Monday 10 June 2013

සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....

http://hamstertails.com/

වැස්සෙන් පස්සේ පීදෙන ලපටි තණ අතරින් සුදු පාට සමනල්ලු දාස් ගනන් මතුවෙලා එකම පැත්තකට පියාඹනවා. එගොල්ලො යන්නේ සිරීපාදෙ වදින්නයි කියලා පොඩි කාළේ අම්මලා අපට කිව්වා.පොඩි කාලේදී එහෙම ඉගෙන ගත්තට, ලොකු වෙලා බජාර් එකට බැස්සම අපි ඉගෙන ගත්තේ..... සමනල්ලු සිරිපාදේ ගියාට කැරපොත්තන්ට සිරිපාදේ යන්න බෑ කියලා. කැරපොත්තන්ට තියා සමනලුනටත් සිරීපාදේ යන්න බැරි විත්තිය රෝමැන්ටික් හීන වල අතරමං වෙච්චි අයට නොතේරෙන යථාර්තයක්.ඒත් පියාඹන්න හදන සමනලයාගේ ත‍ටු ගැහිල්ල, ලෝකය වෙනස් කරනවයි කියන එක විද්‍යාත්මක තර්කනයක්.

බ්ලොග් ලියලා සමාජය වෙනස් කරන්න බෑ කියලා ගොඩක් දෙනෙක් ගොඩක් තැන් වල කියනවා...එහෙම අයට මට කියන්න තියෙන්නේ ඒගොල්ලන් කැරපොත්තන්ට තියා සමනලුන්ටත් සිරීපාදේ යන්න බෑයි කියලා දන්න යාථාර්ථයේ සිරකරුවන් කියලා. ඒත් වාසනාවකට හෝ අවාසනාවකට යතාර්ථය කියන්නෙ අවසාන විනිශ්චය නොවේ....

එඩ්වඩ් ලොරෙන්ස් යනු කාලගුණ විද්‍යාඥයෙක්. ඔහු පරිගණක ඇසුරින් නිර්මාණය කල කාලගුණ හා දේශගුණ මොඩල ( ආකෘති) මගින් කාලගුණ හා දේශගුණ තත්වය පූර්වකථනය කරන්නෙක්. දිනක් ඔහු අන් සියලු විචල්‍යන් නියතව තිබියදී එක විචල්‍යකට  0.506 ලෙස දත්තයක් ඇතුලු කරනවා. නමුත් එම විචල්‍යයේ සැබෑ අගය 0.506127 ක්.  අංක දෙක අතර වෙනස ඉතා සුළු දශම ස්ථාන කීපයක් උනත්, ඒ  අංක සදහා ලැබෙන ප්‍රතිධාන තත්වයන් දෙක ඉතා විශාල වෙනසක් ගන්නවා. එනම් ප්‍රථිපල හාත්පසින් වෙනස්... මේ ඇසුරින් ඔහු ලස්සන කථාවක් ගොඩ නගනවා.....ඔහු කියනා ආකාරයට 'බ්‍රසීලයේ ත‍ටුසලන කුඩා සමනලයෙක් නිසා ඇමෙරිකාවේ ටො(ර්)නැඩෝ කුණා‍ටුවක් ඇති විය හැකියි'.


ලොරෙන්ස් ගේ සමනලත‍ටු කථාවේ ගණිතමය නිරූපනයක්


සමනල ත‍ටු බලපෑම විස්තර කරන්න මෙච්චර දගලන්න දෙයක් නෑ....

ඇණයක් නැති නිසා ලාඩම ගහන්න බැරි වෙනවා....
ලාඩම නොගහපු නිසා අශ්වයා වැටෙනවා.....
අශ්වයා වැ‍ටුනු නිසා ජනරාල් මැරෙනවා....
ජනරාල් මැරුණු නිසා යුද්ධෙ පරදිනවා...
යුද්ධෙ පැරදුන හින්දා රාජධානිය වැටෙනවා....
අවසාන විග්‍රහයේදී..... ඇණයක් හින්දා මුලු රාජධානියක් වැටෙනවා....

සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න හැමෝම ජනරාල්වරු, රජවරු නෙවෙයි....ඒත් සමහර අය අර අශ්වයගේ ඇණේ ගහන සාමාන්‍ය මනුස්සය වෙන්න පුළුවන්....චූටී අදහසක්, සංකල්පයක් ඇතිවෙන්නේ නොහිතන පුද්ගලයෙක්ගේ මනසක වෙන්න පුලුවන්...තවත් කෙනෙකුට ඒක වර්ධනය කරලා, ඒක්කෝ ඒ ඇසුරින් ඊට හාත්පසින් වෙනස් සංකල්පයක් ඉදිරිපත් කරලා වෙනස් යමක් කරන්න පුලුවන්....ඒ නිර්මානය අනාගත දවසක ලෝකය , රට වෙනස් කරන සංකල්පයක් වෙන්න පුලුවන්...


