Tuesday 29 June 2010

කෑදරකමද? ආසාවද? ආදරයද?

මයියාට ආදරය ගැන එක එක දේවල් හිතෙනවා..ඒ උනාට පොඩි ප්‍රශ්ණේකට තියෙන්නේ, ආදරය කියලා කියන්නේ මොකක්ද කියලා මයියාට තාම හරියට මීටර් වෙන්නේ නැති එකය..ආ...ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕනෙ..මයියා මේ කතා කරන්නේ කොල්ලො, කෙල්ලො අතර නැතිනම් ගැනු මිනිස්සු අතර ඇති වෙන ආදරය ගැනය.....

මයියට හිතෙන විදිහට ඔය ආදරය යැයි කියලා කට්ටිය කියන එක අකාර තුනක් ය. ඒවාට මයියා නම් දාලා තියෙන්නෙ කෑදරය, ආසාව, ආදරය කියලාය.

මේ ආදරය යැයි කියලා ඇති වෙන 'කෑදරය' නම් අදුනා ගන්න නම් ගේමක් නැ..මොකද මෙතැනදි තියෙන්නේ එකිනේකාගේ ලිOගික ආශාවන් සOතර්‍පනය කර ගැනීමේ අදහසක් විතරක් නිසාය..මට හිතෙන විදිහට මේ සම්භන්දයේන් ඉස්සරහෙන්ම ඉන්නෙ පිරිමි පරාණය. බැරි වෙලාවත් මේක ආදරය යැයි කියලා හිතාගේන බැන්දොත් එහෙම බඩුම තමාය..ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ දික්කසාදයෙන්ය..නැතිනම් පවුල සී සී කඩය...හැබැයි මයියා මේහෙම කිව්වයි කියලා , එකෙන් ලිOගිකත්වය ආදරයකදි වැදගත් වෙන්නේ නැතෙයි කියලා නම් මයියා අදහස් කලේ නැත.

ඊලගට මයියා මේ 'ආසාව' කියලා කියන දේය බලමු..මේක නම් ආදරය යෙන් වෙන් කරලා ගන්න හරිම අමාරුය. මෙකේ බොලදම අකාරය තමයි අපි අනේකාගෙ ප්‍රසිද්ධියට, ජනප්‍රියතාවයට , සමාජ තත්වයට, ධනයට සහ ඔය සිOදු කීම වැනි හැකියාවන්ට ආසා කිරීමය. ඒ අසා කිරීම ආදරයක් ලෙස වරදවා ගන්නවාය. සමහර විට මේක හිත ඇතුලේ හැOගිලා තියෙන දේයක් නිසා, තමන්ටම මේක තේරුම් යන්නේ නැත. මේ 'ආසාවේ' තියෙන පැටලුම්ම අකාරය තමයි අපි අනේකාගේ පෙනුමට, කථා ව්ලාශයට, අදහස් වලට, පෙනුමට , හැසීරීමට අසා කිරීමය. මෙවා ආදරය කියලා ගැනීම නිවැරදියි කියලා කියන්න බැ..හැබැයි මේ ඔක්කොම ආදරය වැඩි කරන්න බලපාන කරුණු බව මයියා පිලි ගන්නවා ය.

ඔන්න ඊලගට තමයි මයියා ආදරයට එන්නේ..ආදරය කියලා කියන්නේ ඉහත කී සියල්ලේම අඩු වැඩි වශයෙන් එකතුවක්ය..හැබැයි ඒ ඔක්කොම එකතු වු පලියට සැබැ ආදරය ක් ඇති වන්නේ නැත. තව මොකක්දෝ, මයියට කියන්න තේරෙන්නේ නැති අමුතු දෙයක ද එකතුවක්ය..හරියට අතයි, පයයි, ඇගයි තිබ්බ පලියට මිනිහෙක් වෙන්නෙ නැත..එයට ජීවයක්ද තිබිය යුතුය.එවිට තමයි මිනිහෙක් වෙන්නේ.......ඒ විදිහට ඉහත කී සියල්ල තිබුනත්..මයියිට කියන්න තේරෙන්නෙ නැති මේ 'අමුතු දේ' නැතුව ආදරය සම්පූර්න වෙන්නේ නැත...
ඉතිO මේ වගේ හරිහමO ආදරය ක් ලැබීමත්, තමන්ට ලැබුනු දෙය හරි හමO ආදරයක් කියලා තෙරුම් ගැනීමත් වාසනාවක්ය, මුදලින් මිල කරන්න බැරි, වචනයෙන් විස්තර කරන්න බැරි අමුතුම ලැබීමකි..


