Thursday 23 December 2010

බැසිල් තට්ටුවේ තබා මුඩ්ඩ ගලවපු පොල් ගෙඩිය 2 යි ශත 99 ට දීම

මේ දවස් වල බැසිල් මහත්තයා වැඩිය පේන්න නෑනේ..මොකද කියලා බැලුවමයි කාරනාව තේරුනේ...මේ තියෙන්නේ ෆොටෝ එක...
(ආචාර්යතුමා දැක්කනම් කියයි රාජපක්ෂලගේ නම කැත කරන්න කවුරුහරි කරපු අලුගෙත්තේරූ වැඩක් කියලා..)





වැඩිවෙන ජීවන වියදමට කා ලගවත් උත්තර නැනේ..ඒ උනාට මයියා හොයා ගත්තා බඩු ගන්න ඕනා පොට් එක. මේ තියෙන්නේ දෙහි ගෙඩිය ශත 49 යි.




බීට් රූට් කිලෝ එකම ශත 99 යි.




මුදලාලි ගේ පොල් රු.50 යි, ජොනියගෙ පොල් රු30. එත් මෙතැන 2 යි ශත 99. ටිකක් වේලිලා වගේ උනාට , පොල් මුඩ්ඩ ගලවලාමයි දෙන්නේ..





මේවා සාම්පල් විතරයි. තව බඩු තියෙනවා. තැන දැන ගන්න ඕනා නම් ඉතින් මයිය ට කථා කරන්නම වෙනවා, මොකද ඔය බිස්නස් උනත් කරන පිලිවෙලක් තියෙනව නෙව..එහෙනම්..

ප.ලි: experiment, experiment

Tuesday 14 December 2010

මයියගේ ලාම්පු සෙල්ලම්...


මයියා ට මේ දවස් වල ලියන්න කියවන්න වේලාව තිබුනත්, ඔලුවට හරි හමO අදහසක් එන්නේ නැති මහ ඉඩෝර කාලයක් පහු කරමින් ඉන්නේ. පෞද්ගලික ජීවීතේ නම් මේ වගේ අන්ජබජල් කාළයක් ආවාම , මයියා පත්තු කරන්නේ ෆොග්ලයිට්. අම්මට සිරි....ඔන්න පොටක් පැදුනා..මයියාට ලියන්න දෙයක් හම්බ උනා....(ලියන්න ගියේ වෙන දෙයක්..ඒත් මේක ඊට වඩා ඒල වගේ..) හරි ඔන්න එහෙනම් මයියා ෆොග්ලයිට්, හෙඩ්ලයිට් සOකල්පය දෙන්නයි යන්නේ...

කවුරුත් දන්නවනේ ඔය වාහන වල තියෙන, රැට එලවන කොට පාවිච්චි කරන හෙඩ් ලයිට් එක. හෙඩ්ලයිට් එකේ එලිය සැරයි. වාහනේ එලවන කෙනාට හෙඩ්ලයිට් එක දැම්මම පාරේ ගොඩක් දුර පේනවා. ඒක හින්දා බයක් නැතුව වාහනේත් හයියෙන් එලවන්න පුලුවන්. මයියත් පෞද්ගලික ජීවීතේදී හෙඩ් ලයිට් ගහනවා. ඒ කියන්නේ මයියට තමන්ගේ ජීවීතේ පසු කරන්න තියෙන කඩ ඉම්, අභියෝග මොනවද කියලා පැහැදිලි අවස්ථා වල , තවත් විස්තර කරනවා නම් , ජීවීතේ ඉස්සහරට කරන්න තියෙන්නේ මොනවද කියලා ඉතා පැහැදිලි අවස්ථා වල මයියා ගහන්නේ හෙඩ් ලයිට්..අභියෝග, බාදක , යා යුතු මාර්ගය දන්න නිසා හොදට හෙඩ් ලයිට් ගහගෙන වාහනය ඉතා ඉක්මනින් එලවනවා. ඉක්මනට ඉක්මනට බාධක පසු කරමින් ඉදිරියට ඇදෙනවා...ජීවිතේ මේ වගේ කාලේකට හොදම උදාහරනය තමයි, ඔය ඒලේවල් කරන කාලය. කරන්න තියෙන දේ ඉතා පැහැදිලියි,හරි හමO විශය ධාරාවක් තෝරා ගත්තාම ඒක හොදට ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. හරියට කලොත් ප්‍රතිඵල හොදයි. මේ වගේ වේලාවට හෙඩ් ලයිට් ගහගේන වේගයෙන් මාර්ගයේ ගමන් කරන්න තමයි ඉතින් තියෙන්නේ...ආ තව එක්ක්..හෙඩ් ලයිට් ගහගෙන ඉන්න නිසා මේ වගේ කාලවලට පොඩ්ඩක් අවදානම් ඒත් ප්‍රතිපල වැඩි තීරණ උනත් ගන්න පුලුවන්. පාර හොදට පේන නිසා වාහනයට කරදරයක් වෙන්නේ නැති බව දන්න නිසා ඒක එතරම් අවදානමක් වෙන්නේ නැ.

ඊලගට ෆොග් ලයිට් ගත්තොත් මේවා තියෙන්නේ, මීදූම අධික,ඒ නිසා පාරේ වැඩි දුර නොපෙනෙන අවස්ථා වල වාහනය ආරක්ෂාකාරීව, ජාමේ බේරාගෙන ගමන් කරන්න තමයි. සැබැ ජීවිතෙත් මේ වගේ තමයි. සමහර කාල වලට මයියා ට මොකක් කරන්න ඕනේද කියලා හරියට තේරුමක් නැ. අරමුණක් නැ. සමහර විට අරමුනක් තිබ්බත් යා යුතු මාර්ගය පැහැදිලි නැ. මයියා මේ වේලාවට ගහන්නේ ෆොග් ලයිට්. යන්තන් වාහනය ඉස්සහරට ධාවනය කරන්න විතරයි කල්පනා කරන්නේ. ඒත් ඉතා හෙමින්. වල ගොඩැලි වල නොවැටි, හෙල් ප්‍රපාත වල නොවැටි , මීදූම අහවර වන තෙක්හෙමීට යන්තන් වාහනය ඉස්සහරහට ගියාම හොදටම ඇති...මේ වගේ කාල වලට වැඩිය අවධානම් තීන්දු තීරන ගන්නේ නැතිතරම්. වැඩිය ඉස්සහරට හිත්න්නේත් නැ. කෙටි කාලින් ප්ලැන් තමයි ගහන්නේ. ගොඩක් වෙලාවට ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් තමයි බලන් ඉන්නේ

ඔන්න ඔහොම යන්තන් මීදුම අහවර වෙලා පාර පැහැදිලි උනාම අයෙම හෙඩ් ලයිට් ගහගේන යනවා...

දැන් කියන්න යන්නේ මේ සOකල්පයේ මයියා ගේ value addtion එක.ඒක තමයි .effective and efficient වචන 2 ක මේ සOකල්පෙට පෑහෙන් විදිහ. .effective කියන්නේ 'හරි යමක් කිරීම' .effecient කියන්නේ ' හරියට යමක් කිරීම'. ඔය හෙඩ් ලයිට් ගහන කාල වලට හරි යමක් තෝරා ගෙන, ඒක හරියට කරන්න පුලුවන්.මේ දෙක හරියට කලාම වැඩේ නැගලා යනවා.හැබැයි ඉතින් ෆොග් ලයිට් ගහන කාල වලට නම් 'හරියට යමක් තෝරා ගන්න අමාරුයි. ඒත් efficientවෙන්න පුලුවන්. එනම් කරන පොඩ්ඩ හරි, හරියට කරන්න පුලුවන්...

කථාවෙන් කථාව පෝස්ට් එකත් දික් උනා..ඒත් මේ කථාවත් නොකියාම බැ...මේක මයියා දැක්කේ ගොඩක් කලකට ඉස්සෙල්ලා නිහතමානී බස් එකක යන කොට...හරියටම වචන මතක නැ....ඒත් මේ වගේ අදහසක්..

' ගමනක සුන්දරත්වය රැදෙන්නේ ගමන අවසානයේ නොව, ගමන අතර මැද විදින ආශ්වාදයෙනි'

ඒක හින්ද හෙඩ්ලයිට් නෙමෙයි මොනා ගහගෙන දිව්වත් , මේ කථාව නම් අමතක කරන්න ඒපා...

-------මයියාගේ තවත් එක පඩි කථාවක් නිමි------

Tuesday 30 November 2010

මයියා ගේ පඩි ටොක්ස්, පොර ටෝක්ස්, සිරා ටෝක්ස් හා පතෝල ටෝක්ස්


මයියා ,පසුගිය දොහේ දාපු පෝස්ට් ටික මයියා ම නැවත පොඩ්ඩක් කියවලා බැලුවා...බලO ගියාම මයියා, ආදරය, ඉතිහාසය, දේශපාලනය, බුද්ධාගම වගේ විශයන් ගැන ලියලා තියෙනවා ය ..හැබැයි සමහර බ්ලොග් අඩවි කරලා තියෙනවා වගේ මයිය ට මේ පොස්ට් ටික වර්ග කරන්න කිව්වොත්, මයියා ඒවා වර්ග කරන්න පඩි ටෝක්ස්, පොර ටෝක්ස්, සිරා ටෝක්ස් & පතෝල ටෝක්ස් යන සිව් වැදැරුම් ක්‍රම වලටය.

මයියා, පඩි ටෝක්ස් ලෙස නම් කර තියෙන්නේ, වෙනත් අයෙකුගේ අදහස් හා සOකල්ප මයියා, පඩියෙකු සේ , මයියාගේ වචන වලින් ඉදිරිපත් කරන බැවිනි. හැබැයි මේ වගේ පෝස්ට් එකක් දැම්මම මයියා පොස්ට් එකේ කොහෝ හරි හෝ කොමෙන්ටු තීරයේ කොහෙ හරි හෝ අදාල මුල් තොරතුරු තිබෙන තැන ගැන විස්තරයක් දමනවාය. එසේ කිරීම මගින් මයියා ප්ලෙජරිසම් කියලා සිOග්‍රීසියෙන් කියන වැරැද්දෙන් මිදෙනවාය.ඒ කියන්නේ අනුන්ගේ අදහසක් තමන් ගේ ලෙස ඉදිරිපත් කිරීමේ පාප කර්මය ය..'කට් ඇන්ඩ් පේස්ට්' කිරීම යනු මෙහි පහත්ම අකාරය වන අතර, සOකල්පය ගත් තැන සදහන් නොකර එය තමන්ගේ වචන වලින් , තමන්ගේ ලෙස ඉදිරිපත් කිරීම මේහි වැඩි දියුනු ම අකාරයයි.

පොර ටෝක්ස් ලෙස මයියා වර්ග කර තියෙන්නේ , මයියා පොර සේ අනිත් අයට අවවාදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති පෝස්ට්ය. ඇතැම් විට මයියා ගේ ජීවන ඇත්දකීමද මේවායේ සැOගී ඇති බැවින්, මේවා කියවන විට මයියා ට මතක් වෙන්නේ මුදලාලි ගේ ගෙදරට නයා ආපු කථාවය. මොනා උනත් මයියා මේ වගේ පෝස්ට් එකක් දාන කොට, තමන් පොර සේ ඉස්මතු වීම වැලක්වීමට අවOක උත්සහයක් දරා ඇති බව කිව යුතුය. ඒත් ආපසු නැවත පරණ පෝස්ට් ටික කියවන කොට මේ උත්සහයේ අඩුලුඩුකම් තිබී ඇති බව මයියා පිලිගන්නවා ය.