සිංහල බ්ලොග් අවකාශය ගැන මට මෙච්චර පහන් සිතුවිලි ඇති උනේ..ගොඩ  කාලෙකට පස්සේ, ගිය ඉරිදා,  මම සති අන්ත සිංහල පුවත්පතක් බලපු නිසා....ඒකෙ තිබ්බ බංකොලොත්භාවය දැක්කම මට හිතුනේ සිංහල බ්ලෝග් අවකාශය සිංහල පත්තරවලට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා....

සිංහල බ්ලොග් අවකාශයේ විවිධාකාර ලිපි, නිර්මාණ තියෙනවා....ඊටත් වඩා මම නම් ආතල් ගන්නේ ලිපි වල තියෙන කමෙන්ට් කියවලා...පත්තර වල මෙවැනි සජීවී , ඩයිනමික් සංවාද අඩුයි..තිබ්බත් ඇත්තේ දේශපාලන නන්දෙඩවිල්ලක් විතරයි....නැත්තං පංපෝරියක්....

මට හිතෙන විදිහට සිංහල බ්ලොග් අවකාශය තම සමනල ත‍ටු සලනවා...

එය සිංහල ජනවිඥාණය ‍රැඩිකල් වෙනසකට යොමු කෙරෙන මහා සුලිසුළඟක ඇරඹුම විය හැකියි.......

එහෙම සුළිසුලඟක් ආවොත් ඒකේ  පලවෙනි සමනල ත‍ටු පියෑඹිල්ල වෙලා තියෙන්නේ, ඉන්ට්නෙට් අඩු වියදමට අරං දුන්න අපේ රජතූමාගේ සිතුවිල්ලම තමයි....

ප:ලි:  මේ අන්තිම වාක්‍යය ටික අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපද වලින් ලියලා තියෙන්නේ ඒව නිකන් හයිපොතෙටිකල් කේස් හින්දා තමයි....වෙන්නත් පුලුවන්...නොවෙන්නත් පුලුවන්....අමරාවික්ඛේපවාදයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ.....


41 comments:

  1. මාත් අනිවාර්යෙන්ම ඕනෙම පෝස්ට් එකක කමෙන්ට් කියවනවා... හේතුව මං ඒ සංවාද වලට ආස නිසා... ඒකේ හරිම සජීවී බවක් තියෙනවා... ( කමෙන්ට් 100ක් වැටිලා ඒකෙන් 80ක්ම සංවාදයට අදාළ නැති ඇනෝ කුණුහරුප නම් තියෙන්නේ, ඒක කියවන එක අතාරින එක වෙනම කේස් එකක්)

    කොහොමත් පත්තර නම් කියවනවා ගොඩක්ම අඩුයි... ඒකත් නෙට් එකෙන්නේ... අර ඉස්සර වගේ පත්තරේ කෑලි ටික රණ්ඩු වෙවී බලන්න තරම් දෙයක් දැන් පත්තර වල නෑ කියලා මටත් හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. පත්තර ලිපි ගත්තම වන් වේ තෙල් බෙදිල්ලක්...ඒත් බ්ලෝග ගත්තම පාඨකයාත් ලියන්නත් අතර දෙපැත්තටම වෙන තෙල් බෙදිල්ලක්....අන්තිමේදී තෙල කෑවේ කවුද කියලවත් හිතා ගන්න බෑ.....මේ වගේ සංවාද නම් ආතල් සාගරයක්....මොල වලට මසාජ් එකක්..හිරු වගේම මමත් පෝස්ට් වල සංවාද කියවන්නේ ඒකට...

      ඇත්ත නෙන්නම් ..පත්තර පි‍ටු වලට රන්ඩු කර ගත්ත කාලයකුත් තිබ්බා නේන්නම් :)

      Delete
  2. මාත් පත්තර වල දැන් බලන්නේ සාහිත්‍ය අතිරේකය විතරයි.

    ReplyDelete
    Replies
    1. මං කියවපු සති අන්ත පත්තරේ සාහිතය අතිරේකය කියලා තිබ්බේත් ඕපා දුප වගයක්....ඕපා දූප වලට දැන් ඉතින් ගොසිප් සයිට් තියනවනේ...

      Delete
  3. ඔව් හුගක් අය පිළිගන්නැති එකයි අවුල. බ්ලොග් ලොව සමනල තටු ගහනවා.. අපි නං තාම විකාර කරනවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. කවුරු මොනවා කලත් ලිව්වත් කිසි අවුලක් නෑ......මේකේ රජවරු ,සි‍ටුවරු වගේම පාදඩයෝ, රස්තියාදුකාරයොත් ඉන්නවා...මේ ඔක්කොම හින්දා තමයි මේක දුවන්නේ...ඒකම දේ තමන්ගේ හිතට එකඟව තමන් කැමති දේ ලියන එකයි....මම හිතන්නේ එහෙමයි...

