Sunday 17 April 2011

ජෙ.වී.පී බිය නොවන්න..දිනපු හැටි මයියා පෙන්වන්නම්...( JVP you are a winner)


picture source: lanaka e news


හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරන ගමන්, මයියා ගොඩ කාලෙකට පස්සෙ ඔන්න ලියන්න සෙට් උනා. මේ ටික කාලේදි සිංහල බ්ලොග් වලත් ලොකු වෙනස් කම් කීපයක් උනා. වැඩිය සද්ද බද්ද නැති උනත් මයියාත් වෙන දේවල් දිහා විපරමින් බලා ගෙන උන්නා. ( ආන්ඩුව විපක්ශය උඩ පැන පැන තලද්දී මහජනතාව අවදියෙන් බලාගෙන උන්නා.. හි හි...ඇම්ඩන් ගේ පොඩි කථාවක් මතක් උනා)

ලංකාවෙන් එලියෙ හිටියත්, අන්තර්ජාලෙට පින් සිද්ද වෙන්න ලංකාවේ වෙන දේවල් ගැන නම් මයියා අප්ඩේට්. පහුගිය දවස් වල තිබ්බ ඡන්දය ගැන ලංකාවේ කට්ටියගේ වගේම , මයියා ගෙත් තිබ්බේ අඩු උනන්දුවක්.අඩු උනන්දුවට හේතුව..සමහර විට ඡන්ද ප්‍රතිපලය ගැන හැමෝම දැනගෙන හිටිය නිසා වෙන්න ඇති. අනිත් එක කවුරු දින්නත් වැඩි වෙනසක් වෙන්නැති බව අපි හැමෝම දන්නවනේ..හැබයි අපේ දේශපාලුවෝ නම් මේ අඩු උනන්දුවත් සංවර්ධනයේ ලක්ෂණයක් විදිහටත් අර්ථකතනය කරන්න ඉඩ තියෙනවා. මොකද ඔය බටහිර සංවර්දිත රටවල මහජනතාවටත් ඡන්ද ගැන තියෙන්නේ ඉතාම ස්වල්ප උනන්දුවක් නිසා ( මෑත කාලයේ ඇමරිකානු මැතිවරණය හැරුනු කොට). ඇත්තටම සමහර රටවල චන්දය පාවිච්චි කලේ නැතිනම් දඩයක් ගැසීමට තරම්, චන්ද පිලිබද ජනතාවට තියෙන්නේ අඩු උනන්දුවක්..

මයියා ගේත් මේවර චන්දය ගැන උනන්දුව අඩු උනාට චන්දේන් පස්සේ ජේවීපී අයියා ලගේ කතාවක් ගැන නම් මයියා ට ටිකක් ෆීල් උනා. ඒ ගොල්ලො කියන විදිහට පැරදිලා තියෙන්නේ ඒගොල්ලෝ නෙවෙයිලු. පැරදිලා තියෙන්නේ ජනතාවලු. මයියාට හිතෙන විදිහට නම් ඒ කතාවේ දෙවෙනි කොටස නම් ටක්කේටම හරි. ඒ උනාට මොකද, ජෙවිපි දින්නයි කියලා ජනතාවත් දිනුම් කියලා නම් හරියටම කියන්න බැ.... ? ඕක ගැන කතා කරන්න ගියොත් ඉතින් විවිද අයට විවිධ මත තියෙනවනේ. ලෝකය ගෝලාකාරයි අදහස් විවිධාකරයි කියලා මහාමූකලන්යායේ මුදලිහාමි කියලා තියෙන්නේ ඒකනේ.

හරි, ඒකට කමක් නැ.මොනා උනත් මෙහෙම කථාවක් ජෙවීපී මහත්තුරු ටික කිව්වෙ මොකද කියලා මයියා කල්පන කලාම තමයි මයියට තේරුනේ මේක මේ පැරදුන හින්ද කියපු හෝ එහෙමත් නැත්නම් නරියා මිදි තිත්තයි කියපු ජාතියේ කතාවක් නොවන වග..

ටිල්වින් මහත්තයාගේ මේ දාර්ශනික කථාවට යටින් තියෙන තියරිය මයියා තේරුම් ගත්තේ මෙහෙමයි.

අපි හිතමු මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒ එක් එක් අයගේ දෙශපාලන කැමැත්ත මෙන්න මෙහමලු....

පලමු මනුස්සයගේ දේශපාලන කැමැත්ත මෙහෙමයිලු
සංධානේ > යු එන් පී > ජේවීපී -----------------------(1)

ඒතකොට අනිත් මනුස්සය ගත්තොත් එයා කැමති මෙහෙමලු
යු එන් පී >ජෙවීපි > සංධානේ ------------------(2)

අන්තිම මනුස්සයා නම් හාර්ඩ් කොර් ජේප්පෙක්. ඒ ම්නුස්සයගේ කැමැත්ත මෙහෙමලු
ජෙවීපී > සංධානේ > යුඑන්පි ----------(3)



දැන් මේතැන ' > 'කියන සලකුණ දාලා තියෙන්නේ ගණිතයේ එන අදහසින්ම තමයි...ඒ කියන්නේ...  ' > ' එකේ කට  ඇරිලා තියෙන පැත්තෙ ගොඩ ලොකුයි....කට වැහිලා තියෙන පැත්තේ ගොඩ පොඩියි......


