Tuesday, 18 January 2011

මයියා ගේ ලෝකයෙන් ඔහුගේ ලෝකයට : මහාචාර්‍ය නලින් ද සිල්වා ගැන මයියා ට හිතෙන දේ: Prof. Nalin De Silva


මයියා, මහාචාර්ය නලින් ද සිල්වා රසිකයෙක්ද නොවේද යන්න මයියා හට හරියටම කීමට අපහසුයි. ඒ සම්භන්දයෙන් මයියා ට ඇත්තේ මිශ්‍ර හැගීමක්. එනමුත් මයියා ඔහු ලියා ඇති ලිපි බොහෝමයක් අධ්‍යනය කිරීම කෙසේ වෙතත් අඩු තරමින් කියවා හෝ බලා තිබෙනවා. පසුගිය දොහේ ඔහු අරභයා ලියා තිබුනු ලිපි කීපයක් නිසා ( 1, 2) මෙවන් ලිපියක් ලිවීමට මයියා කල්පනා කලා.

නලීන් මහතා සි0හල පාඨකයාට ගෙන හැර දක්වන ඇතැම් අදහස්, බටහිර ලෝකයේ විද්වතුන් අතර සාකච්චාවට ගැනෙන පැරඩයිම ( සුසමාදර්ශන) පිලිබද කථිකාවතේ දිගුවක් හෝ කොපි කිරීමක් ලෙස ඇතැමුන් ඉගි කරනු මයියා දැක තිබෙනවා. ක්වොන්ටම් විද්‍යාවේ ඇතැම් නිරීක්ෂණ පැහැදිලි කිරීම සදහා, එකී විෂයේ විද්වතුන් මෙම පැරඩයිම ආශ්‍රිතව කරනු ලබන තර්ක විතර්ක, නලීන් මහතාව උත්තේජනය නොකෙරුවා යැයි හෝ ඒවායින් ඔහු අභාශය නොලැබුවායයි හෝ, වෙන අයෙකුට තියා ඒ මහතාටවත් කිව නොහැකි යැයි මයියා සිතනවා.ඒසේ උවත් ඒ පිලිබදව ප්‍රමානාත්මකව සදහන් කිරීම නලින් මහතා සිතා මතා මග හරින බවක් පේනවා. ඒ නිසාම ඇතැම් අයෙකුට, නලීන් මහතා ලියන ඇතැම් දේ කොපි කිරීමක් ලෙස පෙනී යෑමට ඉඩ කඩක් තියෙනවා. කෙසේ උවත් මයියා ගේ පෞද්ගලික අදහස නම් නලීන් මහතා ගේ නිර්මාණාත්මක සාපේක්ශතාවාදයේ එන බොහෝ අදහස්, ඉන්දියාවේ ක්‍රි.ව 2 වන සියවසේ ( කාල සීමාව ගැන එකගතාවයක් නැත ) සිටි නාගර්ජුන හිමියන්ගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ , මහාවිහාරික භික්ෂූන්ගේ ප්‍රතිතර්ක වලට වඩා සමාන කමක් දක්වන බවක්ය. කෙසේ නමුත් නලීන් මහතා තම ලිපි වලට අදාල වූ මූලාශ්‍ර පිලිබදව ඉගි නොකීරීම තුල , ඒ මහාතාගේ පාඨකයිනට වඩා පුලුල් වූ දැනුම් සම්භාරයකට ලගා වීමේ අවස්ථාව මග හැරී යනවා.ඒනිසාම නලීන් මහතාගේ පාඨකයින් , ඒ මහතා පවසන දේම පවසන ගිරා පෝතකයින් පිරිසක් ලෙස ඇතැමෙකුගේ චෝදනාවටලක් වෙන අතර, ඒයට නලින් මහතාත් යම් තරමකට හෝ වැරදි කරුවෙක් බව මයියා ගේ හැගීමයි.

