Wednesday 13 November 2013

සුදු වර්ගවාදයට නානසාර කුප්පියක්



මීට කාලෙකට කලින් මං බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා 'සිංහල ලේ පාරිශුද්ධ ද?' කියලා....මාතෘකාවෙන් මොකක් කියැවුනත්, ඒ ලිපියෙන් මට කියන්න ඕනා උනේ සිංහලයා දෙමලා සමගත්, දෙමලා සිංහලයා සමගත්  හොදටම ලේ වලින් කලවං බව කියන්න...එහෙමත් නැත්තං ඒගොල්ලො ලේ නෑයෝ බව කියන්න...

මේ වගේ දේවල් කිව්වම සිංහලයා පැවත එන්නේ උතුරු ඉන්දියානූ ආර්‍ය ලේ වලින් කියලා හිතන් ඉන්න අයගෙන් වගේම දෙමලා පැවත එන්නේ දකුණු ඉන්දියාවේ  චෝල, පාන්ඩ්‍ය පරපුරවලින් කියල හිතන් ඉන්න යාපනේ වෙල්ලාල පොරවල් වලටත් ඒවා එච්චර දිරවා ගන්න බෑ....

මේ වගේ තම තමන්ගේ කුලේ,පරපුර ගැන ලොකුවට හිතං ඉන්න පොරවල් ඉන්නේ ලංකාව වගේ දූපත් මානසිකත්ව තියෙන රටවල් වල විතරක් නෙවෙයි.... ලිබරල් කියලා හිතං ඉන්න ඇමෙරිකාව, යුරෝපීය රටවල් වලත් ඉන්නවා... අන්ත දක්ශිණාංශික එහෙමත් නැත්නං සුදු වර්ගවාදය කර උඩ තියං ඉන්න මේ වගේ පොරවල් විවිධ  සංවිධාන හදා ගෙන කල්ලි ගැහෙනවා....අතීතයේ ඉදන්ම තාමත්..

ඔය වගේ සුදු වර්ගවාදී සංවිධානයක් ගැන මම මුලින්ම පොඩි කාලේ දැන ගත්තේ 'ෂර්ලොක් හොම්ස්' කතන්දරයක් කියවද්දී. ඒ කථාවේ තිබ්බ 'කූ කලක්ස් ක්ලෑන්' කියන්නේ සුදු වර්ගවාදී සංවිධානයක්.

මේ ඉන්නේ කු කලක්ස් ක්ලෑන් එකේ පොරවල්..


මේ ඔක්කොම කතන්දර මගේ ඔළුවට ආවේ මෙන්න මේ  වීඩියෝ එක දැක්කම....

ක්‍රෙග් කොබ් අවුරුදු 62 ක් මනුස්සයෙක්. වයසට ගියාට මොකද මෑන්ස් සුදු වර්ගවාදී අදහස් තියෙන පොරක්. මැන්ස්ට ඕනේ ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා නගරය සුදු වර්ගවාදී ටවුන් එකක් කර ගන්න....මෑන්ස් දවසක ටීවී ශෝ එකකට ලයිව් ගෙන්වනවා....මේ වැඩසටහනෙදී  ක්‍රෙග් මහත්තයගේ ඩීඑන් ඒ පරීක්ශණයක ප්‍රතිපලත් ඒ මහත්තයට සජීවීවම දැන ගන්න සලස්වනවා....


ක්‍රේග් මහත්තයා


DNA පරීක්ශනේ ප්‍රතිපල් ආවාම සුදු ස්වෝත්මවාදී අදහස් තියෙන් ක්‍රේග් මහත්තයගේ ඇගෙත් 12% කට වඩා තියෙන්නේ අප්‍රිකානූ කලු සමට නෑ කමක්....අසරණයා ඒක දැන ගන්නේ මිනිස්සු දාස් ගාණකගේ දෑස් ඉස්සරා....අනේ අපොයි ක්‍රෙග් මහත්තයෝ.....

ප:ලි.. ටීවී ශෝ එකකදී සජීවීව මේ වගේ අපහසුතාවය පත් උනාම ගොඩ දාගන්න විදිහ  ඥාණසාර කියලා හාමුදුරු කෙනෙක් ලංකාවේදි කියලා දෙනවා...ක්‍රෙග් මහත්තයට මේ  ගැන පොඩ්ඩක් කියල යවන්න ඕනේ...

2222