Friday 25 June 2010

මයියා ගේ පලමු සටහන

ඔන්න මෙච්චර දවසක් බ්ලොග් කියව කියව හිටපු මයියාත්, සිOහල බ්ලොග් එකක් ලියන්න ඕනැ කියලා හිතුවා.

මයියා ට සිOහල බ්ලොග් එකක් ලියන්න කියන්න ඕනැ කියන අදහස ආවේ එයා විභාගයකට සෙට් වෙන අතරේ. ඔය විභාග කාල වලදි තමයි සමහර අයට හොද අදහස් පහල වෙන්නේ. මම මේ විභාගේ ඉවර උනාම අරක කරනවා..මේක කරනවා ආදී ලෙස..ඒත් විභාගේ ඉවර උනාම මුකුත් මතක නැ...මයියා ට ඕක කීප පාරක්ම වෙලා තියෙන නිසා, මේදා පාර විභාගේ ඉවර උන දවසට , පහුවෙනිදම ඔන්න හිතා ගත්ත වැඩේ පටන් ගත්තා..

එතකොට මයියා කියන්නේ කවුද? එක නම් මම කියන්න බලාපොරොත්තුවක් නැ.. හැබැයි මම දැනටම ඕගොල්ලො අතරේ ඉන්න කෙනෙක්. සමහර අය මාව අදුනනවා මගේ ඇත්ත නමින්.

ඉතින් මම ඉස්සරහට දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මම ලියන්න හිතන් ඉන්නේ සමහර ම්ගේ අත්දැකීම් හා සමහර දේවල් ගැන මට හිතෙන හැටි..

4 comments:

  1. හරි හරි ලියපිය මල්ලී. දෙකක් දාගත්තම ඕන තරම් කියවන්න බැරිය.

    ReplyDelete
  2. මයියා25 June 2010 at 17:55

    එල එල අයියේ..අයියට බ්ලොග් ලියන්න වගේම කියවන්නත් දෙකක් දා ගන්න ඕනේද? නැත්නම් මගේ ලිවීම අවුල් නිසා කියවන්න දෙකක් දා ගන්න වෙනවද? හිකිස්..

    ReplyDelete
  3. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්නට කෙටි සුභ පැතුමක් මගෙන් :)

    ReplyDelete
  4. බොහොම ස්තුතියි, හසිත , දිරි ගැන්වීම ගොඩක් අගය කරනවා

    ReplyDelete

2222