරිමාවක් ජල වාෂ්ප ලෙස වායුගෝලයට එක් කරයි. වායුගෝලයේ ඇති ජල වාශ්ප ද, කාබන් ඩයොක්සයිඩ් වායුව මෙන්ම පොලොව රත් කිරීමට උදව් දෙයි. එම නිසා උණුසුම තව තවත් වැඩි වේ.


හරි හරි දැන් ඔය කේස් එක හින්දා ලංකාවේ අපට මොකක්ද වෙන්නේ...?

ගෝලීය උණුසුම ඉහල යෑම නිසා වර්තමානයේ අපට දැනෙන විශාලතම වෙනස නම් වර්ෂාපතන හා සෘතු රටා වෙනස් වීමයි. ලංකාවේදී අපට වර්තමානයේ නිතර නිතර අත්වීදීමට ලැබෙන අධික වර්ෂාපතනයන් හා ගංවතුර, අධික නියඟ කාලයන්  ගෝලීය උණුසුම ඉහල යෑම නිසා අපට අත්විදීමට ලැබෙන ආසන්නතම උදාහරණය. පිටරටවලදී නම් දිර්ඝ ශීත කාල, අධික උණුසුම් කාල සිමා ගෝලීය උණුසුමේ අතුරු ඵලයන් ලෙස වර්තමානයේ අත් විදී.

සුලි සුලං ඇතිවන වාර ගණන වැඩි වීම, එම සුලිසුලං වල සැඩපරුශ බාවය වැඩි වීමද ගෝලීය උණුසුම වැඩි වීමත් සමග ඉහල යනු ඇතැයි අපේක්ශා කෙරේ.



කොටින්ම කිවහොත් ගෝලීය උණුසුම ඉහල යෑම නිසා සිදු වී ඇති වඩාත්ම ඇඟට දැනෙන දේ නම් ස්භාවික විපත් ඉහල යාමයි.

ස්භාවික විපත් ඉහල යෑම නිසා සිදුවන ඊලග වැදගත්ම කාරණය නම් ආර්ථික  හා සමාජ හානියයි. උදාහරනයක් ලෙස අධික  ජල ගැලීම් නිසා කෘෂිකාර්මාන්තයට වෙන හානිය හා ජනතාව අවතැන් වීම අද ඉතා සුලභ හා සාමාන්‍ය සිදූවීමක් බාවට පත් වී ඇත.

මේ නිසා ලංකාවේ ආර්ථිකයට වන බලපෑම ඉතා ඉහලය.  ගෝලීය උණුසුම ඉහල යෑම නිසා ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ආර්ථිකයට වන බලපෑම 25% වඩා අධික  බව සාමාන්‍ය මතයයි...




හරි මචං කේස් එක ජෙනුයින්...දැන් කාවද ඕකට අල්ලගන්නේ.....ගේම ඉල්ලන්න ඕනේ කාගෙන්ද?

ගෝලීය උණුසුම වැඩි වීමට ප්‍රධාන ලෙසම හේතූ වන්නේ  පෝසීල ඉන්ධන එනම්  ඩීසල්, පැට්‍රල්, ගල් අගුරු ආදී කාබන් අඩංගු ඉන්ධන දහනයයි. ඒ අරුතින් ගත් කල  වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීමට අප සියල්ලම දායක වෙයි.

කෙසේ නමුත් කාර්මික විප්ලවය අවධියේ යුරෝපයේ කාර්මික රටවල් වායුගෝලයට නිදහස් කරන ලද අති වීශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්තමාන ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලියේ ආරම්භයයි. එසේම වර්තමානයේ ශ්‍රීඝ්‍ර ආර්ථික දියුණුවක් ලබමින් සිටින ඉන්දියාව හා චීනය අති විශාල කාබන් ප්‍රමාණයක් වායුගෝලය වෙත නිදහස් කරමින් පවතී.

කෙසේ නමුත් වර්තමාන ලෝකයේ  වැඩියෙන්ම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරන්නේ ලෝකයයේ ආර්ථික බලවතා වන ඇමෙරිකාවය.