ඔය වගේ සෑබෑ ආදරයක් ලැබුනොත්,මයියා හිතෙන විදිහට එය ලබා ගැනිමට, එය රැක ගැනීමට මොන කැප කිරීම කලත් කමක් නැත. මොකද සැබෑ ආදරය එතරම් විරල වටිනා දෙයක් නිසාය. හැබැයි මොන කැපකිරීම කලත් අනෙකාගෙන් බලෙන් ආදරය ලැබීමේ කැප කිරීම කරන්න යන්න නම් එපාය...මොකද ආදරය කියලා කියන්නේ දෙන දෙයක් මිස ලබා ගන්න පුලුවන් දෙයක් නොවන නිසාය.....

19 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මට හිතෙන්නේ ආදරයයි ලිංගිකත්වයි දෙක එකට බැඳිලයි තියෙන්නේ.......ආදරය නැති ආශාව වාගෙම......ආශවෙන් තොර ආදරයත් අසම්පූර්ණයි වාගෙ මටනම් හිතෙන්නේ....මොකද කෙල්ලෙකුට හිතින් ආදරය කරන කොට තියෙන සුන්ඳර හැඟීන් ඔක්කොම ඇඟට අතතියපු ගමන් වෙනස්වෙනවා.....මොකද හිතේ තියෙන තුරු ආදරය නිර්මල හැඟීමක් විතරයයි.....යථාර්තයක් නෑ....යථර්තය නම් කැතයි.....

    ReplyDelete
  3. මයියා29 June 2010 at 07:54

    @ හේමලයා

    ඔයාගේ අදහසට ස්තුතියි..මO හිතන්නේ ඔයා කියන්න හදන දේ මට තේරෙනවයි කියලා..ඔව් ගැනියෙක් ගේ ඇගට අත තිබ්බම මිනිහෙක්ගේ හැගීම් වෙනස් වෙනවා..එහෙම උනේ නැත්නම් තමයි පුදුමේ..ආදරය කියන්නේ මනසින් විතරක් කරන සෙල්ලමකුත් නොවෙයි..ශාරිරික බැදිමකුත් තියෙනවා..ඒක පිවිතුරු ආදරය නැති කිරීමක් විදිහට මයියා සලකන්නෙ නැ
    මයියා ට කියන්න ඕනැ කම තියෙන්නේ ආදරය කියන්නේ ලිOගිකතවය පමනක්ම නොවෙන බව විතරයි....ලිOගිකත්වය නොමැති ආදරයක් සම්පුර්න නැති විත්තියත් මයියා පිලිගන්නවා..

    කොහොම හරි ලිOගත්වයට තියෙන කැදර කම නිසා ආදරය යැයි කියලා අමාරුවේ වැටෙන්න එපා කියන එක තමයි මයියා කියන්න උත්සහ කලේ..

    ReplyDelete
  4. ඔව්.එක පැත්තකින් බලපුවාම මයියා කියන දේ හරි....
    ආදරය කියන දේ මොනතරම් පිවිතුරු උනත් ඒ ආදරය අංශුවක් ගානෙම බැඳිලා තියෙන්නෙ හැඟීම එක්ක....තමන් ආදරය කරන කෙන ඉස්සරහා අපූරුවට අවදිවෙන ඒ හැගීම්වලට අපි ආශාවන් කියනවා...

    ආදරයෙන් තොර ආශාව වෙන එකක්..ඒත් ආදරය එක්ක තියෙන ආශාවන් නම් තිබිය යුතුමයි.....ඒක දෙන්නා අතර බැඳිම ශක්තිමත් කර පවත්වනවා...