ලංකාවේ වර්තමාන දේශපාලන රටාව බලද්දි බහුතරයක් මිනිස්සු මේ කැටගරි තුනෙන් එකකට වැටෙන බව , මයියා ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැනේ.

හරි ඒකෙන් කමක් නැ..දැන් මේ 1,2,3 කාරණා තුන පොඩ්ඩක් ඕන කමින් බලන්නකෝ.. අහන්න දෙයක් නෑනේ......තාමත් ලංකාවේ 1 කේ කට්ටියයි 2 කේ කට්ටියයි නේ වැඩි....... එහෙම බලද්දි පැහැදිලි වන දෙයක් තමයි බහුතර කැමැත්ත තියෙන්නේ පහත කාරනා වලට කියන එක..

සංධානේ > යූඑන් පී
යුඑන්පී > ජෙවීපී .


ඉතින් ඒ අනුව ගොඩ නගන්න පුලුවන් තර්කය තමයි.....

සංධානේ > ජෙවීපි ......කියන කතාව.

ඒතකොට චන්ද ප්‍රතිපලේ හරි...

නමුත් ඇත්තටම මේ මිනිස්සු තුන් දේනාගේම කැමැත්ත දිහා ආයෙමත් ඕනකමින් බලන්නකෝ...
අනං මනං වල්බූත නැතුව 1 ,2  හා 3 තනිකරම  ගණිතමය ප්‍රකාශයන් විදිහට බලන්නකෝ.....එහෙම බැලුවොත් බහුතර කැමැත්ත වෙලා තියෙන්නේ ,

ජේවීපී > සංධානේ කියන කතාව. ( 2 හා 3 අනුව)

ජෙවීපී > සංධානේ කියන එක 2 හා 3  ගණිත ප්‍රකාශ වල පැහැදිලිවම දෙපාරක් තියෙනවා...ඒත් සංධානේ > ජෙවීපි කියන එක තියෙන්නේ එක පාරයි....ඒකත් අනියමින් 1 ප්‍රකාශනයේදි විතරයි.....

ඒ කියන්නේ මිනිස්සු මොනා කිව්වත් ගණිතය අනුව ජෙප්පො දිනුම්......

මේක තවදුරටත් පැහැදිලි කරන්වා නම් ප්‍රජාත්‍රන්තවාදයට අනුව සංදානේ ජයග්‍රහනය කලාට ඇත්ත්ටම් වෙන්න ඔනේ ජෙවිපී එක දිනන එක. ඒනිසා ජෙවීපී පැරදිලා ම නෙමේ...මේක මේ සිස්ටම් එකේ අවුලක්...

දැන් තේරෙනවනේ දිනනකන් (Till+Win) මහත්තයා කියලා තියෙන්නේ එසේ මෙසේ කතාවක් නොවන විත්තිය.මාර විදිහට හිතලා බලලා කියපු කතාවක්.. හිකිස්..

බලං ගියාම ටිල්විනයත් කැහැට්ටා වගේ හිටියට 'ගණංකාරයෙක්'..........

ප:ලි : 1. මේක කියවලා මොලේ පොඩ්ඩක් කොලොප්පන් උනා නම් මයියාට සමා වෙලා ටිකිරි මාරි එකක් කාල පොඩි ඇලර්ට් එකක් දාන්න හොදේ..අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ශයි..



Reference : Condorcet's Proof : http://en.wikipedia.org/wiki/Condorcet%27s_jury_theorem

4 comments:

  1. ටිකිරි මාරයික් කෑවා දැන් යනවා ඇලට් එකක් දාන්න :DDD

    ReplyDelete
  2. මරු ලොජික් එක ... මහාවංශයව එලවල උඹව ජවිපෙ නායකය කරා නම් අඩු තරමෙ තිස්ස වත් බේරගන්නව :D

    ReplyDelete
  3. නියමයි මායියෝ..... ඔන් මාත් ටිකිරි මාරි 02ක් කාලා දැන් ඇලට් එකක් දාන්න යනවෝ...

    ReplyDelete
  4. මයියා18 April 2011 at 22:48

    @ වැප්

    මයියා ගේ ටිකිරි මාරි ඇඩ් එකට අහු උනා නේද...

    @බුවා
    මචෝ ..මයියා ට ජෙවිපි වැඩිය දිරවන්නේ නැ..ඒත් කිව්වා වගේ බලයක් හම්බ උනොත්, මයියා ත් කරන්නේ දැන් අනුර කුමාර ලොක්කා කරන දේමයි. පොර ශේප් එකේ ජෙවීපි එක තවත් එක ගතානුගතික වාමාOශික ත්‍රිවීල් පක්ශයක් කරන්නේ...

    @ අමි
    මගේ ටිකිරි මාරි ඇඩ් එක ට වැටුනු දෙවන්නා .මැලිබන් එකෙන් මට කමිශන් එක එනකොට බලමුකො හෝදේ ..

    ReplyDelete

2222