ලෝකය දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් ලෙස බෙදා දක්වතොත් , වර්තමාන්යේ ලෝකයේ ස්භාවික සම්පත් වලින් 80% ක් පරිහරණය කරන්නේ ලෝක ජනගහනයෙන් 20% ක් වූ දියුණු රටවල ජනතාවය. ඉතිරි 80% වූ දියුණු වෙමින් පවතින රටවල දුප්පත් ජනතාව පරිහරණය කරන්නේ ලෝකයේ ඇති 20% පමණ වූ ස්භාවික සම්පත්ය.

ඒ නයින් බලන කල 20% ක් වූ පොහොසත් රටවල් ලෝක කාබන් දහනයට 80% දායක වන අතර ඔවුන්ගේ ඒක පුද්ගල කාබන් දහනය ඉතා ඉහලය. වැඩිම එක පුද්ගල කාබන් දහනයක් ඇත්තේ ඕස්ට්‍රේලීයානුවගෙන්ය.

මෙම විශමතාවය දියුණු වෙමින් පවතින රටවල අභ්‍යන්තයේදීද  වෙන්ව දක්නට ලැබේ. මේ රටවල දුප්පතුන් යනු දුප්පතුන්ගෙත් දුප්පතුන්ය.

Source: (WB, 2010)

ඉතිං  මචං.......


මානව ඉතිහාසය පුරාම ගැ‍ටුම්, යුද්ධ බොහොමයක් ඇති වී ඇත්තේ ස්භාවික සම්පත් බෙදා ගැනීම උදෙසාය. වර්ථමානය වන විට ස්භාවික සම්පත් දිනා ගැනීමට අමතරව ගෝලීය උණුසුම් වීම පාලනය කිරීමද මෙම ස්භාවික සම්පත් දිනා ගැනීමේ සටනේ එක අංගයක්ය.

උදාහරනයක් ලෙස චීනයේ හා ඉන්දීයාවේ පාපැදියෙන් අද වැඩට යන ශ්‍රමිකයා හෙට දිනයේ මොටො බයිසිකලයෙන් වැඩට යෑම ලෝකයේ ජීවත් වෙන අප සැවෝටම ප්‍රශ්ණයකි. ඔවුන් නිකුත් කරන කාබන් නිසා ගෝලීය උෂ්නත්වය ඉහල යයි. එය දියුණු රටවල ජනයාට කාබන් නිකුත් කිරීමට තියෙන හැකියාව තව තවත් සීමා කිරීමට හේතු වෙයි.

අද දවසේ බොහෝ දේශපාලන තීන්දු තීරන ගැනෙන්නේ ස්භාවික සම්පත් කොල්ල කා ගැනීම උදෙසා පමනක් නොවේය. ස්භාවික සම්පත් පාවිච්චි කරන ඔලු ගෙඩි ගණන සීමා කිරීමද ( උපත් පාලනය,යුද්ධය ), ස්භාවික සම්පත් භාවිතා කිරීමට ඇති හැකියාව ( පෝසත් වීම)  අවම  කිරීමද නූතන යටත් විජිත දේශපාලනයේ නව මානයන්ය.


Friday, 1 March 2013

ලිදේ ගෙම්බන් හා ලෝකයේ උන් : අසූවයි විස්සේ කථාව

http://www.guardian.co.uk/news/datablog/2010/jun/09/bp-energy-statistics-consumption-reserves-energy




'ගෝලීය උණුසුම' ( Global Warming) ,  ' පරිසර වෙනස් වීම (Climate change)' යන වචන ලංකාවේ අපිට නිතර නිතර අසා ඇති නමුත් යුද්ධය, දේශපාලනය, ආණ්ඩු විරෝධය, දූශණය , වංචාව හෝ ගොසිප් වැනි ජනප්‍රිය මාතෘකා ගොන්නට ඒවා නොවැටේ. ගෝලීය උණුසුම වැනි විශයන් සම්භන්දව, පාසල් යන දුවා දරුවන් අතර කිසියම් ප්‍රමාණයකට දැනුවත් වීමක් ඇතැයි අනුමාන කල හැකි උවත්  වැඩිහිටියන් අතර නම් මෙවැනි මාතෘකා කතා කරනු දක්නට ලැබීම අතිශය  දුර්ලභය. මෙවැනි විෂයන් සම්බන්දව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අතරද කතිකාවක් නොමැති තරම්ය.