ඊලගට එන්නේ සිරා ටෝක්ස් ය. මේවා නම් මයියා ගේ බොක්කෙන්ම එන අදහස් ය. මේවගේ පොස්ට් එකක් ලිවීමට මයියා ට සිත සිතා සිටිය යුතු නැත. එවා නිකම්න්ම ලියැවේ. මයියා මේවගේ පෝස්ට් වලට පෞද්ගලිකව අතිශයින්ම ප්‍රිය කරනවාය. මේවා ගැන, මේ මාතෘකා ගැන කතා කරන කොට මයියා ට වේලක් දෙකක් මිස් උනත් අවුලක් නැත. මේ මාතෘකා ගැන, ඒවා මොනවාදැයි, මයියා ටත් වඩා හොදින් දන්නේ මයියා ගේ මයිලේඩිය. සීරා ටොක්ස් නම් ගුණාත්මකව ඉහලය, ඒත් ප්‍රමාණාත්මකව විරලය. නිර්මානශීලීත්වය කියන බෙහෙත මේවාට කලවම් උන පසු, මේවගේ පෝස්ට එකක් පිස්සු පීකුදුය.

අවසාන වශයෙන් සාකච්චාවට ගැනෙන්නේ පතෝල පෝස්ට් ගැනය. මේවා යේ හොදකුත් නැත, නරකකුත් නැත. ගන්න දේකුත් නැත, විසි කරන්න කියලා දේකුත් නැත. හරියටම පතෝල වගේය. ගුණේකුත් නැත. අගුනෙකුත් නැත. ඉතින් මේවගේ පෝස්ට් මයියා පතෝල පොස්ට් යටතේ වර්ග කරනවාය. හැබැයි ප්‍රශ්ණය වෙන්නේ ගොඩක් මහන්සි වී සොයා බලා ලියන ලිපි ද, මේ වගේ පතෝල පෝස්ට් වීමට ඉඩ කඩ තිබීමය..

ප:ලි :- මයියා මේ වර්ගීකරනය කර තිබෙන්නේ මයියා ගේ පෝස්ට් ගැනය. හැබැයි බ්ලොග් අවකාශයේ සින්ඩිකෙට් වෙන අවශේශ පෝස්ට් වලට ද මෙම වර්ගීකරනය යොදා ගැනීම ගැන මයියා ගේ කිසිම විරුද්ධත්වයක් නැත.

Sunday 24 October 2010

ඩැනිෂ් කුකීස් හා ලOකාවේ බුදුදහම


මයියා මේ ලගදී ෂොපින් ගියේය. ගියේ සුපර් මාර්කට්ටුවකටය. වැඩිදුරක් යන්නට ලැබුනේ නැත. මයියාගේ ඇස ගැටුනේ ඩෙන්මාර්කයේ නිෂ්පාදනය කොරන ඩැනිශ් කුකීස් බිස්කට් ටින් එකක් ලගය. මේ බිස්කට් ගැන මයියා ට පොඩි කාලයේ රසවත් මතකයක් ඇත. බිස්කට් ටින් එක දැක්ක ගමන් මේ බිස්කට් කුකීස් වල රස මයියා ගේ දිවගට දැනෙන්න ඇත්තේ ඒ නිසා විය යුතුය. අවුරුදු ගාණක් තිස්සේ කොතක් සේ ගසා ගන්නා බත් පිගානට රසාඥතාවය සීමා කල මයියා ට, බිස්කට් කුකියක රස වැටීමත් එක්තරා පුදුමයකි....

පොඩි කාලයේ මයියා ගේ ගෙදරට මේ වර්ගයේ බිස්කට් ටින් එකක් තැගී ලැබුනේය. ඒ දවස් වල මේ වර්ගයේ බිස්කට් ටින් එකක් යනු ලක්ෂරි අයිටම් එකකි. පුරුද්දක් වශයෙන් මෙවැනි දෙයක් ලැබුනු විට ගෙදර අය එය පාවිච්චියට ගත්තේ නැත...( ඒ කාලයේ හැම ගෙදරම එසේ දැයි කියා මයියාට අවබෝධයක් නැත... මයියා ට දැන් තියෙන අමාරුව වගේ එකක් ඒ කාලයේ තිබුනා නම් ඒ ගැනත් හරියටම කියන්න තිබුනාය..කෙසේනමුත් මයියලාගේ ගෙදර එසේ විය...)
කොහොමින් කොහොම නමුත් එදින වෙනදා මෙන් නොවීය...අපි එකතු වී බිස්කට් ටින් එක කැඩුවෙමු...පට්ටය..බිස්කට් ටික නම් මරුය...අවුරුදු විස්සකට පසුත් මයියා ට ඒ බිස්කට් රසය මතක් කරවන තරම් මරුය...


මේ බිස්කට ගැන ලියන ගමන් මයියා ට හැගීගියේ ලOකාවේ බුද්ධාගම කියන්නේත් මයියලාගේ ගෙදර බිස්කට් කැම වගේ කියලා ය..මන්ද මයියා ලා කලින් කලේ ගෙදරට ලැබෙන හොද දේවල් , ගෙදරට එන අමුත්තෙකුට දෙන්න ඉතුරු කල එකය,,, නැතිනම් ගෙදරකට යන විට තැගි ලෙස ගෙන යන්න තියා ගත්ත එකය..

ලOකාවේ බුද්ධාගම ද එසේය. මිහිදු මහා රහතන් වහන්සේගේන් අපට බුදධාගම තැගි ලැබුනේය..පරම්පරා ගනනක් තිස්සේ එය අපි තැග්ගක් ලෙස ඊලග පරපුරට තැගී කරන්නේය..කලින් පරම්පරා ගැන මයියා කතා කරන්නේ නැත ...මයියා ගෙ සමකාලින පරම්පරා නම් ලැබුනු තැග්ගේන් වැඩක් ගන්නේ නැත,, එහෙත් ඔවුන් එය ඊලග පරම්පරාවට තැගී කරන්න හිතා ගේන ඉන්නවාය. එසේ කිරීමට ද මාරම වෙහෙසක් ගන්නවාය..ඒ සදහා ඔවුන් දිවිහිමියෙන් උවත් ඉදිරියට එන්නේය...අඩුම වශයෙන් කථාවට හරි එසේ කියනවාය

ප්‍රශ්ණය තියෙන්නේ මයියා ලාට ඩැනිශ් බිස්කට් එක කඩා එහි රස බලන්න හිතුනා වගේ .....පරම්පරාවෙන් පරාම්පරාවට තැගී ලැබුනු බුද්ධාගම තුලට කිදා බසින්නට, එහි රසය විද ගන්නට මේ පරම්පරාව සිතන්නේ නැති වීමය..ඒ සදහා ඔවුනට වෙලාවක්ද නැත..ඔපිස් එක වැඩයි, ගෙදර දරුවන්ගේ වැඩයි සෙට් උනාම ඉතුරු වන්නේ මෙගා ස්ටාර් බලා නින්දට යන වෙලාව විතරය..
කොලුවන්ට නම් ක්ලාස් ගොස් බස් ස්ටැන්ඩ් එකේ වලක් බැස, ගැණු දරුවෙකුට සූවක් දමා ගෙදර ඇවිත් ෆෙස්බුක් ස්ටෙටස් අප්ඩේට් කලාම මල් කඩන වෙලාව එන්නෙය....කෙලි පොඩිත්තන්ගේද වැඩි වෙනසක් නැත..කාට කාටත් වෙලාවක් නැත...ඒක නිසා බුදුදහමේ මොනවා තිබුනත් කමක් නැත..පරම්පරාවෙන් ලැබුනු නිසා ඊලග පරම්පරාවට දුන්නම හොදටම ඇතිය...ඒකට ඉරිදට පන්සල් ගොස් ලමයි ටිකව දහම් පාසල් යවා අවුරුද්දකට පාරක් දානයක් දුන්නම වැඩියත් එක්කය...

පසුව ලියමි;

මයියා බ්ස්කට් ටින් දෙකක්ම මිල දී ගත්තේය..එක බිස්කට් ටින් එකකට නම් මයියා තනියෙන්ම වග කී අතර මයි පැටවුන් ඉතිරි එකට වග කීවේය...මයියාව නම් සිනාමුසු මූනෙන් මයි තාත්තලා හා පුතාලාගේ බඩජාරී කම බලා සිටියාය..

Friday 17 September 2010

මහායානෙද?..ථේරවාදේද......නැත්නම් මොකුත්ම නැද්ද?


ඔය කවුරු කවුරුත් බුදුදහමත් එක්ක්ක කියැවෙන මහායාන , ථේරවාද කියන වචන දෙක අහලා ඇතිනේ. අහලා නැත්නම් ඉතින්, මේ කියන්නේ බුදුන්වහන්සේගෙන් පසුව බුදුදහමේ ඇතිවුන ප්‍රධාන බෙදීම් දෙකක්, මෙයින් ථේරවාදීන් බුදුදහම පිරිසිදු ආකාරයෙන්ම පවත්වාගෙන යනවා යැයි පවසන අතර, ලංකාවේ පවතින්නේ ථේරවාදයයි. ක්‍රි.පු 1 සියවසේ ඉන්දියාවේ දී ක්‍රමිකව වර්ධන උන ධර්ම ගවේශණයේ ප්‍රතිපලයක් ලෙස මහායානය බිහි වු අතර මෙය චීනය, ටිබෙටය, කොරියාව,වියෙට්නාමය ජාපානය වැනි රටවල පැතිර ගියා.

මයියා පොඩි කාලයේ මහායාන කියන වචනෙ කණට වැටුනු දවස් වල ඒකේ තේරුම ඇහුවේ මයියා ගේ අම්මාගෙන්. හොද බෞද්ධ උපාසිකාවක් උන අම්මා, මහායාන ගැන මයියාට කිව්වේ ඒක පිරිසිදු බුදුදහම නොවෙන බවත් ඔවුන් අලංකාර පුද පුජාවලට වැඩියෙන් කැමැත්තක් දක්වන බවත්ය.

පස්සේ කාලෙක මයියා ලොකු මහත් වෙන කොට මේ මහායානය ගැන මීට වඩා වෙනස් විදිහකට කියවන්න ලැබුනා.

ථේරවාද, මහායාන තියා බුද්ධාගම කියන්නේ මොකක්දවත් හරියට දන්නේ නැති, බහුතරයක් බෞද්ධ උන ල0කාවේ පොරවල් වලට මහායාන ගැන පොඩි කුප්පියක් දාන්නයි මයියා සෙට් වෙන්නේ.

මහායාන ගැන කියන්න කලින්, බුදුදහමේ මූලික සකල්පය උන ' පටිච්ච සමුප්පාදය' ගැන පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා. වචනේ පොඩ්ඩක් බරපතල උනාට මෙම උතුම් සංකල්පයෙන් විස්තර කෙරෙන්නේ අපේම හිත ගැනයි.

මේ ගැන මයියා පොඩි උදාහරණයකින් පටන් ගන්න හිතුවා.