      Delete
  4. පත්තර වලට වඩා බ්ලොග් සෑහෙන ඉදිරියෙන් ඉන්නේ. මේකේ බොරු ලියලා බේරෙන්න බෑ. කුණුහබ්බ තමයි අහගන්න වෙන්නේ. ඒක හොඳ ප්‍රවනතාවක්. මොකෝ සත්‍යයට තමයි තැන ලැබෙන්න ඕන. මම මේ පත්තර වලට ලියන උන්ට බ්ලොග් ලියන්න කියන්නේ සෑහෙන කාළේක ඉඳලා. පැරා තමයි හේතුව කියලා තිබුනේ. මේ බුද්ධිපතුන්ට කී බෝඩ් එක පාවිච්චි කරන්න දන්නෙ නෑ. හැබයි ඒක කියන්න ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මාතලං...මේකේ නිකං අවාට ගියාට ලියලා බේරෙන්න බෑ........ඇනෝලත් එක්ක මාතලං , කාකා දෙන ගේම බ්ලොග්වල රසය වැඩි කරනවා......මමත් ගොඩක්ම හිතලා බලලා ලියපු ලිපි වලත් හොදම ප්‍රශ්ණ අහලා තියෙන්න ඇනෝලා....

      Delete
  5. අපේ තාම තටු ඇවිත් නෑ බොල.... එනකන් ඉවසල ඉන්න වෙනව.... මොකද ඒව අපිට ඕන වෙලාවට, හදිසියට එන්නෙ නෑනෙ... ඒව එන්නෙ කලට වෙලාවට, තමා.... නේ..........

    ReplyDelete
    Replies
    1. ත‍ටු ආවත් එකයි...නාවත් එකයි බොල.....පොඩි ඉන්පුට් එකක් උනත් අවුට්පුට් එකේ ලොකු වෙනසකට හේතු වෙන්න පුලුවන්.....තමන්ට ආතල් තියෙනකන් ලියන එකයි තියෙන්නේ......

      Delete
  6. මයියා කියන කාරණාව ඇත්ත..තව තවත් විවධ ක්ෂේත්‍රයන්හි දැනුම ඇති පිරිසක් එන්න ඕනේ බ්ලොග් කරණයට ..දැනට ඉන්න පිරිස මදි.විද්වත් සංවාද ඇති වේවි තව පිරිස එන්න එන්න..විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් කීප දෙනෙක් , නීතිඥයන් , ( එන්ජිනේරුවෝ නම් ඉන්නවානේ :P ) , සමාජවිද්‍යාඥයින් වැනි අය , වෛද්‍යවරු කීප දෙනෙක් ( දැනටත් 5 දෙනෙක් වගේ ඉන්නවා ) ,සාහිත්‍ය සහ භාෂා දැනුම ඇති කීප දෙනෙක් වැනි විධිමත් සුදුසුකම් ලබපු අය ඕනේ...

    දැනට බ්ලොග් කරණයේ යෙදෙන අපිටම පුළුවන් ප්‍රචාරණ වැඩකටයුතු කරලා මෙවැනි අයට බ්ලොග් කරණයට ආරාධනා කරන්නත්...

    01.මාසෙකට සැරයක් ඉරිදා පත්තරේක add එකක් දාන්න .
    02.පුළුවන් විදිහට විද්‍යුත් මධ්යක add එකක් දාන්න.
    03.ෆේස් බුක් හරහා ප්‍රචාරයක්
    04.රට පුරා ව්‍යාප්ත සමිති , ආයතන හා එක්ව වැඩ කිරීම්..

    මේ වගේ දේවල් ටිකක් කලොත් හරි..හැබැයි ඉතින් දැනට ඉන්න පිරිස හරි මුල් වෙලා බර අදින්න ඕනේ..නැතුව බැහැ ..

    ReplyDelete
    Replies
    1. ඔව් සහන් ප්‍රචාරණය වැදගත්...මේ සම්භ්න්දයෙන් මගේ දායකත්වය ගොඩක්ම අඩු උනත් මං හැකි විදිහට මිතුරන් හට බ්ලෝග් බලන්න උනන්දු කරනවා....සහන්ට වගේම මටත් පොඩි යෝජනා ටිකක් තියෙනවා....
      කලම්බෝ ටෙලිග්‍රාෆ්, ග්‍රවුන්ඩ්විවිස් වගේ වෙබ් අඩවි වල ලේඛකයන් ගොඩ දෙනෙක් එකතු වෙලා ලියන හරබර ලිපි යනවා...ඒවායේ ඇතිවන සංවාදත් ගොඩක් වෙලාවට සිංහල බ්ලෝග අඩවි වල යන සංවාද වලට වඩා ගුණාත්මකව ඉහලයි කියලා මට හිතෙනවා.....සිංහල ලේඛකයන්ටත් මෙවැනි විවෲත් වෙබ් අඩවි තිබුනෝත් ඒක ලොකු වැඩක්..