නලීන් මහතා, බටහිරයන් අප මත පටවනු ලැබු මථවාද දැඩිව ප්‍රශ්ණ කරන්නෙකි. ග්‍රීක, යුදෙව්, ක්‍රිස්තියානී චින්තනය මත පදනම්ව බටහිරයන් ගොඩනOවන ලද දැනුම වෙනුවට සිOහල බෞද්ධ චින්තනය මත පදනම් වූ දැනුමක් වෙනුවෙන් තම පරිකල්පනය මෙහෙය වන්නෙකි. එහෙත් පුදුමයට කාරණය නම් ඇතැම් අවස්ථාවන් හීදී නලීන් මහතා තමන් විසින් දැඩිව ප්‍රශ්ණ කරන බටහිර ප්‍රවාද ම, තමන්ගේ ප්‍රවාද ගොඩනOවා ගැනීමට යොදා ගැනීමයි. උදාහරනයක් ලෙස කිසිවිටෙක පුරාවිද්‍යා සාක්ශි මගින් සනාථ කර නැති, ජර්මානූ විද්වතුන් කීප දෙනෙකුගේ පරිකල්පනයක් උන 'ආර්‍ය සOකල්පය', ඒ මහතා කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව තම ප්‍රවාදය ඉදිරිපත් කිරීමට යොදා ගන්නවා. ස0ස්කෘත හා යුරෝපීය භාශා අතර ඉතා ලග සමාන කමක් දුටු බටහිර විද්වතුන් කීප දෙනෙකුගේ ඔලුවේ පහල උන අදහසක් උන "ආර්ය සOක්‍රමණය", පුරාවිද්‍යා සාක්ශි නොමැතිකම නිසාම මෑත කාලීන බටහිර විද්වතුන් අතින්ම දැඩිව ප්‍රශ්ණ කෙරෙන්නෙකි. කොටින්ම කියතොත් මෙම අදහස ඇති කලෙත් බටහිරයෝමය. දැන් එම සOකල්පය විවේචනය කරන්නේත් ඔවුන්මය. නලීන් මහතා, පැත්තක සිට එම සOකල්පය ඔහුගේ ප්‍රවාදය නිර්මාණය කිරීමට ඉතා අලOකාර ලෙස යොදා ගන්න බවක් පේනවා.කිසියම් චින්තන ප්‍රවාහයක දැනුම, නිසි අයුරින් කලමනා කර, සිOහල බෞද්ධ ප්‍රවාද ගොඩ නැOවීමට යොදා ගැනීම ට නලීන් මහතා විරුද්ධ නොමැති බව මයියා කියවා ඇතත්, අර්‍ය සOක්‍රමනය පිලිබද අදහස දී මේ පිලිවබදව විචාරාත්මකව විමසීම ඒ මහතා මග හර ඇත බවක් මයියා ට පෙනි යනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ඉන්දියාවේ භේද ඇති කිරීම සදහා ආර්ය සා0ක්‍රමණය පිලිවද මතවාද ඉතා සියුම්ව හා දක්ශව යොදා ගැනුනා. නලීන් මහතා ගේ පරමාර්ථය එවැනි එකක් නොවේවායි මයියා ගේ පැතුමයි.

නලීන් මහතාගේ නිර්මානාත්මක සාපේක්ශතාවාදය .( දැනුම මනස ට සාපේකශ බව හා යමෙකු හැදී වැඩුනු පරිසරයට, සOස්කෘතියට සාපේක්ශ බව) අගේ කරනු ලබන ඇතැමෙක්, ඒතුමා ගේ දේශපාලනය තේරුම් ගැනීමට නොහැකිව එය විවේචනය කරනු මයියා දැක තිබෙනවා. බටහිර චින්තනයේ ඇති අඩුලුහුඩුකම් හා සිOහල බෞද්ධ වින්තනයේ ඇති ප්‍රබල කම් කීපයක් නිසා ඒ මහතා සිOහල බෞද්ධ චින්තනය අගේ කිරීමට පෙලඹී ඇතැයි මයියා ගේ තක්සේරුවයි. ඒ නිසාම ඒ මහතා එම චින්තන ප්‍රවාහය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින බවක් මයියා ට හැගී යනවා. මෙසේ කොන්දේසී විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටීම තුල ඇතැම් කාරනා සදහා කබරගොයා තලගොයා කර පෙන්වීමට පවා, එතුමා ගේ විශිෂ්ට තාර්කික හැකියාව ( වාචික හැකියාව නොව, ලිඛිත හැකියාව) යොදා ගැනීමට සිදු වෙනවා මයියා දැක තිබෙනවා. මෙයට එක් උදාහරණයක් නම් නලීන් මහතා ගේ කෘතියක් වන 'ප්‍රභකරන් - ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාල' කෘතියේ දක්වෙන්නක් ගත හැකියි. බණ්ඩාරණායක-චෙල්වනායගම් ගිවිසුම අවලOගු වීමට හේතුවූයේ සිOහල ජාතික ව්‍යපාරයේ බලපැම හා බලය රැක ගනීමට බණ්ඩාරනායක මහතා තුල තිබු කැමැත්ත යන්න ඉස්මතු නොකර, වෙල්වනායගම් මහතාගේ ශ්‍රි ව්‍යපාරය බව ඉස්මතු කිරීම සත්‍යට ඉතා දුරස් බව මයියා ගේ හැගීමයි. බන්ඩාරනායක මහතා තුලද කලෙක ෆෙඩරල් අදහස් තිබුනු බව ප්‍රතික්ශේප කිරීමද මෙයටම ඇදේනවා.