දැන් හිතන්න බලන්න ඔය වාඩි වෙලා ඉන්න පුටුව ගැන. මේ පුටුව රූපයක් විදිහට අපේ ඇස් දෙකෙන් දකිනවා. වාඩිවෙලා හිටියොත් හමට වැදීම නිසා ඇතිවෙන ස්පර්ෂයෙන් ඒක දැනෙනේවා.මේ ඇසෙන් ගන්න දෙයයි ,හමෙන් ගන්න දෙයයි එකතු කරගෙන අපේ මොලය මේක පුටුව විදිහට තේරුම් ගන්නවා. ඉතින් දැන් හිතන්න බලන්න අපි පොඩි කාලයේ ඉදගෙන ඔය සංවේදනා දෙක මුල් කරගෙන පුටුව කියලා මේක අදුන ගන්න පුරුදුවෙලා ඉන්නවා. ඕක පුටුව නෙමෙයි, වංගෙඩියක් ලෙස අදුන ගන්න පුරුදු උනානම් අපි ඕක වංගෙඩියක් ලෙසයි අදුන ගන්නේ. මේකෙ තියෙන වැදගත්ම කාරණාව නම් ඔබ, ඔබට ඇති අත්දැකීම තුලින් පුටුව කියන දේ තේරුම් ගන්න අතර , මයියා මයියාට ඇති අත්දැකීම් තුලින් පුටුව තේරුම් ගන්න වා. නමුත් ඇත්ත වශයෙන්ම පුටුවක් පවතිනවාද.? ඉහත සදහන් කල ඇස්දෙකෙන් ගත්ත සංවේදනයයි, ස්පර්ශ්යෙන් ගත්ත සංවේදනයයි කෘත්‍රිමව ඇති කල හැකි නම් පුටුවක් ඇත්තටම නැතත් , පුටුවක් ඇති වබ අපේ මොලයට ඒත්තු ගන්වන්න පුලුවන්..( ඔය Matrix ෆිල්ම් එකේ තියෙන්නේ මේ වගේ සීන් එකක් තමයී.)

දැන් මේ කථාවේ ප්‍රශ්ණයට බහිමු... ඇත්තටම පුටුවක් පවතිනවාද? , නැතිනම් මේය නොපවතින්නක්ද?

මහායානවාදීන් මේ ප්‍රශ්ණයේදී මේහි පුටුවක් නොමැති බවත් ඇත්තේ ශූන්‍යතාවය බවත් කි‍යවෙනවා. මහායාන වාදීන් ට අනුව සියලු දේ මනසේ නිර්මාණයන්....... නමුත් ථේරවාදීන් මෙහිදී පුටුවක් භෞතිකව ඇති බව පිලි ගන්නා අතර එහි පැවැත්ම වෙනස් වන බව පිලිගන්නවා.

කච්චායන සුත්‍රයදී දැක්වෙන අකාරයට, සියලු දේ පවතී: මෙය එක අන්තයකි....සියලු දේ නොපවතී : මෙය තවත් අන්තයකි.....තථාගතයන් වහන්සේ මෙම අන්ත දෙකම ප්‍රතික්ශේප කරන අතර මැද මාවත දේශනා කරයි.......කියලා දැක්වෙනවා...

මහායානවාදීන් අතරත් විවිද මතිමතාන්තර පවතිනවා.ක්‍රමිකව වර්ධනය උන දේයක් නිසා මෙය බලාපොරොත්තු වියයුත්තක්.

මුල් මහායාන ග්‍රන්ථ උන 'අෂ්ඨ ශ්‍රාස්තික ප්‍රග්නා පාරමිතා' අනුව සියලු දේ නොවපවතින අතර, ධර්මය පවා නොපවතින්නක් . නාගර්ජුන හිමියන් විසින් දියුනු කරන ලද 'මධ්‍යාමික' ඉගැන්වීම් අතර ' මනස ' යනු ද නොපවතින්නක්....

නිර්වාණය ගැන ද මහායාන වාදීන් වෙනස් මථ දරන අතර, මහායාන හා ථේරවාදය අතර මූලික වෙනස මයියා දැනටම ලියා ඇති නිසා , මේ ගැන ලියන්න මයියා බලාපොරොත්තුවක් නැ.....

තවදුරටත් මේ ගැන උනන්දු අය හිටීනම්... නගාර්ජුන, චන්ද්‍රකීර්ති, භාවවිවේක ආදී මහායාන ස0කල්ප ගැන ලියු හිමිවරුන් ගැන ලිපි කියෙව්වොත් හොදා...



ප:ලි:

මේ ලිපියට අදාලව  වඩා විස්තරාත්මක ලිපියක් මම පසු කාලීනව ලිව්වා

ඒ ලිපියට  මෙතැනින් යන්න

Saturday 7 August 2010

මකියාවෙල්ලි නොදුටු ලOකාව......

මයියා ට මේ ලගකදී නියම පොතක් කියවන්න ලැබුනාය. පොතට වඩා , පොත ලියපු ලේඛකයා නමි ඉතා ප්‍රසිද්ධය. දේශපාලනය ගැන යන්තම් හරි උනන්දුවක් දක්වන්නේ නම් "මකියාවෙල්ලි" කියන නම ඕගොල්ලන්ට මගහැරී තියෙන්න විදිහක් නැත. මයියා කියෙව්වේ මේ කියන මකියාවෙල්ලිගේ "කුමාරයා" නැමැති පොතයි.

16 වෙනි ශතවර්ශයේ ඉතාලියේ ජීවත් උන මේ කියන මකියාවෙල්ලි ( නිකලෝ මකියාවෙල්ලි ) "කුමාරයා" පොත ලියලා තියෙන්නේ එකල ඉතාලියේ තිබ්බ දේශපාලන ගැටලු වලට රාජාන්ඩුවක් තුලින් විසදුම් දෙන්නෙ කෙසේද? කියන මුලික ප්‍රශ්ණය මුල් කරගෙනයි.

මේ තියෙන්නේ ඔහු ගැන විකිපීඩියා වල සදහන් වන දේයි.....
http://en.wikipedia.org/wiki/Niccol%C3%B2_Machiavelli

කෙසේ උනත් මයියා මේ පොත ලියා ඇති ශෛලියට ඉතා කැමතිය. මේ පොත මගින්, කිසියම් ප්‍රශ්ණයක් දිහා බැලිය හැකි සියලුම ආකාර දක්වා තියෙනවා.

උදාහරණයක් ලෙස කිසියම් දේශපාලන ප්‍රශ්ණයක්, හොදින් විසදන ආකාරයත්, නරකින් විසදන අකාරයත් , මධ්ය්‍යස්ථව විසදන ( පතෝල වගේ....ගුණේකුත් නැති, අගුණෙකුත් නැති ) ආකාරත් ආදී සියලුම ප්‍රවේශයන් හා ඒවායේ ගුණ දොස් ද වෙනවෙනම විස්තරාත්මකව ලියා තිබෙනවා

මේ පොත කියවාගෙන යද්දී මයියාට කලින් ඔහුට කණවැටුණු කථාවක් සිහියට ආවා.

" අසුබවාදියා සුළගට බැන බැන ඉන්නවා....
සුබවාදියා හොද සුළගක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා,.........
යථාර්ථවාදියා තිබෙන සුළගට අනුව රුවල සකස් කරනවා"

මයියා ට හැගුන විදිහට මකියාවෙල්ලි මේ පොත මගින් යමක් කල හැකි අකාරය දිහා ප්‍රායෝගිකව බලා තියෙනවා. මෙහිදී ඔහු සුබවාදී හෝ අසුබවාදී අන්තයන් බැහැර කර ඒ අවස්තාවේ ගත යුතු පියවර මොනවාදැයි තර්කානුකූලව ඉදිරිපත් කර තියෙනවා..

ඉස්සර කීවේ හිටපු ජනාධිපති ජේ.ආර් මහත්තයා , මේ මකියාවෙල්ලිගේ පොත හොදට කියවා තියෙනවා කියලාය.. දැන් නම් බලාගෙන යද්දී මේ පොතෙන් හොදටම වැඩ අරගෙන තියෙන්නේ මහින්ද මහත්තයා ය.

මේ කියන මකියාවෙල්ලිගේම " ද ආර්ට් ඔෆ් වොර්" කියලා තව පොතක් තියෙනවාය. ඒ පොතේ හැටියට ඕනැම යුද්ධයකින් පස්සේ , ජනතාවගේ ගෞරවයට පාත්‍ර උන හමුදා නායකයින් ඒ තනතුරු වලින් ඉවත් කල යුතුය..නැතිනම් එම නායකයින් රජුට අනතුරුදායක වීමට ඉඩ තිබෙනවාය..

ඒ අනුව මහින්ද මහත්තයා පොතට අනුවම වැඩ කර ඇත



මේ පොත ඇතුලු තවත් වටිනා පොත් කීපයක් පහත දැක්වෙන වෙබ් අඩවියෙන් බා ගත කල හැක.

http://constitution.org/

Wednesday 4 August 2010

කාරය දී ගෑණි ගැනීම හෙවත් වර්ථමාන ඉගුරු දී මිරිස් ගැනීම

මයියාට අයියෙක් හෝ මල්ලියෙක් නැත. ඉන්නේ එකම එක අක්කා කෙනෙක් පමණකි. ඒ කෙසේ උනත් මයියා තමා සමග එක බඩවැල කඩාගෙන ආ අක්කාට වඩා වැඩියෙන් සමීප අක්කා ගේ හබී හෙවත් අක්කා ගේ ස්වාම්පුරුශයා සමගය. නෑකම්ට ඔහු මයියා ගේ මස්සිනාය..මයියා ට නම් ඔහුගේම අයියා ය.

මයියා හට පෙරදිනකදී ඔහු නියම උපදෙසක් දුන්නේ ය,

ඔහුගේම වචන වලින් එය කියනවානම්...

"මල්ලී, ගැණියෙක් ගන්නවයි කියන එකයි , කාරේකක් ගන්නවයි කියන එකයි දෙකම මනුස්ස්යෙක්ගේ ජීවීතේ වැදගත් දේවල්....මේ දෙකම හොයලා බලලා කලේ නැත්නම් පස්සේ ලෙඩ දෙන්න ගන්නවා.."

අයියා මයියාට මේ කථාව කිව්වේ ලOකාවේ ගැනු හා ලOකාවේ කාර් මාර්කට් එක ගැන හිතාගේනය,,,
කෙසේ නමුත් අයියා ගේ කටේ මසුරන් දමන්න වටිනවාය..මන්ද මයියා ගේ ඉන්ටර්නැශනල් අත්දැකීම අනුව මේ කථාව අපගේ කුඩා අඹ ගෙඩියට පමණක් නොව මුලු ලෝකයට හරි යන බව මයියාට තේරුම් යන නිසාය.

උදාහරණයක් ගමු..මැදපෙරදිග රටක් ගැන...මේ රටවල කාර් ලාබය, එක පුද්ගලයාට කාර් දෙක තුනක් හෝ ඊට වඩා ද ඇත්තේය. මේ රටවල සිටින පිරිමින්ට ඇති ගැනු ගණනද ඒ වගේය. කාර් එකකට හිත ගියොත් එය මිලදී ගෙන ගෙදර ගෙනෙනවා වගේ ගැනියෙකුට හිත ගියොත් ඒ ගැනි ව ගෙදර ගෙනත් තබා ගැනීමට මේ රටවල පුද්ගලයින් මැලි වීමක් නැත..