      ඒ වගේම ඩීබීඑස් ජෙයරාජ් වැනි අයගේ බ්ලොග් අඩවි ඉතා ජනප්‍රිය එමෙන්ම පුලුල් පාඨක ප්‍රමානයක් තීයෙන පෞද්ගලිග වෙබ් අඩවි. ඒවායේ ජෙයරාජ් ගේ ලිපි වලට අමතරව වෙනත් අයගේ ලිපිත් ඉදිරිපත් කෙරෙනවා...එමගින් හොද ලිපි වැඩි පාඨක ප්‍රමානයකට යොමු වෙනවා.....

      උදාහරනයක් ලෙස ඔබ මැතිණ්ය ගැන ලියු සාරවත් ලිපිය මට ඇස ගැ‍ටුනේ මාතලන්ගේ සින්ඩියෙන්...සාරගර්භ ලිපි සදාහා ඒවන් අතදීමක් අත්‍යවශ්‍ය වගේම සිංහල බ්ලොගවල ගුණාත්මක අගය වැඩි කිරීමටද එය හේතුවක්....

      Delete
    2. මයියගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා...

      Delete
  7. සතිඅන්ත පත්තර ගත්තම නං බ්ලොග් සෑහෙන්න ඉදිරියෙන් ඉන්නව.
    මේ මහා සුලිසුලඟක මුල් අවස්ථාව :-)

    ReplyDelete
    Replies
    1. සුලිසුළගට මොන මොනා ගහගෙන යයිද දන්නෑ නේද? :))

      Delete
  8. මයියා මං පත්තරය එක්ක පූර්ණ කාලිනව බද්ධ වෙච්ච එකෙක්. ඒ නිසාම මට හොඳින් වැටහෙනවා බ්ලොග් අවකාශයේ ඇති වැදගත් කම හා වටිනකමත් නිදහසේ විවාදාත්මකව හැසිරෙන්න ඇති හැකියාවත්. ඉතින් පත්තරේකට වැඩිය ගව් ගනනක් ඉදිරියෙන් තිබෙන මේ අවකාශය කුණුහරපවලින් ආරක්ෂාකරගනිමින් යන්න හැකි නම් තමා වටින්නේ. මෙහි වටිනකම දන්නෝ කිසි දිනක එසේ නොහැසිරෙනු ඇත. ස්තුතියි මේ සටහනට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්.....ඔබ පත්තර රස්සාවේ පූර්ණකාලිනයෙක් කියා මා දන්නවා.....ඒ නිසාම බ්ලොග්වල තියෙන නිදහස ගැන ඔබගේ වචන වලට, මා මෙහි ලියා ඇති වචන වලටකිසි වඩා බරක් තිබෙනවා.....කිසියම් පෝස්ට් එකක් ගැන ඇති අප්‍රසාදය..ඒත් නැතිනම් බ්ලොග්කරුවකු ගැන තව අයෙක් තුල තියෙන ද්වේශය, ඉරිසියාව... කුණුහරුප කමෙන්ට් හරහා එලියට එනවා.....මට කුණුහරුප කමෙන්ට ලැබී නැතිමුත් , යම් දිනක එසේ ලැබුනෙත් අදාල කිණුහරුපය මකා දමා ඒම කමෙන්ට් එක පල කිරීමට මා අදහස් කරනවා...කෙසේ නමුත් ඔබ අදහ්ස කර ඇති'වගකීම' පිලිබද හැගීම ඉතා වැදගත්..අද එය ලාංකික සමාජයේ අඩුවෙන්ම දකින්න තියෙන දේයක්

      Delete
    2. ඔය අපි කුනු හරපයි කියන ලොකුම දෙක එකතු වෙලානෙ අපි උපදින්නෙ.
      මම නම් කියන්නෙ ඒ අවයව අවශ්‍ය තැන් වලට සභ්‍ය ලෙස භාවිතා කලාට කමක් නැහැ.
      ගොඩක් වෙලාවට වෙන්නෙ අපහාස කර ගැනීම්.
      නලින්ට ලොකු වගකීමක් සහ ලොකු හැකියාවක් තියෙනව අපේ සයිබර් අවකාශයට කස්ටිය එකතු කර ගන්න.
      ඉන්ෆෝ ලංකා නිව්ස් රුම් වෙබ් සයිට් එකේ KOTTU කියල දැක්කෙ මම ගොඩක් කල් ඉදල.නමුත් කොත්තු කියන වචනෙ දැක්කම නිකමට වත් බලන්න හිතුනෙ නැහැ.ඒ මම කොත්තු වලට අකමැති හින්දද මන්ද.
      නමුත් දැනට වසරකට වඩා ටිකක් පෙර KOTTU වට ගොඩ උනාම රයිගම ගෙ ලිපියක් කියවල තමයි මේකට එන්ටර් වුනේ.රයිගම තමා සිංහලෙන් ලියන්න කියල මේලයක් විදල තිබුනෙත්.
      ඒකයි මම නලියට කියන්නෙ අපි වාගෙ තව මේක ගැන නොදන්නා මොට්ටයෝ ඇති.එවුන්ව දැනුවත් කරන්න කියලයි මම කියන්නේ.