කෙසේ උවත් ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කිරීමට උත්සහ දරන ඇතැම් විද්වතුන් කීප දෙනෙකුගේ උත්සහයට නලීන් මහතා ඉතා තර්කානූකූල අදහස් කීපයක් ඒම කෘතිය මගින් එලි දක්වා ඇති බව පිලිගැනිමට මයියා මැලි වන්නේ නැ. චන්ද්‍රිකා මහත්මියගේ මුල් පාලන කාලයේදී, 'සිOහල' යන වචනය උච්චාරනය පවා, යමෙක් සිOහල ජාතිවාදීයෙක් ලෙස හOවඩු ගැසීමට හේතු උනා. මෙකල මෙන් නොව ජාතිකත්වය ගැන කථා කිරීම ඉතා දුශ්කර වූ, අපකීර්තියට පත් වීමට හේතු වූ යුගයක පවා, නලීන් මහතා ඒ වෙනුවෙන් පෙනී සිටි අතර මෙකල ඇතමුන් කරන සේ වාසියට තමන්ගේ මථවාද ය වෙනස් කිරීම වැනි වැඩ ඒ මහතා අතින් සිදු නොවීම අගය කල යුත්තක්. කෙසේ උවත් 30 වසරක දරුණු යුද්ධයක් අවසානයේ සිOහල ජාතික ව්‍යාපාරය වර්තමානයේ නව සOධිස්ථානයකට පැමින ඇති බව මයියා ගේ හැගීමයි. බුදුදහමේ මූලික සOකල්ප ඇසුරින් සිOහල ජාතික ව්‍යාපාරය විප්ලවීය වෙනසක් කරා යැම , එම දේශපාලනය ඉදිරියට ගෙන යාමට අත්‍යවශ්‍ය සාදකයක් බව මයියා ගේ විශ්වාසයි. කෙසේ උවත් මේවන් වෙනසක් කෙරෙහි හැගීමක් වත් නලීන් මහතා තුල(හෝ සිOහල ජාතික ව්‍යාපාරය තුල ) නැති බව ඒ මහතාගේ වර්ථමාන ලිපි දෙස බැලීමේදී පෙනී යන්නක්.

විදුසර පුවත්පතට ඒ මහතා 2004 වර්ෂයේ සැපයු ලිපි මාලාවේ ( විශේෂයෙන් 99,100,101 වෙනි ලිපි) , ඒතුමා බිහි කර ඇති විශිෂ්ඨතම ප්‍රවාදය අඩOගු වන බව මයියා ගේ හැගීමයි. මහාවිහාරික ථේරවාදී භික්ෂුව ගත් ගමන් මග යමින් එතුමා මනස පිලිබද විග්‍රහයක යෙදෙන අතර, මුල් සදහන් කල අයට විස්තර කිරීමට අපහසු වු මනසට පමණක් ගෝචර වන 'චිත්තයක' පැවත්ම ගැන එතුමා නව අර්ථකතනයක් ලබාදෙනවා. එහෙත් එම කාරනා පිලිබදව සමාජය තුල කතිකාවතාවතක් සිදුනොවීම අවාසනාවක්. කෙසේ උවත් 'චිත්තයක' පවතින කාල පරාසය විග්‍රහ කිරීමේදී, ඒනම් 'චිතක්ෂණය' විග්‍රහ කිරීමේදී , ඒතුමා මහත් අගය කරමින් කතා කරන 'චක්‍රීය චින්තනය' වෙනුවට 'රේඛීය චින්තනයට' යොමු වී ඇත්දැයි මයියා ට සිතෙනවා. එසේ නොකීමට එකම හේතුව නම් 'සියලු දේ මැවුම්කරු දේවියන් වහන්සේ' වැනි මූල හේතුවක් ඒයට ලබා දී නොමැති වීම පමනක් බව මයියා ගේ හැගීමයි.