දැන් යුරෝපීය හෝ ඇමරිකාව දෙස බලමු. මේ රටවල මිනිසුන් හට කාරයක් ගැනීම ඉතා පහසුය. හොද කාරෙකක් දැක්කොත් ගන්නට මැලි වෙන්නේ නැත. නමුත් පසුව ටික කාලයකට පසු ඊට වඩා වෙනත් හොද කාරේකක් දක්කොත් හෝ වෙනසකට වෙනත් කාරෙකක් පදවන්නට හිතුනොත් හෝ, අර පරණ කාරය විසි කරදමා අලුත් කාරයකට යැමට මොවුන් රුසියෝය. මොවුන් ගේ ගැනු ගැනීමද මීට දෙවැනි නැත. අද ගැනියෙක් ගත්ත උනත් පහු වෙනිදාට ඇය හොදනැති උනොත් ඇයව ඩිවෝස් කර දමා නව සම්භන්දතාවක් පටන් ගැනීමට තරම් මොවුන් දියුණුය/නොදුයුණුය

ලOකාව ගැන කතා කරන්න ගියොත් ඉතින් බහුතරයක් කාර් මිලදී ගත්තාට පසු ලෙඩ දෙන ඒවාය, එසේ උනත් අලුත්වැඩියා කර හෝ ගත්ත කාර් එක සමගම හැප්පීම අපගේ සිරිතය. අපේ ගැණු ද ඒ වගේමය, ගන්න කොට කාර් බොඩිය ටින්කරින් කර පෙනුමට තියෙන් මුත් කාලය සමග ටින්කරින් ගැල වී කඩතොලු මතු වේ. එන්ජින් ට්‍රබල් අපමණය. අනේ එහෙමයි කියලා අපේ උන්දේලා කාර ය විසි කරන්නේ නැත. අපේ පවුල ගැන සOකල්පයද එසෙමය..වාහනේ කොට උඩ ගියත් ගරාජයේ හරි වාහන තබා ගැනීමට අප පුරුදු වී ඇත්තේය..

යුසර් ෆ්‍රෙන්ඩ්ලි කාර් හදන්නේ ජපානයේය..ජපානයේ ගැනු ද ඒ වගේය, ඕනැම දේකට කොන්ද පාත් කරානවාය , ඒ අතින් ඔවුන් හස්බන්ඩ් ෆ්‍රෙන්ඩ්ලිය. මයියා ගේ යහලුවන් කීප දෙනෙකුටම ජපන් කාර් ඇතිවා මෙන්න ජපන් බිරින්දැ වරුද සිටී...ඒ අතින් ජපානේත් කාර් හා ගැනු කියන්නේ එක වගේය.

මොනා උනත කාරය හා ගැණු අතර එක වෙනස් කමක් ඇත, එනමුත් මයියා ජුගුප්සාජනක දේවල් බ්ලොගයේ නොලියන බැවින් කාරෙකේ එන්ජිමෙහි පිහිටීම සම්භ්න්දයෙන් ලියන්නේ නැත..මේය සOසන්දනය කිරීම පාඨකයාගේ කැමැත්තට ඉඩ හරිනවාය...

Monday 26 July 2010

මයියා ගේ ආර්ය්‍ය කථාව..................

මයියා පොඩි කාලේ ඔය පොත් පත්තර කියවන්න ගන්න කොට මයියා ගේ ඇහැට වැටුනු වචනයක් තමයි "ආර්ය්‍යන්" කියන්නේ. මේ ගැන මයියා අප්පච්චිගෙන් ඇහුවම, ඒ ගැන එතරම් තෙරුමක් ඔහුට තිබුනෙ නැති උනත් , අප්පච්චි මයියාට කිව්වේ, අපි පැවතගෙන එන්නේ මීට අවුරුදු 4000 ට පමන කලින් ඉන්දියාවට වයඹ දිගින් ඇතුල් උන ආර්ය්‍ය න් ගෙන් කියල යි.



පස්සෙ මයියා ට යමක් කමක් තේරෙන කාලේ තේරුම් ගිය දෙයක් තමයි මේ ආර්ය්‍ය කියන වචනේ පාවිච්චි කරලා එක එක පොරවල් නියම සෙල්ලම් ටිකක් නටලා තියෙන විත්තිය. ඒක හින්දම මයියා ට හිතුනා මේ ආර්ය්‍යන් ගැන මයියා කියවා දැන ගත්ත කරුණු ටිකක් එලියට දැමීම වටිනවයි කියලා..

වචනේ තේරුම ගැන කියන්න කලින් මයියා මේ කියපු සෙල්ලම් ටිකකුත් මුලින්ම කියලා ඉන්න එක හොදයි කියලා මයියාට හිතෙනවා. මේ ආර්ය්‍යන් කියන නෙයියාඩකම් මාලාවේ ඉහලින්ම සදහන් වෙන්නෙ දෙවෙන ලෝක යුද්දෙට මුල් වෙච්ච් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ගේ නාසිවාදයයි. ජර්මානු නාසිවාදය අනුව , ආර්ය්‍යන් යනු ජර්මනිය භූමිය මූලිකව බිහිවු ශ්‍රේෂ්ඨ රණකාමී උසස් ජාතියක් ලු. ඔවුන් පසුව ලෝකයේ ගිණිකොණ දෙසට ව‍ය්‍යාප්ත වෙලා වර්තමාන ඉරාන, ඉන්දියානු හා රුසියානු (යුක්‍රේන්) සංස්කෘතීන් බිහිකරාලු..කොහොමින් කොහොම හරි දෙවන ලෝක යුද්දේදි හිට්ලර් ට ලක්ශ ගනන් මිනිස්සු මරන්න අවශ්‍ය න්‍යායික මතවාදය මේ ආර්ය්‍ය සංකල්පය හරහා බිහිවෙලා තියෙනවා..



තවත් හොද නෙයියාඩගම්ක් තමයි යටත් විජිත යුගයේදී බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාවේ ඇති කරන ලද බේදීම. යටත්විජිත පාලනය කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තිබ්බ හොදම අයුදය තමයි " බෙදා වෙන් කර පාලනය කිරීම". මේක ඔය කාල්තුවක්කු, බොම්බ ආදීය අයුදවලට වඩා හොද මේවලමක්. ඉංග්‍රීසීන් තමන් ගේ යටත් විජිත වල පාරම්පරික වැසියන් අතර බේදීම් ඇති කරන්න නොයෙක් මථවාද පාවිච්චි කලා. ඔය ආර්ය්‍ය සංකල්පයත් ඒ වගේ මිනිස්සු අතර බේදීමක් ඇති කරන්න පාවිච්චි කරපු, ඒ මිනිස්සු මත බලෙන් පටවපු සංකල්පයක් බවයි මයියා කියවලා තියෙනනේ.මේ අනුව ආර්ය්‍යන් හා ද්‍රවිඩ යනු වෙනස් ජාතින් දෙකක් ලෙස අර්තකතනය කරනවා. මේකේ ශ්‍රී ලංකන් වර්ශන් එකතමයි ආර්ය්‍යන් ගේන් පැවත එන සිංහල හා වෙනත් ජාතියක් උන ද්‍රවිඩ යන බේදීම. අපි දෙගොල්ලන්ගේ කන බොන හැටි, මියුසික් අදී නොයෙක් දේ වල තියෙන වෙනස ගැන නොවෙයි මයියා මේ කියන්නේ. මයියා මේ කියන්නේ එක් ජාතියක් අනේකාට වඩා උසස් යැයි නොදැනීම මනසට පොවන ආර්ය්‍ය සංකල්පය ඔස්සේ එන බෙදීමයි..




හරි එහෙනම් දැන් කාරණාවට බහිමුකො..ඔය ආර්ය්‍ය කියන වචනය මුලින්ම හම්බවෙන්නේ පරන හින්දු ඉන්දියානු වේද ග්‍රන්ථ වලයි, මේවා බුදුහාමුදුරුවන්ගේ කාලයටත් බොහෝ පෙර ලි‍යැවී ඇත්තක්. ( ඔන්න මයියා පණ්ඩිතයා වගේ වේද ග්‍රන්ත ගැන කිවිවට , මයියා වේද ග්‍රන්ථ කියවලා නම් නැ..ඒත් මයියා මේ කියන කරුන ඇත්තක් බව වෙනත් ලිපි කීපයකින් මයියා සැක හැර ගෙන තියෙනවා)

වේද ග්‍රන්ත වල කියන අන්දමට එම පොත් ලියා ඇත්තේ මීට ඇවුරුදු 4000 ට එහා, වයඹ දිශාවේ සිට ඉන්දියාවට පැමිනි ජන කොටසක් ලු. ඔවුන් ආර්ය්‍යන් ලෙසයි හැදින්වෙන්නේ. පසුකාලිනව මේ ආර්ය්‍ය කියන වචනය බ්‍රහ්මණ, ක්ශතීය, වෛශ්ය්‍ය යන උසස් යැයි නම් කරන ලද කුල වල අය හැදීන්වීමට යොදාගෙන තිබෙනවා.

බුදුදහමේත් " ආර්ය" කියන වචනය වෙනත් තේරුමකින් භාවිතා වේනවා. ඒහීදී උප්පතිය අනුව වෙන් කිරීමක් නොව,අඩු කුලවල් යැයි සම්මත වූවන් නමුදු, යහපත් දේවල් වල යෙදෙන අය ආර්ය්‍යන් ලෙස හදුනවා දී තිබේනවා.

මේ ආර්ය්‍ය කියන සීන් එකේ තියෙන තවත් කතාවක් තමයි, ඉන්දු යුරෝපිය ආර්ය්‍ය භාෂා කුලකය" කියන සංකල්පය  මේකට නම් මුල් වෙලා තියෙන්නේ ජර්මානු ජාතික උගතෙක් උන මැක්ස් මුලර් මහත්තයයි. මේතුමා සංස්කෘත ගැන හොද දැනීමක් හා අසාවක් තිබ්බ කෙනෙක්. ඉන්දියානු ශිෂ්ඨාචාරයට හා සාහිත්‍යට ඒ මහතා තුල තිබ්බ අශාව කොතරම් ද කියනවනම්, ඒ මහත්තයා අන්තිමට ඉන්දියානු භාශා හා යුරොපියානු භාශා ඔක්කොම එකම මූලයකින් හෙවහ් ආර්ය්‍ය භාශා කුලකයකටඅයිතියි කියලා මථවාදයක් ගේනාවා.

මේකට ඉන්දියාවේ හිටපු සම්කාලීන රබීන්ද්‍රනාත් තාගෝර් පඩිතුමන් වැනි අයෙගෙත් සපොර්ට් එක හම්බ උන නිසා කථාව නැගලා ගියා. කොහොමින් කොහොම හරි මේ කතාවෙන් ප්‍රයෝජන ගත්තේ යටත් විජිත පාලකයන් උන ඉංග්‍රීසීන්. ඔවුන් මෙය දකුනු ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගම පැතිර වීමට යොදා ගත්තා. මොකද ඒ වන තුරුත් ද්‍රවිඩයන් ගේ ඉතිහාසය උනේ හින්දු අගම හා බැදුනු කතාවලුයි. ඉතින් හින්දු ආගම හා තිබිච්ච සම්භන්දය කඩලා දාන්න මේ කියන ආර්ය සංකල්පය ඉංග්‍රීසීන් යොදා ගත්තා...ඒ ඔබ ද්‍රවිඩයන්, හින්දු ආර්ය්‍යන් ගේන් වෙනස් කියන මථය ව්ය්‍යප්ත කිරීමයි..මේක තාමත් ද්කුනු ඉන්දියාවේ අයට නැගලා යන කථාවක්...

