Thursday 29 November 2012

උසාවියක් නිහඩ කල ඝාතකයා :මේ ඔහුගේ කථාවයි -1



'එදා උසාවියේ   ඔහුගේ ප්‍රකාශයට සවන් දුන් මිනිසුන් ජූරියක් කොට ඔවුනට ඔහුගේ ඉරණම තීරනය කිරීමට අවස්ථාව දුන්නේ නම් අද ඔහු නිදහස් මිනිසෙක් ලෙස උසාවියෙන් පිට වී යනු ඇත්තේය.'

මේ කියැවෙන්නේ නාතුරාම් ගෝඩ්සේ ගැන ය. නාතුරාම් ගෝඩ්සේ යනු නූතන අවිහිංසාවාදයේ පියා, ශ්‍රේෂ්ඨ මහත්මා ගාන්ධි ඝාතකයා ය.  ඉහත ප්‍රකාශයේ අයිතිකරුවා, විනිසුරුවරයා, එදා නාතුරාම් ගොඩ්සේ හට මරණීය දණ්ඩනය නියම කල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් විය.

සත්‍යය පුදුම සහගතය. ඇතැමෙකුට හින්දු අන්තවාදීයෙක් උනු, තවත් අයෙකුට පිස්සෙකු උනු , නේතුරාම් ගෝඩ්සේ, විනිසුරුගේ මනෝමය අතාත්වික ජූරිය ඉදිරියේ නිවැරදිකරු වීමට නියමිතව තිබුනි.

එදින 1948 හි මුල මාසයේ අවසන් සතියට අයත් සුන්දර උදැසනක් විය. එහෙත් ඒ සුන්දරත්වය මොහොතකින් අවසන් වීමට නියමිතව තිබිනි. නාතුරාම් ගොඩ්සේ,  මහත්මා ඉදිරියේ සිටගෙන සිටියේය.  ගොඩ්සේගේ අර්ධ ස්වයංක්‍රීය පිස්තොලයෙන් නිකුත් උනු වෙඩි උණ්ඩ තෙවතාවක් මහත්මාගේ නිර්මල හදවත පසාරු කර ගියේය. එය එසේ වීමට නියමිතව තිබුනි.එසේ දහසක් නෙත් මධ්‍යයේ මහත්මා අවසන් සුසුම් පොද හෙලන්නට නියමිත විය. දහස් ගණනක සාක්ශි ඉදිරියේ සිදු වූ අමු මිනිස් ඝාතනයක වැරදිකරුවා,  නිවැරදිකරු ලෙසින් උසාවියෙන් පිට වී යනු ඇතැයි විනිසුරු ප්‍රකාශ කරන්නේ කෙසේ ද?.

                                                              http://indiandefenceboard.com/threads/image-of-godse-shooting-gandhi.877/

ඝාතනයෙන් පසු ගොඩ්සේ පැන දිව්වේ නැත. ඔහු තමා වෙඩි තැබු මිනිසා ඉදිරියේ සිටගෙන සිටියේ ය. ඔහුගේ යටත් වීම කලබලයෙන් තොරය. ඔහු නිවැරදිකරු කරන්නේ මේ නිර්භීතකමද?. මෙය නීරභීතකමක් යයි කිව හැකිද?

ගාන්ධිතුමන්ගේ සිවිල් බලය  ඉන්දීය ජන සමාජයට පමනක්  සීමා නොවුනේය. එය හිරු නොබසින අධිරාජ්‍යයයේ ආත්මය දෙදරවන තරම් බලයක් ය. එවන් ආකර්ශනයක් තිබු පුද්ගලයකුගේ ඝාතකයා මෙසේ නිවැරදිකරුවා වීමට ඉඩ තිබුනේ යැයි කියන්නේ කෙසේ ද? මෙය දේශපාලනය ද?

නැත. මහත්මා ගාන්ධි ඝාතකයා, නාතුරාම් ගෝඩ්සේ, තම ජීවිතය 'ඝාතනය' වෙනුවෙන් කැපකලේ ඔහු විශ්වාස කල සත්‍යක් වෙනුවෙනි. සත්‍යය එතරම්  ප්‍රභලය. මලමිණී දහස් ගණනක් අතරින් උව, කාලය අවුරුදු දශක වලින් ගත   වුව, සත්‍යය එතරම් ප්‍රභලය. ඔහු මියගියේ ඔහු විශ්වාස කල සත්‍යක් වෙනුවෙනි. ඒ සත්‍ය බහුතරයේ සත්‍ය නොවුයේ ය. ඒ සත්‍ය සදාකාලික නිරපේක්ශ සත්‍ය නොවීය. එහෙත් එය ඔහු හදවතින් පිලිගත්, ආත්මය හා බැදුනු ආත්මීය ප්‍රකාශනය විය. එදා  උසාවිය නිහඩ කලේ එම ආත්ම පරිත්‍යාගයයි.

නාතුරාම් ගෝඩ්සේ, මහත්මා ගාන්ධි ඝාතකයා, මේ ලියැවෙන්නේ ඔහුගේ කථාවයි.............

ඉතිරි කොටසට........




15 comments:

  1. කෝ බොලං ඉතුරු ටික ...

    ReplyDelete
    Replies
    1. කොටස් වලට තමයි දාන්නේ...හැල්ල වගේ දැක්කම සමහර පොරවල් වල්ට කියවන්න එපා වෙන්වනේ....

      Delete
  2. මැක්සා මචං. මම සබ්ස්ක්‍රයිබ් කරා.

    ReplyDelete
  3. අපි බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. වචනේ ලොකු දිරිගැන්වීමක්....ලබන සතියේ දානවා

      Delete
  4. ලියමු ලියමු අයියා

    ReplyDelete
  5. ස්තූතියි දිරියට....ලබන සතියේ දානවා

    ReplyDelete
  6. නියමයි. හැබැයි කෙටි වැඩියි වගේ
    කෝරලේ වලව්ව

    ReplyDelete

2222