නලීන් මහතා ගේ දැනුම පිලිබද කථිකාවත දේශපාලනය, බුදුදහම,ඉතිහාසය, දර්ශනය,විද්‍යාව වැනි විශයන්ට අමතරව සාහිත්‍ය, නාට‍ය්‍ය, සOගීතය වැනි විෂයපතයන් කරාද ගමන් කරනවා. සාහිත්‍යකරුවකුගේ සාහිත්‍යකරන හැකියාව වෙනුවට හෝ සOගීතකරුවකුගේ සOගීත හැකියාව වෙනුවට, ඔවුන්ගේන් සමාජයේ දැනුම නිශ්පාදනය කිරිමේ හෝ දැනුම හදුන්වා දීමේ ක්‍රියා පිලිවෙත, මේහිදී නලීන් මහතාගේ අවධානය ලබා ගත් බවක් පෙනී යනවා. ඒ අනුව පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිOහ, සරච්චන්ද්‍ර, අමරදේව වැනි ඒ ඒ ක්ෂෙත්‍ර වල දැවන්තයින් නලීන් මහතාගේ විභාගනයට කලක් වෙනවා. නලීන් මහතා ඉහත කී පුද්ගලයින් සම්භන්දව දක්වන අදහස් , ඔවුන් පිලිබදව වෙනස් කෝණයකින් බැලීමට පාඨකයා වෙත දැඩි බලපැමක් එල්ල කරනවා. කරුනු කාරනා මධ්‍යස්තව විමසා බලන පුද්ගලයකුට නලීන් මහතාගේ මෙම් අදහස් ඉතා වැදගත් බව මයියා හැගීමයි. කේසේ උවත් අනෙක් කාරණා සම්භන්දයෙන් මෙන්ම , මේ කාරනාවේදීත් , සමාජයේ ඒ පිලිබදව කථිකාවතක් සිදු නොවීම අවාසනාවක්.

කවුරු කොහොම කීවත් නලීන් මහතා ගේ අදහස් හා ලිපි ලාOකික සමාජය මත කර ඇති බලපැම අති විශාල බව මයියා ගේ හැගීමයි. ඒතුමාගේ අදහස් අනුමත කරන්නවුන් අතර සමාජයේ උගත් යැයි සම්මත වෘතීයවේදීන් මේන්ම නවයොවුන් වයසේ සිටින දැනුම පිපාසිතයන් ද වන බව මයියා ගේ නිරීක්ෂනයයි. ඔහුව ප්‍රතික්ශේප කරන්නවුන් අතර සිටින උගත් පිරිස ද බොහෝමැයි. ඔහුව අනුමත කරන, ඔහු වෙනුවෙන් කථා කරන බොහෝ දෙනෙකු කරන වරදක් ලෙස මයියා හට පෙනී යන්නේ, ඔහු කියා දෙන මාර්ගය ඔස්සේ යමින් තම තම් ප්‍රවීනතා විශය ඔස්සේ නව දැනුම බිහි කරනු වෙනුවට, ඔහුගේ ම ප්‍රවාද, විචාරණයකින් තොරව( හෝ මද විචාරනයකින්) , එම වචනම නැවත නැවත මතුරන තත්වයකට විහින් පත් වී ඇති වීමයි.

ඔහුව විවේචනය කරන්නවුන් සම්භන්දයෙන් මයියා ට ඇති විවේචනය නම් ඔහු පල කරන දර්ශනය ආශ්‍රිත කරනා විවේචනය කරනු වෙනුවට, පරිධියේ පවතින කාරනා අල්ලා ගෙන ඔහු ව විවේචනය කිරීමට උත්සහ දැරීමයි. මේවන් කාරනා වලට තරහා ගෙන , තරහෙන් යුතුවම එවාට පිලිතුරු බදින්න යැම, මයියා දකින මහාචාර්‍ය නලීන් ද සිල්වා සතු දුර්වල කමයි.
(He who angers you conquers you.
- Elizabeth Kenny )



ප: ලි: නලීන් මහතාගේ ලිපි පහත වෙබ් අඩවියෙන් කියවිය හැක
http://www.kalaya.org/home.html