අම්මෝ....ලියලා ලියලා මයියගේ අතත් රිදෙනවා...මේදා පාර නම් මයියා ට නොදැනීම පෝස්ට් එක දිග වැඩි උනා...ඔන්න එහෙනම් මයියා ගේ ආර්ය්‍ය කතාව මේතනින් ඉවර කරනවා..කියවන්න කම්මැලි වගේ හිතුන නම් ඔන්න සමාවෙන්න ඔනේ........

Thursday 22 July 2010

අන්දරේ ගේ වලත්තකම

අන්දරේ ගැන අහපු නැති කෙනෙක් නම් ලOකාභූමී තලයේ නැතැයි කියලයි මයිය ට හිතෙන්නේ. වැඩි උගත් කමක් හා වැඩි රූප ලස්සනක් උනත් හරි හමකට නැති උනත් පොර ගේ වැඩ කිඩ නම් ඉහලම ගණයේ ඒවයි කියල යි මයියාට හිතෙන්නේ.

සද්ද විද්ද පලග පතිර වෙඩික්කාරගේ විකට අන්දරේ නැතහොත් කවුරුත් දන්න අන්දරේ ජීවත් වෙලා තියෙන්නේ රාජාදිරාජසිOහ රජතුමන්ගේ කාල වකවනුවේ.

දැන් කාලේ ඉන්න රජ්වාසලේ කවටයන් ට, රජුන් ට එරෙහිව මුකුත් කියා ගන්න බැරි උනාට, අන්දරේ නම් බෙල්ල යන්න හරි රජ්තුමාට ඇනෙන්න මොකක් හරි කියලා තියෙනවා. අහලා තියෙනවනේ අන්දරේ රජතුමාට කියපු ලොකුම බොරුව....

රජකම් කලත් ඉදගෙන සිහසුනක් මැද
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැනටම හිත


මයියා ට හිතෙන විදිහට අන්දරේ නියම ආතල් බුවෙකි. චීත්ත කැල්ලක් දැක්ක ම, අන්දරේ ගේ පුරුශ මදය නියමෙටම ඔලුවට ගහලා එලම කවි රිලීස් වෙලා තියෙනවා..

නනා හිටිය ගැනු පරානයක් දැක්ක අන්දරේ කියලා තියෙන කවිය මෙන්න මේහෙමලු..

හිර කර ඇතත් තනපට තද කරන් බැද
දුරටම පෙනුනි නුබේ රන් තැඹිලි කද
කරදර කරති මට මාගේ කිපුනු මද
නරකද මාත් නා ගත්තොත් එකට හිද

දැන් ඔය ඩෙස්පරේට් වෙච්ච කොල්ලො කට කැඩිච්චි කමට කියනේ ' රස්නේ තියෙනවනම් ලයිට් කණුවක් හරි කමක් නැ කියලා".....අන්දරේ නම් ඕක කියලා තියෙන්නේ ඇග රුව හොද නම් අඩු කුලේ ගැනියෙක් උනත් මොකද කියලයි..අහීගුණ්ටික ලස්සන ගැනු පරානයක් දුටු අන්දරේ මෙහෙම කියලා තියෙනවලු...

මග ඒ කුඩා මී වනයේ එමට ඇතී
කොයි කොයි මලෙන් මුත් ඹබරුන් රොන් ගනිතී
කොතන උනත් හරිතෙද මැනික රූ ඇතී
රුව ඇත්නම් අඩු කුලයත් කමක් නැතී

තවත් දවසක 'තණ' කියන ධානය්‍ය වර්ගයක අස්වැන්න මැනගෙන එන්න කියලා රජ්තුමා අන්දරේව ලග තිබ්බ ගමකට පිටත් කලා..පොර රාජ අණ පාවිච්චි කරලා වෙන ආතල් එකක් අරගෙන..

කොට දිග මහත රවුමට උල් වෙච්ච තන
ගැටවට අළුත් හා කල්ගිය පරණ තන
මට මැනගන්න මහ රජුගේන් ලැබුනි අණ
පොට ඔසරිය මෑත් කර පෙන්වන්න තන


මෙහෙම කියපු අන්දරේ ඉරටු කැලී වලින් ගැනුන්ගේ බ්‍රේස්ට් එක මැනලා...


අන්දරේ ගේ ගැනු කේස් ගෑන මයියා මීට වඩා අහලා කියවලා තියෙනවා.. එත් පොස්ට් එක දිග වැඩි වගෙයි කියලා මයියා ට හිතෙන හින්දා ඒ කතා වෙන දවසකට දාන්න කියලා මයියා හිතා ගත්තා

මයියා, අන්දරේගේ කාඩ් කුඩු කරන්න සෙට් උනත් ඔන්න මයියා නම් නියම පතිභක්තිය තියෙන පොරක් හොදේ.........හිකිස්

Saturday 17 July 2010

නිරිදු වලගම්බා........

ඔය ඉතිහාසය යන්තම් හරි අතපත ගාපු කෙනෙකුට "වලගම්බා" කියන නාමය අමතක වෙන්න විදිහක් නැ. එත් නැත්නම් ඔය ඉදලා හිටලා හරි ට්‍රිප් එකක් ගිය වෙලාවකට හරි කැලවල් වල තියෙන රජ්මහා විහාරයක ට ගිය අයෙකුටත් මේ කියන වලගම්බා නාමය මතක තියෙන්න ඕනැ. මොකද මෙතුමා තමයි මේ වගේ පන්සල් වැඩිම ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒත් අහලා නැත්නම් ඔය ස්කූල් බස් එකෙ යනකොට කියන නැහැදිච්චි කොල්ලන්ගේ සින්දු සෙට් එකෙත් මෙතුමාගේ නම කියැවෙන සින්දුවක් මයියා ගේ කණට වැටිලා තියෙනවා.

මයියා ගේ මෙදා පාර ට්‍රයි එක මේ වලගම්බා හෙවත් වට්ඨගාමීණී රජතුමා (නැතහොත් පීතුරාජ ) සම්භන්ද නියම ස්ටෝරි දෙක තුනක් ඇදබැම.

වලගම්බා රජ්තුමා කියන්නේ ආක්‍රමණ වලටයි, රට ඇතුලේ කැරලි වලටයි, නියග වලටයි මුහුණ දුන්න අයෙක්. ඒත් මේ රජතුමා සම්භන්ද සීන් වලට මහාවOශය උනත් , දුටුගැමුණු රජතුමාට දෙන තරම් එච්චර ලොකු පබ්ලිසිටියක් දෙන්නේ නැ. මේකට ත් පොඩි සීන් එකක් තියෙනවා.

සීන් එක තමයි, මහාවOශය ලියලා තියෙන්නේ මහාවිහාරයෙන් විමයි. ඔය මහා විහාරයත් එක්ක ගේමට ( ඒ කියන්නේ ඇකඩමික් ගේමට හොදේ, අතින් පයින් නෙමේ) තිබ්බේ අභයගිරියයි. මේ අභයගිරිය හදලා තියෙන්නේ මේ වලගම්බා රජ්තුමායි. ඒ කාලේත් ඉතින් දැන් වගේම තමයි, හරියට සිරසයි, අයි.ටී.එන් එකයි නිව්ස් වල ගේමට සෙට් වෙනව වගේ මේ පන්සල් දෙක අශ්‍රිත ශිෂ්‍ය පරපුරු තරගේට වගේ තමයි ඇකඩමික් වැඩවල යෙදිලා තියෙන්නේ.යුද්ධෙන් පස්සේ අයි.ටී එන් එකට රාජපක්ශලා වීරයෙක් වෙනකොට සිරසට වීරයෙක් උනේ ජනරාල්වයි. ඉතින් ඒ වගේ මහාවOශයට දුටුගැමුනු රජතුමා වීරයෙක් වනවිට, අභයගිරිය ඒ වගේ පොතක් ලිව්වා නම් අනිවාර්යයෙන්ම ඒකේ වීරයා වෙන්නේ වලගම්බා රජතුමායි. හැබැයි ඔන්න මයියා ට නම් මෙ ඔක්කොම අය රටේ ඉතිහාසය වෙනස් කරපු වැදගත් අය තමයි.

ඔන්න ඉතින් පීලී පැන්න මයියා නැවත ට්‍රැක් එකට.
පලමු සීන් එක තමයි දකුණු ඉන්දුයාවේන් ආපු පොරවල් හතක් ලOකාව ආක්‍රමණය කරලා , වලගම්බා රජතුමා ට ඔවුන් එක්ක සටන් කරන්න බැරිව යුද්දෙන් පැරදිලා, රජමාලිගාවෙන් කඩිමුඩියේ පැනලා යන සීන් එක. මේ සීන් එක දැකපු ජෛන ආගමට අයිති පන්සලක හිටපු 'ගිරි' කියලා පොරක් මහා හයියෙන් කැ ගහලා " මෙන්න මහාකලු සිOහලයා පැනලා යනෝ' කියලා රජතුමාට හෙන නොන්ඩියක් දාලා. මේක කණට වැටිච්චි රජතුමාට හෙනම මල ලු. ඔය කිඹුලා කන එක ඉවසන්න පුලුවන් ඒත් කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැ කියලා කතාවකුත් තියෙන්නේ. පැරදිලා දුවන රජතුමා හිතාගත්තලු, කවදා හරි නැවත ආපු දවසක මේ ජෛන පන්සල ට ගේමක් දෙනවමයි කියලා.

(ඒ හිතා ගැනිල්ල කොච්චර ද කියනවා නම් අවුරුදු ගානක කැලේ  ඉදලා ආයේ රජ පු‍ටුවට ආපු වලගම්බා රජ්ජුරුවෝ අර 'ගිරි' හිටපු ජෛන පන්සල බිමට සමතලා කොරලා එතැන 'අභයගිරි' හැදුවයි කියලා තමයි ඉතිහාස පොතේ තියෙන්නේ...තවත් අය කියන විදිහට නම් අභයගිරි යේ 'ගිරි' කෑල්ල දාලා තියෙන්නේත් අර ජෛන ගිරි ගැන මතක් වෙන්නයි කියලත් කියනවා...පේනවනේ ඉතින් රාජ උදහසක තරම....)

මෙහෙම ඉතින් රජතුමා තමන්ගේ බිසෝවරු දෙන්නයි, පුත්තු දෙන්නයි එකම අශ්වකරත්තේ දාගේන හෙනම කලබලේන් පැනල යනවා. මේ අස්සේ යුද්දේ දිනපු කටිටියත් රජතුමා අල්ලන්න ෆොලො එක දෙනවලු. මේගොල්ලො හෙනම ස්පීඩ් එකේ එන කොට, රජතුමා එකම කරත්තේ ඔක්කොම දාගේන පැනලා යනවා. කට්ටිය වැඩි හින්දා රජතුමාගේ කරත්තේ බර වැඩීයිලු, අද්දන්නේ නැලු.