      Delete
    3. සහතික ඇත්ත කෙන්හි. කාලෙකට ඉස්සර ලක්බිමේ බ්ලොග්වලින් උපුටාගත්තු හොඳ ලිපි, බ්ලොග් එකේ නම එක්කම පලවුනා. මාත් අන්න ඒ ලිපි රසය දිගේ ආ කෙනෙක්. පුළුවන්නම් පාඨක ප්‍රාමණය පුළුල් කරගන්න උදව් කරන්න. අනික කුණුහරුප කියල කියල පස්සෙ ඕක සාමාණ්‍ය වෙලා යාවි අර සුද්දො අතරෙ වගේ.

      Delete
    4. කෙන්ජි: අපි කුණුහරුපයි කියලා කියන ලොකුම දෙකේ සංකරණ සංයෝජන වාක්‍යක් විදිහට ආවම තමයි අවුල :))

      මොනා උනත් බලන්න ඒන අයට අප්‍රසන්න නොවෙන ගතියක් තියෙන්නේ ඔනේ එහෙම් නැද්ද??

      ඉන්දික: කුණුහරුප වේවා...හොද වචන වේවා අදහස අප්‍රසන්න නොවෙන විදිහට ලියන්න පුලුවන් කෙනා දක්සයා...

      Delete
  9. ඕකට සිංහලෙන් කියන්නෙ, සමනල ආචරනය කියල. 90 ගනන් වල අන්තිමෙ ගිය විදුසර පත්තරේක ඕක නියමට පැහැදිලි කරල තිබ්බ. ඇත්තටම මට මතක හැටියට, ඇතුලු කරපු අගයන් දෙකක වෙනසක් නිසා නෙවෙයි ඒ කොන්සෙප්ට් එක ආවේ. පරීක්ශකයා එකම දත්ත දෙවතාවක් ඇතුලු කරාම හාත්පසින්ම වෙනස් උත්තර දෙකක් ලැබුන. නමුත් ඒක වෙන්න බැරි දෙයක්. අන්තිමේ තීරනය උනේ පරිගනකයකට වැරදීමේ සම්භාවිතාව (අති විශාල අගයකි ) නිසා මේ දේ උනා කියල. එතකොට ඒ තරම් ක්ෂුද්‍ර වෙනසක් කාලගුණ අනාවැකි නිර්ණායකත් එක්ක බැලුවාම ගන්න තියන වෙනස නිකන් හරියට අපර් ඇටොමොස්පියර් එකෙ සමනලයෙක් පියෑඹුවොත් වෙන වායු කැලඹීම වගෙ.
    නමුත් මේක කොන්සෙප්ට් එකක් විතරයි මම හිතන්නෙ.
    වැරදි නම් පොඩ්ඩක් හරිගස්සපන් මචන්.

    හැබැයි සීයට දාහක් ශුවර්, අපෙ කාලගුනේ උන් මෙහෙම එකක් අහලවත් නෑ කියල.
    - පසුගාමි ගෝත්‍රිකයා

    ReplyDelete
    Replies
    1. නෑ, මේක සිදුවිය හැකි දෙයක්. මෙහෙම දේවල් ලෝකෙ වෙලා තියෙනව. මාත් ඒ සත්‍ය සිද්ධිය පදනම් කරගෙන පොඩි කතාවක් ලිව්ව, ඒත් තාම අඩුපාඩු හදල මදි පෝස්ට් කරන්න. හැබෑ සිද්දිය ගැන ඉඟියක් දුන්නොත් මගේ වැඩේට පාඩු වෙයිද මන්ද. ඒත් ඉඟියක් දෙන්නම්. එක වඳුරෙක් නිසා ලොවක් වෙනස් වෙච්චි අවස්ථාවක් ඉතිහාසෙ තිබුන.

      Delete
    2. හරිනෙ, නල පාන ජාතකේ නෙ. :-)

      Delete
    3. @ පසුගාමි ගෝත්‍රිකයා....

      ස්තූතියි වචනයට...'සමනල ආචරණය' ඒක හොදට ගැලපෙනවා......මා කියවා තියෙන විදිහට අදම ස්ථාන 6 ක් සංඛයාවක් පහසුවට දශමස්ථාන 3 ට වටයා අතුළු කිරීම නිසා අහම්භයකින් සොයා ගත් තියරියක්....මා මේ තියරිය උඩින් අතපත ගාපු අයෙක්.... මුලීක ආරම්භක පද්දතියේ ඇති සංවේදිතා නැඹුරුව මත මේහි වලඔගුතාවය තීරණය කරනවා....වැඩිදුර හැදැරීමට අවශ්‍ය අය chaos theory ලෙස සොයා බලන්න..