    හොඳ ලිපියක්....

    ( මම හිතන්නෙ මයියාට සින්හලෙන් බින්දුව ලිවීමේ ප්‍රශ්ණයක් තියෙනවා වගේ..... සිංගල යුනිකෝඩ් පාවිච්චි කරනවා නම් " \n " අකුරු වලිනුත් Realtime singlish පාවිච්චි කරනවානම් " Q " අකුරෙනුත් බිංදුව ලියන්නට පුළුවන්.....)

    ReplyDelete
  5. මායිය අගේට ආදරේ පහදන්න හදල. නියම උත්සාහයක්. මාත් හිතන විදිහට නම් රාගය සහ ආදරය දෙකක්. ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ ආදරයට රාගය අනවශ්‍යයි කියල.
    මෙහෙම හිතුවොත් නගර ශෝභනියන් එක්ක සැතපෙන්නේ ආදරයටද රාගයටද... මේ දේ වැරදියට හිතා ගෙන ඒ ඇති වුනේ ආදරයයි වැරදියට වටහා ගෙන කසාද බැදල දික්කසාද වුන අය මම දැකල තියෙනව.
    අනිත් කාරණේ තමයි හිතේ ආදරයක් නැතිව වෙන මොන දේ කරත් පලක් නැහැ. ටික දවසකින් ඒකේ තියෙන බොරුව දෙන්නටම දැනෙන්න ගන්නව. ඒ නිසා හිතේ ඇතිවන සැබෑ ආදරය වටිනව.

    නියම ලිපියක්. මායියාට සුබ පතනව.

    ReplyDelete
  6. මයියා29 June 2010 at 12:03

    @දිල්,

    එල මයියා කියන්න හදන දේ දිල් ගේ අදහසත් එක්ක ගැලපෙනවා..ආදරයත් එක්ක මුසු වුන ශාරිරික එකවීම වාසනාවක්..ඇටමස් නහර දිගේ දිව යන්නක්...අංශුවක් අංශුවක් ගානේ දිව යන වෙන් කරන්න බැරි හැගීමක්...( මයියා හොද සිසුවෙක් බව, දිල් ට දැන් තෙරේනවා ඇති..මොකද හරියට බිංදුව ටයිප් කරපු නිසා..හිකිස්)

    ReplyDelete
  7. මයියා29 June 2010 at 12:13

    @වත්

    වත් නගා , ඔයා මයියා කියන දේට ප්‍රායොගික උදාහරනයක් දීලා තියෙනවා..බොහොම ස්තුතියි..ඔයා සුබ පතලා තියෙන්නෙ මයිය ට ද නැත්නම් මයියා ගේ බිරිද මයියාවටද? ඔය සමහරු මයිකෑල්ල කියලා කියන්නේ..මයිය නම් කියන්නේ මයිලේඩි කියලා...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අනේ මට තාම ඔව්ව තේරෙන්නෙ නෑනෙ... පස්සෙ කාලෙක බලන්න සේව් කරල තියාගන්නම්...

    ReplyDelete
  10. මයියා29 June 2010 at 16:44

    @නිම්න

    ස්තුතියි මේ පැත්තේ අවාට

    @තරියා

    ඔයා බබා...ඇවිල්ලා සටහනක් දැම්මට ස්තුතියි...

    ReplyDelete
  11. මායියා මම හරිම කැමති මෙවා ගැන කාත් එක්ක හරි කතා කරන්න, නමුත් මම හොදටම දන්න දෙයක් තමයි මෙ දෙවල් අපිට කතා කරලා වර්ග කරලා වෙන් කරගෙන , තර්කයට හසුකරගෙන ඉගෙන ගන්න බැහැ. මායියටත් කවුරු හරි කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා නම් එ බව තෙරෙවි.නමුත් හිත කියන දෙ පුදුම දෙයක්. ඔයා කරපු උත්සහාය අගය කරනවා. නමුත් මෙවා අපිට අල්ලන්න පුලුවන් දෙවල් නෙමෙ නෙද.. හරිම ලස්සනයි.