මේ වේලාවේ තමයි ඉතිහාසයක් වෙනස් කල , රජතුමාගේ දෙවන බිසව උන සෝමාදේවියගේ උතුම් පරිත්‍යාගය සිදුවෙන්නේ. රථයේ වේගය මදි හින්දා සෝමාදේවිය ස්වකැමැත්තෙන් රථයෙන් එලියට පනිනවා. බර අඩුවුන රථය කොහොම හරි අමාරුවෙන් කැලේට (වේසගිරියට ) පැන ගන්නවා. රජතුමා බේරෙනවා. පස්සෙන් පන්නන් ආපු පොරවල් ටික සෝමාදේවියෙගේ රූපයට වශීවෙලා තමන් ආපු කාරණේත් අතපසු වෙලා තියෙනවා. ඒ ඇසිල්ලේන් රජ්තුමා කොහොම හරි බේරෙනවා.,


කොහොමද ජවනිකාව. මේ සීන් එක හොලිවුඩ් කාරයෙකුට අහුවුනා නම් අනිවාර්යයෙන් බ්‍රැඩ් පිට්වයි, ඇන්ජලා ජොයිලිවයි දාලා නියම ඇන්ටික් ෆිල්ම් එක්ක් හදනවා. මත්කනේ ඔය ට්‍රොජන්, ග්ලැඩියෙටර් වගේ එවා. කොහේද ඉතින් අපේ උන්දැලට කතා වස්තු තිබ්බට එවායෙන් ඇඩෙන්න ෆිල්ම් එක්ක වත් හදන්න සම්පත් නැ ලු නේ..... හැබැයි ඔන්න ජැක්සන් මහත්තයට නම් දොසක් කියන්න එපා..පොර අමාරුවෙන් හරි 'අබා' ගැහැවුවනේ...

අහ්..ඔන්න මයියා ආයේත් ට්‍රැක් පැනලා.......

Thursday 15 July 2010

කොර වෙලා යන ප්‍රශ්ණේ.....

මේක මයියා ගේ කණට වැටුනු කථාවක්.කථාව නම් මේකයි....

මිනිහෙක් තව කෙනෙකුගෙන් ප්‍රශ්ණයක් අහන්නේ පහත ලියලා තියෙන කරුණු කාරණා වලින් එකක් හිතේ තියා ගෙනලු.

1. ඇත්තට ම යමක් දැන ගන්න

2. තමන් දන්න බව අනෙත් එකාට පෙන්නන්න

3. ප්‍රශ්ණය අහලා අනෙක් එකා ව අමාරුවේ දාන්න

4. කථා කරන්න යමක් නැති කොට, නිකමට අහන ප්‍රශ්ණ, ඔය නිකන් අහන 'අද පායයි වගේ නේද?' වගේ ප්‍රශ්ණ

ඉතින් මයියා හිතෙන විදිහට තමන්ගෙන් කෙනෙක් ප්‍රශ්ණයක් ඇහුවම මේකා මොකාටද එන්න හදන්නේ කියලා දැනගෙන උත්තරය ක් දෙන එක ඇගට ගුණයි.

ප්‍රශ්ණ ගැන කථා කලාම ඔය " මිලින්ද ප්‍රශ්ණ" ගැන ඇහලා තියෙනවද?

මිලින්ද ප්‍රශ්ණ කියන්නේ ඉස්සර හිටිය ග්‍රීක රජෙකු උන 'මේනැන්ඩර්" හා නාගසේන කියන බෞද හාමුදුරු කෙනෙක් අතර ඇති වුන කථාබහක්.

එක දවසක් මිලින්ද රජ්තුමා නාගසේන හාමුදුරුවන් ලගට ඇවිල්ලා මෙහෙම ඇහුවලු...

" හාමුදුරුවනේ මම ප්‍රශ්ණයක් අහන්න ද? "

එතකොට හාමුදුරුවෝ කිව්වලු

" හොදයි රජ්තුමනි අහන්න"

"මම ප්‍රශ්ණය ඇහුවනේ හාමුදුරුවනේ"

" ආ මමත් ප්‍රශ්නෙට උත්තරය දුන්නා රජතුමනි"

' ඇහ්.. හාමුදුරුවෝ මොන ප්‍රශ්ණෙට ද උත්තර ය දුන්නේ?"

'ඇයි මම ඔබතුමා අහපු ප්‍රශ්නෙට තමයි උත්තර ය දුන්නේ" කියලා නාගසේන හාමුදුරුවෝ කිව්වලු...

මේ සිද්දියෙන් පස්සේ රජතුමා නාගසේන හාමුදුරුවන් ගැන බොහොම පැහැදිලා, නිකO ලපයි සිපයි ප්‍රශ්ණ නෙමයි හෙන සීරා ප්‍රශ්ණ ටිකක් ඇහුවලු...

ඔය අහපු සිරා ප්‍රශ්ණ ටික තමයි ' මිලින්ද පණහ' කියලා සාහිත්‍යයේ සදහන් වෙන් නේ......

ඒවා මොනාද කියලා ඕගොල්ලොම ටිකක් හොයලා බලන්න කෝ......

Wednesday 7 July 2010

සිංහලයා ගේ ලේ පාරිශුද්ධ ද?-3 කොටස

මයියා මීට පෙර ලියන ලද "සිංහලයා ගේ ලේ පාරිශුද්ධ ද?-2 කොටස" ලිපිය, මයියා හොදින් දන්නා, මයියා ඉතාමත් අගය කරනා පුද්ගලයෙකු ගේ අවධානයට යොමු කලා. ඔහු පුද්ගලයකු ලෙස සාධාරණ, ඉගෙනීමක් ඇති යමක් විශ්ලේෂණය කර තීරණයකට එළඹෙන පුද්ගලයෙකි. නමුත් මෙම ලිපිය කියවා අවසානයේ ඔහු කියා සිටියේ මේය විය නොහැකි බවත් එම ලිපියේ අඩංගු මුලාශ්‍ර වැරදිය හැකි බවත්ය. (මෙය ඩිනයලිසම් තත්වයදැයි මයියාට වරෙක හැගී ගියා. http://en.wikipedia.org/wiki/Denialism)

ඔහුගේ මෙම ප්‍රතිචාරය මයියා බලාපොරොත්තු වුවකි.මයියාට හැගී යන පරිදි සිංහලයා තුල දෙමලා කෙරෙහිද, දෙමලා තුල සිංහලයා කෙරෙහිද කිසියම් අකමැත්තක් හෝ අවිශ්වාසයක් එකිනේකා තුල පවතිනවා. මෙම හැගීම බොහෝ විට තමන්ගේ සිතෙහි නොදැනුවත්ව අතිවෙන්නක්. බොහෝ අය මෙම හැගීම මැඩපවත්වාගේන අනෙක් ජාතිකයා කෙරෙහි කටයුතු කලත් මෙම හැගීම් යම් තරමකට හෝ ඔවුන් තුල ඇතැයි මයියා විශ්වාස කරනවා.

මයියා කියන මෙම එකිනෙකා කෙරෙහි ඇති අකමැත්ත හි ආරම්භය ගැන, එයට හේතු වූ කරුණු ගැන ,මෙයට වගකිවයුතු අය ගැන විවිද අය හට විවිද හේතු තියෙනවා. උදාහරණයක් ලෙස අතැමුන් මෙය සුද්දා පිට පටවන අතර, ඇතැමුන් මෙය 50 දශකයේ දෙමල දේශපාලකයන්ට ද තවත් ඇතැමුන් සිංහල දේශපාලකයන් පිටද, තවත් සමහරුන් ඉතිහාස ග්‍රන්ථ මතද පටවා කථා කරනු මයියා අසා තිබෙනවා. මයියාට මගහැරුනු හෝ මයියා අසානැති තවත් හේතු ද තිවිය හැකියි. හේතුව කවරක් වුවද වර්තමානයේ මෙම අවාසනාවන්ත හැගීම සිංහල, දෙමල බහුතරයක් තුල තිබෙන බව මයියා විශ්වාස කරන්නක්.

30 වසරක යුද්දය නිමා කර වර්තමානයේ සිංහලයාත්, දෙමලාත් කිසියම් සංදිස්ථානයකට පිවිස තිබේනවා. ඒ තවදුරටත් මයියා ඉහත කී අවසනාවන්ත හැගීම වර්ධනය වන අකාරයට ක්‍රියා කරනවාද , නැතහොත් එම හැගීම සමනය වන අකාරයට ක්‍රියාකරන්වාද යන්නයි.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බොහෝ දෙනා මෙයට දෙන පිලිතුර නම් මෙම අවසනාවන්ත හැගීම සමනය කල යුතුයි යන්න මයියා ගේ ව්ශ්වාසයයි. උදාහරණයක් ලෙස සිංහල ජාතික ව්‍යාපාරයේ ප්‍රබලයෙක් වන චම්පික මහත්තයගේ මැතකදී පල කරන ලද "ඉදිරි දැක්ම 2010" කෘතියට අනුව අශ්චර්වයේ දස පියවර ලෙස ඔහු "දේශපාලන ක්‍රෝධය, වෛරය, අගතිය වෙනුවට සම්මුතිය හා සහජීවනය ගෙන ආ යුතුය" යන කරුණ ඇතුලත් කර තිබෙනවා.

එසේ නම් ,දැන් ප්‍රශ්ණය වනුයේ මෙය කල හැක්කේ කෙසේද යන්නයි. මේ පිලිබදවද විවිද අදහස් මතුවනවා. මේ මතුවන පිලිතුරු අතරේද බේදුම්වාදයට හේතුවන අදහස්ද, සිංහල අධිපතිවාදය දෙමලා මතපටවෙන අදහස්ද, ප්‍රශ්ණය ආර්ථික ප්‍රශ්ණයකට ඌනනය කර විසදන අකාරයේ උත්තරද මතු වී තිබෙනවා.

මයියා කරන යෝජනාව නම් මේයට උත්තරය සැග වී ඇත්තේ බෞද්ධ චින්තනය මත බවයි. ඒ අතිවිශිෂ්ඨ දර්ශනය පදනම් කරගේන මේයට පිලිතුර දීමේ ඓතිහාසික වගකීම පැවරී ඇත්තේ කා මතද? මයියා විශ්වාස කරන අන්දමට මෙම වගකීම පැවරී ඇත්තේ විවිද අඩු ලුහුඩුකම් සහිතව වුවත් මෙතුවක් කල් බුදුදහමේ වටිනාකම වෙනුවෙන් ශ්‍රී ලාංකීය දේශපාලනය මත පෙනී සිටි ජාතික ව්‍යාපාරය මතය. මේ සදහා ජාතික ව්‍යාපාරය තුල ස්ව්‍යං කතිකාවක්,ස්ව්‍යං විවේචනයක් අවශ්‍යය.

බෞද්ධ චින්තනය මත පදනම්ව උක්ත කී ප්‍රශ්ණය විසදීමේහිලා සිංහල ජාතික ව්‍යාපාරය දූරදර්ශීයව ගත යුතු මේ ඓතිහාසික, ව්ප්ලවීය තීරණ තීන්දු මත හෙට දවසේ ලංකාවේ අනාගතය ලියවී ඇති බව මයියා ගේ විශ්වාසයයි.