      @ ඉන්දික...
      ලියමු ලියමු බලන්න එහෙනම්....'නලපාන ජාතකය හා සමනල ආචරණයේ නූතන සමජායේ දෝංකාරය'

      Delete
    4. නලපාන ජාතකය සැබෑවක් නෙමෙයිනෙ. මම කියන්නෙ සත්‍ය සිදුවීමක් තියෙනව මෑත ඉතිහාසයෙ. බලමු හිමීට ලියන්න.

      Delete
  10. අපි හරි හොඳයි නැත කළ වරදක් කිසිම
    සත්තම දමා දත් ගැලවූවා මිසම
    ඔක්කොම හොඳ අපේ නරක මුක්කම
    පස්ස වුනත් විකුනමු වහගෙන එයම

    ඔලුව වමේ අපි මාක්ස් ගේ සරණ යමු
    මොලේ නැති නිසා රට ගැන නොම සිතමු
    බොරු පානියට කම්කරුවො ලෙස හැසිරෙමු
    බඩුවක් ගහන්නට ලෝකෙම නසාලමු

    මාද්දිය බූතයෝ රට ගලවන්නට සිතන
    දුක පවසතී ලසන්තගෙ පොලුපාර ගැන
    හොටු පෙරතී ගතුකියමින් ප්‍රගීත් ගැන
    පිස්සු වැඩිවෙලා කබ්බෙකුට පෝම්වුන

    බුදුන් ඉයැක් හමුදුරුවො ඉයැක් චික්
    සිංහලයින් චික් දෙමළු නල්ලම්ය ආශික්
    දළදාව ඉයැක් තම්බින් අනේ ශෝක්
    සුද්දන් හරි ෂෝක් ලංකාව ඕක් තුං

    කානු ‍මදින විට කළු කැත හම වාගේ
    සුද්දගේ ගූ රසයි නැත ලංකාවෙ වගේ
    උන් හරි සුදුයි අපි හරි කැත වඳුරො වගේ
    පොර වාගේ නෙලයි සිවුරට ලංකාවේ

    ලෙනින්ට පැහැදිලා වී සිටිමු වම්මුන්
    පුරවා සිතේ ක්‍රෝධය සහ අමනකම්
    ජාතිවාදින් නොවේ අපි හරි බ්‍රෝඩ් බෑන්ඩ්
    වැදි බණ ලියති සුදනන් ලෙස කවිත් කරන්ට්

    බයියන්ය ලියන්නේ කවි කරන්ට් ගම්වල
    මාර වැඩ එව්ව ලෝකෙටම අභියෝග කල
    පොස්ට් මොඩර්න් වම්මු බැලුවම බොලොග්වල
    ආරච්චිලය නම හෙන මෝඩ සිංහල

    අප්ප ආරච්චි මම සූරිය ආරච්චි
    කඩුකේඩුයි කෑදරයි ඉහ මොල දෙක පුංචි
    හැටේ දශකයේ බල්ලන් හා රංචු
    ගැහිලා ලියති වනසන්නට රට පුංචි

    වම්මුන් ‍හරි ෂෝක් මාකස් හරිම ෂෝක්
    ලෙනින් ෂෝයි චේගුවේර චෝයි මාක්
    බොබ්මාලේ ෂෝක් බේබද්දො ටොපේ ටොප්
    ඔස්ට්‍රේ ලියන් ගූ ගඳ අපට උම්ම…. ම්ම්ක්

    සුනන්දයට වැඳවැටෙනව අනේ හුකේ
    ගෑනිගේ මූණ ළස්සනයි බැල්ලිගේ පුක වගේ
    පොර ටෝක් දීපං බයියන්ට ෆේස් බුක් එකේ
    අනේ තොගේ කවි අරං ගහගනින් පුකේ

    ගොංපාට් රසික ආරච්චිල
    කවි කං කොරන්නේ ඔස්ට්‍රේලියාවල
    බූන්දියේ ගොං කවි කරන්ට්වල
    රොල්කල කවි ගහගනිව් පුක්වල

    ReplyDelete
    Replies
    1. කියන අදහස් හැමටම එකඟ තාවයක් නැතත් උත්ප්‍රාස රසය සහිත නිර්මානයක්...මං දැක්කා කීප තැනක දාලා තියෙනවා...

      Delete
  11. ඔබ කියන කතාව හරියටම හරි ඇතැම් දෙයක සිදුවන සුළු වෙනස් වීමකින් විශාල පද්ධතියකට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්.සියල්ලම අනුක මට්ටමේ ඉදල සන්විධානගත වෙලා තියෙන්නේ. ඉතාම රසවත් ලෙස ඔබ එය ඉදිරිපත් කර තිබෙනවා.අර සමනල කතාවේ උදාහරණය භෞතික විද්‍යාවේ රසවත් තැන් ස්පර්ශ කරන කතාවක් .ලිපිය රසවින්දා ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි......මේ සංසිද්ධිය පැහැදිලි කරන්න පොඩි ගණිත අකෘතියකුත් තියෙනවා....විකිපීඩියා එකේන් හෝඩුවාවක් ගන්න පුලුවන්...