    ReplyDelete
  12. මයියා1 July 2010 at 05:17

    @රවා

    මයියා, රවා සමග එක කරුණකට එකගය. ඒ ආදරය, නිවන,ස්වර්ගය වැනි සOකල්ප තර්කයට ගෝචර නොවෙනෙනක් බවය. එය අත්දැකීමෙන් ලැබිය යුත්තක් බවය. මයියා ලිපියේ අවසානයට ලියා ඇති 'අමුතුම දේ' මෙම ක‍රුණ සිතේ තබා ගෙන ලියා ඇත්තකි.
    නමුත් ඊට ඉහලින් දක්වා ඇති කරුණු තර්කය මගින් විශ්ලේශනය කල හැකි බව ම්යියා ගේ අදහසය..
    එයින් කමක් නැත.රවා ගේ අදහස ගැන මයියා ට ඉතා සතුටුය...ලෝකය ගොඅලාකාරය.අදහස් විවිධාකාරය..රවා ගේ සටහන ගැන මයියා ගේ ස්තුතිය..

    ReplyDelete
  13. see the power of love, marriage

    http://au.news.yahoo.com/thewest/a/-/newshome/7492412/he-didnt-kill-her/

    ReplyDelete
  14. see the power of love and a marraige

    http://au.news.yahoo.com/thewest/a/-/newshome/7492412/he-didnt-kill-her/

    ReplyDelete
  15. අදයි මම මේ බ්ලොග් එක කියවන්න ආවෙ. දිල්ගෙ අදහසට මමත් එකඟයි. ඒත් අර අමුතු දේ කියලා නම් මට හිතෙන්නේ සංසාරයෙන් ගෙනෙන බැඳීම කියලා. මොකද සමහරවිට සමාන විදියට හිතන අය අතරින් වුනත් කෙනෙක්ගෙ හිත ඒ හැමෝම කෙරේ ඇදෙන්නෙ නැහැනේ.

    ReplyDelete
  16. මයියා1 July 2010 at 11:32

    @ මැණික්(සුළගා

    ස්තුතියි මේ පැත්තේ අවාට,

    ම්ම්ම්ම්ම්ම්ම් ඔබ කියන අකාරයට එය සOසාර බැදීම වෙන්න පුලුවන, නමුත් මයියා ගේ අත්දැකීම් අනුව එය සOසාර බැදීමට 100% ලඝු කිරීමට මයියාට සිත දෙන්නේ නැත.

    ඒයින් කමක් නැත. සුලගක් වගේ ඇවිදින් සුලගක්ම වගේ යන්නැතුව සටහනක්ද දමා යාම ගැන මයියා ගේ ස්තූතිය..

    ReplyDelete
  17. මයියත් ආදරේ ගැන පිට රාමුවක ඉඳල හොදට දැකලා තියෙන පාටයි... :D
    ආදරෙත් බලං ගියාම මල ඉ-love වක් නෙ.... හි හි

    ReplyDelete
  18. අනේ මන්දා මයියෝ.. මාත් ඔය උඹ කියන තුන්වෙනි ටයිප් එකේ ආදරයක් කොහෙ හරි කාට හරි ලැබිල තියෙනවද කියලා හොය හොය ඉන්නේ... ඒ වගේ පරිපූර්ණ ආදර සිද්ධියක් දැනගන්ට ලැබුනොත් අපිවත් දැනුවත් කරහන් හොඳේ...

    ReplyDelete
  19. මයියා28 July 2010 at 16:37

    @ ප්‍රභාත්

    ස්තුතියි මේ පැත්තේ අවාට...මයියා එකම දෙයක් දන්නවාය..මොන රාමුවක සිටියත්, රාමු වෙන් පිට සිටියත් ' ආදරේට' ඩිෆිනීෂන් නැති බවය..හිකිස්

    @ පුතා

    පුතේ..මේ වගේ ගණයේ ආදරයක් ලැබෙන්න , මේ වගේ අදරයක් ලබා දෙන්න ...කියන්න ලේසියි ..කොරන්න තමයි අමාරු ..ස්තූතියි මේ පැත්තේ අවාට

    ReplyDelete

2222