Saturday 3 July 2010

සිංහල ලේ පාරිශුද්ධ ද? -2 කොටස




මයියා ගේ පසුගිය ලිපියෙන් මයියා සිංහල ජාතියේ ආරම්භය පිලිබද දැනට ඉදිරිපත් කෙරී ඇති මත කීපයක් ගෙන හැර දැක්වූවා. මේ විශය ඇතැම් දෙනා අනවශ්‍ය දෙයක් ලෙස බැහැර කලද, මයියා ගේ අදහස ඊට වෙනස් ය. මේ සම්භන්දයෙන් කේරී ඇති අධ්‍යන කටයුතු මේන් ම , විවිද මතිමතාන්තර ගැනද දැනුවත් වීම අනාගතයේදී තවත් පිරබාහරන් කෙනෙකු, සිංහල හිට්ලර් කෙනෙකු බිහිවීම වැලැක්විය හැකි ක්‍රමය බව මයියා ගේ ව්ශ්වාසය ය.

මෙවර ලිපියේන් මයියා ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ සිංහලයාගේ ලේ වල ජානමය සම්භන්දතා පිලිබද දැනට කෙරී ඇති විද්‍යාත්මක පරීක්ෂණ කීපයක් පිලිබද ව මයියාට ඇස ගැටුනු කාරණා කීපයක් ඉදිරිපත් කිරීමටය.

පලමු වරට සිංහලයාගේ ජානමය සම්භන්දතා ගැන විස්තරාත්මක විද්‍යාත්මක පරීක්ශනයක් කෙරී ඇත්තේ 1961 වසරේදී අර්.එල්.කර්ක් නැමත්තෙකු අතිනි. මෙය සිදු කර ඇත්තේ දකුනු ඉන්දීය හා අග්නිදිග ආසියානු කලාපයේ මිනිසුන්ගේ රුදිරය හා සම්භ්න්දව ඔහු කල පරික්ශන වල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසුව ඔහු 1972 වසරේ දී වඩා විස්තරාත්මක ලෙස ලංකාවට විජය කුමරුගේ පැමිණීම ද සම්භන්ද කර ගේන රුදිරයේ ජානමය සම්භන්ද පරීක්ශන වාර්තාවක් ඉදිරිපත් කලා.ඔහුට අනුව සිංහලයින්ගේ ජානමය සම්භන්දතාව වඩා ලංවන්නේ දකුණු ඉන්දීයානු දෙමල, කේරල හා බෙංගාල වැසියන්ටය. මෙහිදී ඔහු ඉන්දියාවේ වයඹ දිග සිට පැමිනි විජය කුමරුගේ වංශකථාව ප්‍රතික්ශේප නොකරන නමුත් ඔහු කියා සිටින්නේ පසු කාලයේ තමින්නාඩුවේන් හා බෙංගාලයේන් පැමිණි සංක්‍රමිකයන්ගේන් සිංහලයාට ලැබුනු ජානමය දායකත්වය ඉතා ප්‍රබල බවයි.

ඉන්පසුව වැදගත් වන්නේ එන්. සහා නමැත්තෙකු 1988 දී කරන ලද පරීක්ෂනයි. මේහිදී ඔහු කියා සිටින්නේ වර්ථමානයේ සිංහල ජනතාවත්, දෙමල ජනතාවත් අතර පැහැදිලිව දැක්විය හැකි කිසිදු ජානමය වෙනස්කමක් නොමැති බවයි.තවදුරටත් ඔහු අවධාරනය කර සිටින්නේ විජය කුමරුගේ වංශකථාව සනාථ කිරීමට ජානමය සම්භන්දතාවයක් නැති බවයි. මොහුගේ පරීක්ශණවල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ මොහු පරීකශනවලට සහභාගී කරගෙන ඇත්තේ සිංගප්පූරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිනි නැදැ නොවන, පිරිමි ශ්‍රී ලාංකිකයන් 260 ක් පමණක් වීමය.කෙසේ නමුත් 1989 දී නැවත ඔහු කරන ලද පරීකශන වලින් සිංහල හා බෙන්ගාල වැසියන් අතර සම්භන්දතාවය ඔහු පිලිඅරගේන තිබෙනවා.

ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිංහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිංහල ජාන බෙංගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලංකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිංහල ජාතිකයන්ගෙන් බවයි.

අවසාන වශයෙන් පාපියා, මස්ටානා හා ජයසේකර යන අය 1997 දී කරන ලද පරීක්ශනය වැදගත් වේනවා.මොවුන් ශ්‍රි ලාංකිකයන් 508 ක් ගේ රුදිර සාම්පල ඇසුරෙන් තම පරීක්ශනය කර තිබේනවා. මොවුන් ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලාංකික දෙමල හා සිංහලයන් අතර සමීප ජාන සම්බන්දතවක් තිබෙන අතර සිංහලයන් හා බෙංගාලි ජාතිකයන් අතරද සමීප සම්භන්දතාවයක් තිබේනවා.

අවසාන ලෙස මෙම පරීක්ශන සියල්ලම සැලකීමේදී පෙනී යන්නේ කුමක්ද? සිංහලයා ගේ ආරම්භය කෙසේ සිදුවුවත් වර්තමානය වන විට සිංහලයාත් , දෙමලාත් ජානමය අතින් හොදහැටි මිශ්‍ර වී ඇති බවය. සංස්ක්‍රතිය, භාෂාව හා ආගම යන සියලු අතින් සිංහලයත්, දෙමලාත් බොහෝ වෙනස් ය. නමුත් මේ දෙදෙනා අතර ඇති ලේ නෑ කම නම් මේ දේගොල්ලෝම කැමති උවත් , අකැමති උවත් ප්‍රතික්ශේප කල නොහැකි බව නම් මයියා ට තේරුම් යනවාය.

Friday 2 July 2010

සිංහල ලේ පරිශුද්ධ ද?

මයියා ට හිතෙන්නේ එක එක දේවල්ය. පසුගිය දොහේ ආදරය ගැන කුප්පි දාපු මයියා ට මෙදා පාර හිතෙන්නේ සිංහලකම ගැන මයියා කියවා දැන ගත් කරුණු ටිකක් වමාරන්ටය.

සිංහලකම හි ආරම්භය ගැන එක එක මත මයියාට ඇස ගැටී ඇත්තේ ය. මෙයින් වඩා ප්‍රසිද්ධ හා පිලිගත් මතය වන්නේ මහාවංශයේ සදහන් වී ඇති පරිදි බුද්ධපරිණිර්වාණය දින සිදු වු විජය කුමරුගේ ලංකාවට ගොඩ බැසීමත් සමග සිංහලත්වය ආරම්ඹ වූ බවයි.ඉන්පසුව මදුරාපුරයෙන්( දකුණු ඉන්දියාව) හා ඉන්දියාවේ වයඹ දිග සිට පැමිණි ශාක‍ය්‍ය වංශික කුමරුන්ගේන් සිංහල ජාතිය ගොඩ නැගී ඇත.ඉන් පසුව ක්‍රි.පු 3 වන සියවසේ දි සිදු වු මහිනදාගමනයත් එමගින් ලැබුනු බුදුදහම හා කලාශිල්ප මගින් සිංහලත්වය ශක්තිමත් වී ඇත.

තවත් මතයක් වන්නේ පණ්ඩුකාභය රජ කාලයේදී විජය රජු දවස සිට පැවති පිරිසත්, ලංකාවේ (එකල හෙලයේ) එතෙක් සිටි යක්ෂ හා නාග ගොත්‍රිකයනුත් එකතු කර පණ්ඩුකාභය රජු විසින් සිංහල ජාතිය ආරම්භ කරන ලද බවයි. (ජැක්සන් මහත්තයාගේ අබා චිත්‍රපටියට මෙම මතය පාදක වී ඇත)

නලීන් ද සිල්වා මහත්තයා ගෙනෙන නවතම මතයකට අනුව නම් නියම ලෙසම සිංහල ජාතිය බිහි වී ඇත්තේ දුටුගමුණු යුගයේදීය. ගැමුණු කුමාරයා පරාජය කර ඇත්තේ දෙමල රජකු නොව එලාර නම් යක්ෂ ගොත්‍රිකයෙක් ය. කාශ්‍ය්ප රජුන්ගේන් පසුව මුගලන් යුගයේදී මේ කර්තව්‍ය සම්පූර්ණ වී ඇත .කාශ්‍යප රජු මව් පාර්ශවයෙන් යක්ෂ වන අතර මුගලන් කුමරු අතින් ( රකුසු මුගලන්) පරාජය වී ඇත්තේ මේ යක්ෂ ගොත්‍රිකයන් ගේ දේශපාලනයයි. එතුමාට අනුව වර්තමාන වැදි ගොත්‍රිකයන් හා යක්ශ ගොත්‍රිකයන් යනු දෙපිරිසක්ය.

එතකොට එල්.ටි.ටි.ඊ න්‍යාචාර්යවරයා උන බාලසිංහම් මහතාට අනුව ක්‍රි.පු 6 වන සියවසේ විජය රජු ලංකාවට පැමිනෙන විට මේරට සිට ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ය.ද්‍රවිඩයන්ගේ පාරම්පරික නිජභූමිය , විජය රජුගේන් පැවතෙන සිංහලුන් විසින් පැහැර ගේන ඇත.

ක්‍රි.පු. 5 සියවසේ ලියැවී ( කාල සීමාව ගැන එකග තාවයක් නැත) ඇති වාල්මිකී ගේ රාමායනයේ එන රාවාණා රජු හා සිංහලකම ගැනද අදහස් පවතී. රාවණා රජු ද ඉන්දියාවේ සිට ලංකාවට පැමින ලංකාව පාලනය කල රජෙක්ය,නමුත් රාවණා රජු ට පෙර සිටම ලංකාවේ හෙලයන් ( රාක්ශ,යක්ශ, නාග දේව) සිටි බව කියැවේ. බුදුදහම ලංකාවට පැමිනි පසු හෙලයන්ගේ දිවයින වු හෙල ය , සිOහල වු බව කියැවේ.

මයියා ලියන්න ගියේ වෙන යමක්ය. නමුත් ලියන්න ගිය දේට සෙට් වෙන කොට , පොස්ට් එක ගොඩක් දිග වැඩි බව මයියා ගේ ටිකිරි මොලේට මීටර් වී ගියේය. ඒ නිසා කියන්න ගිය දේ ඊලග පෝස්ට් එකෙන් දමනවාය.

ආ තව එකක් කියන්න ඕනැය. මයියා ඉතිහාසය අවුසන්නේ නැති බේද ඇති කරන්නවත්, තියෙන බේද වැඩි කරන්නවත් නොවන බවයි. මයියාට අවශ්‍යය වනුයේ වර්ථමාන යේ අප කල යුත්තේ කුමක්දැයි කියා මයියා ගේ අදහස කියා පැමටය..


ප.ලි.: බින්දුව හරිහැටි ටයිප් කරන විදිහ දිල් නගා මයියාට කුප්පියක් දැමු මුත් මේවර ද එය හරි හැටි ටයිප් කිරී නැත්තේ, මයියා ගේ කීබොඩ් එකේ වරදක් නිසාය.

Tuesday 29 June 2010

කෑදරකමද? ආසාවද? ආදරයද?

මයියාට ආදරය ගැන එක එක දේවල් හිතෙනවා..ඒ උනාට පොඩි ප්‍රශ්ණේකට තියෙන්නේ, ආදරය කියලා කියන්නේ මොකක්ද කියලා මයියාට තාම හරියට මීටර් වෙන්නේ නැති එකය..ආ...ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕනෙ..මයියා මේ කතා කරන්නේ කොල්ලො, කෙල්ලො අතර නැතිනම් ගැනු මිනිස්සු අතර ඇති වෙන ආදරය ගැනය.....