      Delete
  12. අපෙ ගෙවල් පැත්තෙ මයියලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම මැරයෝ. බ්ලොග් ලෝකෙ උබ මැරයෙක්මද කියල හිතෙනවා. මේ ටික දැක්කම..

    //එය සිංහල ජනවිඥාණය ‍රැඩිකල් වෙනසකට යොමු කෙරෙන මහා සුලිසුළඟක ඇරඹුම විය හැකියි.......//

    ජය !!

    ReplyDelete
    Replies
    1. හෙ හෙ..පොඩි කාලේ නම් මැරවරයොත් එක්ක තමා ගැවසුනේ....

      Delete
  13. ආශයි මෙහෙම කතාවක් අහන්නත්.... ඒත් මචං මට කියන්න තියෙන්නේ නම් බලාගෙන හිටපන් කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. රතු :)...අපි අනාගතය ගැන වකෘත්වරු නොවයි.....අපි දකින්නේ විය හැකි සිදුවීම පමනයි..ඒවට ඇත්තේ සම්භාචිතාවන් පමනයි..ඒක හින්දා බලා ගෙන ඉමු කිව්වම මට ඊට වඩා තර්ක කරන්න දෙයක් නෑ.....

      Delete
  14. අපි එක පාරක් තටු සලන කොට රජ සමනල්ලු ලෝකේ වටේ දෙවටයක් ගිහිං අහවරයි මයියා.. ඒත් අපි තාමත් තටු සලනවා.. තටු සිඳිනකල් සලනවා..

    ReplyDelete
    Replies
    1. එකෙන් මම කියන දේ තර්කයක් වශයෙන් බිදෙන්නේ නෑ,,,ඉතා සුලු උත්සහයක් උනත් ලොකු වෙන්සකට හේතු වෙනවා...අවශය වන්නේ ත‍ටු සැලීම පමණයි....ඔබගේ ලිපි මගේ සිත ගිය තැනක්...

      Delete
  15. ඉරිදා පත්තර වල සමහර ලිපි විශිෂ්ඨයි...බ්ලොග් වල තියෙන ගොඩක් ලිපි මටනම් බෝරින්...පත්තර වල අඩුතරමෙ බාසාව හරි ලස්සනට තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....මගේ පත්තර සම්භ්න්ධ විවේචනය භසාව පිලිබදව වත් එවයේ විෂය ගැනවත් නෙවෙයි...එවායේ මතිමතාන්තර වල විවිධත්වය හා දෘශ්ඨියයි.....මා කියවු පුවත්පත් සියල්ල්ම කරන්නේ වැල යන අතට මැස්ස ගැසීම පමණ්යි....මා බ්ලොග් අවකාශය තුල ඊට වඩා වෙනසක් දකිනවාම්ම්ම්

      Delete
  16. ඒ වගේ දෙයක් වෙන්න තරම් සිංහල බ්ලොග් ලෝකයේ viewer base එක මදි! ඒ වගේ වෙනසක් වෙන්න නම් තව තව පිරිස් බ්ලොග් කියවන්න ගෙන්න ගන්න වේවි!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් සබිත්...ඇත්තටම මං කියන්න අදහස් කරන දේ මගේ පෝස්ට් එකෙන් කියවිලා නැද්ද කියලා මට හිතෙනවා..

      මා සමණල පියාපත් උදාහරනය ගන්නේ ඉතා කුඩා වෙනසක් නිසා ඇතිවන ලොකු වෙනස් වීමක් ගැන කථා කරන්න...සිංහල බ්ලොග් අවකාශය , සමස්ථ ලාංකික සමාජය සමග සසැදු කල ඉතා කුඩා නියැදියක්..එහි කිසි තර්කයක් නෑ.....ඒහෙත් අදහස්, මතිමතාන්තර, තර්ක විතර්ක අතරින් ගත්තම එය සමස්ත ලාංකික ප්‍රධාන මතවාදයන්ට වඩා වෙනස්, ඒ වගේම තර්ක ,විතර්කවල්ට වඩා නිදහසක් තියෙන, ස්ථානයක්.

      මේ කුඩා පාඨක පිරිසගෙන් සමාජයට වෙන ප්‍රතික්‍රියාව මා සිතනා ලෙස බාහිර ප්‍රධාන මතවාදයන්ට අභියෝගයක් වගේම, ඇතැම් විට විකල්පයක්....මා ගිය සති අන්තයේ කිය වූ සෑම පුවත්පතක්ම ඒම ප්‍රධාන මතවාදයන්ගේ සෙවනැල්ල මිස ඊට විකල්ප අදහස් මා දු‍ටුවේ නෑ...මා සෑම පුවත්පතක්ම නොකියවූ නිසා හා දීර්ඝ කාලයක් තිස්සේ එය අධ්‍යනය නොකල නිසා ඒ පිලිබද මට විනිශ්චයක් දීමට බෑ...නමුත් මා ලියා ඇත්තේ මා කියවූ පත්තර සියල්ලම වැල යන අතට මැස්ස ගහපු ඒවා බවයි.

