Tuesday 1 February 2011

සත්‍යයේ චක්‍රය : ගග දෙවරක් නොගලයි...තවත් එක් පාපොච්චාරණයක් ?


සත්‍යට ප්‍රිය කරමි. එය හොදයි.

සත්‍යයේ මග බොහෝ විට දුෂ්කරය. ඒත් එය හොදය.

විටෙක සත්‍යය පැහැදිලි නැත. කාලය බොහෝ විට විසදුමයි.

ඇතැම් විට අසත්‍යට ප්‍රිය කරමි. ඒත් ඒ වෙනුවෙන් කථා නොකරමි. අසත්‍යට ප්‍රිය කරන බව පමනක් මෙනෙහි කරමි. අකමැත්තෙන් සත්‍ය වෙනුවෙන් කථා කරන්නේ කොහොමද? මගේ කැමැත්තට බොරු කරන්නේ කොහොමද? නිහඩ බව විසදුමයි. කාලය මා නිවැරදි කරයි.

ලොකුම ගැට‍ලුව නම් සත්‍යයයේ සාපේක්ශ බවයි. එකෙකුගේ සත්‍යය තව එකෙකුගේ සත්‍යට වෙනස් වීමයි. ඒත් සමහර වෙලාවට ඒක හැමවිටම වෙන්නේ නැත. ඒක හොදයි. එතකොට ගැටලු අඩුයි.

එකම එක නිරපේක්ෂ සත්‍යක් අනුමාන කරමි. ඒ වෙනස් වීම නොවෙනස් වීමයි. ගගක් දෙවරක් ගලා නොබසී. එහෙම කිව්වේ මා නොවේය. සත්‍යය එයයි.....

6 comments:

  1. එල මචං

    ReplyDelete
  2. යාන්තමට වගේ තේරුනා...

    වටින අදහසක්...

    ReplyDelete
  3. හරිනෙ, හැම දෙයක්ම සාපේක්ෂ වෙන කොට සත්‍යය විතරක් වෙනස් වෙන්නෙ කොහොමද? අනිවාර්යයෙන් සත්‍යයත් සාපේක්ෂයි.

    ReplyDelete
  4. සමහර දේවල් වල ප්‍රතිවාදී අරුත එම පවුලට අයිති වේද?

    "මේ ලොව ඇති එකම ඇත්ත කිසිම ඇත්තක් නැති බවයි" කිව්වොත් මේක හරි කියා හෝ වැරදි කියා හෝ කියාගන්න බැරි පැරඩොක්සියකට අප වැටේ. "වෙනස් නොවන එකම දෙය නම සියල්ල වෙනස් වන බවයි" මේ තවත් එකක්. එල්ලුම් ගහ ගැන නස්රුදින් කතාවේ ඇත්තේ මේ අවස්ථාවයි.

    මේකට හේතුව "කිසිම ඇත්තක් නැති බව" සත්‍යයක් ලෙස සලකන්න බැරි කමයි. "සියල්ල වෙනස් වන බව" නොවෙනස් විය හැකි දෙයක් ලෙස සලකන්න බැහැ. බුදු හාමුදුරුවොත් අනිත්‍ය කියා කිව්වේ හේතු ප්‍රත්යයකින් හටගත් [සංස්කාර] ධර්ම වීතරයි නේද?

    "මා කිසිම ආගමක් හෝ මතයක් විශ්වාස නොකරන" බව කිව්වම මට කට්ටියම කියාපි "අන්න ඒක තමයි ඔයාගේ විශ්වාසය" කියලා. වැරදියි. මා කිසිත් විශ්වාස නොකරන්නේ කිසියම් විශ්වාසයකින් නොවේ. ආගම සියල්ල බොරුයි කියා මා විශ්වාස කරන්නෙත් නැහැ. ඇත්තයි කියා විශ්වාස කරන්නෙත් නැහැ.

    කිසිත් හිමි නොවීම හා බින්දුවක් හිමි වීම එකම ප්‍රතිපලය දුන්නද අවස්ථා දෙකකි.

    [වැඩිද මන්දා පණ්ඩිත ටෝක් ලිව්වා]

    ReplyDelete
  5. මයියා4 May 2011 at 21:46

    @සුජීව

    මයියා පිලිගත් වෛද්‍යවරයෙක් නම් නොවේ...ඒත් සුජීවගේ කමෙන්ට් එකට පොඩි බෙහෙත් වට්ටෝරුවක් දෙන්න හිතුනා

    රෝග ලක්ෂන: දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීමට නොහැකි වීම, වැඩි දුර සිතීම

    බෙහෙත: චතුස්කෝටීකය පත අට එකට සින්දා චක්‍රීය චිනතනය සමග කලවම් කර දවසට තුන් වතාවක්

    ඇරිස්ටෝටල් , දිවිකෝඑටිකය..රේඛීය චින්තනය ඉතා අගුණය ,,

    බෙහෙත ගත හකි ස්ථානය : අන්තර්ජාලයේන් www.kalaya.com හරහා ඇනවුම් කල හැක..


    බෙහෙතේ ගුණ අගුන කියන්න අමතක කරන්න එපා..

    ReplyDelete
  6. මයියෝ;

    කාලය කට්ටිය සමග සංවාද කලේ කාලෙකට කලින්. එහි තිබෙන ගොඩක් කරුණු සමග එකඟ වෙන්න බැහැ. ඒ එක්කෙනෙක් ගේ ම ආරාධනයෙන් තමයි මාත් ගොඩ වැදුනේ.

    "ගෑවී නොගෑවී" කියන්නේ මොකද්ද එහි ඇති චතුස්කෝටිකය මොකද්ද කියලයි අපි කතා වුනේ. අන්තිමට "මට එහි චතුස් කොටිකය නොපෙනීම මගේ වරදකි", "පෙරදිග උපන් මා චතුස් කොටිකය දැන සිටිය යුතුය" වගේ කතන්දර දක්වා ඇදිල ගියාට, අදටත් මට අනුව නම්, "ගෑවී නොගෑවී" කියන්නේ නොගාවුන අවස්තාවක් වන අතර මෙහි ද්වි කොටිකත්වයෙන් ඔබ්බට යන දෙයක් නැත.

    පෙරදිග උපන් නිසා අපි පෙරදිග විද්‍යා අවිචාරයෙන් පිළිගත යුතු බවත් බටහිර විද්‍යා බැහැර කල යුතු බවත් හිතන පිරිස් මා නම දකින්නේ ආගමික අන්තවාදීන් හැටියට [බ්ලයින්ඩ් බිලිවර්ස්].

    ReplyDelete

2222