මයියට හිතෙන විදිහට ඔය ආදරය යැයි කියලා කට්ටිය කියන එක අකාර තුනක් ය. ඒවාට මයියා නම් දාලා තියෙන්නෙ කෑදරය, ආසාව, ආදරය කියලාය.

මේ ආදරය යැයි කියලා ඇති වෙන 'කෑදරය' නම් අදුනා ගන්න නම් ගේමක් නැ..මොකද මෙතැනදි තියෙන්නේ එකිනේකාගේ ලිOගික ආශාවන් සOතර්‍පනය කර ගැනීමේ අදහසක් විතරක් නිසාය..මට හිතෙන විදිහට මේ සම්භන්දයේන් ඉස්සරහෙන්ම ඉන්නෙ පිරිමි පරාණය. බැරි වෙලාවත් මේක ආදරය යැයි කියලා හිතාගේන බැන්දොත් එහෙම බඩුම තමාය..ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ දික්කසාදයෙන්ය..නැතිනම් පවුල සී සී කඩය...හැබැයි මයියා මේහෙම කිව්වයි කියලා , එකෙන් ලිOගිකත්වය ආදරයකදි වැදගත් වෙන්නේ නැතෙයි කියලා නම් මයියා අදහස් කලේ නැත.

ඊලගට මයියා මේ 'ආසාව' කියලා කියන දේය බලමු..මේක නම් ආදරය යෙන් වෙන් කරලා ගන්න හරිම අමාරුය. මෙකේ බොලදම අකාරය තමයි අපි අනේකාගෙ ප්‍රසිද්ධියට, ජනප්‍රියතාවයට , සමාජ තත්වයට, ධනයට සහ ඔය සිOදු කීම වැනි හැකියාවන්ට ආසා කිරීමය. ඒ අසා කිරීම ආදරයක් ලෙස වරදවා ගන්නවාය. සමහර විට මේක හිත ඇතුලේ හැOගිලා තියෙන දේයක් නිසා, තමන්ටම මේක තේරුම් යන්නේ නැත. මේ 'ආසාවේ' තියෙන පැටලුම්ම අකාරය තමයි අපි අනේකාගේ පෙනුමට, කථා ව්ලාශයට, අදහස් වලට, පෙනුමට , හැසීරීමට අසා කිරීමය. මෙවා ආදරය කියලා ගැනීම නිවැරදියි කියලා කියන්න බැ..හැබැයි මේ ඔක්කොම ආදරය වැඩි කරන්න බලපාන කරුණු බව මයියා පිලි ගන්නවා ය.

ඔන්න ඊලගට තමයි මයියා ආදරයට එන්නේ..ආදරය කියලා කියන්නේ ඉහත කී සියල්ලේම අඩු වැඩි වශයෙන් එකතුවක්ය..හැබැයි ඒ ඔක්කොම එකතු වු පලියට සැබැ ආදරය ක් ඇති වන්නේ නැත. තව මොකක්දෝ, මයියට කියන්න තේරෙන්නේ නැති අමුතු දෙයක ද එකතුවක්ය..හරියට අතයි, පයයි, ඇගයි තිබ්බ පලියට මිනිහෙක් වෙන්නෙ නැත..එයට ජීවයක්ද තිබිය යුතුය.එවිට තමයි මිනිහෙක් වෙන්නේ.......ඒ විදිහට ඉහත කී සියල්ල තිබුනත්..මයියිට කියන්න තේරෙන්නෙ නැති මේ 'අමුතු දේ' නැතුව ආදරය සම්පූර්න වෙන්නේ නැත...
ඉතිO මේ වගේ හරිහමO ආදරය ක් ලැබීමත්, තමන්ට ලැබුනු දෙය හරි හමO ආදරයක් කියලා තෙරුම් ගැනීමත් වාසනාවක්ය, මුදලින් මිල කරන්න බැරි, වචනයෙන් විස්තර කරන්න බැරි අමුතුම ලැබීමකි..


ඔය වගේ සෑබෑ ආදරයක් ලැබුනොත්,මයියා හිතෙන විදිහට එය ලබා ගැනිමට, එය රැක ගැනීමට මොන කැප කිරීම කලත් කමක් නැත. මොකද සැබෑ ආදරය එතරම් විරල වටිනා දෙයක් නිසාය. හැබැයි මොන කැපකිරීම කලත් අනෙකාගෙන් බලෙන් ආදරය ලැබීමේ කැප කිරීම කරන්න යන්න නම් එපාය...මොකද ආදරය කියලා කියන්නේ දෙන දෙයක් මිස ලබා ගන්න පුලුවන් දෙයක් නොවන නිසාය.....

Saturday 26 June 2010

ගමන දිගයි..යුග හතරයි....ඈවරයි..දෑවරයි

මේක නම් මයියාට හිතුනු දෙයක් නෙමේ. මයියා කොහේදි හරි අහපු දැකපු දේයක්. එත් හරියට මතකයක් නම් නෑ කවදා කොතනකදි කියලා. හැබැයි ඔය කාපු බීපු වේලාවලට මයියා එලියට දාන කථා සOග්‍රහයේ..මේකත් එක කථා වස්තුවක් තමයි..

හරි දැන් එහෙනම් කථාවට බහිමුකෝ..
කථාව නම් මේකයි..දැන් ඔය කොල්ලෝ, කෙල්ලො යාළු වෙනවා නෙව, යාළු වෙලා කාසාදත් බැන්දයි කියමුකො..කසාද බැදලා, දරුමල්ලො හදලා, ලොකුමහත් කරලා, අන්තිමේ වයසට ගිහිල්ලා පොලොවට පස් වෙලා යනවා..ඕක ඉතින් ජීවන චක්‍රය නොවැ..

කතාවේ හැටියට ඔය ඕනැම කොලු කෙලි සම්භන්දෙක අවස්ථා 4 ක් තියෙනවලු..

පලමු අවදියේදි කොල්ලයි කෙල්ලයි ලව් කරන අවධිය.අනේ ඒ කාලේට කොල්ලායි කෙල්ලයි හරිම එකිනෙකාට ආදරෙයි. අනේකා ගෙ තියෙන වැරදි, නොගැලපෙන දේවල් උනත් ඉස්මතු වෙනවා හොරයි..ඇයි ඉතින් දෙන්නම තම තමන්ගේ හොද දේවල් නේ අනිකට පෙන්නන්නෙ..මේ අවධිය ඉතින් හරීම සුන්දරයි..මේක ලියන කොට මයියටත් ඒ කලේ මතක් වෙනවා

දෙවැනි අවධිය එන්නෙ ජොඩුව බැදලා මාස කීපයක් , අවුරුද්දක්, දෙකක් යන කොට..එතකොට ඉතින් අර ලව් කරන කාලේ හOගගෙන හිටපු නොගැලපෙන ගතිගුණයි, නරක ගතිගුණයි දෙන්නගේන් ටික ටික එලියට එනවා, එකට ජීවත් වෙන කොට ඉතින් හැමදාම ඔවා හOගගෙන ඉන්නත් බැ නෙව......මේක ඉතින් ටිකක් දරුණු අවදියක්...රන්ඩු වැඩියි, නොරුස්සන තැන් වැඩියි..සමහර වේලාවට කෙලවර වෙන්නේ දික්කසාදෙන් තමා..ඔන්න කොහොම හරි අමාරුවේන් මේකත් පහු කරලා තුන් වේනි යාමයට පහන් වෙනවයි කියමුකෝ..

තුන් වෙනි යාමයෙදි තමයි දරු මල්ලො ලැබිලා, ජිවිතේ නියම ප්‍රශ්ණ ටික එලියට එන්නේ..ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙන්නට එකට වැඩ කරන්න වෙනවා. මේවගේ දෙන්නා එකට වැඩ කරන කොට ,ඔන්න දෙන්න අතර අවබොධය විවිද අකාර වලින් වැඩ් වෙනවා..අඩු ලුහුඩු කම් ඉවසන්න පුරුදු වෙනවා..අවසානය වෙන කොට ටික ටික ප්‍රශ්ණ ටික අඩු කර ගෙන , අවසාන අවදිය වුන හතර වේනි යාමයට සැපත් වේනවා..

තියරියේ හැටියට මේක තමයි ගැඹුරුම ආදරය ඇති වේන , ආතල් ම අවදිය..මේ වේන කොට දෙන්නා හොදටම එකිනේකාව දන්නවා. අනෙකාට තරහා යන තැන්, අකමැති දේවල්, කැමති දේවල් ආදිය..මේ අවදියේදි දෙන්න ජීවිතේ අභියෝග වලට එක්ව මුහුන දීලා, ඒවයේ ප්‍රතිපල ගැන සතුටු වේන ගමන් අනේකාට ගැඹුරු ලේස ආදරය කරනවා..

මයියාට හිතෙන විදිහට මේ තියරියෙ ඇත්තකුත් තියෙනවා වගෙයි..මුල් යුග දෙක නම් මයියා පසු කරලා ඉවරයි..මය්යා හිතෙන විදිහට , දැන් මයියා ඉන්නේ තුන් වේන අවදියේ..

එකෙන් කමක් නැ..මයියට හිතුනා මේ තියරිය තව ටිකක් ඉස්සරහට ගෙනියන්න..මය්යා හිතන විදිහට..මේ ප්‍රධාන යුග හතරත් , ඒ වගේම වු තවත් අනු යුග හතරකට බේදෙනවා..ගලපලා බලන්නකො ඔගොල්ලන්ටත් මේ සීන් එක සෙට් වෙනවද කියලා..

Friday 25 June 2010

මයියා ගේ පලමු සටහන

ඔන්න මෙච්චර දවසක් බ්ලොග් කියව කියව හිටපු මයියාත්, සිOහල බ්ලොග් එකක් ලියන්න ඕනැ කියලා හිතුවා.

මයියා ට සිOහල බ්ලොග් එකක් ලියන්න කියන්න ඕනැ කියන අදහස ආවේ එයා විභාගයකට සෙට් වෙන අතරේ. ඔය විභාග කාල වලදි තමයි සමහර අයට හොද අදහස් පහල වෙන්නේ. මම මේ විභාගේ ඉවර උනාම අරක කරනවා..මේක කරනවා ආදී ලෙස..ඒත් විභාගේ ඉවර උනාම මුකුත් මතක නැ...මයියා ට ඕක කීප පාරක්ම වෙලා තියෙන නිසා, මේදා පාර විභාගේ ඉවර උන දවසට , පහුවෙනිදම ඔන්න හිතා ගත්ත වැඩේ පටන් ගත්තා..

එතකොට මයියා කියන්නේ කවුද? එක නම් මම කියන්න බලාපොරොත්තුවක් නැ.. හැබැයි මම දැනටම ඕගොල්ලො අතරේ ඉන්න කෙනෙක්. සමහර අය මාව අදුනනවා මගේ ඇත්ත නමින්.

ඉතින් මම ඉස්සරහට දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මම ලියන්න හිතන් ඉන්නේ සමහර ම්ගේ අත්දැකීම් හා සමහර දේවල් ගැන මට හිතෙන හැටි..

2222