ලංකාවේ 'පරිසර විද්‍යාව (Environmantal Science)' පිලිබද ඇති සැලකීම ඒවැන්නක් උවත් ලෝකය සම්භන්දව ගත් කල ඒ පිලිබද ඇති අවධානය අති මහත්ය. කොටින්ම කිවහොත් අද ලෝක දේශපාලනය යටින් දිවෙන ප්‍රධාන අරමුණූ පරිසර ඉලක්කයන්ය. අද ලෝකය් ඇති වී  ඇති ප්‍රධාන යුද්ධ කීපයකම මූලික පදනම හා අරමුණ වී ඇත්තේ පරිසරය හා හා බැදුනු දේය.   ඒ නිසාම බටහිර රටකදී ' ගෝලීය උණුසුම', 'කාබන් බදු' වැනි මාතෘකා  ඒරට සාමාන්‍ය ජනතාව අතරද ඉතා ප්‍රචලිත මාතෘකාය. කොටින්ම කිවහෝත් පාසලේ බාලාංශ පංතිවල ඉගෙන ගන්නා දරුවන් පවා ගෝලීය උණුසුම පිලිබද ප්‍රශ්ණ පිලිබද සුලු ප්‍රමාණයෙන් උවද දැනුවත්ය.

මුලින් කීවාක් මෙන් පරිසර ප්‍රශ්ණය වර්තමාන ලෝක දේශපාලනය මෙහෙයවන ප්‍රධාන සාදකය ය. මතුපිටන්  බැලු කල එය එක එල්ලේ දක්නට නොලැබුනත් වඩා විමසිලිමත්ව බැලූ කල මෙය මනාව අවබෝධ කර ගත හැක්කකි. අද යුද්ධය, දේශපාලනය හා පරිසරය යනු වෙන් වෙන් කාරණා නොව එකිනෙක බැදුනු පරිසරය මුල් කර ගෙන දිවෙන ප්‍රපංචයන්ය.

උදාහණයක් ලෙස මීට අවුරුද්දකට පමන පෙර ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් එක ‍රැයෙන් පු‍ටුවෙන් විසි වී ඒ වෙනුවට කාබන් බදු සම්භන්දයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුනු ජූලියා ගිලාඩ් පත්වීමට තරම පරිසරය හා දේශපාලනය එකීනෙක බැදුණු කාරණාය. කෙවින් රඩ් අගමැති යටතේ නින්දට ගිය ඕස්ට්‍රේල්ලියානුවන් පසුදා උදෑසන ඇහැරුනේ ජූලියා ගිලාඩ් අගමැතිනිය යටතේය. ප්‍රජාත්‍රන්තවාදය කෙසේ වෙතත් පරිසරයත් එක්ක ගනුදෙනු කරන ඕස්ට්‍රේලියානු පතල් කරුවන් ඒතරම් ප්‍රභලය.



http://www.smh.com.au/opinion/politics/selfinterest-will-dictate-that-the-party-now-unites-20120226-1twh0.html

ඒ ප්‍රජාත්‍රන්තවාදය සුරකින ශිෂ්ඨ යැයි සැලකෙන රටකට  පරසරය බලපාන ආකාරය. මූල්‍යමය අතින් දුශ්කර,  දේශපාලන වශයෙන් දුර්වල රටකට පරිසරය හා බැදුනු කාරණා බලපෑම් කරන ආකාරය මීට වඩා දරුණුය. අශිෂ්ඨය.


මේ ඔක්කොම පැහැදිලි කල හැකි තියරියක් ඇත. එයට මා කියන්නේ 'අසූවයි - විස්සේ ' තියරිය කියාය. කලමණාකරණය හා ඉකොනොමික්ස් විශයන් හදාරන අය නම් මෙය වෙනත් නම් වලින් හදුන්වනවා  අසා ඇති මුත් 'අසූවයි - විස්සේ ' තියරිය අද අප මුහුණ පා ඇති ගොඩක් ප්‍රශ්ණ වල මූලික යථාර්ථය ය.

අසූවයි විස්සේ තියරියත් සමග ඊලග ලිපියෙන් නැවත් හමු වෙමු...