      සමනල ත‍ටු පියාපත් සදහා උදාහරණ මෑත ඉතිහාසයේ ලංකාවේ දේශපාලනයේ දකින්නට පුලුවන්...

      1998 පමණ වන විට ලංකාව යුද්ධෙන් හෙම්බත් වෙලා සාමය ගැන කථා කරපු යුගයක්..පොතයි ගඩොලයි සුදු නෙළුමයි යටතේ වසන්ත රාජාල රූපවාහිනිය හරහා මථවාද ටොන් ගනන් සමාජයට පොම්ප කලා..ඒ දවස් වල වර්ථමානයේ මෙන් නොව 'සිංහල' යන වචනය උච්චාරනය පවා ජාතිවාදියෙක්කු ලෙස අර්ථකතනය කල යුගයක්. මාක්ස්වාදීන් යැයි කියන ජේවීපි පවා එල්ටිටීඊ ය ත්‍රස්ත්වාදයක් ලෙස ප්‍රසිද්ධියේ අර්ථකතනය කරන්න මැලි උනා...ඉතා සුලු පිරිසක් පමණක් ප්‍රශ්ණය 'යුද්ධයෙන්' චිසදිය යුතු බව කීවා.....එය එකල සමනල ත‍ටු ගැසීමක්..නමුත් එමගින් ඇති කල සුළිසුළගට කරකවා නන්දිකඩාල් වල අවසන් ගමන් ගියේ එල්ටිටීඊ ය පමනක් නොවේ...ජවිපේ, ශ්‍රීලංකා මංගල,චන්ද්‍රිකා සියල්ලම ඒ සුළිසුලගට අසු වූවා...නමුත් අදටත් ඒදා සමනලයන් අදත් සමනලයන්....අදටත් ඔවුන් කුඩා පිරිසක්...නමුත් මථවාදයක් වශයෙන් සුළිසුලගක්.....

      මා මේ පෝස්ට් එකෙන් කථා කරන්නේ එවන් තත්වයක් ගැනයි....

      Delete
    2. මයියා සබීත්ට දීලා තියෙන උත්තරේ එක්ක කිසිම ගැටළුවක් නැහැ..සම්පූර්නෙන් එකඟයි..හැබැයි එතන සබිත් කියන කාරණාවේ ඇත්තක් තියෙනවා, ඒ තමයි

      01.තමන්ගේ පෝස්ට් කිසිම කෙනෙක් බලන්න එන්නේ නැත්නම් ටිකෙන් ටිකෙන් ඉබේම බ්ලොග් ලිවිල්ල අඩු වෙලා නැත්තටම නැති වෙලාම යනවා ..ෂුවර්ම තමයි...

      02.බොහෝ පිරිසක් ලිපියක් බලන්න එද්දී , පෘතග්ජන මනුස්සයෙක් නම් බ්ලොග් එක කරන්නේ , පොර හිටු කියලා ලියන්න පෙළඹෙනවා.. ( මාතෘකා අරවා මේවා වැඩක් නැහැ ඔතොකොට )


      කෙසේ උනත් මයියෝ මමත් හිතනවා අපිට තව පිරිසක් එකතු වෙනවා නම් හොඳයි..පාලු ගෙවල් වල වළන් බිඳීමත් අඩු වේවි එතකොට ..ලියන්න කළින් දෙපාරක් හිතනවනේ මේක සුදුසුද කියල..

      Delete
    3. පාඨකයන් වැඩි කර ගත යුතුයි කියන එක සම්භන්ධයෙන් කිසි ගැටළුවක් නෑ.... ඉතිරි අදහස් සම්භන්දයෙන් මම වෙන තැනක ලියපු එකක් මෙහෙම දාන්නම්


      //ස්තූතියි බතී.....හිට්ස් ගැන මම සැලකිලිමත්..හැමවිටම මම වැඩි පාඨක පිරිසක ට යන්න උත්සහ කරනවා..ඒත් මම හිට්ස් බලා ගෙන ලියන්න, මාතෲකා හදා ගන්නේ නෑ....එහිට්ස් බලා ගෙන නොලිවිය යුතු බව මම ඉගෙන ගත්තේ ක‍ටුක පාඩමකින්....හැමවිටම ලියන දෙය.... වචන නැමැති ලස්සන දවටනයේ ඔතලා දෙනවා මිසක් හිට්ස් බලා ගෙන ලිවිය යුතු දේ තීරනය කිරීම නොකල යුතු බව මෙහි ප්‍රතිපත්තියයි.....///


      කියවන කට්ටිය වැඩිවෙනවා වගේම වෙනස් විදිහට හිතන අය සුලුතරයක් හරි සක්‍රිය වීමත් වැදගත්....

      Delete

2222